IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වැස්ස නිසා තරගය දෙවැනි දිනයටත් ඇදෙයි

බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන සෙල්කොන් කුසලාන තුන්කොන් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද (7 වැනිදා) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය හෙට දිනයේත් පැවැත්වීමට විනිසුරුවරු තීරණය කළහ.

අද තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියදී ඇතිවූ වර්ෂාව හේතුවෙන් නතර කරන ලද තරගය අද දිනය තුළ නැවත ආරම්භ කළ නොහැකි විය. තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල  ඕවර 19 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 60 ක් ලබා සිටියේය. මෙම තරගය සඳහා අතිරේක දිනයක් ඇති බැවින් තරගය නතර කළ තැනින් හෙට ආරම්භ කිරීමට නියමිතය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් කොදෙව්වෝ ලකුණු 10 ක් තුළ ශී‍්‍ර ලංකා පිලේ ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යවමින් කල්වේලා ඇතිවම තරගයේ වාසිය සියතට ගත්හ.

උපුල් තරංග (7), මහේල ජයවර්ධන (7) සහ දිනේෂ් චන්දිමාල් (2) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවීගිය අතර කෙමර් රෝච් කඩුලූ දෙකක් දවාගත්තේය.
තරගයේ 3 වැනි  ඕවරයේදී, ඒ වන විට ලකුණු 5 ක් ලබා සිටි උපුල් තරංග දුන් පහසු උඩපන්දුවක් රැකගැනීමට කඩුලූ රකින්නා වූ ජොන්සන් චාල්ස් අසමත් වුවද එයින් නිසි ප‍්‍රයෝජන ගැනීමට ආරම්භක පිතිකරුවා අසමත් විය. ඒ වන විට ශී‍්‍ර ලංකා පිල කිසිවකු නොදැවී ලකුණු 14 ක් ලබා සිටියේය.

ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් රංගන හේරත් සහ කුසල් ජනිත් පෙරේරා කී‍්‍රඩා නොකරන අතර ඔවුන් වෙනුවට ජීවන් මෙන්ඩිස් සහ ශමින්ද එරංග කණ්ඩායමට කැඳවනු ලැබ සිටිති. කොදෙව් පිල වෙනුවෙන් ඞ්වේන් බ‍්‍රාවෝ කී‍්‍රඩා නොකරන හෙයින් ජොන්සන් චාල්ස්ද, සුනිල් නරේන් ආබාධයකට ලක්ව සිටින බැවින් වේග පන්දු යවන්නකු වන ජේසන් හෝල්ඩර්ද කණ්ඩායමට කැඳවනු ලැබ සිටිති.

 

ලකුණු පුවරුව

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම

ශ‍්‍රී ලංකා කණ්ඩායම් ඉනිම

උපුල් තරංග - ඇ. බ‍්‍රාවෝ ප. හෝල්ඩර්    7
මහේල ජයවර්ධන - ඇ. ස්මිත් ප. රෝචි    7
කුමාර් සංගක්කාර - නොදැවී    11
දිනේෂ් චන්දිමාල් - ප. රෝචි    2
ළහිරු තිරිමාන්න - නොදැවී    13
අතිරේක             20
එකතුව  ඕවර 19 කදී කඩුලූ 3ක් දැවී    60

කඩුලු වැටීම:  
1-19, 2-19, 3-29

පන්දුවට පහර දීමට ඇති ක‍්‍රීඩකයෝ:
ඇන්ජලෝ මැතිව්ස්, නුවන් කුලසේකර, ජීවන් මෙන්ඩිස්, ලසිත් මාලිංග, ශමින්ද එරංග, සචිත‍්‍ර සේනානායක

පන්දු යැවීම:
කෙමාර් රෝචි : 7-2-19-2, ජේසන් හෝල්ඩර් : 5-0-20-1, ඩැරන් සැමී : 4-2-4-0, ටිනෝ බෙස්ට් : 3-0-15-0

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම
ටිනෝ බෙස්ට්, ඩැරන් බ‍්‍රාවෝ, ජොන්සන් චාල්ස්, ක‍්‍රිස් ගේල්, ජේසන් හෝල්ඩර්, කරන් පොලාඞ්, කෙමාර් රෝචි, ඩැරන් සැමී, මාලන් සැමුවෙල්ස්, ඞ්වේන් ස්මිත්, ලෙන්ඩල් සිමන්ස්

 



අදහස් (0)

