IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වසරේ වැඩිම මිල පශ්චාත් භාග දෙක අල්ලයි

 රුපියල් එක් කෝටි  දොලොස් ලක්ෂයක් වටිනා  රත්තරන් බිස්කට් 20 ක් සහ නිම නොකල ස්වර්ණාභරණ හතක්  නීති විරෝධී ලෙස ගුද මාර්ගවල සගවාගෙන   ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිනි ශ‍්‍රී ලාංකික  පිරිමින් දෙදෙනෙකු දෙදෙනෙක් සහ කාන්තාවක් කටුනායකදී  ගුවන්යානයට ගොඩවීමට යත්ම අද   අත්ඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරුවෝ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54,55 සහ 38 වියේ පසුවන රෙදි පිළි ව්‍යාපාරිකයෝ බව රේගුව කියයි.

එක් අයෙකු   රන් බිස්කට් දහය බැගින්  පිරිමින් දෙදනා තම  ගුද මාර්ගවල  රන් බිස්කට් 20 ක් සගවාගෙන යාමට උත්සහ කර තිබූ බව රේගුව කියයි.  ඉවතට ගත් රන් බිස්කට් වල බර කිලෝග‍්‍රෑම් දෙකකි.

රන් බිස්කට් 3 බැගින් කාබන් කොල වලින් ඔතා ඊට උඩින්  පොලිතින් ආවරනයක් දමා තිබූ බව රේගුව කියයි.  රන් බිස්කට් එකක බර ග‍්‍රෑම් සීයකි.

මොවුන් සමග සිටි කාන්තාව නිම නොකළ රන් වළලූ හයක් සහ මාලයක් පැළඳ සිටි බව රේගුව කියයි. එහි බර ග‍්‍රෑම් දෙසිය හැට හතකි.

රේගු මාධ්‍ය  ප්‍රකාශකවරයා පැවසූවේ රන් කිලෝග්‍රෑම් එකක් මෙලෙස ප්‍රවාහනය කිරීම සදහා ඉන්දියන් රුපියල් දස දහසක මුදල් කොන්ත්‍රාත්තුවක් මත බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී දැනගත් බවයි.

මේවා ඉවතට ගන්නා අවස්ථාවේදී එක් සැකකරුවෙක් සැනෙකින් රන් බස්කට් ඉවතට ඇද දුක් බවත් අනිත් සැකකරුවා දැඩි වේදනාවකින්  මහත් පරිශ්‍රමයක් දරා  ඉවතට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන්  පුළුල් පරීක්ෂනයක් කිරීම සඳහා අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් තිලක් පෙරේරා මහතාද අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබූ අතර ඔහු පැවසූවේ   නුවන් අබේනායක, නිශාන්ත ජයසිංහ සහ  හසන්ත ගුරුගේ යන සහකාර රේගු නිලධාරීන් තිදෙනා මාසයක පමණ කාලයක් විමර්ශනය කරමින් සිට මෙම මෙහෙයුම සිදු කළ බවයි. 

එම අවස්ථාවේ අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් එම රේගු නිලධාරීන්ව ඇගයීමටද ලක් කළේය.
ශරීර අභ්‍යන්තරරයේ සගවාගෙන ඉන්දියාවට රන් ප‍්‍රවාහනය කිරීමේ ජාවාරම් කරුවන් කොටුකරගැනීම සඳහා අදාල රේගු නිලධාරීන් තිදෙනා  මාසයක් පමණ විමර්ශනය කරමින් සිටි බව ද ඔහු කීය.

සැප්තැම්බර් මාසයේ පමණක් මෙවන් වැටලීම්  දා හතරක් කළ බවත් මෙම වසරේ ලොකුම වැටලීම මෙය බවත් ඔහු කීය.

සැකකරුවෝ නිතර නිතර ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර යාම් ඊම් කරන බව මෙතෙක් කරන ලද පරීක්ෂන වලින් අනාවරණය වී ඇත.

සැකකරුවෝ  අද උදෑසන ජෙට් ගුවන්සේවයට අයත්  ඩබ්ලිව් 252 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇත.


