IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘වසර පහටම නාමල් කෝප් ආවේ එක දවසයි‘- ඩිව් ගුණසේකර

තම සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුවේ සාමාජිකයකු වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මුලු නිල කාලයටම සහභාගී වුණේ එකම රැස්වීම්කට පමණක් යැයි ඩිව් ගුණසේකර මහතා චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට හිටපු කතානායකවරයාට හිටපු අගමැතිවරයාට හා හිටපු විපක්ෂ නායකවරයාට ද පැමිණිලි කළ ද කිසිවෙකුත් කිසිදු පියවරක් නොගත්තේ යැයි ද හෙතෙම පැවැසීය.

පාර්ලිමේන්තුවේ වැදගත්ම කමිටුවක් වන කෝප් (පොදු ව්‍යාපාර කාරක සභාව) ට පත්කළ හැකි දැනුමැති මන්ත්‍රීවරුන් සිටිය ද  නායකයන් ඊට උනන්දුවක් නොදැක්වීම කණගාටුවට කරුණක් යැයි ද ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

‘වසර පහටම නාමල් කෝප් ආවේ එක දවසයි‘- ඩිව් ගුණසේකර

කමල් Saturday, 29 October 2016 02:41 AM

අපේ අනාගත බලාපොරොත්තුවට ඔහොම කියනවට අපි කැමති නැහැ (නි)

:       0       0

ටෙෂාන් Saturday, 29 October 2016 02:42 AM

ආවා කියලත් වැඩක් නැහැනේ ඉතින් (නි)

:       0       0

අනුර Sunday, 30 October 2016 05:27 AM

ගුණසේකර මහත්තයෝ, ඔබ එදා ඉදන් කළ දේශපාලනයක් නැහැ...කටු කන එක කළේ...... ඔබේ වයසට ඔබ දැන් ඉන්න ඕනේ ගෙදර..... එ්ක හින්ද වෙන්න ඇති මේක කියන්න මෙතරම් පමා වුනේ...(බ)

:       0       0

බණ්ඩාර කුවේට් Saturday, 29 October 2016 03:06 AM

නාමල් කියන්නේ දේශපාලනයට සුදුසු කෙනෙක් නොවේ. ආරම්භයේ පටන් හොරකමට සහ දුෂණයට නම් දරපු අයෙක්ගෙන් අපිට හොඳ දෙයක් බලාපොරොත්තු විය නොහැකිය (නි)

:       0       0

සලීත් Saturday, 29 October 2016 03:27 AM

ගුණසේකර මහත්තයෝ, එයා කවුද කියලා අපි මුල ඉඳලම දැනගෙන හිටියා පමණක් නොව අපේ පිළිකුලද අප ලියන හා කරන කියන දේවලින් කල්තියාම දැන්වුවා. (නි)

:       0       0

සංජීව Saturday, 29 October 2016 03:33 AM

ඒක තමයි වෙනස.(හේ)

:       0       0

සහන Saturday, 29 October 2016 03:41 AM

කෝප් එන්නේ කොහොමද කරපු වැඩ වල හැටියට (හේ)

:       0       0

ජයසේන Saturday, 29 October 2016 03:48 AM

බලය තියෙනකොට කවුරුත් එහෙම තමයි.(හේ)

:       0       0

රන්ජිත් Saturday, 29 October 2016 03:59 AM

මේ අදහස් දැක්කහම රටේ මිනිසුන්ගේ ආකල්ප ඉතා හොඳින් තේරුම්ගන්න පුලුවන් (නි)

:       0       0

ගාමිණී Saturday, 29 October 2016 04:02 AM

ආරම්භයේ පටන් හොරකමට සහ දුෂණයට නම් දරපු අයෙක්ගෙන් අපිට හොඳ දෙයක් බලාපොරොත්තු විය නොහැකිය (නි)

:       0       0

පීරිස් Saturday, 29 October 2016 04:05 AM

නාමල්ට ඔය කෝප් වගේ දේවල් තේරෙන්නේ නැහැ. දේශපාලනයක් කරන්න තරම් පැසුණු බුද්ධියක් නැති අයට මොන කෝප්ද? (නි)

