IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වසර 40 කට පසු ලංකාවට ලොකු තැනක් : රනිල් ජගත් ආර්ථික සමුළුවේ

ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර හිම මත ලිස්සීමේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රකට නිවාඩු නිකේතනයකදී 2016 ලෝක ආර්ථික සමුළුව අද (20) ආරම්භ විය.වසර 40 කට පසු මෙම සමුළුවට ශ්‍රීලංකාවද ආරාධනා ලැබ සිටින අතර අන්තර්ජාතික වශයෙන් අවධානය දිනා ගැනීමට මෑත සමයේ රටට හිමිවූ ඉතාම වැදගත් අවස්ථාවක් ලෙසද එය සැළකිය හැකිය.

ඩාවොස් සමුළුවට ආරධනා ලද ප්‍රථම ශ්‍රීලංකා දේශපාලඥයා වීමේ ගෞරවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවේ.මෙම සමුළුවෙන් රටට ලබාගත හැකි උපරිම ප්‍රතිලාභ ලබාගැනීමට ඔහුගේ ආරාධනයෙන් රජය සමග  පෞද්ගලික අංශයද එක්ව සිටී.

ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුවැටියේ මුහුදු මට්ටිමින් අඩි 1500 ක උසින් පිහිටා තිබෙන ඩාවෝස් නගරය ස්වභාවික විල් හා සුන්දර කඳුවැටි වලින් ගහණය.හිම මත ලිස්සීමේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රකට මෙම නගරයේ ජනගහණය 12000 ක් පමණ වේ.වර්ග කිලෝමීටර 284 ක පමණ භූමි ප්‍රමාණයක් පුරා විහිද පවතින ඩාවොස් නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය ලෙස සඳහන් වන්නේ සෙල්සියස් අංශක හතරකි.

මෙම මස 20 සිට 23 වැනිදා දක්වා ඩාවොස් ක්ලොස්ටර්ස්හිදී මෙවර ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුව පැවැත්වෙන්නේ 46 වැනි වරටය.රටවල් 40 කට අධික රාජ්‍ය නායකයෝද,2500 අධික ව්‍යාපාර කටයුතු සම්බන්ධ හා සමාජ කටයුතු සම්බන්ධ නායකයෝද මෙම සමුළුවට සහභාගී වෙති.‘සිව්වැනි කාර්මික විප්ලවය මෙහෙයවීම‘ මෙවර ආර්ථික සමුළුවේ තේමාවයි.

ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ශ්‍රීලංකා අගමැතිවරයා අද (20) ඩාවෝස්හි ‘මොරොසානි පෝස්ට්‘ හෝටලයේදී ‘ශ්‍රීලංකා ආයෝජන සමුළුව‘ නම් විශේෂ වැඩසටහනක් මෙහෙයවීය.හෙට (21) ඔහු ඩාවෝස් නගරයේ ‘ෆුක්සාගුෆර්‘ අවන්හලේදී අති විශේෂ පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සංවිධානය කර ඇති දිවා භෝජන සංග්‍රයකදී ‘ශ්‍රීලංකාවේ ආයෝජන සිදුකළ හැක්කේ කෙසේද‘ මැයෙන් පැවැත්වෙන සංවාදමය වැඩසටහනකට සහභාගීවීමට නියමිතය.සංවර්ධන ක්‍රමෝපාය හා අන්තර්ජාතික වෙළදාම් අමාත්‍ය මලික් සමරවික්‍රම,මුදල් අමාත්‍ය රවී කරුණානායක,ශ්‍රීලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්,හා ස්විට්සර්ලන්ගේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ යන මහත්වරුද අගමැතිවරයා සමග එක්ව සිටිති.

ස්විට්සර්ලන්ත - ආසියා වෙළඳ සභාව මෙම වැඩසටහන් සංවිධානය කළ අතර ශ්‍රීලංකා වෙළද සභාව සහ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය එම කටයුතු සඳහා සහයෝගය දක්වයි.

