IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘වසර 15ක් යනතුරු අලියා හොල්ලන්න බෑ‘

තවත් වසර 15ක් මේ රට පාලනය කරනුයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හවුල් රජයක් විසින් බව ජ්‍යෝතිර්වේදී කේ ඒ යූ සරත්චන්ද්‍ර මහතා කියයි.

මහා මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරිදන බවටත්, එජාපය ජයග්‍රහණය කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වන බවටත් අනාවැකි කී ඒ මහතා මැතිවරණයට පෙර තමන් කී අනාවැකිය ගැන අදහස් පළකරමින් එසැණට ලිපියක් එවා තිබේ.

එම ලිපිය මෙසේය.

‘මැතිවරණයක් පිළිබඳව අනාවැකි කීම බෙහෙවින් දුෂ්කර තත්වයකි. බොහෝ විට මෙය ජ්‍යොතිර්වේදීන් කරන අවස්ථාවකදී  දෝෂාරෝපණයට ලක් විමට ද සිදුවන අවස්ථා එමටය. එසේ වුවත් මැතිවරණ අනාවැකි ප්‍රකාශ කිරීම ජ්‍යොතීර්වේදීයෙකු සතු කාර්යභාරයකි. නමුත් ජ්‍යොතිර්වේදින්ගේ මෙම කටයුත්ත නිසාම පසුගිය කාලයේ ජ්‍යොතිෂයට විශාල අනර්තයක් සිදු විය. ඊට හේතුව සමහර ජ්‍යොතිෂවේදින් නොයෙක් වරදානල වරප්‍රසාද උදෙසා ශාස්ත්‍රය අලෙවි කිරීමයි. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණයට පෙර පැවති අවස්ථාවේ සමහර ජ්‍යොතිෂවේදින් ජ්‍යොතිෂ සිද්ධාන්තවලට පටහැනිව තමාගේ පාක්ෂිකත්වය අනුව අනාවැකි පල කළහ. එයින් හානියක් සිදු වුයේ ඔවුන් අනාවැකි පල කල දේශපාලකඥයින්ට වඩා ෙමි ජ්‍යොතිෂයටය. ජ්‍යොතිෂවේදියෙකු වන මම කිසිවිටක මුදලට අලෙවි නොවන අයෙකි. එසේම බලයට නොනැමෙන අයෙකි. මා සැමවිටම ජනතාවගේ පැත්තේ සිට අනාවැකි ප්‍රකාශ කරමි.

සමහරු ජ්‍යොතිෂ අනාවැකි කීෙමිදී නොයෙක් නොයෙක් ක්‍රමවේද භාවිතා කරති. මා භාවිතා කරන ක්‍රමවේදය නම් යමිකිසි මැතිවරණයක් පවත්වන දා එම මැතිවරණය ආරම්භ වන වේලාවේ පවතින තත්කාල කේන්දරයයි. ඊට අමතරව එම මැතිවරණයට සම්බන්ධ වන ප්‍රධාන අපේක‍ෂකයින්ගේ ජන්ම කේන්දරයද සලකා අනාවැකි පල කරයි. 2015 ජනවාරි 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයට පෙර මම ප්‍රකාශ කලේ එම මැතිවරණයෙන් මහින්ද රාජපක‍ෂ මහතා අනිවාර්යයෙන්ම පරාජය වන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ස්ථීර වශයෙන්ම ජයග්‍රහණයක කරන බවත්ය. තවත් ජ්‍යොතිර්වේදින් අනාවැකි පල කලත්ල ඔවුන් ප්‍රකාශ කලේ මහින්ද මහතාට පරාජය වීමට යම් ඉඩක් ඇති බවයි. නමුත් මගේ මතය වුයේ ඉදුරාම මහින්ද රාජපක‍ෂ මහතා පරාජය වන බවයි.

එසේම පසුගිය අගෝස්තු 17 වැනිදා පැවති මහ මැතිවරණය පිළිබදව මම අනාවැකියක් පල කළෙමි. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක‍ෂ මහතා පරාජය වන බවට අනාවැකි පල කළ ජ්‍යොතීර්වේදි ඉන්දික තොටවත්ත,  පී.ඩී.ඒ පෙරේරා,  විජේමුණි වැනි අයත් මෙවරද මහින්ද රාජපක‍ෂ මහතා පරදින බවට අනාවැකි ප්‍රකාශ කළහ. මෙවර විශේෂත්වය නම් මහින්ද රාජපක‍ෂ මහතා ජයග්‍රහණය කරන බවට අනාවැකි පල කරන පුද්ගලයින් විරල වීමය. එසේ වුවත් මමද මෙම මැතිවරණය වෙනුවෙන් මාගේ අනාවැකිය පල කල අතර  මාගේ අනාවැකිය වුයේ මෙවර මහ මැතිවරණයෙන් මහින්ද රාජපක‍ෂ මහතා පරදවා රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය ලබන බවය. මා අනාවැකිය ප්‍රකාශ කළේ ලංකාදීප එසැණ හරහාය. මාධ්‍යවේදියා මගෙන් ඇසු ප්‍රශ්න කීපයකට ද මා පිළිතුරු දුන්නේය. තරගයක් පවත්වන අවස්ථාවේදි තරගය දින්නේ කවුද යන්න පිලිතුරුට වඩා එම තරගයේදී එම පිල ලබාගන්නා ලකුණු ප්‍රමාණය ගැන  විශේෂයක් දක්වන්න හැකි නම් එය විශේෂත්වයකි.

