(යොහාන් භාසුර)
මෙරට වමේ ව්‍යාපාරය නියෝජනය කරන ජනප්‍රිය ලේඛකයෙක් වන නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා ඒ මහතා රචනා කළ පොත්පත් ඇතුළුව වසර 65 ක් පමණ කාලයක් එකතු කළ වටිනා පොත් තොගයක් ජාතික ජන බලවේගයට පරිත්‍යාග කළේය.
නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා මේ වන විට 91 වැනි වියේ පසුවන අතර ඒ මහතා සිය පොත් එකතුව සිය නිවසේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට භාරදුන්නේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, කේ. ඩි. ලාල්කාන්ත සහ නීතිඥ උපුල් කුමරප්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
තමන් වසර 65 ක් තිස්සේ එක්රැස් කළ විවිධ විෂයන්ට අදාල පොත්පත් පොදුවේ පාවිච්චියට ගතහැකි හොඳම කණ්ඩායම ගැන කල්පනා කරද්දී හොඳම කණ්ඩායම ජාතික ජන බලවේගය යැයි සිතුණු බවත් ජාතික ජන බලවේගය කියන්නේ ඉතා විශිෂ්ට නිර්මාණයක් බවත් නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා එහිදී පැවසීය.
ජාතික ජනබලවේගය තුළ විද්වතුන් විශාල සංඛ්‍යාවක් සිටින නිසාත් ඔවුන් නිකන්ම නිකන් විද්වතුන් නොවන නිසාත් ඔවුන් මහජනතාව කෙරෙහි බැදුණු ආකල්පයක් තිබෙන අය බවත් ඒ හේතුවත් නිසාම ජාතික ජනබලවේගයට පොත් භාරදීමට තීරණය කළ බවත් එස්.ජී. පුංචිහේවා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වසර 65 ක් පැරණි පුස්තකාලය ජාතික ජනබලවේගයට පිරිනමයි
nimal Tuesday, 20 February 2024 09:13 PM
කොමිනිස්ට් ලෙනින් මස්ක්වාදය සමාජවාදය හැර ලෝකයේ වෙනත් දේශපාලන ආර්ථික පිළිබදව අදහසක් නොමැති ජේවීපී පක්ෂයට වෙනත් කරුණු දැනගැනීමට සහ විවිධ විෂයන්ට අදාල පොත්පත් පොදුවේ පාවිච්චියට ගතහැකි හොඳම කණ්ඩායම ගැන කල්පනා කරද්දී හොඳම කණ්ඩායම ජාතික ජන බලවේගය යැයි සිතුණු බවත් ජාතික ජන බලවේගය කියන්නේ ඉතා විශිෂ්ට නිර්මාණයක් නිසාම නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා නිවැරදි තේරීමක් කර ඇත.