මේ පිළිබඳ විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂක ජෙනරාල් තිලක් පෙරේරා මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන කේ.ඒ ධර්මසේන,  ස්ටැන්ලි සේනාරත්න සහ දීපාල් සිරිබද්දන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සහකාර රේගු  අධිකාරීවරුන් වන නුවන් අබේනායක, නිශාන්ත ජයසිංහ සහ හසන්ත ගුරුගේ යන නිලධාරීහු සිදු කරති.



අදහස් (0)

වසරේ වැඩිම මිල පශ්චාත් භාග දෙක අල්ලයි

බන්දුල පෙරේරා Thursday, 26 September 2013 11:13 AM

තිලක් ඩුබය් ටත් පුංචි ටිකිරි ප්‍රස්නයක්..රජය සතු කලාට පස්සේ රත්තරන් වලට මොකද වෙන්නේ කියල..වහෙන් ඔරෝ කියන්න හදන්නේ ඊට පස්සේ ඒවා යන්නේ සාක්කුවලට කියල..අනේ මේ වගේ මිනිස්සු,,වැලිවේරියේ මිනී උතුරට පා කරවපු එව්වොනේ..

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 25 September 2013 09:39 PM

ළඟටම වෙලා වටවෙලා අල්ලා අල්ලා ඉන්නේ ගඳ නැද්ද?(නදී)

:       0       0

කුසුම් Wednesday, 25 September 2013 09:54 PM

අනේ බන්දුල, ඔය දිසානායක ඉඳල හිටලා මෝඩ කතාවක් ලිව්වා කියල එයාට වැරදි අවවාද දෙන්න එපා.පවුනේ! ඔයා වගේ කුල්එකේ ඇතුලටම වෙලා එකතැනක ඉඳගෙන රාජකීය උෂ්ණය සහිත පස්සවල් හෝදලා සල්ලි හොයන විදිය එයාටත් කියල දෙන්නකෝ.(නදී)

:       0       0

පිටිගල Wednesday, 25 September 2013 10:38 PM

අපේ රේගු දෙපාර්තමේන්තුවේ ඇත්තෝ මොනතරම් කැපවීමෙන්ද මේ වැඩේ කරන්නේ? මේ ගුද ප්‍රවාහකයින් ගේ නම් එක්ක ෆොටෝත් පළ කරන්න බැරිද? (නි)

:       0       0

කුසුම් Thursday, 26 September 2013 11:49 AM

බන්දුල, ඉස්සරහ පැත්ත හොඳින් තියාගෙන පස්සෙන් වැඩ ගන්න මට නොවේ කිසිවෙකුටත් අවශ්‍ය නැහැ. (නි)

:       0       0

මොහමඩ් ෆාරුක් Wednesday, 25 September 2013 10:41 PM

අධෝ මාර්ගය (ගුද මාර්ගය ) උදරය (බඩ ) සහ රහස් ප්‍රදේශ රන් පොලු සහ මුදල් ප්‍රවාහනය සඳහා යොදා ගන්නා අවස්ථා බොහොමයක් නිතර අප දැක්කා. පකිස්ථානුවන් ඉන්දියානුවන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් මේවා කොපමණ ඇල්ලුවත් තවත් එයම කරනවා. රේගු නිලධාරින්ට මගේ හද පත්ලෙන් ස්තුතිය! අපේ රටට කරන සේවය වෙනුවෙන් (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 25 September 2013 10:50 PM

කුසුම් නම් හොදට තමන්ගේ පස්සත් අදායම් මාර්ගයක් කරගෙන වගෙයි කතාවෙන් පෙනෙන්නේ

:       0       0

රූමි Thursday, 26 September 2013 11:55 AM

ඕව එලියට ගන්න වෙලාවේ ගත්ත පින්තුරයක් තියෙනවා නම් දාන්නකෝ. බලන්න අපිට. (ස)

:       0       0

ජේ. එස් Friday, 27 September 2013 12:09 AM

ඔය ගුද මාර්ගයේ ලංකාවට මොනවා ගේනවද කියලත් හොයලා බලන්න, ගෙනාපු දේ දීලා මුදල් වෙනුවට රත්රන් ගෙනියනවා ඇති. (නි)

