IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වැස්සෙන් කොළඹ පාරවල් යටවෙයි

කොළඹට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා ඕල්කට් මාවත, කොටුව, හෝටන් පෙදෙස, තුම්මුල්ල  ආදි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

වැස්සෙන් කොළඹ පාරවල් යටවෙයි

ජ.හේරත් Tuesday, 07 May 2013 09:41 AM

මල්ලිලා , වෙඩිය කෙගහන්න එපා හරිය ! අපි කොළඹට හොඳට කොරනවා , මේක දවසෙන් බැහැලා යනවනේ .(ස)

:       0       0

චූලා Tuesday, 07 May 2013 09:50 AM

පහුගිය කාලේ පුරාම කොලඹ ලන්ඩන්,පැරිස්,නිව් යෝක්,මිලානෝ, තත්වෙට උසස් කලයි කියල පුරාජේරු පාරවල් හතර අතින් ඇහුන.මාත් හිතුවේ දැන් කොලඹ "මෙට්‍රෝ පොලිටන් සිටි" එකක් වගේ ඇති කියල.(ස)

:       0       0

නිමලා Tuesday, 07 May 2013 09:53 AM

කට්ටියගේ පුරාජේරු පාර කොහොමද පහුගිය දවස් ටිකේ. පත්තරේක දැක්ක කෙනෙක් කියලා තියනවා කොලඹ ගියාම නිකන් දැන් බර්ලින් වල ඉන්නවා වගේ දැනෙනවා කියලා. බර්ලින් කෙසේ වෙතත් ගානක් තුරන් කල එකෙනුත් පන්දම් කාරයෝ ටිකක් පොහොසත් වෙලා ඇති. (නදී)

:       0       0

මාලක Tuesday, 07 May 2013 09:54 AM

වෙබ් අඩවි වල තිබුනේ ඇති නවීන නගරයක් ගානට කොලඹ හැදුවා කියලා. එහෙම නොකිව කියලා අපි තරහ වෙන්නේ නැහැ. තරහ වෙන්නේ පුරාජේරු ගහලා අපිව අන්දන්න හදන එකට. බොරු උඩින් පල්ලෙන් අලවල දාල ගානක් ගසා කන එකට.(නදී)

:       0       0

රානි Tuesday, 07 May 2013 09:55 AM

කියක් හොරා කාලාද....(ස)

:       0       0

සුදීර Tuesday, 07 May 2013 09:57 AM

මන් දැක්ක කවුදෝ රැස්වීමක හු තියනවා. කොලඹ දැන් මෙල්බන් වලට වඩා දියුණුයි කියලා මට හිතුනා. ගහන්නේ කෙප්ප අපිව ගොනාට අන්දන්න කියලා. ඕකනේ කියන්නේ බොරුවයි,හොරකමයි තමයි හැම තැනටම මුල. අන්තිමට අපි විනාස වෙද්දී පාරවල් ගානේ අර සේනා මේ සේනා හු තිය තිය යනවා.(නදී)

:       0       0

සුනිල් Tuesday, 07 May 2013 10:38 AM

අවසානයේදී මුළු කොළඹම පොකුණක් වෙන්න හැදෙයි. (ස)

:       0       0

ඩී. උපුල් Tuesday, 07 May 2013 10:55 AM

කඩිනම් සංවර්ධනය තරම් තවත් නිධානයක් තියනවද අපේ දේශපාලකයින්ට? ඔය සංවර්ධන කිසිවක් කරන්නේ අනාගත සැලසුම් ඇතිව නොවෙයි. අධිවේගී මාර්ගය පවා ඒකට හොඳ උදාහරණයක්. කෝටි ගණන් මහජන මුදල් වියදම් කරනවා, ලොකු ලොක‍්කෝ එනවා, ජනතා අයිතියට පවරනවා, හෙලිකොප්ටරෙන් ආපසු යනවා, රැස්වෙලා හිටපු අය ප්‍රීතියෙන් උද්දාම වෙලා පයින්ම ගෙදර යනවා. හැමදාම ඕකනේ අපේ රටේ වෙන්නේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 07 May 2013 11:17 AM

මේ කාටවත් මතක නැද්ද කොළඹ නෙලුම් පොකුණක් හැදුවා. දැන් ඒකට වතුර පුරෝනවා. හෙට අනිද්දා වෙනකොට නෙලුම් මල් හිටෝනවා. (නි)

:       0       0

විරාජ් Monday, 06 May 2013 09:49 PM

ඒ උනාට අපි ආසියාවේ නොම්මර එකලු, දවස් දෙකක් වැස්සම ගන්න හරියක් නැහැ. මීට වඩා හොදයි බංගලිදෙශේ. මහා ලොකු වැස්සක් වැස්සත් කුනාටුවකුත් නැහැ. මේක අවුරුදු පතා එන මෝසම් වැස්ස. ඒකට මුහුණදෙන විදියට වැඩපිළිවෙලක් හදාගන්න බැහැ අපේ ලොකු උන්නාන්සේලා ටිකට .(නදී)

