IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


විසි කෝටියක වල්ලපට්ටා අසුවේ

ලොව වටිනාම සුවඳ විළවුම් නිශ්පාදනයට ගන්නා වල්ලපට්ටා කිලෝ 13489ක් කොළොන්නාවේ නිවසක තබී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ බලකා ආරංචි කියයි.

එම තොගයේ වටිනාකම රුපියල් විසි කෝටියක් වෙතියි ඇස්තමේන්තු කර ඇත.

මෙතෙක් අසුවූ විශාලම තොගය මෙයයි.

ඉන්දියා ජාතිකයන් දෙදෙනක් ද , ශ්‍රී ලාංකිකයෝ සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.



අදහස් (0)

විසි කෝටියක වල්ලපට්ටා අසුවේ

උපුල් Tuesday, 21 May 2013 11:53 AM

නීල් කියනවා වගේ මේවා ව්‍යාපාරික මට්ටමෙන් වගා කළා නම් ඉවරනේ. එතකොට එස්.ටී.එෆ්. එකෙන් පනින්න ඕනෑත් නැහැනේ. (නි)

:       0       0

තිසල් Tuesday, 21 May 2013 12:06 PM

"අපේ අයියලා මොකවත් කරන්නෙත් නැහැ කරන අයට කරන්න දෙන්නෙත් නැහැ-සෝක්" (පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස) "මම ලමයෝ මින් මැලියම් නොපතමි යුතුකම පමණක් ඉටුකොට තබනෙමි පෙර උන් අය සිටවූ වල්ලපට්ටා ගස් ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල" "අපෙන් පසුව එන අයටත් එම ඵල ලැබෙන්න සැලසුම අපගේ යුතුකම" (නි)

:       0       0

හේමන්ත Tuesday, 21 May 2013 04:00 PM

අනේ ඉතින් මේවා දැන් පුච්චනවද? (නි)

:       0       0

මහින්ද වික්‍රමරත්න Tuesday, 21 May 2013 12:16 PM

වෙන නමක් තියනවද? (ස)

:       0       0

යසපාල පොන්නමිපෙරුම Tuesday, 21 May 2013 12:20 PM

වල්ලපට්ටා පොතු මෙහෙම ගත්තම ගස් ඉතුරු වෙයිද? (ස)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 21 May 2013 12:21 PM

මේක අනිවාර්යෙන්ම කාගේවත් මහන්සියෙන් දියුණු වෙන්න බලන කෙනෙකුගේ දෙයක්. දේශපාලනය කරන අයට මේවට හරිම හිතට අමාරුයි. (නි)

:       0       0

විජේරත්න Tuesday, 21 May 2013 12:26 PM

අනේ අපරාදේ! එලොවටත් නැහැ මෙලොවටත් නැහැ. මොකද අපේ රටේ ඔය කියන සෙන්ට් හදන එකක් යෑ..... (නි)

:       0       0

ලලිත් Tuesday, 21 May 2013 12:28 PM

මෙතරම් වටිනා කියන දේවල් තියෙද්දීනේ, අපේ දේශපාලුවෝ අනුන්ගෙන්ම අරන් අපිට කවන්නේ, තව තවත් ණයකාරයෝ කරන්නේ. (නි)

:       0       0

කුමාර Tuesday, 21 May 2013 12:37 PM

වල්ලපට්ටා ගසක පින්තුරයක් දාන්න.

:       0       0

අපොන්සු Tuesday, 21 May 2013 12:36 PM

මොන නීතියද මෙතනදී කරලා තියෙන්නේ? දැනගන්න ආසයි .(නදී)

:       0       0

සුනිල් Tuesday, 21 May 2013 12:40 PM

මේවා ලොක්කෙක් ළඟ තිබුනානම් එස්ටීෆ් එකෙන් අල්ලන්න පනීවිද ?(නදී)

:       0       0

අමල් Tuesday, 21 May 2013 12:41 PM

නීල්, ඔය කියන ඒවා කරනවාට වඩා කොයිතරම් ආඩම්බරයක්ද අයි.එම්.එප් එකෙන් නයට අරගෙන කෑම. අයි.එම්.එප් එක අපිට නය දෙන්නේ අපි වැදගත් සැලකිය යුතු අය නිසා නොවේද? (නදී)