:       0       0

උපාලි ගුණසේකර Thursday, 26 September 2013 12:16 AM

මගේ පැරණි සුහද මිතුරන් රේගුවේ කීර්ති නාමය බබළවන හැටි දැකීම බලවත් සතුටක්. ඔබ සැමට උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

කුසුම් Thursday, 26 September 2013 12:24 PM

රනා, ගුද මාර්ග හා ගුද පරීක්ෂණ ඇමති කමට නියම සුදුස්සෙක් ඉන්නවා ,"බන්දුල පෙරේරා" මහත්මයට ඒකට ඕනෑවටත් වඩා සුදුසුකම් තියනවා. (ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 25 September 2013 04:20 PM

යකෝ මේ වැඩේ නම් හරියන්නේ නැහැ ! ඉන්දියාවට යන හැමෝගෙම ගුද මාර්ග බලන්නත් රේගුවට බැරි නිසා අලුතෙන් යුනිට් එකක් ආරම්භ කරමුද ගුද රේගු දෙපාර්තමේන්තුව කියලා . (ස)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 26 September 2013 01:17 AM

අචිනි, සාමාන්‍යයෙන් ගෙනයා හැකි රත්තරන් බර ප්‍රමාණය කොපමණද? මෙලෙස අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන භාණ්ඩ වලට වෙන්නේ මොනවද ? ඔන්න එතින් වැරදි ප්‍රශ්නයක් ඇහුවා.ඕවා අහලා මොකටද දේශද්‍රෝභියෙක් වෙන්නේ? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 26 September 2013 01:20 AM

අල්ල ගන්න රත්තරන් මහා භාණ්ඩාගාරයට බාර දෙනවා. එතනින් ඔය රත්තරන් වලට මොකද වෙන්නේ? (නි)

:       0       0

අශාන් Thursday, 26 September 2013 01:22 AM

රත්තරන් නිසා ගුදය නැතිකර ගන්නවා කියන්නේ ඕවට තමයි (නි)

:       0       0

රෝහණ Thursday, 26 September 2013 12:35 PM

මෙවැනි කාර්යක්ෂම නිලධාරින්ව අගය කර විවේචන කරනවා මිස කල දෙය හාස්‍යට ලක් කොට එයාලව හැල්ලුවට පත් නොකර යුතුයි. අද ඇතැම් උගතුන් කියන අය කරන්නේ එම උගත්කමට නින්දා වෙන දේවල්. අපේ උණුසුම් සුබ පැතුම් ඔබතුමලගේ අවංක කාර්යක්ෂම සේවයට.... (ස)

:       0       0

දයා අලහකෝන් Wednesday, 25 September 2013 04:30 PM

අපේ රේගුවට විශාල ආදායමක් ලැබෙන්නෙ ගුද මාර්ගයෙනි.මේ විදියට මේවා පත්තරවල වැටෙද්දී, පාසල් යන පොඩි ළමයි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තර වල රටට ලැබෙන ආදායම් මාර්ග විමසුවොත් කෙලින්ම ලියන්නෙ ගුද මාර්ගය එක කියලයි. (ස)

:       0       0

සහන් Wednesday, 25 September 2013 04:32 PM

ඔය වළලුත් එතනමද දාගෙන ඇවිත් තියෙන්නේ? මාරයි (ස)

:       0       0

මගලී ප්‍රනාන්දු Wednesday, 25 September 2013 04:33 PM

මම අහන්නේ රන් වළලු හයක් මාලයක් දාගෙන යන්නත් තහනම්ද ????එහෙනම් දෙමළ අය ඕනි තරම් දාගෙන යන්නේ .. (ස)

:       0       0

ගජබා Wednesday, 25 September 2013 04:33 PM

රේගුව නෙමෙයි.... රේගුද දෙපාර්තමේන්තුව කියලා අලුත් යුනිට් එකක් හදලා ක්‍රියාත්මක කරමු..!! රත්තරන් වල සුවඳ මොන වගේද කියා රේගු නිලධාරීන් කියලා නැද්ද..?? (ස)

:       0       0

සෙන්තිල් Thursday, 26 September 2013 02:05 AM

ගැහැනු එක්කෙනා ළඟ රත්තරන් බඩු තිබුනෙ එයාගේ කොහේද? (නි)

