IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වසර 11ක් තිස්සේ ගොවියාගේ අපූරු දානයක්

නුවරඑළිය කඳපොල ගල් පාලමේ නිශාන්ත නිරෝෂණ ගමගේ(42) ගොවියා වසර එකොළහක් තිස්සේ උඩ පුස්සැල්ලාව සමර් හිල් වංගුව අසල බල්ලන් පහළොස් දෙනෙකුට කෑම දෙයි. හාල් කිලෝ තුනහමාරක බත් සමග මස් කටු බල්ලන්ට කන්නට දී ඉන්පසු ඔහු තම වගා කටයුතු අරඹයි.ඔහුගේ ලොරිය කෑම රැගෙන එනවිට දුර තියාම අදුනාගන්නට මේ බල්ලෝ සමත් වෙති.



අදහස් (0)

වසර 11ක් තිස්සේ ගොවියාගේ අපූරු දානයක්

කුමාර Monday, 01 July 2013 05:03 PM

වැඩේ නම් හොදයි ඉතින්. ඒත් බලන්න පොලිතින් බෑග් හැමතැනම (දී)

:       0       0

නුවන් Monday, 01 July 2013 05:06 PM

ඔබට මේ පිනම ඇති ඔබේ දිවි මග සාර්ථක වෙන්න (දී)

:       0       0

තරු Tuesday, 02 July 2013 08:03 AM

හේමන්ත හරියටම හරි. මෙතන පොලිතින් ගැන, මස් ගැන කතා කරන අය හරිම සද්ගුණවත් අය වෙන්න ඇති නේද? (නි)

:       0       0

ගාමිණී Monday, 01 July 2013 05:16 PM

සත් ක්‍රියාවක්, එන්නත් ලබා දුන්නා නම් සත් ක්‍රියාව තවත් පොහොසත් වෙයි (දී)

:       0       0

සජිත් Monday, 01 July 2013 05:24 PM

මේක මිනිස්සුන්ට දන් දුන්නා නම් මීටත් වඩා පින් සිදුවෙයි. බල්ලෝ නම් කොහෙන් හරි කන්න හොයා ගනී. ඒත් අසරණ මිනිස්සුන්ට එහෙම බැහැනේ (දී)

:       0       0

ප්‍රියානි Monday, 01 July 2013 05:28 PM

බල්ලෝ ටික දිහා බැලුවම නම් කියන්න බැහැ දඩාවතේ යන උන් කියලා. (දී)

:       0       0

නුෂන් විරංග Thursday, 26 December 2013 03:44 AM

කරුණාව ඇති හොද මිනිසෙක්. මෙවන් මිනිසුන් අගය කරන්න ඕනේ.(නදී)

:       0       0

දිලිප් Monday, 01 July 2013 05:28 PM

මම හිතනවා ඉතා හොද වැඩක් කියලා (දී)

:       0       0

චාමික Wednesday, 03 July 2013 12:01 PM

නීල්-රනා, ඔබ හරි. මිනිසුන් බොහෝවිට දේවල් දකින්නේ බුද්ධියෙන් නොවෙයි හදවතින්. තමුන්ගේ දරුවෙකු දඩාවතේ යන සුනඛයෙක් කෑවොත්, ඒකෙන් ජල භීතිකාව හැදුනොත් ඔය කව්රුවත් සත්ව කරුණාව ගැන කතා කරන්නේ නැහැ. ඒ වෙලාවට. එතකොටයි සත්‍ය දකින්නේ ඔවුන්. ඔබේ වෙනස තියෙන්නේ ඔබ සත්‍ය දකින්න තමන්ට කරදරයක් වෙනතුරු සිටින්නේ නැහැ. දඩාවතේ යන සුනඛයෝ පෝෂණය කිරීම සම්පූණයෙන්ම වැරදි වැඩක්. එයින් මහජන සෞඛ්‍යයට තර්ජනයක් ඇති වෙනවා. යමෙකුට සතුනට කරුණාව දක්වන්න ඕනෑ නම් ඔහු ඒ සතුන්ගේ වගකීම බාරගෙන එම සතුන එන්නත් කර ඔහු සන්තකයේ තබා ගත යුතුයි. (නි)