:       0       0

ගාමිණී-සිරි Monday, 06 May 2013 10:17 PM

කොළඹ අද ඒ තරම් ලොකු වැස්සක් තිබුනේ නැහැ. ඕල්කොට් මාවත, කොටුව ,ජලය බැස නොයන්නේ කාණු පද්ධතිය හිරකරන පොලිතීන් බැග් සිර වීම නිසා. වෙළෙන්දන්ගේ නොසැළකිලිමත්කමෙන් මෙය සිදුවේ. වැහි වෙලාවට මේවා අදින්න නගර සභාව එන්නේ නැහැ. (නි)

:       0       0

අපොන්සු Tuesday, 07 May 2013 11:30 AM

ප්‍රශ්නේ ඉවරයිනේ කොළොඹත් හම්බන්තොටට අරන් ගියා නම්. හම්බන්තොටට වැස්ස අඩුයිනේ. (නි)

:       0       0

නිමල් Monday, 06 May 2013 10:23 PM

තවත් පහත් බිම් ටික ගොඩ කරලා කොන්ක්‍රීට් කනුයි කානුයි හදන්නකෝ... (නි)

:       0       0

කමල් Tuesday, 07 May 2013 11:34 AM

මේ වැස්ස නම් කාගේ හරි කුමන්ත්‍රණයක්ද මන්දා. දැන් මුලු ලෝකෙටම වෙන වැඩක් නැහැනේ ලංකාවේ ආශ්චර්යයට විරුද්දව කුමන්ත්‍රණ කරනවා ඇරෙන්නට. (නි)

:       0       0

සත්‍යා Tuesday, 07 May 2013 12:06 AM

ආශ්චර්යමත් අගනුවර... (නි)

:       0       0

සුසන්ත-ඉතාලිය Tuesday, 07 May 2013 12:28 AM

තව එයාර් පෝර්ට් එකක්වත් හදමු. :p (නි)

:       0       0

සරත් Tuesday, 07 May 2013 07:22 AM

අපි දැන් කොළඹ යටවෙන එක නැවැත්තුවා. ඉතින් අපි වැඩකාරයෝ නෙවෙයිද? වැඩ හිමින්. පම්පෝරිය තමයි ඉවසන්න බැරි. ගංවතුරෙත් ඉන්න පුලුවන්. (නි)

:       0       0

දර්ශන Tuesday, 07 May 2013 07:43 AM

රට දිනෙන් දින දියුණු වේවා! (නි)

:       0       0

ලලිත් Tuesday, 07 May 2013 07:58 AM

ගණන් ගන්න එපා. හැමදාම යට වෙන්නේ නැහැනේ. වැස්සට විතරනේ. ආශ්චර්යයට යනකොට පොඩ්ඩක් කට්ට කන්න ඕනෑ (නි)

:       0       0

කමනි Tuesday, 07 May 2013 01:27 PM

මෙහෙම වැරදි කියන එක හරිද? දැන් පහු ගිය පෑවිල්ල කාලේ කොළඹ එක දවසක්වත් යට වුණාද? (නි)

:       0       0

රකිත් Tuesday, 07 May 2013 08:24 AM

අයියෝ සුළු දෙයක්නේ. කාට හරි දෙන්නකෝ කොන්ත්‍රාත්තුව බෝට්ටු වලින් මගී ප්‍රවාහන සේවයකට..පොර කකා එයි බාර ගන්න.(නදී)

:       0       0

රංජනී Tuesday, 07 May 2013 01:32 PM

අපොන්සු, හම්බතොටත් දැන් අග නගරය වෙන්න යන නිසා ගානක් නැහැ. (නි)

:       0       0

සමන් Tuesday, 07 May 2013 02:21 PM

මෙහි අදහස් බැලුවම මට නම් තේරෙන්නේ මෙහි අදහස් ලියන අයගෙන් වැඩි දෙනෙක් කිසිම තේරුමක් නැතිව ඔහේ ලියන්නම් වාලේ ලියනවා කියල හොඳ නැද්ද මෙයව වඩා වැදගත් විවේචන කරනවානම් මොකද මම මෙහම කියන්නේ ලංකාදීප වෙබ් අඩවිය අද කාලෙට ගැලපෙන දෙයක් කරන්න හදන නිසා මෙමගින් මෙම වෙබ් අඩවිය කියවන හැමටම ප්‍රයෝජනයක් ගැනීමට පුලුවන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1499 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1612 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1234 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1895 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 572 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 278 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38309 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25236 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site