IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


විස්සයි 20 රසවත් කළ ජීව්ගේ ‘ගංග්’ නැටුම්

කි‍්‍රකට් කී‍්‍රඩාව යනු වෙලාවකට විලාසිතා සහ විවිධ ඉරියව් මවන කී‍්‍රඩාවකි. සමහර වෙලාවට රැවුල් වවාගත් කී‍්‍රඩකයන් දැකගත හැකිය. තවත් වෙලාවකට කොණ්ඩා විලාසිතා මෙන්ම රැවුල් විලාසිතා කරාබු මාල දාගත් කී‍්‍රඩකයන් දැකගත හැකිය. මෙලෙසින් කී‍්‍රඩකයින් මවන ඒ විලාසිතා පිටියට ගෙන දෙන්නේ වඩාත් ආකර්ෂණීය බවකි. මෙලෙසින් කලින් කලට එක් එක් කී‍්‍රඩක ඉරියව් අතරින් අද වැඩි දෙනා කතා කරන්නේ බටහිර ඉන්දීය සුපිරි පිතිකරු කි‍්‍රස් ගේ‍්‍රල් පසුගියදා ඉදිරිපත් කළ නර්තන රිද්මය ගැනයි. කොරියානු ගායක ‘ස්ප’ ලෝකයට ගෙනා ගංග් නම් වූ නර්තන රටාවට අනුව ගේල් විකට්ටුවක් ලබා ගත් පසු අපූරු නර්තනයක් පෑවේය. ඊට දිනකට දෙකකට පසු අපේ ශ්‍රී ලංකා කී‍්‍රඩක ජීවන් මෙන්ඩිස් ද විකට්ටුවක් ලබා ගත් පසු එලෙස නර්තනයක් පෑවේය. මේ අපූරු රිද්මයන් සමග සැණකෙළි සිරි මැවූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන්නේ අදයි. එලෙසින් අවසන් තරගය පැවැත්වෙන මොහොතේ ශ්‍රී ලංකා පිලට ජීවයක් වූ ජීවන් මෙන්ඩිස් එදා කළ ගංග්නම් නැටුම ගැන සහ තවත් විස්තර ඔහුගෙන් අපි විමසමු.   ජීවන් කොහොමද අද ඔබට හිතෙන්නෙ ඇත්තටම හරි සතුටුයි. සෑහෙන කාලයකට පමණ පසු ශ්‍රී ලංකා පිලේ ස්ථාවර වීමට ලැබීම ගැන හරි සතුටුයි.   ක‍්‍රිකට් හැර වෙන මොනවටද දක්‍ෂ? චිත‍්‍ර අඳින්න දක්‍ෂයි. ඒ වගේ සෞන්දර්යාත්මක දේවලට වඩාත් කැමතියි.   ක‍්‍රිකට් නොගැහැව්වා නම්? එහෙම නම්, ගෘහ නිර්මාණශිල්පය වැනි අංශයක් තෝරා ගන්න ඉඩ තිබුණා   එදා කළ ‘‘ගංග්’’ ඩාන්ස් එක ගැන මොකද හිතන්නෙ? ඇයි එහෙම කළේ? ඒක හිතලාම කළ දෙයක් නෙවෙයි. ඒ වෙලාවේ විකට්ටුවක් ලබාගත් සතුටට එහෙම කළා.   ‘ක‍්‍රිස්ගේල්’ කළ නිසාද එහෙම කළේ? බටහිර ඉන්දීය ක‍්‍රීඩකයින් විනෝදයට හරි කැමතියි. එයාලා නිතරම විනෝදයෙන් ඉන්නෙ. හැබැයි මම එයාව අනුගමනය කළේ නැහැ.   ගේල් මේ නැටුම ගැන ඔබට මොනවද කිව්වෙ? ආ...... බොහොම හොඳයි කිව්වා.   කණ්ඩායමේ අය මේ නැටුම දිහා බලලා මොනවද කිව්වේ? එයාලත් සතුටු වුණා. මම හිතුවෙ මෙහෙම කළාම නරඹන්නන්ටත් සතුටක් දැනේවි කියලයි.   ඇත්තටම නටන්න පුළුවනිද? බැහැ...... (පොළව ඇදයි) හිනා......   බිරිඳ මේ නැටුම ගැන මොනවද කිව්වෙ? එයාටත් හිනා.   බිරිඳ ගැන ඔබට අද කොහොමද හිතෙන්නෙ? ගොඩාක් සතුටුයි. ඒ වගේ බිරිඳක් ලැබීම ගැන ලොකු ආඩම්බරයක් තියෙන්නෙ. බිරිඳ වැනේසා සහ පුතා සමග කාලය ගෙවන්න තමයි මම වැඩිපුර කැමති.   විවේකයේ දී බල්ලන් නාවනවා කියන්නෙ ඇත්තද? ගෙදර සුරතලයට ඇති කරන ඒ සතුන් ආදරයෙන් රැක බලා ගන්න  ඕනෑ. ඒ නිසා බල්ලො දෙන්නා නාවන කටයුත්ත මම කරන්නෙ ඉතා සතුටින්. ඊට අමතරව ගෙවත්ත ලස්සනට තියා ගන්නත් ආසයි. ගෙවත්තෙ වැඩත් ආසාවෙන් කරන්නෙ.   කොට කලිසම අඳින්න ආසලූ නේද? ඒක හරිම සැහැල්ලූයිනෙ. කොට කලිසම ටී-ෂර්ට් එක අඳින්න හරි ආසයි.   කොහොමද ජ්‍යෙෂ්ඨයින්ගෙන් ලැබෙන සැලකිලි? ඉතා හොඳයි. මහේල, සංගා, ඩිල්ෂාන් වගේ ඔක්කොමලා කණ්ඩායමට ලොකු ශක්තියක්.   කට්ටිය ඔබට කතා කරන්නෙ කොහොමද? ‘ජීව්’ කියලා.   ‘ජීව්’ ඔබ කොහොම කෙනෙක්ද? මම හොඳ මිනිහෙක් කියලා අනිත් අය කියනවා අහන්න ආසයි. සෑම කෙනෙක්ම එක හා සමානව පිළිගන්න මම කැමතියි. හොඳ රැකගන්න  ඕනෑ නිසා වැරදි කරන්න කැමති නැහැ.   එහෙම නම් ‘ජීව්’ ඔබගේ ඉදිරිගමනට අපගේ උණුසුම් සුබ පැතුම්..... බොහොම ස්තූතියි. ආදරණීය ක‍්‍රීඩාලෝලී සැමටත් මම ජයම පතනවා.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