:       0       0

වජිර ද කොස්තා Thursday, 04 July 2013 01:37 AM

මෙයාලා කියන විදියට ජීවත් වීමේ අයිතිය තියෙන්නේ මිනිස්සුන්ට විතරයි. සත්තුන්ට මේ ලෝකේ ජීවත් වීම තහනම්. ආත්මාර්ත්කාමේ . මෙයාලට සතුන් ගැන මේ වගේ තීරණ ගන්න තියන අයිතිය මොකද්ද?(නදී)

:       0       0

කුමාර් Monday, 01 July 2013 05:37 PM

අර බලසේනාව දැනගත්තොත් මස් කටු ගෙනා තැන, එයාලා ඔය වැඩේ නතර කරයි හොදේ. කටු වුනත් ඉතින් හරක් ගේ නේ? (දී)

:       0       0

හසන්ත Tuesday, 02 July 2013 08:42 AM

අනේ ඔහේලා පොලිතින් විසි කරන්නෙම නැහැ නේද? මෙතන ඉන්නේ ඔක්කොම නිකන් රහත් වෙච්ච අයනේ...විකාර..ඒ මනුස්සය කරන දේ කොච්චර වටිනවද? (නි)

:       0       0

හේමන්ත Monday, 01 July 2013 05:44 PM

මෙතන බලු කතා දාන අය මට නම් දිරවන්නේ නැහැ. පිස්සු බලු රෝග කියන අයටමයි තියෙන්නේ. පොලිතින් ගැන එයාට උපදෙස් දෙන්න ඕඈ නැහැ. මෙවැනි සත් ක්‍රියාවක් කරන කෙනෙක් පරිසරය දුෂණය නොකරන්න වග බලා ගන්නවා ඇති. (දී)

:       0       0

තරු Tuesday, 02 July 2013 08:57 AM

මොනවා වුනත් ලස්සන බල්ලෝ ටික (නි)

:       0       0

සරත් Monday, 01 July 2013 05:52 PM

මේ වැඩේ හොදයි හැබැයි. බල්ලෝ නිසා පාරේ යන්න බැරි එකයි ගැටලුව. මේ වගේ බලු රංචුවකට පොඩි ළමයෙක් අහු වුනොත් ඉවර වෙන්නම කයි. (දී)

:       0       0

සුගත් කුමාර Tuesday, 02 July 2013 09:09 AM

මෙම සත් ක්‍රියාවෙහි හොද මෙන්ම නරක දකින් පුද්ගලයෝද සිටිති. කොහොම වුනත් මේ සුනඛයන්ගේ මිනිසුන් ලග නැති කෘතගුණ සැළකීමක් ඇත. ඉතා විශිෂ්ඨ ක්‍රියාවක් දිව්‍ය ලෝක සම්පත් ලැබිය හැකි පුණ්‍යකර්මයක්. ඔබ වැනි මිනිසුන් තවතවත් බිහිවේවා! (නි)

:       0       0

කෙවින් Monday, 01 July 2013 05:59 PM

බෝධි සත්ව චරිතේ මම අහලා තියනවා. එක පුද්ගලයෙක් කෑම කාලා ඉදුල් වතුර බාල්දියකට දීලා එම පිනෙන් ගොඩක් දේවල් ලබා ගත්තා කියලා මම අහලා තිබෙනවා. (දී)

:       0       0

ජීව Monday, 01 July 2013 06:37 PM

කුමාර්, ටර්සන් නිකම් උරෝ වගේ දගලන්න එපා. මස් කටු කිවම ඔය තරම් පෙරේත මොකද? මේ ලිපියේ කොහෙවත් හරක් මස් කියලා නෑ නේද? මේ කරන වැඩේ අගයේ කරන්න කුහකකම පැත්තක දාලා.(නදී)