:       0       0

ඩයනා Sunday, 30 October 2016 09:45 AM

දැනුම දෙන්න පුළුවන් වුණාට මොලේ දෙන්න බැහැනේ මහත්තයෝ (බ)

:       0       0

නිරෝෂ Saturday, 29 October 2016 04:58 AM

හොරුන්ගෙත් හොරු කම්බා හොරු කියනවනේ. ඉතින් කම්බා හොරු කොහොමද හොරු අල්ලන තැනකට එන්නේ. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 29 October 2016 05:00 AM

ඔය පනින්නේ මල්ලෙන් එලියට (අ)

:       0       0

රොමේෂ් Saturday, 29 October 2016 05:11 AM

ගොඩක් අයට බලය තියෙද්දී මොළේ නැහැ. මොළය තියෙද්දී බලය නැහැ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි. බලය තියෙද්දී මොළය නැහැ. බලය නැතිවෙද්දී මොළය ඇත්තෙම නැහැ (නි)

:       0       0

ලුම්බිණි Saturday, 29 October 2016 05:58 AM

නිල් බලකායේ වැඩ නිසා එන්න වෙලාවක් තියෙන්න නැතුව ඇති. අනික ආවා වුණත් මොකද්ද ඇති වැඩේ? (නි)

:       0       0

ඇලෙක්ස් Friday, 28 October 2016 03:58 PM

ඕක කියන්න මෙච්චර කල් ගත්තේ ඇයි? (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Saturday, 29 October 2016 07:10 AM

අශ්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහල වැඩක් නැහැ. ඕව කියන්න තිබුනේ ඒ කාලේ. අනෙක එයා ඔය කමිටුවට අවා කියල තියනවා ද? එකයි නෑවිත් ඉන්න ඇත්තේ. අවා නම් ඔබතුමාලට කරන්න කෝප් කමිටුවකුත් නැහැ. (අ)

:       0       0

චතුරි Friday, 28 October 2016 04:19 PM

කෝප් කියන එකේ තේරුමක් දන්නේ නැතුව ඕවට සහභාගි වෙන එක වැඩක් නැතුව ඇති (නි)

:       0       0

අංගොඩ ලාල් Saturday, 29 October 2016 07:39 AM

ඇන්ජලෝ ඔබ හරි , කවදත් එජාපෙ තමයි උගත් සහ දක්ෂයන් හිටියේ . දැන් බලන්නකෝ ශ්‍රීලනිපේ ඉන්න අයගෙන් කීයෙන් කීදෙනේක්වද ජාත්‍යන්තර සමුළුවකට යවන්න පුළුවන් ඈයෝ ඉන්නේ . එක්කෝ ඉංග්‍රීසි බැහැ නැතිනම් අදාළ විෂය ගැන දන්නේ නැහැ . සමහරවිට මේ දෙකම බැහැ . මේක තමයි ඇත්ත.(අ)

:       0       0

දුමින්ද Saturday, 29 October 2016 08:04 AM

මහින්ද ජනාධිපති නොවෙන්න නාමල් තවත් රස්තියාදු කාරයෙක් විතරයි , කෝප් කමිටුවෙන් ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය ආයතනයක වැරද්දක් පෙන්නුවා, සභාපති තුමාටත් රජයටත් අපේ ප්‍රණාමය (අ)

:       0       0

නලින් Saturday, 29 October 2016 08:48 AM

ඔය කියන ඒවා එදා කිව්වේ නැත්තේ බයටනේ. (අ)

:       0       0

ධනුක Saturday, 29 October 2016 08:58 AM

මේගොල්ලෝ කියන්නේ බලපෙරෙතයන් පමණයි.. (අ)

:       0       0

ජගත් Saturday, 29 October 2016 09:33 AM

එයා කොහොමද කෝප් එන්නේ. ඒ කාලේ මහාජනතාවට වද දිදී පාරවල් වහාගෙන ආරක්ෂකයන් පිරිවරාගෙන පාරවල්දෙවනත් කරමින් ඉගිල්ලුනාමිසක්. (අ)

