IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වෙස්ලි විදුහල අවසන් තරගයට එයි

‘මයිලෝ’ කුසලාන පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් තරගයට වෙස්ලි විදුහල සුදුසුකම් ලැබීය. අද (8 වැනිදා) කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි පිටියේදී පැවති අවසන් පූර්ව තරගයේදී වෙස්ලි විදුහල විසින් ධර්මරාජ විදුහල පරදවා ලකුණු 22-13 ක ජයක් ලබාගත්තේය.

පාසල් රග්බි සංගමය විසින් මෙහෙයවනු ලබන මෙම තරගාවලියේ අවසන් තරගයට වෙස්ලි විදුහල සුදුසුකම් ලබාගත්තේ මෙවර පාසල් තරගාවලියේ ලීග් ශූරයන් වූ ධර්මරාජ පිල පරදවමිනි.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට වෙස්ලි විදුහල ලකුණු 19-5 ක් ලෙස පෙරමුණේ සිටියේය. ජයග‍්‍රාහි වෙස්ලි විදුහලට ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු වූ අතර ධර්මරාජ විදුහල උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලබාගත්තේය.  

දෙවැනි අවසන් පූර්ව තරගය ශාන්ත පීතර විදුහල සහ ත‍්‍රිත්ව විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී හෙට (09) පස්වරු 4.30 ට පැවැත්වේ.

 

 



අදහස් (0)

වෙස්ලි විදුහල අවසන් තරගයට එයි

කස්තුරි Tuesday, 09 July 2013 07:47 AM

වෙස්ලි විදුහලට සුබ පතන ගමන් තව දෙයක් කියන්න තියෙනවා, ඒ වෙස්ලි විදුහලට ක්‍රීඩකයින් දහ අට දෙනෙක් සෙල්ලම් කල බව. රෙෆ්රී ල තුන් දෙනාත් වෙස්ලි විදුහලට සෙල්ලම් කලා. මෙය රග්බි ක්‍රීඩාවට කරන අපරාදයක්.(නදී)

:       0       0

ඉන්දික Saturday, 13 July 2013 02:09 PM

ත්‍රිනටි අනිවාර්‍යෙයන්ම තරගය දිනනවා. මම හිතන විදිහ හරිනම් ලකුනු තත්වය 32/17 හැබැයි 17 උපරිමය.(නදී)

:       0       0

වරුණ Tuesday, 09 July 2013 02:31 PM

රග්බි රෙෆ්රී ල නම් හරිම හොරු, මම ඒක සියයට සීයක් පිලිගන්නවා. (අ)

:       0       0

නදීකා Thursday, 11 July 2013 08:14 AM

කන එක ලස්සනට කෑවා. වෙස්ලි කොල්ලෝ රගර් ගහන්නේ පුරුදුවෙන්න නෙමෙයිනේ. නියමයි වෙස්ලි! (නි)

:       0       0

හිරා Wednesday, 10 July 2013 09:20 AM

මැච් එකක් පැරදුනාම එක එක කතා කියන්න එපා. දිනුම ,පැරදුම නිහතමානිව බාරගන්න. වෙස්ලි කොල්ලන්ට ජය ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

රෝමා Thursday, 11 July 2013 04:24 PM

වරුණ,ආරංචියේ හැටියට ට්‍රිනිටි එක සන්තෝස වෙන්නේ නැහැල්ලු. පෙරලි ,පෙරලි අඩනවලු. මොකද අන්තිම මැච් එකත් කෙස් ගහෙන් ගියේ. වෙස්ලි කොල්ලන්ට ජය. (නි)

:       0       0

නිශ්ශංක Wednesday, 10 July 2013 09:35 AM

කස්තුරි, වෙස්ලි එකට 18 ක් සෙල්ලම් කරනකන් අනිත් කට්ටිය බුදියගෙනද හිටියේ? නටන්න බැරි මිනිහට පොලව ඇදයි වගේ ,කතා ගොතන්න එපා. සුබ පැතුවට ස්තුතියි (නි)

:       0       0

කවීෂා Tuesday, 09 July 2013 10:11 AM

රාජන්ස් මොකද උනේ? මොකද නගරේදී වැඩ පෙන්නන්න බැරි උනේ. ඇයි මොකක් හරි ඇතුලේ අව්ලක්ද?(නදී)

:       0       0

රෝමා Wednesday, 17 July 2013 04:31 PM

ඉන්දික , හු හු හු හු හු හු හු හු හු . ඉරිදා මැච් එක බැලුවද ? මට ඉන්දික ගැන පුදුම දුකක් ඇති වෙන්නේ.(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 08 July 2013 09:29 PM

සුබ පැතුම් වෙස්ලී... කින්ග්ස්වූඩ් සහෝදරයන්...(අ)

:       0       0

ඉන්දික Tuesday, 09 July 2013 12:11 PM

කස්තුරි හරි. මමත් කිහිප සැරයක්ම දැක්කා (නි)

:       0       0

ඉන්දික Friday, 12 July 2013 09:30 PM

ට්‍රිනිටි එක වෙස්ලි මැච් එකේදිත් ‍ඔහොම මන්දගාමී වුනොත් අනිවාරියයෙන්ම වෙස්ලි දිනනවා. කොහොම වුනත් මම පාසල් දෙකටම සුභ පතනවා (නි)

:       0       0

චන්දන Tuesday, 09 July 2013 12:49 PM

ධර්මරාජේ ප්‍රෙක්ෂකයන්ට පරාජය බාර ගන්න ගොඩක් අපහසුයි. පසුගිය ලීග් එකෙදිත් ගොඩක් ලඟින් ගිය තරඟ (ත්‍රිත්ව, රාජකීය, ජෝසප්) වගේ මැච් වලදිත් ඔය කට්ටිය කිව්වේ විනිසුරු හොර කරපු බව තමයි. රාජකීය, ජෝසප් මැච් වලදි මේ අය විනිසුරුට කරපු දේවල් අපි දැක්කා. මේගොල්ලො හිතන් ඉන්නේ රගර් ගහන්නේ එගොල්ලො විතරයි කියලා. (නි)

:       0       0

විජය Saturday, 13 July 2013 11:18 AM

ඉන්දික. කමක් නැද්ද ,දිගටම තරග පරදිනවනේ . ඉන්දිකගේ ගම මොනරාගලද ?(අ)

:       0       0

ඉන්දික Thursday, 11 July 2013 02:32 PM

ලංකාවේ රගර් වලින් නමක් තියාගෙන ඒ කාලේ ඉදලා ඉන්න පාසල් තමයි ඉසිපතන, රෝයල්, සාන්ත තෝමස්, ට්‍රිනිටි, පිටර්ස්, කිංග්ස්වුඩ්... අනිත් පාසල් නිකන් සුපර් ස්ටිර්ස්ලා වගෙයි (නි)

:       0       0

වරුණ Tuesday, 09 July 2013 03:22 AM

ත‍්‍රිත්ව විදුහලට ඉතාමත් සතුටු ඇති. ත‍්‍රිත්ව විදුහලට සුබපැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 101 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1015 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 198 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 896 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3583 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2265 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site