:       0       0

ජගත් කුමාර එංගලන්තය Monday, 01 July 2013 06:39 PM

මිනිසුන් ළඟ නැති උතුම් ගති මේ සුනකයන් ළඟ තිබෙන නිසා වෙන්න ඇති මේ මනුසයා බල්ලන්ට කන්න දෙන්නේ. මිනිසුන්ට කන්න දුන්නම බල්ලෝ වගේ හපනවා. ඒත් බල්ලෝ කවදාවත් කන්න දෙන කෙනාව හපන්නේ නැහැ. ඒ වගේම මිනිස්සු තව කෙනෙකුට කන්න දීල බල්ලෝ වගේ කියව කියව යනවා.(නදී)

:       0       0

මෝරලා Monday, 01 July 2013 06:50 PM

හොද වැඩක්, නමුත් මස් කඩ ටික වැහුවම ලොකු ගැටළුවක් ඇතිවෙයි නේද?(නදී)

:       0       0

කුමාර Thursday, 04 July 2013 09:14 PM

චාමිකගේ තියරිය ට අනුව ඒඩ්ස් වැනි වසංගත නැති කිරීමට දඩාවතේ යන මිනිසුන්ගේ කර අඹන්න වෙනවා .(අ)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Monday, 01 July 2013 07:00 PM

අනිවාර්‍යෙයන් ඡන්දෙට ඉදිරිපත් වෙයි.(නදී)

:       0       0

පුෂ්ප කුමාර-මාලේ Monday, 01 July 2013 07:01 PM

බණ්ඩලා කවදාවත් හොද වැඩ කල අය නෙවේනේ නේද බණ්ඩා.(නදී)

:       0       0

අචිනි Monday, 01 July 2013 07:04 PM

අපිත් අපේ සල්ලි වලින් පාර්ලිමේන්තුවේ ඉන්න අයට හැමදාම කන්න දෙන්නේ හැබැයි ඒ අයට කලගුණ මතක නෑ.(නදී)

:       0       0

ශාෆික් Tuesday, 02 July 2013 09:53 AM

හොද වැඩක්. නමුත් පොලිතින් වෙනුවට වෙන විකල්පයක් තිබේ නම් තවත් අගෙයි (නි)

:       0       0

අතප්ත්තු Monday, 01 July 2013 07:06 PM

බල්ලන්ගේ කෑම වලට වැඩියෙන් ගොඩක් අයට පේන්නේ පොලිතින් කැබලි. කාලයක් තිස්සේ මේ සත් ක්‍රියාව කරන, මේ උත්තමයා අනිවාර්යෙන්ම පරිසර හිතකාමියෙක් වෙන්න ඕනේ. පොලිතින් උර පිළිවෙලකට විසිකරනවා ඇති. ඔබට සියලු දෙවියන්ගේ පිහිට ලැබෙවා.(නදී)

:       0       0

තාරක Wednesday, 03 July 2013 09:02 AM

වටිනවා නියමයි

:       0       0

ආසිරි Tuesday, 02 July 2013 10:04 AM

වැඩේ නම් හොඳයි, ඒත් පොලිතින් බැග් පරිසරය දුෂණය කරනවා (නි)

:       0       0

අමල් Monday, 01 July 2013 07:19 PM

නීල්-රානා, බල්ලන්ට කන්න දීලා පිනක් කරන මනුස්සයෙන්ට මේ වගේ පහත් විදියට ඔහේ කතා කරද්දි කවුද බල්ලා කියලා අදුනගන්න අමාරුවක් නෑ. බුදු දහමේ විදියට මේක පිනක්.(නදී)

:       0       0

සිරිමවෙන් Saturday, 11 July 2015 08:12 AM

ම‍ෙ මහතා බල්ලන්ට කෑම ග‍ෙනත් දීම සුපුරුදු දසුනකි.ම‍ෙ‍ බල්ලන්ගන ග‍ොඩක් අයිතිකරුවන් සිටින බල්ලන්.මා දැනට වසර පහක පමන සිට ම‍ොවුන් දකිමි. වෙනත් බල්ලන් නම් වාහනවලට පනිමින් කරදර කරන මුත් ම‍ෙ රංචුව කිසිම දිනක වාහනවලට කරදර න‍ොකරයි.එම‍ෙන්ම ක‍ොතරම් වැහි වැස්සත් මම‍ොවුන් ම‍‍ෙම වංගුව‍ෙ දැකියහැකිය.