:       0       0

නිමල් Tuesday, 21 May 2013 04:31 PM

ඔය වල්පට්ටේට වඩා කොළොඹ කැසිනෝ එකක් හදන එක කොයිතරම් හොඳද?(නදී)

:       0       0

ධනා Tuesday, 21 May 2013 12:42 PM

මේකෙ නම තමයි හරි නැත්තේ ටිකක් විතර.(නදී)

:       0       0

ගවරා Tuesday, 21 May 2013 09:42 PM

වල්ල පට්ට අපේ රටට ඇති රත්තරන් නිධියක් බව නැවත පැහැදිලි වුනා. නමුත් එයින් රටට වැඩක් ගන්න විදියට පසුබිම සකසන්න පාලකයන්ට, නිලධාරීන්ට හා විද්වතුන්ට තවම බැරිවීම රටේ අවාසනාවක්. වල්ල පට්ට ගස නිකම්ම ඇති විට කිසිම ආර්ථික වටිනාකමක් නැත. එයට පරිසරයේ ඇති පුස් වර්ගයක් ආක්‍රමණය කළ විට සෑදෙන ද්‍රව්‍ය මගින් පමණි සුවද විලවුන් නිපදවිය හැක්කේ. නිකම් ගස් කපන එක අපරාධයකි. (නි)

:       0       0

ගුනේ Tuesday, 21 May 2013 12:52 PM

වල්පට්ට ආරක්‍ෂිත ශකයක්ද?(නදී)

:       0       0

මුන්සීර් Tuesday, 21 May 2013 12:55 PM

දැන් ඔකේ තියෙන වැරැද්ද මොකද්ද ? ඔවා වවන්න බැහැ කියලා නීතියක් නැහැ නේ.(නදී)

:       0       0

ජීවන් Tuesday, 21 May 2013 12:57 PM

මෙහි විද්‍යාත්මක නාමය මොකක්ද? (නදී)

:       4       3

ගවරා Tuesday, 21 May 2013 10:01 PM

කළ යුතු දේ... නීති සම්පාදනය කර වන දර්ශ ආරක්ෂා කිරීම, වල්ල පට්ට වල පරිසර විද්‍යාව අධ්‍යයනය කිරීම(වැවීමට සුදුසු පරිසර, බීජ ප්‍රචාරණය අධ්‍යනය ),මෙයට ආක්‍රමණ කරන දිලීරය සොයා ගැනීම, නිපදවෙන රෙසිනයේ තත්වය හා ආර්ථික වටිනකම නිර්ණය, වගා කරන ක්‍රම සහ දිලීරය එන්නත් කරන ක්‍රම හා සුදුසු කාලය නිර්ණය,පලදාව නෙලන කාලය හදුනා ගැනීම.... මෙම පර්යෂණ කර හැකි විද්වතුන් අපේ විශ්වවිද්‍යාල වල ඇත. අවශ්‍ය වන්නේ නිවැරදි සහයෝගය පමණි. මේ ආර්ථික සංවර්ධන ඇමතිතුමාගේ, පරිසර ඇමතිතුමාගේ හා විද්‍යා හා තාක්ෂණ ඇමති තුමාගේ අවධානය පිණිසයි. (නි)

:       0       0

කුරුවිට Wednesday, 22 May 2013 03:59 PM

සුවද වුණාට නම කැතයි (නි)

:       0       0

සිල්වා Tuesday, 21 May 2013 01:05 PM

මේවා වවල පිටරට යවමු. ඔය ඕනෑතරම් රජයේ හිස් ඉඩම් තියෙන්නේ මේක වැවැලි බෝගයක් විදියට අපනයනය කරමු . අපි හැමදාම එක තැන පල්වෙනවා යම්කිසි අලුත් දෙයක් කරන්න උත්සහයක් නැහැ.(නදී) .

