IMG-LOGO

2024 ඔක්තෝබර් මස 17 වන බ්‍රහස්පතින්දා


වසර පහකදී උපත් අඩුවී මරණ වැඩිවෙයි

(මොහොමඩ් ආසික්)

ශ්‍රී ලංකාවේ 2019 සහ 2023 අතර වසර පහක කාලය තුල ලියපදිංචි  දරු උපත් සංඛ්‍යාව   71,110 කින් අඩු වී  මරණ ලියාපදිංචිය  34,842 කින් ඉහළ ගොස් ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පනත අනුව 2019 වසරේ  සිට  2023 වසර දක්වා ශ්‍රී ලංකාව තුල සිදුව ඇති  දරු උපත් සහ මරණ සම්බන්ධයෙන් කරන ලද තොරතුරු ඉල්ලීමකට ලැබුණු තොරතුරු අනුව මේ බව සඳහන්වෙයි.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරි ඒ.එම්.ආර්.එස්.කේ. අමරකෝන් මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2019 වසරේදී ශ්‍රී  ලංකාව තුල දරු උපත් 3,19,010 ක් සිදුව ඇති අතර 2020 වසරේදී උපත් 3,01,706 ක් සිදුව තිබේ.

ඒ අනුව  එම වසර තුල  පෙර වසරට සාපේක්ෂව දරු උපත් 17,304 ක අඩුවක් පෙන්වයි. එම තොරතුරු අනුව 2021 වසරේදි උපත් 2,84,848 ක් වාර්තා වී ඇති අතර පෙර වසරට සාපේක්ෂව එය උපත් 16,858 ක අඩු වීමක් වෙයි.

 2022 වසරේදි දරු උපත් 2,75,321 ක් සිදුව ඇති අතර පෙර වසරට සාපේක්ෂව උපත් 9527 ක අඩු වීමකි. 2023 වසරේදී ලංකාව තුල දරු උපත් 2,47,900 ක් ලියාපදිංචි කර ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව උපත් 27,421 ක අඩු වීමක් වෙයි.

2019 වසරේ සිට 2023 වසර දක්වා වූ වසර පහක කාලය තුල ලංකාවේ ලියාපදිංචි කර ඇති දරු උපත් සංඛ්‍යාව 71,110 කින් අඩු වී තිබේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති තොරතුරු වලට අනුව 2019 වසරේදී ලියාපදිංචි කර ඇති මරණ සංඛ්‍යාව 1,46,397 ක් වන අතර 2020 වසරේදී 1,32,431 ක් වෙයි. ඒ අනුව එම වසර තුල මරණ 13,966 ක අඩුවක්  පෙන්වයි. 2021 වසරේදී මරණ 1,63,936 ක් ලියාපදිංචි වී ඇති අතර එම වසර තුල මරණ සංඛ්‍යාව 31,505 කින් ඉහළ ගොස් තිබේ.

2022 වසරේදී මරණ 1,79,792 ක් ලියාපදිංචි වී ඇති අතර පෙර වසරට සාපේක්ෂව මරණ 15,856 වැඩි  වීමක්පෙන්නුම් කරයි. 2023 වසරේදී මරණ 1,81,239 ක් ලියාපදිංචි  වී ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව 1,447 ක වැඩි වීමක් පෙන්නුම් කරයි.

කෙසේ නමුත් මෙම සංඛ්‍යා ලේඛණ අනුව 2021 සහ 2022 වසරෙවල මරණ සංඛ්‍යාවේ අසාමාන්‍ය වැඩි වීමක් පෙන්නුම්  කරන්නේ එම කාලය තුල සිදු වූ කොවිඩ් 19 ආසාදිත මරණ නිසා විය හැකියි. එම වැඩි වීම 2023 වසරේ සිට අඩු වෙමින් පවතින බවද සංඛ්‍යා ලේඛණවල දැක්වෙයි .

 

 



අදහස් (0)

වසර පහකදී උපත් අඩුවී මරණ වැඩිවෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගිනි අවි 6ක් සමග 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 17 176 0

කිසියම් අපරාධයකට සැරසෙමින් සිටි පුද්ගලයන් 6 දෙනෙක් මෙරට නිෂ්පාදිත ගිනි අවි 6 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සූරියවැව වල්සපගල කැලෑ බද


මත් සාදයක් පැවැත්වූ 12 ක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 17 54 0

බෙන්තොට ප්‍රදේශයේ නිවසක අද (17) මත් සාදයකට සහභාගිවී සිටි කාන්තාවක ඇතුළු දොළොස් දෙනෙක් ඔවුන් භාවිතා කරමින් සිටි අයිස් ,ගංජා සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග සම


නාත්තන්ඩිය-දන්කොටුව පාර තවමත් වහලා
2024 ඔක්තෝබර් මස 17 202 0

මහ වැසි හේතුවෙන් දින හයක් වසා දමා ඇති නාත්තන්ඩිය දන්කොටුව හරහා මීගමුව ප්‍රධාන මාර්ගය ඇතැම් ස්ථාන වල අඩි තුනකට අධික ජල කදකින් පිරි තිබිම හේතුවෙන් තවම


දමිතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 17 917 0

තමාගේ නම ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදනය ප්‍රශ්නයක් හේතුවෙන් නම් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන්නැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය


ලියෑම් පේන් දිවියෙන් සමුගනී
2024 ඔක්තෝබර් මස 17 864 0

බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්


ත්‍රිරෝද රියදුරු ලොකාන්තයට දැමූ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 17 279 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු ට පහරදී ඝාතනය කර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට ඇද විසිකර දැමූවයි සැකපිට අත්අඩංගුවට ගත් ප


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 592 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 490 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1526 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site