මේ වසරේ සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වා ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු ප‍්‍රවේශපත‍්‍රය පසුගිය සෙනසුරාදා කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට පිරිනමනු ලැබිණ.
කොළඹ ගාලූ මුවදොර කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම ප‍්‍රවේශ පත‍්‍රය නිකුත් කිරීමේ නිල උත්සවය නැරඹීමට කි‍්‍රකට් ලෝලීහු දහස් ගණනක් පැමිණ සිටියහ.
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරී හරූන් ලෝගාට් මහතා විසින් කී‍්‍රඩා ඇමතිවරයාට මෙම ප‍්‍රවේශපත‍්‍රය පිරිනමන ලද අතර එම අවස්ථාවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතාද සහභාගි විය.
-ආරම්භයේදී පටන්ම මෙම තරගාවලිය සම්බන්ධයෙන් කි‍්‍රකට් ලෝලීන් අති විශාල උනන්දුවක් දක්වනවා. ඒ නිසා අවසන් මොහොත දක්වා බලා නොසිට ඔබේ ප‍්‍රවේශපත් කලින්ම වෙන්කරවා ගන්න” යයිද අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා පැවසීය.
විස්සයි-20 ලෝක කුසලාන පිරිමි තරගාවලිය කොළඹ ආර්. පේ‍්‍රමදාස, පල්ලෙකැළේ සහ හම්බන්තොට සූරියවැව කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර කාන්තා තරගාවලිය ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය ආසියාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර පැවැති තරගාවලි තුන දකුණු අපි‍්‍රකාවේදී (2007), එංගලන්තයේදී (2009) සහ බටහිර ඉන්දීය දූපත් සමූහයේදී (2010) පැවැත්විණ.
ශී‍්‍ර ලංකා පිලේ හිටපු උප නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කාන්තා පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන කුසපත් ඇදීමේ අවස්ථාවට සහභාගි වූ අතර කී‍්‍රඩා ලෝලීන් 800 කට නොමිලයේම ප‍්‍රවේශපත් ලබා ගැනීමේ අවස්ථාව හිමි විය.
ප‍්‍රවේශපත් අලෙවි කිරීම අද (26 වැනිදා) පෙරවරු 9.00 ට ආරම්භ කෙරේ. එහිදී ශී‍්‍ර ලාංකික කි‍්‍රකට් ලෝලීන් සඳහා විශේෂ අනුග‍්‍රාහක දින 4 ක් හිමිවන අතර අන්තර්ජාලය ඔස්සේ ලෝකය පුරා ප‍්‍රවේශපත් අලෙවි කිරීම 30 වැනිදා ගි‍්‍රනිජ් මධ්‍යහ්න වේලාවෙන් පෙරවරු 9.00 ට ආරම්භ වේ.
කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි තර්ස්ටන් විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදීත්, මහනුවර දළදා වීදියේ අංක 5 ස්ථානයේ පිහිටි වෙළෙඳ මධ්‍යස්ථානයේදීත්, හම්බන්තොට තිස්ස මාර්ගයේ, අංක 103 ස්ථානයේ පිහිටි අශෝක වෙළෙද සැලෙහිදිත් අද පෙරවරු 9.00ට ප‍්‍රවේශ පත් අලෙවි කිරීම ආරම්භ කෙරේ. ලංකා බැංකුවේ ‘මනිගෑම්’ මධ්‍යස්ථාවලදීත් ප‍්‍රවේශපත් අලෙවි කෙරේ.
ප‍්‍රවේශපත් මිලදී ගන්නා සෑම අයකුම සිය අනන්‍යතාව සහතික කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත‍්‍රය ඉදිරිපත් කළ යුතු වන අතර සුපිරි 8 දෙනාගේ වටය, අවසන් පූර්ව සහ අවසන් මහ තරගය සඳහා එක් අයකුට ප‍්‍රවේශපත් 4 ක් පමණක් අලෙවි කෙරේ. සෙසු තරග සඳහා අයකුට ප‍්‍රවේශපත් 6 ක් මිලදී ගත හැකිය.
ප‍්‍රවේශපත් මිලදී ගන්නා සෑම අයකුටම ලදු පතක් ලැබෙන අතර අගෝස්තු මස 1 වැනිදා සිට ආරම්භ කෙරෙන ප‍්‍රවේශපත් නිකුත් කිරීමේදී මෙම ලදුපත ඉදිරිපත් කළ යුතුය.
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ප‍්‍රවේශ පත‍්‍ර අලෙවිය අද සිට ඇරඹෙයි
හූනා Tuesday, 27 March 2012 08:15 AM
බුදු අම්මෝ මේකෙ ටිකට් එකක රුපියල් 50,000 ක් වත් වේවි.