:       0       0

ඉන්දික අරුණ Tuesday, 24 December 2013 05:12 PM

මේක බලලා යන බල්ලෝ ගනන වැඩිවෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

පහන් Monday, 01 July 2013 07:28 PM

පොලිතින් ටික අයින් කරනකල් පොඩ්ඩක් ඉන්නවලකෝ. තාම බල්ලෝ කාල ඉවර නැහැ .ඕකනේ කියන්නේ බල්ලොත් එක්ක බැහැ කියලා.(නදී)

:       0       0

යෂ්මාල් Monday, 01 July 2013 07:40 PM

වචනයෙන් නිම කරන්න බැරි සද්ක්‍රිරියාවක්.(නදී)

:       0       0

ඉන්දික Monday, 01 July 2013 07:40 PM

ඔය කියන විදිහට පොලිතින් හැම තැනම තියනවනම් අවුරුදු 11 ට ඔතන පොලිතින් කන්දක් තියෙන්න ඕනා. මේ මහත්තයා ඒවා අයින් කරනවා ඇති. කරන හොද දේ දකින්න ඇත්තටම වරදක් තියනවා නම් පෙන්නලා දෙන්න. කුහක කමට ප්‍රතිචාර දමන්න එපා.(නදී)

:       0       0

ගමඇති Tuesday, 02 July 2013 10:31 AM

පොලිතින් ගැන කතාකරනවා පොලිතින් නිෂ්පාදනය කරන්නේ බල්ලෝද? (අ)

:       0       0

kකොස්තා Monday, 01 July 2013 08:09 PM

කරන වැඩේ හොද දකිමු. දශමයක් වැරදි නොබලන්න.(නදී)

:       0       0

සෑම් Tuesday, 02 July 2013 06:00 PM

ලොකු පිනක් අසරණ සතුන්ට කන්න දෙන එක. නමුත් පොළිතින් කොළ පරිසරයට මුදාහරිනවා නම් ඒක එච්චර හොඳ දෙයක් නොවේ. අපි හිතනවා මෙයා ඒවත් අස්කරන වැදගත් මහත්මයෙක් කියලා. (දී)

:       0       0

කුමාර Tuesday, 02 July 2013 10:44 AM

නීල්-රනා අශ්වයා පිටෙන් වැටිලා ඔලුව පැලුනට පස්සේ තමයි මේ වගේ කතා කියන්න පටන් ගත්තේ . (අ)

:       0       0

මිනීපෙ Monday, 01 July 2013 08:25 PM

හොද බලු වැඩක්.(නදී)

:       0       0

පුෂ්ප කුමාර බැන්දොස් මාලදිව්ස් Monday, 01 July 2013 08:39 PM

බණ්ඩා ලට හොද දේ දකින්න අමාරු ඇති නේද ? මිනිස්සු අසරණ වෙලා එන්නේ විහින් , සතුන් අසරණ කලේකවුද ?සතුන්ට බෑ උයාගන කන්න තේරුම් ගන්න(අ)

:       0       0

පුෂ්ප කුමාර බැන්දොස් මාලදිවයින Monday, 01 July 2013 08:39 PM

බණ්ඩා ලට හොද දේ දකින්න අමාරු ඇති නේද ? සජිත් මිනිස්සු අසරණ වෙලා ඉන්නේ විහින් සතුන් අසරණ කලේ කව්ද? සතුන්ට බෑ උයාගන කන්න තේරුම් ගන්න.(නදී)

:       0       0

පාලිත Monday, 01 July 2013 08:46 PM

මහරගම නාවින්න ඉසිපතනාරාම පන්සලේ ඉන්න බල්ලන්ට මේ වගේ සත් ක්‍රියාවක් කරනවා මල් අම්මා කියන උපාසිකා මාතාව. සෑම දිනකම සවස 3.00 ට විතර බල්ලන්ට කැම අරගෙන එනවා. (නදී)

