වසර එක හමාරක් තිස්සේ ඉගැන්වීම් කාල සටහන් ලබා නොදී ස්ථාන මාරු ලිපි හතක් ලබා දුන් ශ්‍රී ජයවර්ධනපුර කලාපයට අයත් ප්‍රධාන පළේ පාසලක ගුරුවරයකුට වහාම කාලසටහන් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කළේය.
වසර පහකටත් අඩු කාලයක් එම විද්‍යාලයයේ සේවය කළ එම උපාධිධාරී ගුරුවරයා 2015 මාර්තු තුන් වැනි දා හදිසියේ ස්ථාන මාරු කර ඇති බවත්, ඔහු ඊට අභියාචනා කර තිබිය දී යළි මහරගම කොට්ඨාස කාර්යාලයට ස්ථාන මාරු කර ඇති බවත්, ඉන් පසු හදිසියේ වැටුප් ද අත්හිටුවා ඇති බවත් මානව හිමිකම් කොමිෂන් සභාවේදී කියැවිණි.
ගුරුවරයාගේ වැටුප් අත්හිටුවීමෙන් පසු ඒ බව පළාත් අධ්‍යාපන කාර්යාලයයට පැමිණිලි කිරීමෙන් පසු පළාත් අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතාගේ නියෝග අනුව යළි වැටුප් ලබා දී ඇති අතර එහෙත් කාසටහනක් ලබා දී නැත. ඒ අතරතුර තවත් ස්ථානමාරුවීම් දී තිබේ. ඒ අනුව මෙම ගුරුවරයා පසුගිය වසරේ මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් කර ඇත.
එම පැමිණිල්ල අනුව කාලසටහන් ලබා දීමට විදුහල්පති එකග වූ බවත්, එනමුත් කාලසටහන ලබා දීම දිගින් දිගටම ප්‍රමාධ කර ඇති බවත් කියමින් ලංකා ගුරු සංගමය මෙම ගුරුවරයා වෙනුවක් යළි මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.
ඒ අනුව පසුගියදා පැමිණිල්ල විභාග කළ මානව හිමිකම් කොමිසම වසර එක හමාරක් තිස්සේ ගුරුවරයාට කාලසටහනක් නොදීම අසාධාරණ බව තීරණය කර වහාම එම ගුරුවරයාට කාලසටහන් ලබා දෙන ලෙස විදුහල්පතිට නිර්දේශ කළේය.
මේ ගැන කළ විමසීමක දී එම පාසලේ විදුහල්පතිවරයා කීවේ කොමිසමේ නිර්දේශ ලිඛිතව ලැබෙන තෙක් කාලසටහන් ලබා නොදෙන බවයි. එම ගුරුවරයා අතිරික්ත ගුරුවරයකු බවත් විදුහල්පතිවරයා කීවේය. ගුරුවරයාට වඩා සේවා කාලය වැඩි හා සේවාකාලය අඩු ගුරුවරු සිටිය දී එම ගුරුවරයා අතිරික්ත වූයේ කෙසේදැයි විමසූ විට විදුහල්පති කීවේ ගුරුවරයා අතිරික්ත වීමට සේවා කාලය අදාළ නොවන බවයි.
දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වසර එක හමාරක් තිස්සේ කාලසටහන් නෑ
දිලීප් Thursday, 03 November 2016 12:23 PM
මෙන්න ලංකාවේ රාජ්‍ය සේවය.(හේ)
චාමර Thursday, 03 November 2016 01:19 PM
ඉස්කෝලේ මොකක්ද? (හේ)
සරත් Thursday, 03 November 2016 11:26 PM
මෙතන වෙනත් ප්‍රශ්නයක් ඇති. එයට විසඳුමක් දුන්නොත් සියල්ල හරියාවි (නි)