:       0       0

පුබුදු Wednesday, 25 September 2013 04:40 PM

ගුදය දෙන වදයක්.... (ස)

:       0       0

සෙන්තිල් Thursday, 26 September 2013 02:11 AM

කින් බෙනට්,ඔහේ නම් හරිම චාසනාවන්ත කෙනෙක්නෙ. (නි)

:       0       0

ධම්ම Wednesday, 25 September 2013 04:42 PM

මේක මේ මෑතක සිට කරන දෙයක් වෙන්න බැහැ. අනිවාර්යයෙන්ම කාලාන්තරයක් තිස්සේ කරගෙන ගිය ජාවාරමක් වෙන්න ඕනෑ. මෙතන ඉන්නවා මෑතකදී ආව රේගූ විශේෂඥයෙක් ගුද මාර්ග පිළිබඳව. (ස)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 26 September 2013 02:19 AM

ඉතාලියේ ඉඳලා ලංකාවට එන කහ කුරුල්ලන්ගේ බෙලි වලයි අත් වලයි කිලෝ ගණන් බරට තියෙනවනේ. ඔය මොනවද අල්ලලා තියෙන්නේ? සමහරු බැඳගෙන එන්නේ බයිසිකල් චේන් වගේ මාල. (නි)

:       0       0

ජේ. එස් Thursday, 26 September 2013 03:15 AM

ගුවන් තොටුපොල පිටවෙන දොරටුවෙන් මුදල් දීලා ඇතුලට යන්න පුළුවන් කියන්නේ ඇත්තද? (නි)

:       0       0

හේරත් Thursday, 26 September 2013 04:38 AM

මේ ආදායම් මාර්ගය තුලින් විවෘත රත්තරන් ආර්ථිකය නංවමු. එන්න ඉන්දියාවෙන් ලංකාවට. රත්තරන් ලංකාවට දීලා යන්න.ඔයාලට පින්. (නි)

:       0       0

අරවින්ද Wednesday, 25 September 2013 05:11 PM

"ගුද රේගු දෙපාර්තමේන්තුව" (නි)

:       0       0

සහන් Wednesday, 25 September 2013 05:14 PM

පවතින තත්ත්වයන් යටතේ රේගු නිලධාරීන් වෛද්‍ය විද්‍යාවද හැදෑරීම වඩාත් සුදුසු වේ. අනතුරුව ඔවුන් 'රේගු / ගුද දෙපාර්තමේන්තුව' ට අනුයුක්ත කළ හැක. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 25 September 2013 05:26 PM

අනේ මෙහෙමත් මිනිස්සූ! (නි)

:       0       0

රුවන් Wednesday, 25 September 2013 05:33 PM

මෙතනට ඔච්චර ලොකු දෙයක් දාගන්න පුලුවන්ද? හිතාගන්නත් බැහැ. (නි)

:       0       0

නසාර් Wednesday, 25 September 2013 05:33 PM

මෙයාලගේ වයස අනුව නම් ගුද මාර්ගයට මේවා දාන එක අමාරු වැඩක් නෙමෙයි. හොදට පුහුණුවෙලා තිබෙනවා වගේ (නි)

:       0       0

නාලක Thursday, 26 September 2013 07:43 AM

මේ අයට මොකද වෙලා තියෙන්නේ (අ)..

:       0       0

රෝහිත Wednesday, 25 September 2013 05:38 PM

අයියෝ! රිදුනේ නැද්ද අනේ? (නි)

:       0       0

හේමන්ත Thursday, 26 September 2013 07:57 AM

හොර බඩු, මත්ද්‍රව්‍ය ගෙනියන අයගේ විදේශ ගමන් බලපත්‍රය නීතියෙන් අවලංගු කළයුතුයි. (නි)

:       0       0

අචිනි Wednesday, 25 September 2013 05:40 PM

සාමාන්‍යයෙන් ගෙනයා හැකි රත්තරන් බර ප්‍රමාණය කොපමණද? මෙලෙස අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන භාණ්ඩ වලට වෙන්නේ මොනවද ? (නි)

