(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඩී.ඒ.පතිරණ)
අනියම් බිරිඳ සමග එක්වී ඇයගේ නිත්‍යානුකූල සැමියා මීට වසර තිස් තුනකට පමණ ඉහත දී ඝාතනය කර ඔහුගේ සිරුර අනියම් බිරිඳගේ ගෙවත්තේ පිහිටි වැසිකිළිවළකට දමා සැඟවූ බව කියන පුද්ගලයෙක් ඌරුබොක්ක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (16) අත්අඩංගුවට ගනු ලැබීය.
අඩංගුවට ගත් සැකකරු එම ඝාතනය කළ බව කියන වකවානුවේ අවුරුදු 36ක වයසේ පසු වූ තැනැත්තෙකි.
සැකකරු මේ වනවිට 69 හැවිරිදි වියේ පසුවන බව පොලිසිය කියයි. මෙම සැකකරු පුවක්දොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ එවකට සිටි අනියම් බිරිය බව කියන මේ වන විට අසූ තුන් වන වියේ පසුවන කාන්තාව ද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
එම කාන්තාව අංශභාග රෝගය වැළඳී රෝද පුටුවක ආධාරයෙන් එහා මෙහා යන තැනැත්තියක බවද ඔහු කීවේය.
මෙසේ ඝාතනය කරනු ලැබ ඇත්තේ දොලමුල්ල, අන්නාසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කපුගේ ජිනදාස නමැති පුද්ගලයෙකි.
ඔහු ඝාතනයට ලක්වන විට අවුරුදු 51 ක වයසේ පසු වී ඇත.
තම නීත්‍යනුකූල සැමියා ඝාතනය කර වළ දැමූ ස්ථානය නිශ්චිතවම පෙන්වනු ලැබ ඇතැයි ද කියන්නේ මෙම වයෝවෘද්ධ කාන්තාව විසින් යැයි පොලීසිය කියයි.
මෙම ස්ථානයේ ඊයේ (15) කැණීම් සිදුකර ජිනදාස නමැත්තාගේ බවට සැලකෙන අත්පාවල අස්ථි කොටස් කිහිපයක්, දත් කිහිපයක්ද සොයාගන්නා ලදැයි පොලිසිය පවසයි.
මීට අමතරව ජිනදාස නමැත්තා හැඳ සිටි ටී ෂර්ට් එකක් සහ සරමක්ද ඔහුගේ සිරුර එතීමට යොදාගත් බවට සැලකෙන රෙද්දක්ද කැණීම්වලදී සොයාගන්නා ලදැයි පොලිසිය සඳහන් කරයි.
මරා වළ දමන ලද එම පුද්ගලයාගේ සිරුරු කොටස් මොරවක මහේස්ත්‍රාත් ගිහාන් බස්නායක මහතා හමුවේ ඊයේ (15) ගොඩගනු ලැබීය.
මාතර මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය බුද්ධික ලේල්වල මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම කැණීම් කටයුතු සිදු කර තිබිණි.
සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂඥ වෛද්‍ය බුද්ධික ලේල්වල මහතාගේ භාරයට ගනු ලැබීය.
ජිනදාස නමැත්තා 1989 භීෂණ සමයේ රාත්‍රී කාලයේ නිවසේ ඇඳක් මත නිදාගෙන සිටියදී කිතුල් පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බව ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි විණි යැයි එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය.
ජිනදාස නමැත්තාගේ සිරුර ජනෙල් රෙද්දක ඔතා අනියම් බිරිඳ බව කියන කාන්තාව සමඟ එක්වී වැසිකිළි වළට දමා සැඟවූ බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇතැයි කියති.
අනියම් සම්බන්ධතාව බාධාවකින් තොරව කරගෙන යෑමට මෙසේ කළ බව සැකකරු පොලිසියට පවසා ඇති බවද දැන ගැනීමට ඇත.
ජිනදාස නමැත්තාගේ බිරිඳ ඒ කාලයේ හැඩකාර කාන්තාවක වූ බැවින් සැකකරු ඇයත් සමඟ අනියම් සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන තිබූ බවද දැන ගැනීමට තිබේ.
