IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


විසි එකේ වගන්ති ගණනාවක් ව්‍යවස්ථාවට පටහැනියි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ21 වැනි  සංශෝධනය නමැති පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම් දී ඇතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (21) දැනුම් දුන්නේය.

ඔහු මෙසේ පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි එක් වැනි සංශෝධනය නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශයට පත් කරමිනි.

කතානායකවරයා  ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කරමින් මෙසේද සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි එක්වැනි සංශෝධනය” නමැති පනත්කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු කැමැත්තෙමි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහත තීන්දුව ලබා දී තිබේ:-

(i)  පනත්කෙටුම්පතෙහි 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 15, 23, 24, 26, 27, 28 හා 36 වගන්තිවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණි.

(ii)  පනත් කෙටුම්පතෙහි 2, 3 සහ 4 වැනි වගන්තිවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඉ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරය සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණි.

(iii)  පනත් කෙටුම්පතෙහි 14 වැනි වගන්තිය දැනට පවතින පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්තිය පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණි.

එතකුදු වුවත්, යෝජිත 41 (අ) (1) ව්‍යවස්ථාව ඉහත විග්‍රහ කරන ලද ප්‍රතිපාදනය ඉවත් කිරීම සඳහා යෝග්‍ය ලෙස සංශෝධනය වන්නේ නම්, යෝජිත 41 (අ) (6) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා හට තම නාමිකයා වශයෙන් එක් පුද්ගලයෙක්, සභාවේ සාමාජිකයෙක් ලෙස පත් කිරීමට අවස්ථාව සැලසෙන්නේ නම්, ජනමත විචාරණයක අවශ්‍යතාව නිෂේධ වේ;

(iv)  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමඟ පනත් කෙටුම්පතෙහි 19 වැනි වගන්තිය අනනුකූල වන අතර, එය පැනවිය හැකි වන්නේ 84(2) ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාවට අනුව පවත්වනු ලබන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(v)  පනත් කෙටුම්පතෙහි  30 (අ)  වගන්තිය මඟින් ජනතාවගේ අධිකරණ බලය සීමා කිරීමට අපේක්ෂා ‍කෙරෙන බැවින්,  එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාව සහ 4 (ඉ) ව්‍යවස්ථාව  සමඟ කියවිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන අතර, එම වගන්තිය පැනවිය හැකි වන්නේ 84(2) ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාවට අනුව පවත්වනු ලබන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(vi)  පනත් කෙටුම්පතෙහි 39 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමට අපේක්ෂා කරන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමඟ එය අනනුකූල වන බැවින්, එම වගන්තිය පැනවිය හැකි වන්නේ 84(2) ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාවට අනුව පවත්වනු ලබන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(vii)  පනත් කෙටුම්පතේ 43 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 2 වැනි සහ 3 වැනි ව්‍යවස්ථා වලට අනනුකූල වන බැවින්, ඒ අනුව එය පනවනු ලැබිය හැක්කේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලබන විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව පවත්වනු ලබන ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(VIII)  පනත් කෙටුම්පතේ 51 වැනි වගන්තිය යටතේ එන වෙනත් කරුණු අතර, අග්‍රාමාත්‍යවරයා සභාපතිවරයා බවට පත් විය යුතු ජාතික ආරක්ෂක සභාව නමින් යුත් XIX-ඇ අධිකාරය හඳුන්වා දීමට අපේක්ෂා කරනු ලබයි. 

යෝජිත 156ඌ (1) සහ 156ඌ (2) යන ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය සමග කියවිය යුතු 1, 2 සහ 3 වැනි ව්‍යවස්ථා වලට අනනුකූල වන බැවින්, එබැවින් ඒවා පනවනු ලැබිය හැක්කේ 84(2) වගන්තිය ප්‍රකාරව විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව පවත්වනු ලබන ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි:

එතකුදු වුවත්, යෝජිත ජාතික ආරක්ෂක සභාවේ සංයුතිය වෙනස් කරමින් ජනාධිපතිවරයා යෝජිත සභාවේ, සභාපතිවරයා බවට පත් කිරීම සඳහා යෝජිත 156ඌ  (1) සහ 156ඌ  (2) ව්‍යවස්ථා සංශෝධනය කරනු ලබන්නේ නම්, එවිට එවැනි අනනුකූලතාවක් නිෂේධ වනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවේ අද දිනට නියමිත කටයුතු වල නිල වාර්තාවෙහි මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.



අදහස් (7)

විසි එකේ වගන්ති ගණනාවක් ව්‍යවස්ථාවට පටහැනියි

sam Tuesday, 21 June 2022 12:51 PM

කොහොම කොහොම හරි බයිලා කියලා මේක පුළුවන් තරම් පස්සට දාලා රාජපක්ෂ හොරු ටිකයි, දේශපාලකයින් ටිකයි, තියාගන්න තමයි මේ දඟලන්නේ...

:       2       6

SISIRA Tuesday, 21 June 2022 12:52 PM

ලක්ෂ ගණනක ජනතාව දිනගණන් පෝලිම්වල ඉන්ධන, ගෑස් සහ විදුලිය කැපීම් පිළිබඳව සතුටින් සිටිනවා පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්මතවන තුරුත් නොඉවසිලිවන්තව බලාසිටියි.

:       2       5

Deepal Nirosh Tuesday, 21 June 2022 02:16 PM

ඇත්ත මේ 21 වැනි සංශෝධනය ව්‍යවස්ථාවට පටහැනියි. අද රටේ තිබෙන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් මිසක් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් නොවෙයි. රටේ මහජනයා ඒකීය සරල බහුතරයකින් පත්කළ විධායක ජනාධිපතිවරයාගේ බලතල ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තු අසුනක්වත් දිනාගත නොහැකි වූ නාමිකව පත්කළ අගමැති වරයෙකුට දෙන්න බැහැ...

:       3       9

ranjith Tuesday, 21 June 2022 02:47 PM

එසේ නම් අවුරුදු 2ක කෙටි කාලයකින් රට බංකොළොත් කිරීමට ඔය බලතල ටික ඔක්කොම තියාගෙන සිටි කෙනා වගකිව යුතු වෙනවා.

:       3       9

samanTuesday, 21 June 2022 04:36 PM

අපේ රට එකපාරටම බංකොළොත් වුනේ නැහැ. ක්‍රමිකව සිදුවුණු දෙයක්...

:       5       3

fairoosTuesday, 21 June 2022 06:43 PM

සර් ෆේල් නෑ කියන හැමෝටම හෙන වදින්න ඕනේ...

:       1       1

nanda Tuesday, 21 June 2022 07:21 PM

රට එකපාරටම බංකොළොත් වුණේ නෑ කියන එකත් සිද්ධියක් තමයි. එහෙත් බංකොළොත් වීමේ එම අවධානම අනාගතේ පෙනි පෙනී එය වළක්වාගන්න තිබුණු උපාය මාර්ග ක්‍රියාත්මක නොකිරීමෙන් නේද මෙම බංකොළොත් තත්වය ඇති වුණේ...? වගකිව යුතු අයත් තාමත් වැරැදුණා කියලා පිළිගත්තු අවස්ථා තියෙනවා නේද?

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 481 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 174 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 578 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 52 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 422 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2088 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site