( ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට පැවති අධික වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
මෙයින් පළමු ගුවන් යානය වූයේ ඊයේ(4) රාත්‍රී 10.25 කටුනායක ගුවන් තොටුපළ වෙත ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන යානයයි .
මෙම ගුවන් යානය තුළ මගීන් 297 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිටියහ .
එම ගුවන් යානය රාත්‍රී 11.35 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ .
මේ වනවිට එම ගුවන් යානය තුළ සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය බස් රථ මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබේ .
මීට අමතරව මාලදිවයින මාලේ සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 104 දරන ගුවන් යානය ඊයේ (4) දින රාත්‍රී 10.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණ තිබුණි .
මෙම ගුවන් යානයත් කටුනායක ගුවන් තොටුපළ අවට ඒ වනවිට පැවති අයහපත් කාළගුණික තත්වය නිසා අද (05) දින අලුයම 12.02 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබූ අතර එම යානය තුළ සිටි මගීන් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය , එම ගුවන් යානයෙන් පිටතට බස්වා නොතිබුණි .
එහෙත් ඊට ස්වල්ප වේලාවකට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය යහපත් වීමත් සමග මෙම ගුවන් යානය යළිත් මත්තල ගුවන් තොටුපළෙන් පිටත් වී අද (05) දින අලුයම 01.51 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ .
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්රනතයෙන් වාර්තා වී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැස්සෙන් ගුවන් ගමන් වලටත් බාධා