ජිනදාස නමැත්තාට මෙම අනියම් සම්බන්ධතාව දැනගැනීමට ලැබී අවස්ථා ගණනාවකදීම ඔවුන් දෙදෙනාට අවවාද කර මෙම සම්බන්ධතාව දරුවන්ගේ නාමයෙන් නතර කර දමන ලෙසද ඔහු ඉල්ලා ඇති බවද කියති.
එහෙත් ඔවුන් දෙදෙනා මෙම අනියම් සම්බන්ධතාව දිගටම පවත්වාගෙන ගොස් ඇතැයිද පැවසේ.
ජිනදාස නමැත්තාගේ සිරුර සැඟ වූ ස්ථානයට නුදුරින් ඔහුගේ බිරිඳ සිද්ධිය වී වසර පහකට පමණ පසු පොල් පැළයක් සිටුවා ඇති බවද පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත.
ඥාතීන් සහ ප්‍රදේශවාසීන් ජිනදාස නමැත්තා ගැන ඔහුගේ බිරිඳගෙන් විමසන අවස්ථාවල ඔහු භීෂණ සමයේ අතුරුදන් වී ඇති බව කියා ඇතැයි පැවසේ.
ජිනදාස නමැත්තාට දාව ඔහුගේ බිරිඳට දරුවන් තිදෙනකු සිට ඇති අතර එක් පිරිමි දරුවකු වයස අවුරුදු 10දී පමණ වස වර්ගයක් පානය කර සියදිවි නසාගෙන ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
අනෙක් දරුවන් දෙදෙනා යමක් කමක් තේරුම් ගිය කාලයේ නිතරම මවගෙන් පියා ගැන විමසා ඇතැයිද පොලිසිය පවසයි.
පියා භීෂණ සමයේ අතුරුදන් වූ බව මව දරු දෙදෙනාටද පවසා ඇත.
එහෙත් ජිනදාසගේ ‘අතුරුදන් වීම’ ගැන පොලිසියට පැමිණිලි කර නොමැත.
වසර 33ක කාලයක් තිස්සේ සිය සැමියා ඝාතනය කිරීමේ රහස සඟවාගෙන සිටි ඔහුගේ බිරිඳ මේ බව ඇයගේ නැගණියට පැවසීමෙන් පසු එම නැඟණිය මේ බව හෙළිකර තිබිණි යැයි පොලිසිය පවසයි.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ හම්බන්තොට සහ මාතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස් මත මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ සහ සහකාර පොලිස් අධිකාරි ලාල් චන්ද්‍රසිරි යන මහත්වරුන්ගේ මෙහෙයුම යටතේ ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. පී. ඩබ්ලිව්. පල්ලියගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජේ. පතිරත්න, පොලිස් සැරයන් සනත් (19604), පොලිස් සැරයන් පුෂ්පකුමාර(21891) යන මහත්වරුන් සහ කාන්තා පොලිස් කොස්තාපල් කණිෂ්කා(12420) මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වසර 33 කට පෙර ඝාතනයක සුලමුල ටික ටික එළියට
Bunny Preena Wednesday, 17 May 2023 09:16 AM
සත්ගුනවත් සැමියෙකුට ද්‍රෝහි වූ බිරිදක්. මිනිමැරුම සම්බන්දව මොවුන් දෙදෙනාට නිසි දන්ඩුවම් ලබා දිය යුතුමයි. වසර 33ක් පමාවී හෝ මෙම ඝාතනය හෙලි කිරිම සම්බන්ඩව එම කාන්තාවට අපගේ ප්‍රනාමය.
Tharanga Wednesday, 17 May 2023 11:22 AM
තාජුදීන්ගේ මිනීමරුවන්ටත් කවදා හරි ඕකම වෙනවා .උන්ටත් කළකම් පලදෙනවා .මරපු එකා කවුද කියලා මුළු රටම දන්නවා නේ .සොබාදහම නියම කාලෙදී මිනීමරුවන්ට දඬුවම් දෙයි