විස්සයි 20 රසවත් කළ ජීව්ගේ ‘ගංග්’ නැටුම්

සනත් Monday, 08 October 2012 08:51 PM

ක්‍රිකට් යෝධයො කියලා මාධ්‍ය වලින් පුම්බපු කට්ටිය ආපහු ඉගිලෙන කොට අනුශූරතාවය වත් අපෙ රටට ලබා දුන් ඔබලාට ස්තුතියි. මේ පාර දිනයිම කියල තමා රටම හිතුවෙ.ඒත් නොසිතුව විදිහට අපිට නවතින්න සිදු වුනා. ඉන්දියාවෙ ෆෑන් ල වගෙ අය මේකෙ මෝඩ කොමෙන්ට්ස් දැම්මත් අපෙ කණ්ඩායම විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළටම එන්න පුලුවන් උනා. 2015දි ඔබලාට ජය. (අ)

:       0       0

චරිත් Tuesday, 09 October 2012 12:27 PM

අතපත්තු, අනුර එල්.එස්... අපිත් ආසයි අපේ රට දිනනවට. ඒත් හෑමදාම වෙන්නේ මොකක්ද? පරදිනවා.....පරදින එකත් පරදින්නේ දුකක් නොදෑනෙන්න නෙමේනේ, ඈඩෙන්න. දක්ශයෝ වගේ තරග කරලා පෑරදුනානම් දුකක් නෑ..ඉස්කෝලේ ලමයිවත් ඔය වගේ සෙල්ලම් කරනවද? මිනිස්සු දහස් ගානක් බලාගෙන හිටපු ජය කාටවත් දෙන්න පුලුවන් උනාද? බෑ නේද? බොරු ඩාන්ස් දෑම්මට වෑඩක් නෑ....ඕන වෙලාවට ලකුනු 10 ක් ගහගන්න බෑරිනම්...අන්න එකයි අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. වෑඩ දාලා නැටුම් දැම්මට කමක් නෑ...වෑඩ නෑතිව නැටුම් දානකොට තමයි දුක.දක්ෂයෝ ගෙදර, අදක්ෂයෝ ගිහින් ගම කනවා....මේ රටේ හෑම තෑනම වෙන්නේ ඒක නිසයි අපි හෑමදාම එකම තෑන, " උස්සො සුදුස්සෝ යට කොට පුස්සො වෑඩ දෙනවා යමරෙට, සෙතක් වෙයිද එහෙම රටකට‘‘(නු)