ශ්‍රීලංකාවේ සෘජු ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් විදෙස් ආයෝජකයින් දැනුම්වත් කිරීමත්,ආයෝජන අවස්ථා සම්බන්ධව ගැඹුරින් සාකච්ඡා කිරීමත්,ශ්‍රීලංකාවේ ආයෝජන කිරීමට කැමැති පුද්ගලයින්,හවුල්කරුවන් හා ව්‍යාපෘති හිමිකරුවන් සමග සබඳතා ගොඩගනාගැනීමත්,මේ දක්වා ශ්‍රීලංකාවේ ආයෝජන සිදුකර ඇති පුද්ගලයින්ගේ තොරතුරු බෙදාහැරීමත් යන අරමුණු පෙරදැරිව මෙම වැඩසටහන් සංවිධානය කෙරිණ.

ලෝක ආර්ථික සමුළුවේදී ශ්‍රීලංකාවට වැඩි අවධානයක් දිනාගැනීම සඳහා වන අගමැතිවරයාගේ මෙහෙයුමට ශ්‍රීලංකාවේ ප්‍රමුඛ පෙල ව්‍යාපාරිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්ද එක්ව සිටිති.බ්‍රැන්ඩික්ස් ප්‍රධාන විධායක නිලධාරී අෂ්රෆ් ඕමාර්,කාර්සන් කමර්බැච් අධ්‍යක්ෂක හැරී සෙල්වනාදන්,ජොන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි නියෝජ්‍ය සභාපති අජිත් ගුණවර්ධන,හිටපු ලංකා වෙළඳ මන්ත්‍රණ සභාවේ සභාපති සුරේෂ් ෂා,කොළඹ කොටස් වෙළඳපල සභාපති වජිර කුලතිලක,සිලෝන් බිස්කට්ස් කලමණාකාර අධ්‍යක්ෂිකා ෂේමාලි වික්‍රමසිංහ,එම්.ටී.ඩී.වෝල්කර්ස් සභාපති ජෙහාන් අමරතුංග,ටී.ඩබ්ලියු කෝර්පරේෂන් සමාගමේ සභාපති තිලාන් විජේසිංහ,වර්ටුසා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කීත් මොඩර්,ලංකා වෙළඳ මන්ත්‍රණ සභාවේ ප්‍රධාන විධායක නිලධාරී මංගල යාපා එහි සාමාජිකයෝය.පියෙරේ ප්‍රින්ජියර්ස් (කැම්සෝ ලෝඩ්ස්ටාර්) පිලිප් රිචට් (ලෆාර්ජ් හොල්සිම්) යන විදෙස් අයෝජකයෝ දෙදෙනද මෙම කණ්ඩායමට අයත්ය.

ලෝක ආර්ථික සමුළුවේ දැනට සිටින එකම ශ්‍රීලංකා සාමාජිකයා වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි සභාපති සුසන්ත රත්නායක,අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි,කොළඹ කොටස් වෙළඳපල අධ්‍යක්ෂක ඇන්ටන් ගොඩ්ෆ්‍රි,ව්‍යාපාරික සුරේෂ් සුබ්‍රමනියම්,හා පිළිගත් වෘත්තිකයෙක් වන ආචාර්ය කපිල රණසිංහ යන මහත්වරුන්ද ඩැවොස්හිදී අගමැතිවරයා හා එක්වීමට නියමිතය.

අද පැවැති හමුවේදී ශ්‍රීලංකාවේ ප්‍රතිපත්ති ආර්ථික කටයුතු විමසුම හා ආයෝජන අවස්ථා මැයෙන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විශේෂ දේශනයක් පැවැත්වූයේය.තම ආයෝජන යටතේ ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති හිමි බෙල්ජියමේ කැම්සෝ ලෝඩ්ස්ටාර් ලිමිටඩ්හි අධිපති, පියෙරේ ප්‍රින්ජියර්ස් තම අත්දැකීම් සම්බන්ධ අදහස් හුවමාරු කරගත්තේය.ආයෝජකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ ඇති සෘජු ආයෝජන අවස්ථා දකින ආකාරයද හෙතෙම පැහැදිලි කළේය.