:       0       0

අසාද් Monday, 01 July 2013 08:47 PM

හිල්ටි ඔයානම් තිරිසනෙකුටත් අන්තයි.(නදී)

:       0       0

ආනන්ද ආර් Monday, 01 July 2013 09:01 PM

මම හිතුවේ බල්ලෝ සපා කෑවාම විතරයි පිස්සු බලු රෝගය හැදෙන්නේ කියලා. බල්ලන්ගේ ෆොටෝ එක දැක්කත් පිස්සුබලු රෝගය හැදුනු අය ඉන්නවානේ.(නදී)

:       0       0

නිරෝෂන් Tuesday, 02 July 2013 02:55 PM

කවුරු හරි හොද වැඩක් කළොත් ඒක දිරවන්නෙ නැති අයත් ඉන්නවා නේද? ඔයාට ගොඩක් පින් මේ කරන සත් ක්‍රියාවට. ඔබට ජය! (දී)

:       0       0

බණ්ඩා Tuesday, 02 July 2013 02:55 PM

හරක් මස් කටු බල්ලන්ට කන්න දෙනවා. මේක පුදුම රටක් (දී)

:       0       0

බණ්ඩා Tuesday, 02 July 2013 02:58 PM

පිස්සු බල්ලෝ බෝ කරන එක නම් හොද දෙයක් නෙමෙයි (දී)

:       0       0

සිල්වා Monday, 01 July 2013 09:33 PM

සමහර කොමෙන්ට් දාන කට්ටියට පිස්සුබලු රෝගය හැදිලා වගේ ..... ඔබතුමා කරන මේ සත්ක්‍රියාවට හිසනමා ආචාර කරමි ....(අ)

:       0       0

කිරිහාමි Tuesday, 02 July 2013 11:20 AM

හාල් ඇටයක් අරගන්න සල්ලි නැති මිනිස්සු ඉන්න රටේ බල්ලොන්ට මස් බත්...? (නි)

:       0       0

ඩී.උපුල් Monday, 01 July 2013 09:40 PM

මිනිසාගේ පරම යුතුකම බල්ලාට සේවය කිරීමයි! (අ)

:       0       0

වීරවර්ධන Tuesday, 02 July 2013 11:29 AM

හොද වැඩක්. ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

තිලක් ඩුබායි Monday, 01 July 2013 09:58 PM

එතාම හොද ක්‍රිරියාවක්.(අ)

:       0       0

තිලක් ඩුබායි Monday, 01 July 2013 10:00 PM

පිනට දෙන්න හමූටම හිත දෙන්නේ නැහැ.මේ පිනම ආර්ති ඔබගේ සහා ඔබේ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරූගී සතුටුමත් ජීවිතයක් ගත කරන්න.(අ)

:       0       0

තිලක් ඩුබායි Monday, 01 July 2013 10:03 PM

බඩගින්නේ එන්න සතෙකුට කන්න දීල අ සතාගේ බද පුරවනවා කියන්නේ ලොකු දානමය පින්කමක්.ඔබ අසරණ වෙන්නේ දෙන්නේ නැහැ ඔබ කරන පින් බලයෙන්.මම මෙහෙම කියන්නේ විසාල විශ්වාසයකින්.(අ)

:       0       0

ජයසින්ග්හේ බර්ලින් Monday, 01 July 2013 10:07 PM

මිනිසුන් ළඟ නැති උතුම් ගති මේ සුනකයන් ළඟ තිබෙන නිසා වෙන්න ඇති මේ මනුසයා බල්ලන්ට කන්න දෙන්නේ. මිනිසුන්ට කන්න දුන්නම බල්ලෝ වගේ හපනවා. ඒත් බල්ලෝ කවදාවත් කන්න දෙන කෙනාව හපන්නේ නැහැ. ඒ වගේම මිනිස්සු තව කෙනෙකුට කන්න දීල බල්ලෝ වගේ කියව කියව යනවා.(අ)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Monday, 01 July 2013 10:09 PM