:       0       0

මාන්නප්පෙරුම Friday, 12 October 2012 09:40 AM

ලස්සනයි ....නියමයි

:       0       0

අසින්ත Monday, 08 October 2012 03:28 PM

චරිත්,අපේ ලංකාවේ ක්‍රිකට් විනාස වෙන්න ඔයාලා වගේ ප්‍රේක්ෂකයොත් එක හේතුවක්, දිනනකොට වගේම පරදිනකොටත් එයාලා එක්කම ඉන්න..ඉන්දියන්කාරයෝ වගේ ගහන්නේ නැතුව (ස)

:       0       0

මංගල Saturday, 27 October 2012 04:13 PM

මම හිතන්නේ ගැන්ගම් නෙමෙයි 'මන්චම්' කියලායි (ස)

:       0       0

සිල්වා Monday, 08 October 2012 11:25 AM

ඔබ ගැන හරිම ආඩම්බරයි ,ඔබගේ අනාගතයට ජය ශ්‍රී (ස)

:       0       0

දමිත් Wednesday, 09 January 2013 12:20 PM

වාසනාවන්ත අනාගතයකට අපෙනුත් ආසිරි (ස)

:       0       0

අනුෂ්ක Sunday, 14 October 2012 12:41 PM

චරිත්, ශානි වගේ අය ගැළපෙන්නේ ලංකාවට නෙමෙයි, ඉන්දියාවට. කිසිම දෙයක හොද පැත්ත දකින්නේ නැහැ. ඔයාලගේ නහයෙන් ඇඩීමම ඇති ලංකාවට පරදින්න.අපේ අය දක්ෂයි,ඒ නිසා තමයි අවසන් වටය වෙනකල්ම ආවේ. ක්‍රීඩාවට ජය පරාජය දෙකම පොදුයි.ජීවිතේට ක්‍රිකට් නොගහපු අය කියන දේවල් වලට අපි කේන්ති ගන්න වුවමනාවකුත් නැහැ. කොහොමත් අශුභවාදියෝ බුදුන්ගේ කාලෙත් හිටියනේ. (නි)

:       0       0

අතපත්තු Monday, 08 October 2012 11:34 AM

චරිත්, ඔයා ලාංකිකයෙක්ද? නැත්නම් කල්ලතෝනියෙක්ද? (නි)

:       0       0

මාපා Monday, 08 October 2012 04:04 PM

අපි ඔයාට ගොඩක් ආදරෙයි, සුබ අනාගතයක් වේවා ,(ස)

:       0       0

රාමනායක Monday, 08 October 2012 12:04 AM

නිතරම සතුටින්. ජය එතනයි. (නි)

:       0       0

දිවංක Monday, 08 October 2012 12:01 PM

ඔබ අපිට මැණිකක්.ශක්තියක්.සුබ අනාගතයක්! (ස)

:       0       0

වන්නි Thursday, 11 October 2012 10:46 PM

ඒ නැටුම නම් නියමයි

:       0       0

ප්‍රියන්ත Wednesday, 10 October 2012 12:52 PM

අවසන් තරගයේ කරපු ලොකුම වැරැද්ද වුණේ තරඟාවලියම අංක 4 ස්ථානයේ සාර්ථක වුණ ජීවන් වෙනුවට මැතිව්ස් යෙදවීම. සාමාන්‍යයෙන් එයා මුලින් ලකුණු ගන්න ප්‍රමාද වෙනවා. එදා ජීවන් අංක 4 ට ආවා නම් ඔය දුවද්දී දැවීයාම් දෙක වෙන්නෙත් නැහැ. (නි)

:       0       0

නිශාඩ් Thursday, 11 October 2012 04:38 PM

ටීම් එකේ අයගේ නෝනලගෙන් ඔයාගේ නෝනා තමයි ලස්සනම මම හිතන විදියට (ස)

