IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවන්න

(අංජුල මහික වීරරත්න)

වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකාව ද යෝජනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය අමතමින් උගන්ඩාවේ දී අද (19)පැවසීය.

බටහිර ඉවුර, ගාසා තීරය සහ නැගෙනහිර ජෙරුසලම, පලස්තීන රාජ්‍යයට අයත් භූමි ප්‍රදේශ ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගත යුතු යැයි කී ජනාධිපතිවරයා එමෙන්ම ගාසා හි ජනවාර්ගික සංයුතියේ කිසිදු වෙනසක් ද සිදු නොවිය යුතු බව ශ්‍රී ලංකාවෙි ස්ථාවර බව සඳහන් කළේය.

“හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ උගන්ඩාවේ කම්පාලා නුවරදී ආරම්භ වූ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය අද(19) සහ හෙට (20) පැවැත්වේ.

උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි (Yoweri Museveni) මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජික රටවල් 120ක රාජ්‍ය නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් රාජ්‍ය නායක සැසිය ඇරැඹිණි.



අදහස් (5)

වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවන්න

PATTA hora Friday, 19 January 2024 08:31 PM

ඒ කථාව කරලා මෙයා හදන්නේ දෙමළ ඩයස්පෝරාව කරන ඉල්ලීම වන, ලංකාවේ වෙනම දෙමළ නිජබිම් සංකල්පයට පණ පෙවීම. මෙයා දන්නවා ලංකාවේ මිනිස්සු (සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්) ඌව ප්‍රතික්ෂේප කරනවා කියලා. එයා හදන්නේ නිජබිම් සංකල්පය ඔස්සේ දෙමළ ජාතික ඡන්ද දිනාගන්න. හැබැයි ලංකාවේ හැම මිනිහාම දන්නවා මේ කියන දේ නොකරන අවස්ථාවාදියෙක්, වංචනිකයෙක් කියලා.

:       0       0

උගන්ඩා ජනාධිපති Friday, 19 January 2024 09:11 PM

මං මේ බයේ හිටියේ නල්ල-මලේ මෙයා ලංකාවේ උතුරු-නැගෙනහිරත් වෙනම රාජ්‍යයට අයත් භූමි ප්‍රදේශක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගත යුතු යැයි යෝජනා කරයි කියලා !!!

:       0       0

Prabha Saturday, 20 January 2024 02:29 PM

කැඳ බිව්වත් බෑ... කෙළින් කිව්වලු...! 

:       0       0

Rohana Saturday, 20 January 2024 02:43 PM

‘වහල් නොබැඳි පිළිවෙත’ වශයෙන් නිවැරැදි විය යුතුයි. ඇමෙරිකාවට සහ බ්‍රිතාන්‍යට පක්ෂ බව පෙන්වීමට රතු මුහුදට යුද නැව් යවන නිසා එවැනි නමක් සුදුසුබව යෝජනා කරමි...

:       0       0

Banda Saturday, 20 January 2024 04:31 PM

අපොයි දැන්නම් නට් ලූස් හොඳටම... රටේ මිනිස්සු බරපතල ප්‍රශ්න ගොඩක නොමැරී ජීවත් වෙද්දී වෙන රටවල හුටපට වලට මෙහෙම ඔලුව දාන්න යන්න හොඳ සිහියකින් නම් බෑ...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 3984 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 381 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1552 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3008 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 127 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2994 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39008 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25547 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1059 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site