IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


වසර 17 කට පසුවත් ලෝක ශූරයෝ අපරාජිත බව රැකගනිති

‘බිග් හාට්’ ව්‍යාපෘතිය වෙනුවෙන් 1996 කි‍්‍රකට් ලෝක ශූර කණ්ඩායම සහ ජනකාන්ත ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරු අතර අද එන්. සී. සී. කී‍්‍රඩාංගනයේදී පැවැති ප‍්‍රදර්ශන කි‍්‍රකට් තරගයේදී අර්ජුන රණතුංගගේ නයකත්වයෙන් යුතු 96 ලෝක ශූර කණ්ඩායම කඩුලූ 5 ක විශිෂ්ට ජයක් ලබාගත්තේය.

1996 දී පැවැති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගයේ සිටම අවසන් මහ තරගය දක්වා අපරාජිත ගමනක යෙදුණු අර්ජුන රණතුංග ඇතුළු පිරිවර, එයින් වසර 17 කට පසුවත් සිය අපරාජිත බව රැකගැනීමට සමත් වූහ.

ලකුණු 138 ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ලෝක ශූර පිලේ ආරම්භක පිතිකරුවන් වන සනත් ජයසූරියට සහ රොමේෂ් කළුවිතාරණට පළමු කඩුල්ල වෙනුවෙන් රැස්කරගත හැකිවූයේ ලකුණු 16 ක් පමණි. එහෙත් පසුව වේගයෙන් ලකුණු රැස්කළ රොමේෂ් කළුවිතාරණ සහ අර්ජුන රණතුංග ලකුණු 65 සම්බන්ධතාවක් ගොඩනගමින් 96 ලෝක ශූරයන්ගේ කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

කළුවිතාරණ හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් පන්දු 31 කදී ලකුණු 52 ක් රැස්කීරීමෙන් අනතුරුව පිටියෙන් ඉවත්විය. නායක අර්ජුන රණතුංග පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ද සමගින් ලකුණු 37 ක් ලබා පිටියෙන් ඉවත්විය.

අනතුරුව පිටියට පිවිසි හෂාන් තිලකරත්න ජයග‍්‍රාහී ඉලක්කයට ලකුණු 5 ක් මෙපිටින් සිටියදී 6 පහරකින් තරගය නිමාකලේය.

කාසියේ වාසිය හිමිකරගත් ලෝක ශූර කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ජනකාන්ත ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරු කණ්ඩායමේ නායක සිදත් වෙත්තමුනිට ආරධනා කර සිටියේය.

ජනකාන්ත ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙපළ වන සිදත් වෙත්තමුනි සහ හේමන්ත දේවප‍්‍රිය පළමු කඩුල්ල සඳහා ලකුණු 46 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත්වූහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වුණ හේමන්ත දේවප‍්‍රිය පන්දු 26 කදී 6 පහර 3 ක් සහ 4 පහර 2 ක් සමගින් ලකුණු 30 ක් ලබාගැනීමට සමත්විය. හේමන්ත වික‍්‍රමරත්න ලකුණු 30 ක් ලබා ගත්තේ 4 පහර 4 ක් සහ එක් 6 පහරකිනි.

පන්දු යැවීමේදී චමින්ද වාස්, සනත් ජයසූරිය, අර්ජුන රනතුංග, උපුල් චන්දන කඩුල්ල බැගින් දවාලීමට සමත් වූහ. ශී‍්‍ර ලංකා ජනකාන්ත කි‍්‍රකට් තරු කණ්ඩායමේ අශෝක ද සිල්වා ලකුණු 17 කට කඩුලූ 3 ක් දවා ගත්තේය.