ආර්ථික සමුළුව අතරවාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ලෝකයේ ප්‍රබලතම වෙළඳ සමාගම් ප්‍රධානීන් අතර නෙදර්ලන්තයේ පිලිප් ලයිටින් සොලුෂන් සමාගමේ ජගත් ප්‍රධාන විධායක නිලධාරී එරික් රොන්ඩෝල්ට්, ලෝක ප්‍රකට ටාටා සමාගමේ ප්‍රධානී සයිරස් මිස්ට්‍රි, මැක්කින්සි සහ සමාගමේ ආසියා කලාපයේ සභාපති කෙවින් ස්නීඩර්, බහරේන් පෙට්‍රෝලියම් සමාගමේ ගෞරවනීය සභාපති හා එරට අගමැති උපදේශක ෂෙයික් සල්මාන් බින් කලීෆා අල් කලීෆා සහභාගි වූහ.

හෙට පැවැත්වෙන හමුවේදීද ශ්‍රීලංකාවේ ඇති අයෝජන අවස්ථා සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට නියමිතය.එහිදී විවිධ මාතෘකා යටතේ තම අදහස් හුවමාරු කරගැනීමට ශ්‍රී ලංකා ව්‍යාපාරික කණ්ඩායම සූදානමින් සිටිති.

අද (20) පස්වරුවේ වික්‍රමසිංහ මහතා ස්වීඩීන අගමැති ස්ටෙෆන් ලෝෆ්වන් හා තුර්කි අගමැති අහමට් දාවොදොග්ලු හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.

ලෝක ප්‍රක මයික්‍රොෙසොෆ්ට් සමාගමේ සභාපති ජින් පිලිප් කොර්ටොයිස් බ්‍රහස්පතින්දා වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතය.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික පෙරමුණු ජාතික රජය යටතේ ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඇති විශේෂ අවස්ථා සම්බන්ධයෙන් සොයා බැලීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජගත් සමාගම් ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කැරිණි.

ඩාවෝස් සමුළුවට සහභාගීවූ කාන්තාවන්ගේ ප්‍රමාණය 18%කි. 



අදහස් (0)

වසර 40 කට පසු ලංකාවට ලොකු තැනක් : රනිල් ජගත් ආර්ථික සමුළුවේ

අශාන් Wednesday, 20 January 2016 01:05 PM

මෙවැනි වැදගත් තැනක නොබියව කතාකළ හැකි අගමැති කෙනෙක් අපේ රටට වාසනාවක් (නි)

:       0       0

ශාන් Wednesday, 20 January 2016 01:45 PM

ආපු දවසේ ඉදල බොරු ෂෝ විතරයි... ආර්ථිකය ගැන දන්නා මිනිස්සු හොදටම දන්නවා අද ලංකාවේ මොකද වෙලා තියෙන්නේ කියල (බ)

:       0       0

ඇසළ Wednesday, 20 January 2016 02:27 PM

මේ අවුරුද්දට වෙලා තියන හොද ටික හොදටම ඇති. තව හොද වුනොත් එහෙම යන්න එන්න පාරවල් හොයා ගන්න බැරි වෙනවා. (බ)

:       0       0

රොෂාන් Wednesday, 20 January 2016 10:09 AM

මොකක් වුණත් කමක් නැහැ ලංකාවට හොඳක් වෙනවානම් (ම)

:       0       0

සරත් Wednesday, 20 January 2016 10:21 AM

ඔවුන්ට ගැති වන්නන්ට ඔවුන්ගෙන් සැලකිලි ලැබෙනවා (බ)

:       0       0

ඩිලාන් Wednesday, 20 January 2016 10:29 AM

ඔව් ඔව් රනිල් මහත්තයා දැන් තොරතුරු තාක්ෂණ ඉංජිනේරු අයගේ ආර්ථිකයත් හදන්න යනවනේ. වාසනාවන්..! (නි)

:       0       0

නොයෙල් Wednesday, 20 January 2016 10:33 AM

අපිට රනිල් ගැන සතුටුයි (නි)

:       0       0

ටානි Wednesday, 20 January 2016 10:42 AM

ඔබට ජය! (නි)

:       0       0

කුමාර් Wednesday, 20 January 2016 10:59 AM

වසර හතළිහකට පසු රට නොරටුන්ට දීම (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 20 January 2016 12:06 PM

රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික නුවන නිසා දැන් දැන් ලංකාවට ලෝකයේ තැනක් ලැබෙමින් පවතිනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 298 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 992 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 989 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 509 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 1038 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1779 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36967 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24376 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 586 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site