:       0       0

දිමුතු Tuesday, 09 October 2012 02:02 PM

දුකයි ,දුකයි බනින්න එපා අනේ ඇඩෙනවා. කැතවිදියටනේ පරාද වුණේ ..එකදිගට අනුශූරයෝ වෙන්න පුළුවන් කාටද ? ඒකත් ලෝක වාර්තාවක් (ස)

:       0       0

බණ්ඩාර Monday, 08 October 2012 11:34 PM

ඒකත් මේ වගේම තමයි. (නි)

:       0       0

තිළිණි Wednesday, 17 October 2012 10:26 AM

මම ඔය දෙදෙනාට හදවතින්ම සුභ පතනවා. (නි)

:       0       0

වර්නි Sunday, 14 October 2012 02:16 PM

මෙය ඉතාම වර්ණවත් නැටුමක්. (නි)

:       0       0

ෂෙරීෆ් Tuesday, 09 October 2012 10:04 PM

අපේ කණ්ඩා‍යමේ ජීව් ඇතුළු කිසිවෙකුට කිසිම දුකක් අත්වෙන්නේ නැහැ කවදාවත්. ඒ අයට දිනුවත් එකයි. පැරදුණත් එකයි. (නි)

:       0       0

ප්‍රදීප් Monday, 08 October 2012 04:43 PM

සුරංගට මමත් එකගයි. (නි)

:       0       0

ජයන්ත Tuesday, 09 October 2012 12:50 AM

චරිත්, ශානි, අදහසක් හරියට ප්‍රකාශ කරගන්න දන්නේ නැත්නම් කරුණාකරලා කට පියාගෙන ඉන්නවද? (නි)

:       0       0

ෂෙල්ටන් Wednesday, 24 October 2012 09:06 AM

කමක් නැහැ ජීව්. ඔයා ඔයාගේ කොටස කළා. සුභ පැතුම්!

:       0       0

සුරංග Wednesday, 10 October 2012 01:42 PM

20/20 ගැන කවුරු මොනවා කිව්වත් මටනම් කියන්න තියෙන්නේ නෝනා ලස්සනයි කියලා තමයි (ස)

:       0       0

ගයාන් Wednesday, 10 October 2012 01:48 PM

ගංග්නම් නෙවේ එකට කියන්නෙ කොංඤොම් කියල. කොරියන් කාරයො "ක" යන්න ශබ්ධ කරන්නෙ "g" අකුරෙන්, එකයි මුලට g එන්නෙ. (ස)

:       0       0

ජගත් Friday, 19 October 2012 04:08 PM

චරිත් මෝඩයෙක්. (නි)

:       0       0

ශාන් Saturday, 13 October 2012 08:18 PM

අපේ කට්ටිය ඔක්කොම හොදයි.. ඒ උනාට කුසලානය අපිට නැති උනානේ.. ඒකට දුකයි.. ඒ උනාට ජීවට ජය...!(නු)

:       0       0

ලලිත් Sunday, 21 October 2012 12:44 PM

විශිෂ්ට මනුස්සයෙක්. හැමවේලෙම ඉන්නේ සතුටින්. (නි)

:       0       0

ජගත් Friday, 19 October 2012 04:16 PM

චරිත්, ශානි වගේ අය ගැළපෙන්නේ ලංකාවට නෙමෙයි, ඉන්දියාවට. කිසිම දෙයක හොද පැත්ත දකින්නේ නැහැ. ඔයාලගේ නහයෙන් ඇඩීමම ඇති ලංකාවට පරදින්න.අපේ අය දක්ෂයි,ඒ නිසා තමයි අවසන් වටය වෙනකල්ම ආවේ. ක්‍රීඩාවට ජය පරාජය දෙකම පොදුයි.ජීවිතේට ක්‍රිකට් නොගහපු අය කියන දේවල් වලට අපි කේන්ති ගන්න වුවමනාවකුත් නැහැ. කොහොමත් අශුභවාදියෝ බුදුන්ගේ කාලෙත් හිටියනේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 08 October 2012 12:50 PM

ගැලපෙන ජෝඩුව (ස)

:       0       0

නිශාන්ත Tuesday, 09 October 2012 11:09 PM

ආපෝ! අන්තිමයි. (නි)