වැස්ස නිසා තරගය දෙවැනි දිනයටත් ඇදෙයි

නිහාල් Sunday, 07 July 2013 09:02 PM

අර තිරිමාන්න මොකටද තියාගෙන ඉන්නේ? ටෙස්ට් මැච් එකක් නේ ගහන්නේ. ලංකාවට ඕනෑ කුසල් පෙරේරා වගේ හයක් හතරක් ගහන්න හයියක් තියෙන අය (නි)

:       0       0

නුවන් Sunday, 07 July 2013 09:04 PM

ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ කඩුලු බිද වැටේවියි බියෙන් සිටිනවා නම් පන්දු අපතේ නොයවා නුවන් කුලසේකර වැනි පිතිකරුවෙකු උඩින් එවිය යුතුය. පන්දු අපතේ යැවීමෙන් සිදුවන්නේ පරාජය තහවුරු කර ගැනීමය (නි)

:       0       0

රෝහණ Monday, 08 July 2013 10:03 AM

නැවත සැරයක් කියනවා තිසර පෙරේරා කණ්ඩායමට අවශ්‍යම කෙනෙක්. නමුත් අපේ තේරීම් කමිටුවට මේක තේරෙන්නේ නැති එක ගැන කනගාටුයි. (නි)

:       0       0

චන්දන Sunday, 07 July 2013 10:04 PM

මොනවා වුනත් තරගය අපි දිනනවා. ඒක ෂුවර්. (නි)

:       0       0

කවින්දු Monday, 08 July 2013 10:13 AM

තිරිමාන්න විතරක් නෙවෙයි සන්ගත් හෙමින් ලකුණු රැස්කරන්නේ. තණතීරුව හැසිරෙන ආකාරයට තමයි එයාලා ක්‍රීඩා කරන්නේ.ඉක්මනින් ලකුණු රැස්කරන්න ගිහිල්ලා විකට් එක ගියාම දැන් ගහන්න කියන අය කියයි නිකන් විකට් එක පූජා කළා කියලා.ශ්‍රී ලංකාවට තව ඕවර 31 තියනවා. ඒ ඕවර 31න් ලොකු වෙනසක් කරන්න පුළුවන්. තණතිල්ලේ අවාසිය අපිට විතරක් නෙවෙයි ඒගොල්ල්ලන්ටත් ඇතිවේවි.කුසල් ජනිත් හොද ක්‍රීඩකයෙක්. නමුත් ඔහුට ගිය තරගාවලියේදී ලකුණු අතරට ඒමට නොහැකි වුනා. ඒ නිසා තමයි මෙම තරගාවලියේදී අවස්ථාව ලැබුනේ නැත්තේ. ඊලග තරගාවලියේදී ඔහුට අවස්ථාව ලැබේවි. (නි)

:       0       0

නිහාල් Monday, 08 July 2013 10:34 AM

පුද්ගලිකව ක්‍රීඩකයන් සමග හෝ තේරීම් කමිටුව සමග අපේ තරහක් නැහැ.අපි කාටවත් අපහාස කරනවා නෙමෙයි. මේවා බලලා හරි මේ අයට මොලේ පෑදෙනවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

හිරා Monday, 08 July 2013 10:39 AM

තිරිමාන්නව ටෙස්ට් මැච් වලට විතරක් තියාගන්න. කුසල්,තිසර,ලොකුහෙට්ටි වගේ අය දාන්නකෝ එක්දින මැච් ගහන්න. බෝල් 75 කට ලකුණු 25ක් ගහන අය එක්දින තරඟ වලට හරියන්නේ නැහැ කියලා ජයසූරියට තේරෙන්නෙම නැද්ද? (නි)

:       0       0

නිහාල් Monday, 08 July 2013 10:44 AM

අයියෝ සල්ලි.....! තිරිමාන්නව අයින් කරලා දහදෙනාගෙන් සෙල්ලම් කරන්නකෝ. එතකොට බෝල් ටික හරි ඉතුරු වෙනවා, අන්තිමට ඇවිල්ලා කුලයට හරි පාරක් ගහන්න. (නි)

:       0       0

ලෙස්ලි Monday, 08 July 2013 02:01 PM

මෝඩ අදහස් ලියන්න එපා. ඔය පිච් එකට කුසල් ආවා නම් දහ සැරයක් අවුට් වෙලා (දී)

