IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වසර නවයකට පසු නහයක් ලැබේ

ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව වසර නවයක් නාසයක් නොමැතිව සිටි හොරණ වැසියෙකුට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ විස්කම් සැත්කමින්  නාසයක් බද්ධ කොට ඇත.  සැත්කම පැය හතරක් ගතවිය.

 මෙම විස්කම් සැත්කම කොළම ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය දුලිප්  පෙරේරා මහතාගේ අධීඬණය යටතේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහතා විසින් සිදුකැරිණි.

 නාසයක් නොමැතිව  වසර නවයක් කටින් හුස්ම ගත් රෝගියාට ඔහුගේම නළලින් ගත් කොටසකින් අලූත් නාසයක් නිර්මාණය කොට බද්ධ කරන්නට ලැබීම සතුටක් බව පවසන වෛද්‍ය ගයාන් ඒකනායක මහතා මෙසේ පැවසුවේය.

මේ රෝගියා පිළිබඳව මට දැනගන්න ලැබුණේ   අන්තර්ජාලයෙන් ඒ අනුව මා මේ රෝගියා පිළිබඳව උනන්දු වුණා.

ඇත්තටම අපගේ රෝහලේ මෙවැනි ශෛල්‍ය කර්මයක් සිදුකිරිමට පහසුකම්  තිඛෙනවා. ඒ අනුව මේ ශල්‍ය කර්මය සිදුකිරීමට පියවර ගන්නා රෝගියා පරීඬා කිරීමේදී අපට වැටහුණ රෝගියාගේ ගාත්කුහරක් වැසී ගොස් තිඛෙන්නේ පිටතින් පමණයි. ඇතුළතින් එහි කුහරවලට හානි සිදුවි නොමැති බව මේ ශල්‍ය කර්මය පැය  4ක් පුරා සිදුකළා.

මේ සඳහා  ප්ලාස්ටික් සැත්කම වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය දුලිප් පෙරේරා මහතාගෙන් සහ  ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය තුෂාන් බොරගම වෛද්‍ය ජයනාත් පෙරේරා නිර්වින්දන විශේෂඥ වෛද්‍ය පි්‍රයංගනී ආරියරත්න, නිර්වින්දන ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි චමිකා අබේසිංහ නිර්වින්දන වෛද්‍ය ඒ. විදත් යන වෛද්‍යවරුන් විශාල සහයක් ලබාදුන්නා.

බදාදා (23) සැත්කම සාර්ථකව මුහුණදුන් හොරණ කෙසෙල් හේගාව ප්‍රදේශයේ නිශාන්ත හර්ෂ කුමාර මහතා මෙසේ කීවේය.

මම වසර නවයක් පුරාවට හුස්ම ගත්තේ කටින් මීට වසර නවයකට පෙර ඉඩම් ආරවුලක් මත ඇසිඩ් ප්‍රහාරයකට ලක්වී මගේ නාසයේ හුස්ම ගැනීමට නොහැකි ආකාරයෙන් වැසී ගියා.

 ඒ වෙනකොට මගේ වයස අවුරුදු  33 දැන් මගේ වයස අවුරුදු 42 මේ වසර   නවයටම මට හරිහැටි නින්දක් තිබුණේ නෑ. සෙම්ප්‍රතිශ්‍යාව හැදුනාව විශාල වශයෙන්  දුක් වින්දා. කෑම ගැනීම පවා විශාල ගැටලූවක්ව පැවැතියා. මට දරුවන් තිදෙනෙක් සිටිනවා. දුවල දෙන්නයි පුතායි. ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ  නිසා මගේ දෑස්  පවා දියවී ගියා. අද මම නාසයෙන් හුස්ම ගන්නව.

මේ සැත්කම කරවා ගැනීමේ අවස්ථාව මට උදාකොට  දුන්නේ මගේ නෑයෙක් වන පුතෙක්. මා පිළිබඳව තොරතුරු අන්තර් ජාලයට මුදාහැරිමේ ප්‍රතිඵලයක් ලෙස. ඔහුගේ නම කාරියකරනගේ ෂෙහාන්. ඇත්තටම මේ වෛද්‍යවරුන් පෙනෙන දෙවියන් වගේ ඇත්තටම  දැන් මට හුස්ම ගන්න පුළුවන්.

මේ වනවිට මගේ පවුල් බර කරටම අරගෙන මගේ දරු තිදෙනාවත් රැකබලාගන්නේ මගේ බිරිඳ.

ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය දුලිප් පෙරේරා

ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක



අදහස් (0)

වසර නවයකට පසු නහයක් ලැබේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 219 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1259 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2453 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2697 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 7005 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site