ඡයාරූප - ශාන්ත රත්නායක

ලකුණු පුවරුව

ශී‍්‍ර ලංකා ජනකාන්ත කි‍්‍රකට් තරු

සිදත් වෙත්තමුනි - දුවද්දී දැවීගියා (චන්දන)         16
හේමන්ත දේවප‍්‍රිය - ඇ. සහ ප. චන්දන             30
චාමර සිල්වා - පිටියෙන් ඉවත්ව ගියා (දැවීයාමකි)  23
හේමන්ත වික‍්‍රමරත්න - ප. ජයසූරිය                 30
බ්‍රෙන්ඩන් කුරුප්පු - දුවද්දී දැවීගියා (කළුවිතාරණ) 02
එරික් උපශාන්ත - ඇ. ගුරුසිංහ ප. රණතුංග       25
අශෝක ද සිල්වා - ප. වාස්                        05
සංජීව වීරසිංහ - නොදැවී                          02
අතිරේක                                           04
එකතුව  ඕවර 20 තුළදී කඩුලූ 7 ක් දැවී           137

පන්දුවට නොදුන් පිතිකරුවෝ
රොජර් විජේසූරිය, ග‍්‍රැහැම් ලැබ්රෝයි සහ රංජිත් මදුරුසිංහ

කඩුලු වැටීම
1-46 (දේවප‍්‍රිය), 2-47 (වෙත්තමුනි), 3-93 (වික‍්‍රමරත්න), 4-95 (කුරුප්පු), 5-127 (උපශාන්ත), 6-130 (චාමර සිල්වා), 7-137 (අසෝක ද සිල්වා)

පන්දු යැවීම
ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ : 3-1-19-0, චමින්ද වාස් : 3-0-21-1, රවින්ද්‍ර පුෂ්පකුමාර : 3-0-26-0, උපුල් චන්දන : 4-0-25-1, අරවින්ද ද සිල්වා : 3-0-19-0, සනත් ජයසූරිය : 2-0-6-1, හෂාන් තිලකරත්න :  1-0-10-0, අර්ජුන රණතුංග : 1-0-10-1

1996 ලෝක ශූරයෝ

සනත් ජයසූරිය - ඇ. වික‍්‍රමරත්න ප. අශෝක ද සිල්වා          01
රොමේෂ් කළුවතාරණ - පිටියෙන් ඉවත්වී ගියා (දැවීයාමකි)     52
අසංක ගුරුසිංහ - ඇ. චාමර ප. අශෝක ද සිල්වා              12
අරවින්ද ද සිල්වා - ඇ. වෙත්තමුනි ප. අශෝක ද සිල්වා        01
අර්ජුන රණතුංග - පිටියෙන් ඉවත්වී ගියා (දැවීයාමකි)          37
රොෂාන් මහානාම - නොදැවී                                   12
හෂාන් තිලකරත්න - නොදැවී                                   11
අතිරේක                                                        12
එකතුව  ඕවර 14.1 තුළදී කඩුලූ 5 ක් දැවී                       138

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ
ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, චමින්ද වාස්, උපුල් චන්දන, රවින්ද්‍ර පුෂ්පකුමාර

කඩුලූ වැටීම     
1-16 (ජයසූරිය), 2-39 (ගුරුසිංහ), 3-50 (අරවින්ද ද සිල්වා), 4-115 (කළුවිතාරණ), 5-123 (රණතුංග)

පන්දු යැවීම
එරික් උපශාන්ත : 2-0-24-0, අසෝක ද සිල්වා : 3-0-17-3, කපිල විජේගුණවර්ධන : 2-0-13-0, රොජර් විජේසූරිය : 2-0-13-0, ග‍්‍රැහැම් ලැබ්රෝයි : 2-0-18-0, රංජිත් මදුරසිංහ : 1.1-0-21-0, සංජීව වීරසිංහ : 1-0-9-0

 



අදහස් (0)

වසර 17 කට පසුවත් ලෝක ශූරයෝ අපරාජිත බව රැකගනිති

රෝසා Saturday, 12 January 2013 10:01 PM

මේ කණ්ඩායම දස මහා යෝධයින් වගෙයිනේ. (නි)

:       0       0

තිලක් Saturday, 12 January 2013 10:48 PM

ලෝක ශූරයිනි, ඔබ වැනි ශුර කණ්ඩායමක් හදා ගැනීමට අපට උදවු කරන්න. (නි)

:       0       0

නලින් ප්‍රසන්න Saturday, 12 January 2013 11:39 PM

සුන්දර මතක සටහන් ආයෙමත් අපේ හදවත් වලට ඇති වෙනවා මේ ලිපිය කියවන විට. (නි)

:       0       0

උමේෂ් Sunday, 13 January 2013 12:04 AM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