:       0       0

කුඹුකගේ Monday, 08 July 2013 02:01 PM

අපේ අයගේ ඩොට් බෝල් වැඩියි.හැම බෝලයකටම ලකුණක් හෝ ගන්න උත්සාහ කරන්න ඕනෑ.බෝල 40කට ලකුණු 50ක් ගත්තට වැඩක් නැහැ. ඩොට් බෝල් 20ක් තියෙනවා නම්.ඒ බෝල් 20 ලකුණු 20ක් ගත්තා නම් බෝල් 40ට ලකුණු 70ක් ගන්න පුළුවන්.ඒක නිසා පුළුවන් තරම් ඩොට් බෝල් අඩුකරගන්න පුරුදු වෙන්න ඕනෑ. (දී)

:       0       0

කුමාර් Monday, 08 July 2013 12:26 AM

එක දිගට ජයග්‍රාහීව සිටින්න ලංකාවේ ක්‍රීඩකයන්ට පන්නරය නෑ, ඇඟිලි ගැසීම් නවත්තල ආත්ම විශ්වාසය තහවුරු කරගන්න ක්‍රීඩකයන්ට ඉඩ දුන්නොත් දිගටම ජය ගනී. (නදී)

:       0       0

ප්‍රසන්න Monday, 08 July 2013 11:03 AM

කවිදු විතරයි ක්‍රිකට් ගහපු කෙනෙක්ට ඉන්නේ මෙතන කොමෙන්ට් දාන්නේ ඒ වගේ. එල්ලේ ගහනවා වගේ නෙමෙයි ක්‍රිකට් ගහන එක. අනේ මන්දා සංගලටත් ක්‍රිකට් උගන්නන්න පුළුවන් අයනේ ඉන්නේ මෙතන.(නදී)

:       0       0

මලික් Monday, 08 July 2013 11:07 AM

කෝ අපේ අයන් මෑන්. එයා නැතුව මැච් එකක්වත් බලන්න කම්මැලියි.(නදී)

:       0       0

චමීර Monday, 08 July 2013 11:09 AM

චන්දිමාල්ව තියල දිල්හාරව ගස්සන්න. දිල්හාරගෙන් වැඩක් ගන්නෙ නැත්තෙ ඇයි. එයා හොදට ප්‍රැක්ටිස්වලදිත් බැට් කරනවා.(නදී)

:       0       0

රුවන් කුමාර Monday, 08 July 2013 11:10 AM

තිරිමාන්න ටෙස්ට් ක්‍රීඩකයෙක්. එක් දින ක්‍රීඩකයෙක් නෙමෙයි. මම හිතනවා මෙම කණ්ඩායමට කුසල් ඇතුලත් කලොත් හොදයි කියලා.(නදී)

:       0       0

කළණ Monday, 08 July 2013 02:38 PM

මැතිව්ස් මුලදී එන්නේ දිනනවා නම් විතරයි. දිනේෂ් නම් එච්චර වැඩක් නැහැ. දෙයියන්ගේම පිහිටයි. (දී)

:       0       0

චමි Monday, 08 July 2013 11:48 AM

යන විදියට අපේ කට්ටියට තව ගානක් හොයාගන්න ක්‍රමයක් සෙට් වෙනවා වගේ. ගාමිණී, ඔයා හරියට හරි. නැවතත් අපි සනත්, අර්ජුන සහ අරවින්දට , මහානාම වාස් , මුරලි එන්න කියන්න වෙයි වගේ. (නි)

:       0       0

මෂ්ෂා Monday, 08 July 2013 11:52 AM

තවත් ලජ්ජා නැහැනේ මැච් බලන්න. (නි)

:       0       0

අමිල Monday, 08 July 2013 06:04 AM

අපි ලෝක කුසලාන අවසන් තරඟයේදී (2007) ඉන්නකොට නම් මේ කොදෙව්වන්ට ඔය මොලේ ආවේ නැහැ. (නි)

:       0       0

සනත් Monday, 08 July 2013 12:01 PM

නුවන් කුලසේකර එවුවා නම් අපිව මේ තරම් හිරවෙන්නේ නැහැ. අදවත් පටන් ගත්ත තැන ඉදලා ගැහුවොත් හොදයි ඉතින්. (නි)