:       0       0

දයාල් Wednesday, 25 September 2013 05:52 PM

ජනතාව දෙනුවත් කරන්න අවශ්‍යයයි. අපි ගුවන් යානයට නගින්නට පෙර සපත්තු දෙක පවා එක්ස්රේ කරනවා කියලා. එතකොට මේ ප්‍රශ්න එන්නේ නැහැ (නි)

:       0       0

රණා Thursday, 26 September 2013 08:32 AM

ගුද පරීක්ෂණ ඇමතිතුමෙකුත් පත්කරන්න වෙයි වගේ (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 25 September 2013 05:55 PM

මම හරිම කැමතියි ඔය වගේ හොර වැඩ කරන කට්ටියගේ බඩු ඔහොම එලියට ගන්න වෙලාවට ඒවා වීඩියෝ කරලා ඒ කට්ටියගේ මුහුණු සමග වීඩියෝ එක ජනතාවට දකින්න සළස්වන එකට (නි)

:       0       0

රණා Thursday, 26 September 2013 08:38 AM

අල්ලන රේගු නිලධාරින්ට අලුත් නමක් දමමුද? (නි)

:       0       0

සේරම් Thursday, 26 September 2013 01:35 PM

වසරේ වැඩිම ආදායම ලබා දුන් පශ්චාත් බාගයන් දෙකක් සොයාගත් අපගේ දක්ෂ රේගු නිලධාරින්ට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

තාරක Wednesday, 25 September 2013 05:58 PM

එකෙක් පහසුවෙන් අදිනවා අනිකා අපහසුවෙන් අදිනවා. පුරුදු සහ නුපුරුදු බව.(නදී)

:       0       0

කින් බෙනට් Wednesday, 25 September 2013 05:58 PM

ශ්‍රී ලංකා රේගුව,ගුද මාර්ග පරික්ෂා කිරීමේ අංශය , කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ , කටුනායක (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 25 September 2013 06:03 PM

ප්‍රශ්නය - ලංකාවේ රත්තරන් විදේශ වලට ගෙන යන්නේ කෙසේද ? උත්තරය -ව්‍යාපාරිකයන්ගේ ගුද මාර්ගය ඇතුලේ ඔබාගෙන... ප්‍රශ්නය - මේ දිනවල මිනිසුන්ගේ පස්ස පැත්ත දිහා පරීක්ෂාවෙන් බලා සිටින්නේ කවුද ? උත්තරය - ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවකයන් .. (නි)

:       0       0

මාටින් Wednesday, 25 September 2013 06:12 PM

මේ මට ගිය සතියේ කටුනායක ගුවන් තොටුපොල තුලදී දක්නට ලැබුන අප්‍රිය දසුනකි. මමත් මගේ බිරිඳත් නිවාඩුවට ලංකාවට පැමිණ නැවත පිටවෙන අවස්ථාවේ එහි සිටි යම් පිරිසක් මා සහ මගේ විදේශ බිරිඳගේ පස්ස පැත්ත දෙස ඉතාම දීර්ඝ වෙලාවක් ඉතාම ගිජු ලෙස විටින් විට බලා සිටීම. මෙය මාහට දක්නට ලැබුන විස්තර කල නොහැකි අප්‍රිය දසුනකි. අපගේ පමණක් නොව එහි සිටි සියලු දෙනාගේම පස්ස පැත්ත දෙස මෙහි සිටි එම පිරිස කෑදර කමින් බලා සිටි බව මට දක්නට ලැබුණි. ලංකාව කොතරම් නොදියුණු ක්‍රම බාවිතා කරනවාද කියා මේ මගින් සිතා ගත හැක.(නදී)

:       0       0

නසාර් Wednesday, 25 September 2013 06:31 PM

මේක හොද අවස්ථාවක් ,මෙතුමලාට විවිධ පස්සවල් අල්ලන්න සහ බලන්න, වගේම අතගාන්න (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 September 2013 09:21 AM

මේ බන්දුල පෙරේරා වගේ අය දමන ප්‍රතිචාර කිසිම වැදගත්කමක් නෑ (අ)