:       0       0

රොමේෂ් Friday, 28 October 2016 06:26 PM

මොළයක් නැති අය පාර්ලිමේන්තු යවපු මොළ නැති මිනිස්සු තමයි මේවට වගකියන්න ඕනෑ. (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Friday, 28 October 2016 06:35 PM

දැන් හරි. ඔබතුමාලටත් හරි වැරදි ටික ටික හරි පෙනෙන එක ලොකු දෙයක් (නි)

:       0       0

පියල් Friday, 28 October 2016 07:01 PM

දැනුයි මෙයාට මතක්වුණේ (නි)

:       0       0

ජයතු Friday, 28 October 2016 09:01 PM

නාමල් සුදුසුකමක් අැති දේශපාලකයෙක් නොවෙයිනේ. තාත්තාගේ බලපුළුවන්කාරකමට පත්වුණ ඔහූ නාවාට අපිට කමක් නැහැ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 28 October 2016 09:11 PM

ඒ දශකයේදී සිදුවූ සිදුවීම් අමතක කරමු අපි (නි)

:       0       0

තේජක Friday, 28 October 2016 09:57 PM

ගරු මහින්ද රාජපක්ෂ මැතිඳුනි, වසර 10 ක් පුරාවට කෝප් කමිටුවට ගෙනා චෝදනා 30 කින් එකක්වත් විභාග කිරීමට එදා ආණ්ඩුව අසමත් විය. කෝප් කමිටුව බලාත්මක කිරීමට නොහැකි විය. දේශපාලනය පැත්තකින් තිබ්බොත් රනිල් එය වසරකින් කර පෙන්නුවේය. රනිල් සැබෑ දක්ෂයෙකි. මහත්මා දේශපාලනය යනු මෙයයි. අපට පක්ෂ බේද අවශ්‍ය නැත. මහින්ද රාජපක්ෂ මැතිඳුනි, වරද පිළිගෙන දේශපාලනයෙන් ඉවත්වෙන්න. (නි)

:       0       0

අමිල Friday, 28 October 2016 10:11 PM

ගරු මහින්ද හිටපු ජනාධිපතිතුමනි, එදා ඔබ කෝප් කමිටු වැනි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයන් අඩපණ කළේය. මෙවැනි ආයතනත් සමඟ රට පාලනය කිරීමට නොහැකි බව විශ්වාස කළේය. අද ඔබතුමා වැරදි බව ඔප්පු වී අවසානය. එදා ඔබතුමා සිතුවේ ආණ්ඩුවට සම්බන්ධ සියලු ජඩයන් රැකීමෙන් ජනතාව ආණ්ඩුව කියන සියලු දේ පිළිගන්නා බවය. අද එය පුස්සක් වී හමාරය. රජයේ වේවා විපක්ෂයේ වේවා හොරු අල්ලන්න අල්ලන්න රනිල් මෛත්‍රී රජය තව තවත් ජනතාව අතර ජනප්‍රිය විය. මහින්ද මැතිතුමා වැරදි බව දැන් ඔප්පු වී හමාරය.මහින්ද මැතිතුමනි, දැන්වත් දේශපාලනයෙන් ඉවත්වන්න. (නි)

:       0       0

අමරසිරි Friday, 28 October 2016 10:14 PM

එදා ජනතාවට දුන් පොරොන්දුවක් වන ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කර දුන් අයට ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Friday, 28 October 2016 11:12 PM

ඒ වනවිටත් හොඳට වැඩ පටන් අරන් තිබුන නිසා වෙන්න ඇති, කෝප් වැඩ වලට ආවේ නැත්තේ. කොහොම වුණත් ඒකෙ සාමාජිකයෙක් හැටියට එයාගේ වැටුප නම් හරියට ගන්න ඇති. (නි)

