IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වසර එක හමාරකට පසු සුද්දාට ඇප

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ඉන්දියාවේ සිට තැපෑලෙන් එවූ හෂීස් තොගයක් සම්බන්ධයෙන් වසර එකහමාරක් තිස්සේ රිමාන්ඩ් භාරයේ සිටි බ්‍රිතාන්‍ය ජාතික ජොෂ් කර් විල්ටන් ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ 25 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හළ මහේස්ත්‍රාත් ඔහුගේ ගමන් බලපත්‍රය ද තහනම් කළේය.

ඩී ආර් විජයවර්ධන මාවතේ තැපැල් හුවමාරුවේ දී පාර්සල් දෙක ගැනීමට ගිය විල්ටන් ද, බ්‍රට්න් සාවුල් ෆීලික්ස් ද එම පාර්සල් රැගෙන පැන දිවූ නමුත් බ්‍රට්න් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය උසාවියට දැන්වීය.

බ්‍රට්න් හා උදේශ් හෙට්ටිආරච්චි යන සැකකරුවෝ දෙදෙනා දැනට ඇප මත සිටිති.

උදේශ් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම කුඩු පාර්සල් සම්බන්ධ ලියැවිලි සකස් කිරීම වෙනුවෙනි.

 

 



අදහස් (0)

වසර එක හමාරකට පසු සුද්දාට ඇප

වත්සලා Wednesday, 11 September 2013 07:30 PM

සමහර සුද්දොත් දැන් පකිස්තානු සහ ඉන්දියානු කාරයන් කරනා දේවල් කරනවා. අපේ රටට සංචාරක විසා වලින් පැමිණෙන සියලු දෙනා ගැන විමසිල්ලක් තිබිය යුතු කාලයක් එළඹ තිය්න්නේ. නැතිනම් අපේ රට මත් කුඩු ජාවාරම් කරුවන්ගේ තිප්පලක් සහ ත්‍රස්වාදීන්ගේ මධයස්ථානයක් වෙනවා නොඅනුමානය.(නදී)

:       0       0

අසෝක Thursday, 12 September 2013 03:18 PM

වෙන රටක නම් කුඩුත් එක්ක අහු වුණහම කෙලින්ම හිරේ. නඩු ඇහිල්ල පස්සේ. (නි)

:       0       0

ගාමිණි Thursday, 12 September 2013 10:07 AM

අයියෝ සුද්දා

:       0       0

රන්ජිත් සිල්වා Thursday, 12 September 2013 11:19 AM

පොඩි දේටත් පැනල එන එම්බසිය අය දසන් මොකද වැඩ නැත්තේ? එංගලන්තය අයට ඒඅය එපා වෙලාද? (දී)

:       0       0

ලක්මාල් Wednesday, 11 September 2013 11:04 PM

සුද්ද උනත් උපරිම දඩුවම දීම ගොඩක් නිවැරදි (අ)

:       0       0

තාරක Thursday, 12 September 2013 11:58 AM

ලංකාවේ කුඩු ගැන පුවතක් නැති දවසක් (දී)

:       0       0

සත්‍යා Thursday, 12 September 2013 04:11 AM

හිතවත් වත්සලා, ඔබ හිතන්නේ "අපේ රට මත් කුඩු ජාවාරම්කරුවන්ගේ තිප්පලක් සහ ත්‍රස්වාදීන්ගේ මධ්‍යස්ථානයක් වෙනවා නොඅනුමානය" කියලාද? නොඅනුමානයි නොවෙයි වෙලා ඉවරයි කියලා ලියන්න අමතක වුනාද? නැත්නම් තව ටිකක් බලා ඉඳලම ලියන්න හිතුනද? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 12 September 2013 06:48 AM

මෙයාට තියෙන්නේ ලඟම එන පළාත් සභා ඡන්දෙකට ඉදිරිපත් වෙන්න.(නදී)

:       0       0

නිල්මිණි Wednesday, 11 September 2013 06:08 PM

මෙය කොහෙද දැන් ඉන්නේ,පාරේද,තානාපති කාර්යාලයේද (අ)

:       0       0

වරුණ Thursday, 12 September 2013 07:46 AM

දැන් සුද්දාට යන්න එන්න තැනක්වත් නැතුව ඇති.හැබැයි සුද්ද වුණත් කරපු වැඩේ කැතයි (නි)

:       0       0

අමිළ කටුනායක Wednesday, 11 September 2013 06:57 PM

කාලේ යන ඉක්මන. මට අද ඊයේ වුනා වගේ මතකයක් තියෙන්නේ.(නදී)

:       0       0

ඉෂාර Thursday, 12 September 2013 01:45 PM

ඔය කියන්නේ ඇන්ජලා සෙනෙවිරත්න එහෙම ගෑවුන සිද්දියද? ඒක වෙලා අවුරුදු එකහමාරකුත් වෙලාද? (දී)

:       0       0

පිටිගල Wednesday, 11 September 2013 07:09 PM

මත් ද්‍රව්‍ය වැරදි වලට සුද්දා කියලා විශේෂයක් හෙම කරනවා නෙමෙයි ඔන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 125 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 52 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 993 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 400 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1063 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 209 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30021 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23663 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 414 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site