:       0       0

ලංකාසිරි Thursday, 26 September 2013 01:57 PM

ගුද ටෙස්ටර්ලා ටික දැක්කම ආසාවේ බැහැ. මම දවසක් මෙහෙම කිව්ව්වම පිටිගල මහත්මයා කියලා තිබුනා අපේ වැදගත් රේගූ මහත්වරුන්ට එහෙම කියන එක වැරදියි කියලා. (නි)

:       0       0

මාපා Wednesday, 25 September 2013 06:41 PM

ශ්‍රී ලංකා ගුද පර්යන්තය වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සනත්-ඇෆ්ඝනිස්තානය. Wednesday, 25 September 2013 06:51 PM

අපි හැමදාම කියනවා මේ මත්වරුන්ට දොස්තර රක්ෂාව ටිකක් කියලා දෙන්න කියලා.එහෙම වුණහම මීට වඩා හොඳ ප්‍රතිපල ලැබෙනවා.(නි)

:       0       0

දයාල් Wednesday, 25 September 2013 07:02 PM

මාර්ටින්, ඔබ ලංකාවට යනකොට බිරිදට රටට ගැළපෙන ඇදුම් අන්දවන්න. ලංකාවේ ජනතාව ගෙන ඉගෙනගන්න. තමා සහ බිරින්දෑ පරෙස්සම් කරගන්න. ඔබගේ ජීවිතේ තම බිරියට පමණක් දෙන්න(නි)

:       0       0

දර්ශන් Wednesday, 25 September 2013 07:13 PM

රේගුවට අපේ උපහාරය! ප්‍රශ්නයක් ඇත. කොපමණ ග්‍රෑම් ප්‍රමාණයක අභරණ පැලද යන්න පුලුවන්ද එක මගියෙකුට?(නි)

:       0       0

සෙනෙවි Wednesday, 25 September 2013 07:21 PM

දැන් ගුද මාර්ගය හතරැස් වෙලා ඇති (නි)

:       0       0

අසංග Thursday, 26 September 2013 09:55 AM

නසාර්, මේක පස්සවල් අත ගෑමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. අපි රේගුවට ස්තුති වන්ත වෙන්න ඕනා මේ වගේ දේවල් සොයා ගන්නවට. නසර්ට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔබලාගේ අයගේ පස්සවල් අතගානවට නේද...? (ස)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 26 September 2013 10:02 AM

මේක හරි කතාවක්නේ, ඔයිට වැඩිය රත්තරන් පැළඳගෙන අපි දන්නා ගොඩක් ඔතනින් එහාට මෙහාට යනවා. මේ ඔක්කොම හොරුද? (ස)

:       0       0

ගුණේ Thursday, 26 September 2013 09:15 PM

අනාගත පරපුරට දැක බලා ගන්න මේ ගුද මාර්ග ගුදම් දෙක කටු ගෙදරට යවන්න. එසේම එයට විශේෂ ආරක්ෂාවක් යොදවන්න. නැතිනම් කැමරා අක්‍රිය වෙනකම් බලා ඉදලා කන් ගැට්ටෝ කටු ගේ ඇතුලට බහීවි. (නි)

:       0       0

ස්ටැන්ලි Thursday, 26 September 2013 10:33 AM

"ගුද ගුද ගතම්" කියලා පදයකුත් තියෙනවනේ... (ස)

:       0       0

ඉර්ෆාන් ධර්මා Wednesday, 25 September 2013 08:09 PM

වහාම ක්‍රියාත්මක වන පරිදි ගුද මාර්ග දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර , රැකියා විරහිත උපාදිධාරීන් එයට අන්යුක්ත කර ලංකාවේ රැකියා ප්‍රශ්නෙට ස්ථිර විසදුමක් ලබාදෙන මෙන් රජයට යෝජනා කිරීමට ඉල්ලා සිටිමි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 25 September 2013 08:10 PM

දිසානායක,ඔන්න දිසෝ හෝදනවා නම් පස්සවල්.ඔය අදහස් වලින් ආණ්ඩු පෙරලන්න හීන දකින්නේ නැතුව ගිහින් කාගෙ හරි ඔය වගේ දෙයක් අල්ලලා හේදුවා නම් දිසා ගොඩ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 574 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 660 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2110 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1566 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1504 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1752 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24756 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23347 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site