:       0       0

මනෝජ් Wednesday, 10 October 2012 02:29 PM

මීට වඩා කල්පනාකාරී විය යුතුයි (ස)

:       0       0

රේණු Wednesday, 10 October 2012 01:53 AM

චරිත්, ශානි, මෙයාලා විස්සයි විස්ස කුසලානය ගත්තා නම් ඔයාලා ඔහොම කියන්නේ නැහැනේ .එහෙමනම් ඔයාලා කියයි නියමයි කියලා නේද. හැමෝම හැමදාම දිනන්නෙත් නැහැ පරදින්නේත් නැහැ. කෙනෙක් ජය ලබන්නේ තව කෙනෙක්ව පරදවලා. දෙගොල්ලන්ටම එකම වෙලාවේ දිනන්න බැහැනේ නේද ? (නි)

:       0       0

ලාල් Tuesday, 09 October 2012 06:46 AM

මල්ලී, අපේ රටේ ඉන්නෙ බැරිවෙනකොට බණින ප්‍රේක්ෂකයන්. ඒ නිසා ඒවා ගැන වැඩිය හිතන්නේ නැතුව හොදින් පුහුණූ වෙන්න. (නි)

:       0       0

උපාලි Friday, 26 October 2012 09:11 PM

ඔයාගෙ නැටුම, ඔයාගෙ හිනාව හරිම සුන්දරයි. සුභ පැතුම්! (නි)

:       0       0

කිත්සිරි Monday, 08 October 2012 08:36 AM

ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක්... ඔබට සුබ අනාගතයක්! (ස)

:       0       0

රසිකා Wednesday, 10 October 2012 08:56 PM

ලස්සනයි. (නි)

:       0       0

දනිත් Thursday, 11 October 2012 11:51 AM

චරිත් පිස්සු කතා කියන්න එපා (ස)

:       0       0

සුරංග Monday, 08 October 2012 01:55 PM

ඔයාගේ නෝනා ගොඩක් ලස්සනයි..මම එයාව කොහේදිහරි දැකලා තියනවා වගේ මතකයි ,(ස)

:       0       0

චරිත් Monday, 08 October 2012 09:05 AM

අනේ මේ මෝඩ ඩාන්ස් දෑම්මට වෑඩක් නෑ හලෝ ලකුනු 10ක් ගහගන්න බෑරිනම්. බොරු ශෝ විතරයි අපේ මිනිස්සුන්ගෙ, වෑඩ නෑ...ඒකයි අපිට තියෙන දුක.....දෑන්කනේ ඊයේ උන දේ.......උස්සො සුදුස්සෝ යට කොට පුස්සො වෑඩ දෙනව යමරෙට කියල කියන්නේ ඔන්න ඕකට...(ස)

:       0       0

සමීර Monday, 08 October 2012 01:56 PM

බිරිඳ ගොඩක් ලස්සනයි ,(ස)

:       0       0

සමීර Monday, 15 October 2012 10:43 AM

ඔය වගේ කට්ටියම එදා බය නැතුව හිටියානම් මැච් එක දිනන්න තිබුණා (ස)

:       0       0

නිරන්ජන් බස්නායක Thursday, 11 October 2012 07:20 PM

කුමාර ධර්මසේනගෙන් පසුව කණ්ඩායමට එකතුවුණ උනන්දුවා ඔබයි.. ජීවන් ඔබට සුභ අනාගතයක්..!(නු)

:       0       0

තත්සරණි Saturday, 13 October 2012 03:11 PM

චරිත්, ශනි වගේ අය හිටියොත් අපේ රටට කවදාවත් දිනන්න බැරිවේ. හැමදාම පරදින්නත් බෑ, හැමදාම දිනන්නත් බෑ මොනවා වූණත් අපි අපේ වීරයෝත් එක්ක ඉන්න ඕනෑ. ඉන්දියාව වගේ නම් වෙන්න එපා අපි ලාංකිකයෝ අපටම කියලා ක්‍රිකට් සම්ප්‍රදායක් තියෙනවා. වීර කොල්ලන්ට සුභ පැතුම් (අ)

:       0       0

මධූ Friday, 19 October 2012 08:14 PM

ජීවන් . අපි ඔයාට ආදරෙයි .ඒ වගේම ඔයාගේ නෝනටත්‍‍....(ස)