හරක් මරල බල්ලන්ට කන්න දෙන රටක්.අපේ අයට පෙන්නේ එක පැත්ත යි (අ)

:       0       0

උපාලි රණතුංග Monday, 01 July 2013 10:36 PM

ඔබතුමා කරන මේ සත්ක්‍රියාවට හිසනමා ආචාර කරමි (අ)

:       0       0

ගුරුසින්ඝ(ඇෆ්ගනිස්ථාන්) Monday, 01 July 2013 10:42 PM

කෙනෙකුට රැකියා හැකි ලොකුම දහම සිවුපාවකුටත් වරදක් වරදක් නොකර ජීවත් විමයි. හැම දහමකිම්ම කියාදෙන්නේ එයි.ඔබ සමාජයට ආදර්ශමත් පුද්ගලයෙක් ජය නියති අයියා.(අ)

:       0       0

රුහුණු Monday, 01 July 2013 10:43 PM

ඉන්දික ඔබේ කතාවට මමත් එකගයි.(අ)

:       0       0

නීරෝ Tuesday, 02 July 2013 12:00 PM

ඔබ වැනි උතුම් මිනිසෙක් ගැන අසන්නට ලැබීමත් සතුටක්. ඔබගේ සියලුම කාර්යන් සාර්ථක වේවා! (නි)

:       0       0

තිළිණ Tuesday, 24 December 2013 10:31 PM

අවංකවම මේ කරනදේ ගොඩක් අගය කරනවා.මට තියන දුක මේ හැමදේම හොදින් දකින්න බැරිව ඒ කරන දේ හොද වෙනුවට කිසිම විදිහක පදනමක් නැතුව ඒ මනුස්සයට චෝදනා කරන කට්ටිය කිසිම හිරිකිතයක් නැතුවම කියන ඒවා . (අ)

:       0       0

අසන්ත ජයසිංහ Tuesday, 02 July 2013 12:33 AM

ඔබ කරන මේ සත් ක්‍රියාවෙන් ඔබට දස දහස් ගුනයින් යස ඉසුරු ලැබේවා (අ)

:       0       0

හේමන්ත Monday, 01 July 2013 03:50 PM

බෝධිසත්වයෙක් වැනි මිනිසෙක්. ඔබේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා!(නදී)

:       0       0

රාසා ජුබෛල් Monday, 01 July 2013 03:57 PM

අවංක මනුස්සයෙක්,ඔබට බොහෝ පින් ලැබේවා! (දී)

:       0       0

හිල්ටි Monday, 01 July 2013 04:07 PM

කෑම දුන්නට වැඩක් නැහැනේ. බලන්න පොලිතින් හැමතැනම (දී)

:       0       0

මාටින් Tuesday, 02 July 2013 04:42 AM

අචිනි දැන් කියන්න හදන්නේ අචිනිත් පිස්සු බල්ලන්ට කන්න දෙනවා කියලද? (නි)

:       0       0

ධනුෂ්ක Monday, 01 July 2013 04:13 PM

පින් සිද්ද වෙන වැඩක්, නමුත් පොලිතින් කොලවල කෑම දීලා ඒ කොළ කැළේට දානවා ඇති, මම කැමතියි පිගන් ටිකක් මේ බල්ලන්ට අරන්දෙන්න.(නදී)

:       0       0

සමන් Tuesday, 02 July 2013 05:33 AM

ඉතිං ඒකත් නව මාස දෙකක් කළ හැකිවේවි. මස් කටු කොහෙන්දෝ හරක් නොමරන කල? (නි)

:       0       0

ලකී ජයසූරිය ලන්ඩන් Monday, 01 July 2013 04:13 PM

ඔයා ලොකු පිනක් කරගන්නේ. මිනිස්සු ලග නැති ගති ගුණ බල්ලෝ ලග තියෙනවා. ඔබට මේ ආත්මෙදීම මේ පින් ලැබේ.(නදී)