:       0       0

බන්දුල Friday, 28 October 2016 11:28 PM

එයා ඇවිල්ලා මෙතන මොනවා කරන්නද. නාපු එක බොහොම හොඳයි. සිටියා නම් කෝප් වාර්තාවත් බාල වෙනවා. (නි)

:       0       0

කෝනාර Saturday, 29 October 2016 03:55 PM

අනේ ඉතින් මේක ශ්‍රී ලංකාවනේ! (නි)

:       0       0

කරූ-කලුතර Saturday, 29 October 2016 03:56 PM

එක දවසක්වත් ආපු නැති අය වගේම දවසක් දෙකක් ආපු අයත් ගොඩක් ඇති. කෝටි 2 ක ජනතාවක් විසින් 225 ක් හා ඔවුන්ගේ පවුල් පෝෂණය කරන රටක් මේක. (නි)

:       0       0

මනෝජ් Saturday, 29 October 2016 12:16 AM

ඕකේ වරද එතුමාගේ නොවේ. අපේ. (නි)

:       0       0

මෂූඩ් Saturday, 29 October 2016 12:25 AM

මේ කතා අපි නම් එච්චර ගණන්ගන්නේ නැහැ (නි)

:       0       0

නන්ද Saturday, 29 October 2016 07:38 PM

එතුමාට නම් කොච්චර වැඩ තිබුනද? කාර්-රේස් යන්න තිබුනා. රට රටවල ඇවිදින්න තිබුණා. පාර්ලිමේන්තුවේදී වුණත් අනික් (ජ්‍යෙෂ්ඨ) මන්ත්‍රීවරු වුණත් දුක්-ගැනවිලි කිවුවේ නාමල් මන්ත්‍රීතුමාට. ඉතින් ඔය ජරමර අස්සේ කෝප් රැස්වීම් වලට යන්න එතුමාට නිදහසක් තිබුනද? (නි)

:       0       0

තරිඳු Saturday, 29 October 2016 07:58 PM

එයාට ඊටවඩා කරන්න වැදගත් වැඩ ඇති (නි)

:       0       0

තිලංග Saturday, 29 October 2016 08:25 PM

එයා ආවා කියලා වැඩක් නැති බව එයාට තේරෙන්න ඇති (නි)

:       0       0

ඇන්ජලෝ Saturday, 29 October 2016 12:36 AM

ඇත්තටම යූඑන්පී එක සමඟ එස්එල්එෆ්පී එකේ මන්ත්‍රීවරු සැසඳුවහම එස්එල්එෆ්පී එකේ මන්ත්‍රීවරු අධ්‍යාපන මට්ටම අතින් ඉතා පහළයි කියායි අපිට නම් දැනෙන්නේ (නි)

:       0       0

රන්ජිත් Saturday, 29 October 2016 12:40 AM

කෝප් එකට මෙහෙම අය දාන්නේ ඇයි කියලා අපි දන්නවා (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 29 October 2016 12:42 AM

තමන් කරලා තියෙන වැඩ වලට හිතට එකඟව එන්න බැරි බව තේරුම් ගන්න ඇති (නි)

:       0       0

සරත් Saturday, 29 October 2016 12:47 AM

කරුණාකරලා එකාබද්ධ විපක්ෂය මෙයට උත්තර දෙන්න (නි)

:       0       0

සත්‍යයා Saturday, 29 October 2016 09:00 PM

අතීතයක් යනු අතීතයක් පමණක් යැයි අතීතයටම තල්ලු කර දමා, නැති වර්තමානයක් ඔස්සේ අනාගතයක් ගැන සිහින මැවිය හැක්කේ මන්දබුද්ධික පරාජිත දේශපාලකයින්ට පමණි. (නි)

:       0       0

විමල් Saturday, 29 October 2016 12:51 AM

දැන් තමයි එතුමාටත් කට ඇරෙන්නේ. (නි)

:       0       0

නිලූක Saturday, 29 October 2016 11:49 PM

මෙහි තිබෙන තේජක සහ ජයතු දෙපලගේ අදහසට මම එකහෙළාම එකඟයි. ඒ කාලේ කරපු කෙළි එක්කෙනෙක්වත් කතාකළේ නැහැ. මොකද සුදු වෑන් එකට බයේ. දැන් කටමැත දොඩවන්න ලැජ්ජා නැද්ද මේ සමහරුන්ට. (නි)