:       0       0

ksyd,a Monday, 08 July 2013 03:25 PM

හරියට හරි රුවන් ඒක තමයි මමත් කියන්නේ මේගොල්ලෝ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෝ. මේ අය ජොබ් එකටම කරන්නේ ක්‍රිකට් ගහන එක. අපිට ගියානම් ගහන්න අමාරු වෙනවා. අපි ක්‍රිකට් ගහන්නේ ඉඳල හිටලානේ. බලන්න ඉන්දියාවේ අය සෙල්ලම් කරන විදිහ. එදා විකට් කීයක් ගිහිල්ල තියෙද්දීද කෝලි ගැහුවේ. නිකන් හිරවෙන්නේ නැතුව බෝලෙට දාගෙන ගැහුවා නම් ඉවරෛනේ.(නදී)

:       0       0

මනෝජ් Monday, 08 July 2013 07:02 AM

මට මතක් වෙනවා පාලිත පෙරේරා මහතා දිනක අප හමුවී කියපු කතාවක්. ඒ කතාව හරියට හරි. (නි)

:       0       0

නිමා Monday, 08 July 2013 12:25 PM

ඇයි තිරිමාන්න ගැන විතරක් කතා කරන්නේ? චන්දිමාල් හරියට සෙල්ලම් කරන්නේ නැහැ (නි)

:       0       0

බන්දුල Monday, 08 July 2013 08:04 AM

ඉන්දියාවත් එක්ක ගහපු සෙමි ෆයිනල් එක මතක් වෙනවා. මේ දෙන්න අපිට මැච් බලන්න එපා කලා .අදත් එහෙමයි.ඔහොම කකුල් වෙව්ල වෙව්ලා බෝල් කකා ටෙස්ට් ගහනවට වඩා නම්බුයි අත දිග ඇරලා ගහලා 100 ට ඕල් අවුට් වෙන එක.ඉනිමක් ගොඩ නංවනවා කියන්නේ විකට් එකේ ඉන්න එකම නෙමෙයි කියලා ඔච්චර කාලයක් ක්‍රිකට් ගහන සංගටත් කියලා දෙන්න ඕනෑද. (නි)

:       0       0

සම්පත් Monday, 08 July 2013 08:29 AM

තිරිමාන්න වෙනුවට කුසල්ව ගන්නම බැරිද? අන්තිම බෝලෙට පනහක් ගහන්න පුලුවන්ද මැතිව්ස්ට? ඒ වගේනේ ඉන්නේ කොල්ලා. තිසරව ගන්නේ නැත්තේ ඇයි? හයක් ගහන්න පුළුවන් එකා ඌ විතරනේ. මහේල ඕපන් නියමනේ. (නි)

:       0       0

ගාමිණී Sunday, 07 July 2013 07:38 PM

අර අහවලා වෙනුවට උඩරට නැට්ටුවෙක් අරන් ගියානම් මීට වඩා හොඳයි. එයා පිටියේදී නටනවා විතරයි.නවකයෝ වෙනුවට පඹයෝ අරන් ගියා නම් හොඳයි.මීලග ලෝක කුසලානෙට සනත්, අර්ජුන සහ අරවින්දට නැවත කතා කරන්න වෙයි. (නි)

:       0       0

සිවිල් සම්පත් Monday, 08 July 2013 08:43 AM

අදවත් කුසල්ව ගන්නකො අනේ. මම හරි ආසයි එයාගේ හයේ පාරට. (නි)

:       0       0

පහන් Sunday, 07 July 2013 08:00 PM

දැනට නම් ටෙස්ට් මැච් එක හොදට ගහනවා, මොනවා වෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

බවර් Monday, 08 July 2013 04:35 PM

කුසල්ට ඇයි චන්ඩේ එකක් දෙන්න නැත්තේ (දී)

:       0       0

කුමාර Monday, 08 July 2013 08:49 AM

තිරා අද තියමුද පැත්තක. කුසල් දාමුද එතනට? (නි)

:       0       0

රුවන් Monday, 08 July 2013 12:58 PM

කවිඳු,ප්‍රසන්න, පීඩනය පිතිකරුවන්ට තිබෙන විට ඉඩහිට හෝ 4ක් ඕවරයකට ලකුනු 6කට වැඩිය ලබාගත්තහම පීඩනය පන්දු යවන්නන්ටද ඇති වෙනවා. මම කියන්නේ නැහැ සෑම බෝලයකටම 4ක්,6ක්,ගහන්න කියලා. නමුත් දක්ෂ ක්‍රීඩකයෙක් නම් පන්දු රකින්නගේ අතටම නොගහා දෙන්නෙක්ගේ අතරින් ස්තානගත කරලා ලකුණක්,2ක් පහසුවෙන් ගන්න පුළුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 995 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 436 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 282 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 854 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 721 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 322 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site