:       0       0

ලසන්ත Monday, 01 July 2013 04:15 PM

මේ වගේ අහිංසක සතුන්ට උපකාර කරන එක ලොකු පිනක්.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Tuesday, 02 July 2013 05:47 AM

බල්ලන්ට , කපුටන්ට කෑම දෙන එක ලොකු පිනක් කියලා අපේ අම්මලා තාත්තලා අපිට පොඩි කාලේ ඉගැන්නුවේ. මොකද මෙයාලට කොයිතරම් කෑම දුන්නත් බඩගින්න නොනිවෙන නිසා. මෙතන අදහස් දාපු අයගෙන් 3-4 දෙනෙක් ඇරෙන්න( විශේෂයෙන් ඕනෑම දෙකට අසුබවාදී අදහස් පලකරන නිල්-රානා මහදැනමුත්තා ) මේ කරලා තියන්නේ පුණ්‍යය කර්මයක් කියලා පිළිඅරන් තියෙනවා (නි)

:       0       0

විදුරංග Friday, 16 October 2015 06:14 AM

කෑම දුන්නා කියලා ජලභීතිකාව බෝවෙන එකේ වෙනසක් වෙන්නේ නෑනෙ. (ර)

:       0       0

වරුණ Monday, 01 July 2013 04:25 PM

මේ වගේ කෙනෙක් නාරාහේන්පිට ජාතික පොළ පාරෙත් ඉන්නවා උදේ එකොළහට විතර ගියොත් බලන්න පුළුවන් ඒ මහත්තය බල්ලෝ බළල්ලු සේරටම කෑම බෙද බෙදා යනවා.(නදී)

:       0       0

රංජිත් Tuesday, 02 July 2013 06:06 AM

කෑම දීම හොඳ වැඩක්. ඒ ප්‍රවෘත්තිය පල කරලා මිනිස් ගති ඉස්මතු කිරීමත් අගය කළ යුතුයි. සමාජයේ ඔක්කොම මිනිසුන් නොවන බවත් පේනවා. හොඳ අදහස් දාපු හැමෝම මේ පිනට දායක වේවා! (නි)

:       0       0

නීල්-රානා Monday, 01 July 2013 04:27 PM

පිස්සු බලු රෝගය හැදෙන්නේ බල්ලන්ට පමණක් නොවනබව මේ තැනැත්තා දුටු විගස පෙනෙනවා. පාරේ දඩාවතේ යන බල්ලන් බොහොමයක්ම කුඩාකල මහමගට හෝ පන්සලකට ගෙනවිත් දමන්නේ නිවෙස් හිමියන්මයි. නිවෙස්වල ඇතිකරන බල්ලන් පවා ශරීර කෘත්‍ය සඳහා යවන්නේ බල්ලන් නොමැති අල්ලපු වතුවලට නැත්නම් මහපාරට. බල්ලන් සපාකෑම නිසා රජය වාර්ෂිකව විශාල මුදලක් වැයකරන බැවින් බල්ලන් ඇති නොකරන අයටත් ඒසඳහා බරපැන දරන්නට සිදුවෙනවා. බල්ලන් නොමිලේ එන්නත් කරන්නෙත් මහජන මුදලින්. ගෙදර කාල ඉතිරිවෙන ඉඳුල් ටික දාලා නොමිලේම මුර සේවයක් ලබාගැනීමයි බොහෝ නිවෙස්වල සිදුවෙන්නේ. ඒනිසා මේ ගැටලුවට ඇති හොඳම විසඳුම බල්ලන් ඇතිකරන්නන්ගෙන් බද්දක් අයකර ගැනීමයි. එවිට නිවෙස්වල සිටින බල්ලන් ලියාපදිංචි වීමක් සිදුවීමෙන් රෝග තත්වයන් මෙන්ම මෙයින් ඇතිවන සමාජීය අතුරු ප්‍රශ්නද පහසුවෙන් නිරාකරණය වෙනවා. රෝහල්, පොලිසි, මහාමාර්ග, වෙරල වැනි පොදුස්ථාන වල දඩාවතේයන බල්ලන් ඉවත් කිරීමත් ඔවුන් එවැනි ස්ථානවලට ගෙනවිත් දමන්නන් හා පෝෂණය කරන්නන් දඩයකට යටත්කිරීමත් අනිවාර්යයෙන්ම සිදුකල යුතුයි.(නදී)

