( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකන් ගුවන් සේවය වසර පහකට පසු ලබන නොවැම්බර් 01 වනදා සිට ප්‍රංශයේ පැරිස් නුවර වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව එම ගුවන් සමාගම කියා සිටී.
ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ ප්‍රංශයේ පැරිස් චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපල අතර නියමිත ගුවන් ගමන පිරිමැසුම් පංතියේ ආසන 269ක් සහ ව්‍යාපාරික පන්ති ආසන 28කින් සමන්විත එයාර් බස් A 330-300 ගුවන් යානා උපයෝගී කරගනිමින් එම ගුවන් ගමන් සිදුවන බවද එම සමාගම කියා සිටී.
සෑම බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම මෙම ගුවන් ගමන් සිදු කෙරෙන අතර එහි ගුවන් ගමන් කාලය පැය 11 විනාඩි 25 ක් පමණ වේ ප්‍රංශය වෙත පියාසර කරනු ලබන බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.
වසර පහකට පසු ප්‍රජශය වෙත ගුවන් ගමන් ඇරඹීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේ කොළඹ සහ පැරීසිය අතර සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම ගැන සතුටට පත්වන බවත් , කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක සංචාරක ව්‍යාපාරය නව ආරක්‍ෂක පියවරයන් යටතේ ලංකාව කදිම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙය විශාල අවස්ථාවක් වන බවය.
2016 නොවැම්බර් මාසයේදී ශ්‍රීලංකන් ගුවන් සේවය පැරීසිය වෙත සිය ගුවන් ගමන් නවතා දැමුවේය.
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසර 5කට පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රංශයට ගුවන් ගමන් අරඹයි
Senaka ඉතාලිය Tuesday, 07 September 2021 05:11 PM
කොච්චර කාලයකටද
Nihal Tuesday, 07 September 2021 05:26 PM
අනිත් අය ලේන් වලට වඩා ටිකට් මිල වැඩි නිසා ලාංකික අය යනවා අඩුයි. ඒ වගේම සුද්දන්ට විශේෂ සැලකිලි පැහැදිලිව පේනවා. සිංහලෙන් කතා කෙරුවොත් ඇහෙන්නෙම නෑ. අපරාදෙ කියන්න බෑ පිරිමි අය එහෙම නෑ.
බද්රානි Tuesday, 07 September 2021 06:49 PM
ප්‍රංශයේ වෙසෙන දේශප්‍රේමීන්ගෙන් ගානක් කඩා ගන්න ශ්‍රී ලන්කන් සමාගම ප්ලෑන් එකක් ගහලා වගෙයි?