:       0       0

නිලූ Sunday, 30 October 2016 12:00 AM

අනික අපේ සමහර මෝඩ මිනිස්සු හිතාගෙන ඉන්නේ රාජපක්ෂ පවුල විතරයි මේ රටට ඉන්න එකම පවුල කියලා. එයාලගේ කෙනෙක්ම මේ රටේ හැමදාම රජවෙලා ඉන්න මේ රට එයාලගේ පවුලේ අයගේ බූදලයක්ද? කිසිම කෙනෙක් දෙවතාවකට වඩා මුල් පුටුවේ සිටියයුතු නැහැ. අනික ගෙයක් හැදුවම, හදපු බාස් උන්නැහේ ගෙදර නවත්වා ගන්නේ නැහැනේ. වැඩේ කරලා ඉවර වුණාම එයාලා එතනින් යන්න ඕනෑ (නි)

:       0       0

අසංග Sunday, 30 October 2016 12:26 AM

දී කිරට බළල්ලුත් සාක්කිලුනේ... (නි)

:       0       0

රන්ජන් Sunday, 30 October 2016 12:36 AM

නාමල් ගැන මේ වෙලාවේ අදින්නේ අර්ජුන් මහේන්ද්‍රන් සහ බැඳුම්කර වංචාව ගැන ඇතිවෙලා තිබෙන අවධානය නැති කරන්නද කියලා හිතුනා. (නි)

:       0       0

සුසිල් Sunday, 30 October 2016 01:07 AM

නිලූගේ උදාහරණය නම් නියමයි (නි)

:       0       0

රොහාන් Sunday, 30 October 2016 01:13 AM

ගුණසේකර මහතා ගේ විතරක් නෙමයි තවත් අයගේත් කට ඇරෙයි ඉස්සරහට. දැන් ඇත්ත කියන්න බයවෙන්න එපා. (අ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Saturday, 29 October 2016 01:11 AM

පුහුල් හොරා කරෙන් දැනේ කියලා අපේ පොතේ තිබුනා (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 30 October 2016 01:54 AM

එයා දන්නවා ඇති ඕක බොරු වැඩක්, අප්පච්චි ඔය කමිටු වාර්තා ගණන් ගන්නේ නැහැ කියලා. (නි)

:       0       0

සත්‍යයා Saturday, 29 October 2016 01:22 AM

ගුණසේකර මහත්තයෝ, එයා කවුද කියලා අපි මුල ඉඳලම දැනගෙන හිටියා පමණක් නොව අපේ පිළිකුලද අප ලියන හා කරන කියන දේවලින් කල්තියාම දැන්වුවා. නමුත් තාත්තලා පුතාලා පාර්ලිමේන්තු කෝප් වලදී කළාට වඩා ගෙවල්වලදී රහසිගතව පමණක් නොව ප්‍රසිද්ධියේත් රඟදැක්වූ බයිස්කෝප් වල අන්තර්ගතය තමයි ජනතාව මේ දිනවල නරඹන්නේ. (නි)

:       0       0

බුද්ධික Saturday, 29 October 2016 01:40 AM

දැන්ද මේවා කියන්නේ? (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 29 October 2016 01:47 AM

අතීතය යනු අතීතයකි. අපි කතාකළ යුත්තේ අනාගතය ගැනයි (නි)

:       0       0

නිමල් Sunday, 30 October 2016 02:51 AM

නාමල් කෝප් කමිටු සාමාජිකයකු ලෙස 2015 කලින් රැස්වීම් වලට ආවේ නැති එකයි පිට දාලා අර්ජුන් මහේන්ද්‍රන් කෝප් එකෙන් වැරදිකාරයකු වුණ බව යටපත් කරන්න වගේ හදන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 574 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1145 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 723 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 251 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1195 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 818 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39781 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 387 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site