:       0       0

රන්දි Monday, 01 July 2013 04:30 PM

ඔබතුමා කරන මේ ක්‍රියාවෙන් ඔබ කරගන්නේ වචනයෙන් කිව නොහැකි ලොකු පිනක්. සතෙකුගේ කුසගින්න නිවීම වගේම අද අපේ රටට අවශ්‍යම දෙයක් සත්ව කරුණාව, සත්වයින්ට කරුණාව නොදැක් වීමෙන් ලද පල විපාක තමයි අපි අද විදින්නේ. තිරිසනුන්ටත් අන්ත මිනිසුන් අතර ජීවත් වෙන අපේ ජීවිතේ ඉදිරි විනාඩි 5 හේ කව්රු කොතන විනාශ කරලා දමාවිද යන බයෙන් තමා රෑවෙන්නේ, එළිවෙන්නේ. අනාගතයක් ගැන, අපේ දරු පැටව් ගැනනම් හිතන්න වත් බැහැ.(නදී)

:       0       0

තිලක් Tuesday, 02 July 2013 06:25 AM

නීල්-රානා, අනේ යාළුවේ, එවන්නකෝ ඔයාගේ ඡායාරූපයක්. පුළුල් තිරයේ ගාලු මුවදොර පිටියේ ප්‍රදර්ශනයට. ලොකු පිනක් (නි)

:       0       0

මහේෂ් Monday, 01 July 2013 04:37 PM

ඔබට මේ පිනම ඇති ඔබේ දිවි මග සාර්ථක වෙන්න. (නදී)

:       0       0

ටාර්සන් Monday, 01 July 2013 04:38 PM

මේ බල්ලන්ට කන්න දෙන්නේ මස් කටු ඒවා කොමද හොයාගන්නේ, අනික සතෙක්ව මරන්නේ නැතුව බල්ලන්ට කන්න දෙන්නේ කොහොමද, මිනිස්සුන්ට කන්න සතෙක් මැරුවොත් ඒකට විරුද්ධ අය මේකට මොකද්ද කියන්නේ.(නදී)

:       0       0

සනත් Monday, 01 July 2013 04:38 PM

ඔබට බොහෝ පින් අයත් වේවා! මෙලෝ පරලෝ වශයෙන් ඔබට මෙහි හොඳ ප්‍රතිපල නොඅනුමානවම ලැබෙනු ඇත.(නදී)

:       0       0

බංඩා Monday, 01 July 2013 04:39 PM

බලු වෑන් එක ආවානම් මරු.(නදී)

:       0       0

නෙරංජන් Monday, 01 July 2013 04:57 PM

හාල් කිලෝ 3 2/1 ක බත් දෙන්න මෙයාට ගොඩක් මුදල් ඇති. මිනිස්සු 10ක් 15ක් කන බත්නේ. ලොකු පිනක්. (නදී)

:       0       0

සුපුන් Monday, 01 July 2013 04:59 PM

මෙවන් දෙයක් කිරීම සම්බන්ධයෙන් ඔබට ස්තූතියි (දී)

:       0       0

සේනක Tuesday, 02 July 2013 07:11 AM

අමල් ඔයාගේ කීමට මම 100% එකග වෙනවා. නිල් රනා කියන්නේ මහපුදුම කෙනෙක්. මිනිහෙක් හොද වැඩක් කලාම එකට ඔහොමෝම කියන්නේ තිරිසනෙක්ම වෙන්න ඕනේ.(අ)

:       0       0

චානි Monday, 01 July 2013 05:02 PM

ඔබ තුමාට පින්. මිනිස්සු වගේ සත්තු කොහොමද ඒ අයගේ බඩගින්න කියන්නේ. ඔබ තුමාට නැවතත් පින්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 907 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 318 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4056 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1460 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 695 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2456 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site