චතුරංග විරාජ් Sunday, 13 January 2013 12:44 AM

අපේ වර්ථමාන ක්‍රිකට් කණ්ඩායමට ඔස්ට්‍රේලියාව ඉදිරියේ ජයග්‍රහණයක් ලබන්න බැරි වුණාට අපිට හොදටම විශ්වාසයි අර්ජුන ප්‍රමුඛ 96 ක්‍රිකට් විරුවන්ට තවමත් ඕස්ට්‍රේලියාවේ දැන් ඉන්නට කණ්ඩායම එක්ක වුණත් තරගයක් දිනන්න පුළුවන් කියලා... (නි)

:       0       0

එ.ඩබ්ලිව් සංජීව Saturday, 12 January 2013 06:12 PM

නියම නායකයෙක් සහ අපට කවදාවත් අයෙත් නොලැබෙන කණ්ඩායම්. ඔබ සැමට නිරෝගී දීර්ඝායුෂ පතනවා. (අ)

:       0       0

කාන්ස් Sunday, 13 January 2013 08:04 AM

අර්ජුන ඉන්දැද්දී කවුරුත් බයයි. (නි)

:       0       0

ප්‍රදීපා Saturday, 12 January 2013 06:28 PM

දැන් ඉන්න අය සෙල්ලම් කරන්නෙ මුදලටනේ. (නි)

:       0       0

ජයනාත් Saturday, 12 January 2013 06:35 PM

එහෙනම් කට්ටිය දිනුවා? (නි)

:       0       0

සිසිර Sunday, 13 January 2013 09:11 AM

අපරාදේ. මේ අයවයි ඕස්ට්‍රේලියාවට යවන්න තිබුණේ. (නි)

:       0       0

සදරුවන් Saturday, 12 January 2013 06:44 PM

අපි මියෙනතුරා අපේ ක්‍රිකට් විරුවෝ නුඹයි. (නි)

:       0       0

සරත් Sunday, 13 January 2013 09:16 AM

සුන්දර මතකය බොහෝ වේදනාකාරී .මට අද වගේ මතකයි එදා මේ තරගය මම පන වගේ ආදරය කරන දරු තිදෙනා සහ බිරිද සමග ඉතා සතුටින් හා විනෝදෙන් නරබපු හැටි .අද ඔහුන් මා ලග නැහැ . මේ රටෙත් නැහැ .බුදු දහමේ අනිත්‍ය මෙනෙහි කරලා හිත හද ගන්නවා .මේ ක්‍රිකට් විරුවනි ඔබල සදා අමරනීයයි (දී)

:       0       0

තිස්ස Saturday, 12 January 2013 07:31 PM

ඔබලාගේ නම් ඇසීමමත් අපිට සතුටක්. (නි)

:       0       0

නපීල් Saturday, 12 January 2013 07:58 PM

ආයු බෝ වේවා අපේ තරු වලට! (නි)

:       0       0

නලීන් Tuesday, 15 January 2013 08:29 AM

ලංකාවේ ක්‍රිකට් කිවුවහම මතක් වෙන්නේ අර්ජුන ප්‍රමුඛ කණ්ඩායමයි. හැබැයි මුදල් කිවුවහම නම් මතක් වෙන්නේ දැන් කණ්ඩායම. (නි)

:       0       0

සිසිර Saturday, 12 January 2013 08:14 PM

දක්ෂ නායකයෙක්. (නි)

:       0       0

සුමින්ද Saturday, 12 January 2013 08:26 PM

අර්ජුන සෙල්ලම් කරනවා දකින්නත් ආසයි. (නි)

:       0       0

කුරුවිට Saturday, 12 January 2013 08:52 PM

ඔබ සියලුදෙනා එකම රූප රාමුවක දැකීමත් සිතට සතුටක්. (නි)

:       0       0

සමීර Sunday, 13 January 2013 08:51 PM

ගොඩක් හොදයි. එයාලා තවමත් රටට ආදරෙයි. (නි)

:       0       0

විරාජ් Saturday, 12 January 2013 09:43 PM

1996 කණ්ඩායම තමයි විශිෂ්ටත්වයේ සංකේතය... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 449 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1022 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 383 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 556 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1317 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site