මෙහිදී මාධ්‍යවේදියා මගෙන් විමසා සිටියේ එජාපය කොපමණ ආසන ගණනක් ගන්නේද යන්නයි. මා මෙහිදී ප්‍රකාශ කලේ ආසන 120 ක් ගන්නා බවය. නමුත් පැහැදිලිවම එජාපය ලබා ඇත්තේ ආසන 106 කි. නමුත් මා මෙහිදී අදහස් කලේ ලබන ආසන ගණන නොව ඔවුන් ආණ්ඩුවක් පිහිට වීෙමිදී එජාපය විසින් ගනු ලබන ආසන ගණනයි. එනම් වෙනත් පක‍ෂයක සහාය ලබාගෙන ආණ්ඩුවක් පිහිට විමට ගනු ලබන ආසන ගණනයි. කෙසේ වුවත් මාගේ ප්‍රධාන අදහස වුයේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක‍ෂය ජයග්‍රහණය කරන බවය. මෙවරද මාගේ අනාවැකිය ඉතාමත් සාර්ථක විය. මැතිවරණයෙන් පසුවද බොහෝ දෙනෙකු මගෙන් විමසා සිටියේ මැතිවරණයෙන් පසුව කුමක් සිදුවේද යන්නයි. මැතිවරණයෙන් පසුව එනම් ඉදිරි වසර 2 ක පමණ කාලයේද සෙනසුරු වෘශ්චික රාශියේ ගමන් කරයි. එබැවින් ඉදිරි වසර 2 තුල බලයට පත්වන නව රජයට කිසිදු ගැටලූවක් නොමැතිව බලයට පවත්වාගෙන යෑමට හෙවත් ආණ්ඩුව කිරීමට හැකි වීමයි.

එසේම සෙනසුරු වෘශ්චික රාශියේ සිට ෙමිෂ රාශිය දක්වා එනම් තමාගේ නීච භවනය දක්වා ගමන් කරන ඉදිරි වසර 15 තුල පවතින එක්සත් ජාතික පක‍ෂයට හා ඊට සම්බන්ධ සභාග රජයක් ලංකාව පාලනය කිරීම සිදු කරන බවය. මින් ඉදිරියට බොහෝ විට ලංකාව පාලනය කරනුයේ එවැනි සභාග රජයක් විසිනි. එසේ වුවත් පවතින මැතිවරණ ක්‍රමය ඉදිරියේදී වෙනස් වීමට ඉඩකඩ පවති. එසේ වෙනස් වුවත් ඉදිරියට තව වසර 15 ක් පමණ ෙමි රට පාලනය කරනුයේ එක්සත් ජාතික පක‍ෂය ප්‍රමුඛ එම හවුල් රජය විසිනි. මෙහිදී ඉදිරි කාලවලදී ලංකාවේ දේශපාලන පක‍ෂ වල මත වෙනස් වන්නේ මැතිවරණයක් ආසන්න වුවහොත් පමණි. අනිකුත් කාලවලදී බොහෝ විට පක‍ෂ විපක‍ෂ එක්ව රට පාලනය කරනු ඇත.

ජ්‍යොතිර්වෙිදී කේ ඒ යු සරත්චන්ද්‍ර

 

 

 

 



අදහස් (0)

‘වසර 15ක් යනතුරු අලියා හොල්ලන්න බෑ‘

අරවින්ද Monday, 24 August 2015 02:36 AM

අවුරුදු 15 ක් කෙසේ වෙතත් අනිවාර්යෙන්ම තව අවුරුදු 10 ක් එජාපය රට පාලනය කරන බව දේශපාලන සාක්ෂරතාවය තියෙන ඕනිම කෙනෙකුට තේරෙනවා. (නදී)

:       0       0

කමල් Monday, 24 August 2015 03:02 AM

ඔහොම තමයි කලින් අයත් හිතන් හිටියේ. (නදී)

:       0       0

සුරන්ජිත් ලාල් Sunday, 23 August 2015 09:42 AM

රටට ආදර්ශයක් වෙන විදියට දුෂණය වංචාව හොර බොරු දාමරික කම් නැතිව රට පාලනය කළොත් එහෙම වෙයි නැත්නම් අවුරුදු දෙකෙන් මේ අයත් කබුක් තමයි. මහජනයාට ඔය කිවුම් අහල දැන් එපා වෙලා ඉන්නේ අපිට ඕනේ වැඩ සහ සංවර්ධනය ඔය බොරු කතා නෙමෙයි (ම)

:       0       0

සම්පත් Monday, 24 August 2015 03:54 AM

මෙයාලගේ පච අපිනම් පිළිගන්නේ නැහැ කොහොමටත්. 120ක් එනවා කියලා 106 ක් අාවම වෙන බයිලයක් කියනවා. ජීවිතේ කිසිම දේකට ජෝතිශය ගාවගෙන නැති කෙනෙක් මම. කවදාවත් විස්වාස කරන්න එපා (නදී)