:       0       0

තත්සරණි Saturday, 13 October 2012 03:08 PM

ජීව ඔයගේ පෙනුම ටිකක් සංගවගේ. සමහර වෙලාවට අපි රැවටෙනවා. සංගා කියල ඔයත් වමත් පිටිකරුවෙක්. අපිට උපුල් නැති වුණාට කමක් නෑ අපි දිනුවා වගේ. මොකද ගොඩක් අය කිව්වා ලංකාව අවසන් තරගයට එන්නේ නෑ කියල. (අ)

:       0       0

සංජිත් Monday, 22 October 2012 10:47 PM

චරිත් නම් මහ එපා කරපු මිනිහෙක්. (නි)

:       0       0

කුරුවිට Wednesday, 10 October 2012 03:19 PM

රේනු මෙයාලා කවදාවත් දිනලා නැ දිනවලා තියෙනවා (ස)

:       0       0

විජේසිංහ Wednesday, 10 October 2012 03:20 PM

සුබ අනාගතයක් වේවා !!!!!!!!!!! (ස)

:       0       0

අනුර Wednesday, 10 October 2012 03:20 PM

නංගි ,මල්ලි හොඳින් ඉන්න.බුදු සරණයි (ස)

:       0       0

දනු Thursday, 18 October 2012 12:30 PM

එදා නැටුම නම් නියමයි..!(නු)

:       0       0

ගයාන් Friday, 26 October 2012 02:52 PM

තනියම වගකියන්න බැහැනේ. (ස)

:       0       0

ජයකොඩි Tuesday, 09 October 2012 06:15 PM

ඔබගේ නැටුම නියමයි ජීව්. ඔබ අපිට ආඩම්බරයක් . ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

අනුර එල්.එස්. Tuesday, 09 October 2012 10:06 AM

චරිත් සහ ශානි අනිත් අයට ඊරිසියා කරන්න එපා.. ඔවුන් කරන දෙය අගය කරන්න පුරුදුවන්න..!(නු)

:       0       0

ශානි Monday, 08 October 2012 10:22 AM

මෙයා අනුන්ගේ ඩාන්සු කොපි කරගෙනනේ නටන්නේ . ඔබ හරි චරිත් . වැඩක් නෑ ලකුණු ගහන්න බැරි වුණානේ (ස)

:       0       0

ගීතා Wednesday, 10 October 2012 10:41 AM

නෝනා ලස්සනයි, කට්ටියගෙන් බේරගන්න.....(ස)

:       0       0

ප්‍රබෝධ Tuesday, 09 October 2012 10:46 AM

කවුරු මොනවා කිවුවත් වෙච්ච දේ වුණා ඒක අපෙ අවසනාව, මෙන්ඩා හොඳයි. නැටූම හොඳයි වැඩ මදි.?(ස)

:       0       0

අසින්ත Monday, 08 October 2012 08:01 PM

චරිත්, ඔහොම දොස් කියන්න එපා. අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ වගේම හැමදාම දිනන්නෙත් නැහැ. (නි)

:       0       0

කුරේ නාවලගේ Monday, 08 October 2012 07:55 PM

අපි ඊයේ රාත්‍රියේ අපේ අයගේ නැටුම් ටික හතරවැනි වතාවටත් දැක්කා. බොහොම ස්තූතියි. (නි)

:       0       0

මනම්පේරි ජපානය Sunday, 14 October 2012 09:21 AM

ජීවා ඕවත් නැටුම්ද කොල්ලෝ. අපේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ නටන නැටුම්නේ නැටුම්.(නදී)

:       0       0

කීර්ති Tuesday, 09 October 2012 07:22 PM

තරහා වෙන්න එපා කිවුවට. මේ දෙන්නගේ ගැළපීමක් මට නම් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

සංජු Tuesday, 09 October 2012 07:45 PM

දිනනකොට වගේම පරදිනකොටත් අපි අපේ කොල්ලෝ එක්ක ඉන්නවා. (නි)

:       0       0

සංජු Tuesday, 09 October 2012 07:46 PM

අපේ කොල්ලෝ හොදයි.ජය වේවා! (නි)

:       0       0

හර්ෂ Saturday, 13 October 2012 11:14 AM

නියමයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 370 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 627 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 946 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1565 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 531 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 1005 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39713 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 32 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site