:       0       0

රේණුකා Sunday, 23 August 2015 09:50 AM

එතකොට ජන්ද ලකුණ හැරමිටියද? (ම)

:       0       0

මඩුල්ල Sunday, 23 August 2015 10:29 AM

එහෙම වුනොත් අපේ තරුණ කොල්ලෝ ටිකට මොනා වෙයිද දෙවියනේ (බ)

:       0       0

නලින් Monday, 24 August 2015 04:51 AM

ජෝතිසයෙන් කියන්න බැරිද කව්රු අවොත්ද වැඩියෙන්ම බඩු මිල අඩුකරන්නේ ? කොච්චරක් අඩුකරනවද කියලා (නදී)

:       0       0

පාලිත Sunday, 23 August 2015 12:06 PM

ආ ආ මෙන්න ගෙනාවා ලාබයි ලාබයි, ජෝතිෂ්‍ය ලාබයි ලාබයි. මෙයා අර සුමනේගේ මල්ලි කෙනෙක් නෙවෙයි නේද?. (නදී)

:       0       0

පියල් වීරසිංහ Sunday, 23 August 2015 12:17 PM

රේණුක අපිට ඡන්ද ලකුණෙන් වැඩක් නැහැ රටට හොඳක් වෙන දෙයක් වෙනවා නම් ඇති. සැමදාම අපි කලේ පාට පක්ෂ දේශපාලනය. දැන් එ්වයින් වැඩක් නැහැ දුෂණයෙන් තොර බුද්දිමතුන් ඉන්න පාර්ලිමෙන්තුවක් අපිට ඕනේ කරන්නේ අනාගත පරපුරට (නදී)

:       0       0

තරංග සම්පත් Sunday, 23 August 2015 12:33 PM

ඔය කියන සරත්චන්ද්‍ර ගැන ෆේස්බුක් එකේ හැමෝම දන්නවා. මගෙ ගිණුමට ඇවිත් බලන්න (නදී)

:       0       0

නිමල් Monday, 24 August 2015 05:05 AM

අමු පට්ටපල් බොරුකාරයෝ මේ ඔක්කොම. (නදී)

:       0       0

පී.එස් කෙටකවෙල Sunday, 23 August 2015 04:13 PM

මොන දේවල් කීවත් මම විස්වාස කරන්නේ නැහැ (නදී)

:       0       0

අනිල් ප්‍රසන්න දිසානායක Sunday, 23 August 2015 05:59 PM

ෆේස් බුක් එකේ අය දන්නව මේ කියන කෙනා ගැන. ඇවිත් නම ගහල බලන්න. එයාගෙ ගිණුමෙන්ම එයා ගැන දැනගන්න පුළුවන්. සාත්තර කාරයින්ට රැවටෙන්න එපා. ජනතා මතය වෙනස් කරන්න සාත්තර වලට බෑ.(නදී)

:       0       0

විජේ Sunday, 23 August 2015 06:25 PM

ඔහොම කියල සුමනේ වගේ සංස්ථාවක විධායක අධ්‍යක්ෂක ධුරයක් වත් රනිල්ගෙන් ඉල්ලගන්න බලන්න. හැබැයි වෙඩි තියාගන්න නම් යන්න එපා. (නදී)

:       0       0

නලින් රත්නායක Monday, 24 August 2015 08:51 AM

ජ්‍යෝතිෂය නමැති මිත්‍යාවට නොබෝ දිනකින්ම ස්වභාවික මරණයක් අත්වනු දැකිය හැකි බව මගේ විස්වාසයයි. (නදී)

:       0       0

පෙරේරා Sunday, 23 August 2015 07:31 PM

කලින් අයත් ඔහොම කියාගෙන තමයි පුද්ගලික බූදලේ වගේ රට පාලනය කලේ. දැක්ක නේ උන දේ. (නදී)

:       0       0

මොරිස් Sunday, 23 August 2015 08:30 PM

හා හා හා අර 120 පසුව 106 වීම ගැන දීල තියෙන අර්ථ දැක්වීම නම් අනර්ගයි. (නදී)

:       0       0

රෝහණ Sunday, 23 August 2015 10:16 PM

අනාවැකි කියන අයගෙන් පරිස්සන් වෙන්න (නදී)

:       0       0

වයිකෝ Monday, 24 August 2015 12:36 AM

බැහැල වැඩ නොකලොත්, අවුරුදු දෙකෙන් අතින් ගහට අලි එලවනවා. (නදී)

:       0       0

දාස Monday, 24 August 2015 09:32 AM

වැඩිය දඟලන්න හොද නැහැ දැන් රටේ මහජනතාව මෝඩ නැහැ කවුරු වුණත් දුන් පොරොන්දු ඉටු නොකර මහජනතාවට බර පැටෙවොත් එයාලට වෙන්නේ ඉක්මනට ගෙදර යන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 17 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 109 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 958 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 479 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 265 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 711 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14587 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 143 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site