:       0       0

ගයාන් Tuesday, 21 May 2013 01:12 PM

කරුමේ ...කරුමේ ...කරුමේ ...

:       0       0

කුමාර Tuesday, 21 May 2013 01:14 PM

මේවා කරනකල් නිලධාරීන් බලා හිටියාද

:       0       0

චාමර Tuesday, 21 May 2013 01:14 PM

සිල්වා මහත්තයෝ, හොද අදහසක්. ඒත් ඉතින් අපේ පාලකයන්ට ඔය අහහස් ඕනෑ නැහැනේ (නි)

:       0       0

අජිත් Tuesday, 21 May 2013 01:15 PM

වැල්ල පට්ට වලින් ගන්න රසායනික මොනවද? හොර තක්කඩි නම් මේ ඔක්කොම දන්නවා. කෝ අපේ විශේෂඥයෝ? ලෝකෙම තියෙන උපාධි කරනවා. මේවා ගැන අහලත් නැතුව ඇති. (නි)

:       0       0

සිරිමල් Tuesday, 21 May 2013 01:19 PM

අපිට පුළුවන් මෙතුලින් කර්මන්ත ශාලාවක් පටන්ගන්න. ඔය තියෙන්නේ රැකියා, දේශීය නිෂ්පාදන ලංකාවේ නිෂ්පාදනය කරන ලද. අඩුම තරමේ යම්කිසි දෙයක් ලෝකෙට ගෙනියන්න පුලුවන්නේ. ඔහොම යන් (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 21 May 2013 01:25 PM

නීල් සමග එකගයි. මෙය හොද ආදායම් මාර්ගයක් ලෙස වගා කරන්න ඇයි යොමුවෙන්නේ නැත්තේ. රජයෙන් මේ සදහා ආධාර දෙන්න ඕනේ. මෙය වගා කිරීමට.(නදී)

:       0       0

රනිල් Tuesday, 21 May 2013 01:36 PM

අපි දන්නා වල්ලපට්ට පට්ටා සදහා බාවිතා කරනවා (නි)

:       0       0

මුරුගන් Tuesday, 21 May 2013 01:42 PM

මෙතන ගොඩක් අය කියනවා වගේ ඇයි අපට අපේ වියාපාර කරන්න බැරි. ඔක්කොම හුරුවෙලා ඉන්නේ නිකන් ඉදන් සල්ලි හොයන්ට. අන්තර් ජාල බිස්නස්, පිරමිඩ බිස්නස්, අතරමැදි වෙළදාම, සීට්ටු දැමිලි වගේ. අන්තිමට පෙළපාලි යනවා ජාතිය පිරිහෙනවා කියලා.(නදී)

:       0       0

සුකිරි Tuesday, 21 May 2013 01:46 PM

මෙහෙමනේ නීල්, යථාර්තය නම් මේ රට කම්මලියන්ගෙන් පිරිලා. පන්ති බේදේ ඔඩුදුවලා. දෙමවිපියෝ බලන්නේ දරුවා දොස්තර කෙනෙක් කරලා සැපට තියන්න. කය වෙහෙසා වැඩ කරන කෙනෙක්ට කසාදයක් වත් කරගන්ට බැහැ. පම්පෝරි ගහනවා අපේ සංස්කෘතිය ගැන. එහෙම මානසිකත්වයක් එක්ක මේවා කරන්න බැහැ.(නදී)

:       0       0

කසුන් Tuesday, 21 May 2013 01:51 PM

දඩුවම් දෙන්න

:       0       0

දුමින්ද Tuesday, 21 May 2013 01:56 PM

ලංකාවේ සාරය

:       0       0

කමල් Tuesday, 21 May 2013 02:02 PM

නීල් , ඔබ නිවැරදියි. (නි)

:       0       0

සුමනසිරි Tuesday, 21 May 2013 02:10 PM

මෙම ගස ගැන මිනිසුන් දැනුම්වත් කරන්න. මේ ගස කැළයේ හා මුඩු බිමි වල වවන්න. මීට පෙර මේවාට ආර්ථික වටිනාකමක් තිබුනේ නැත.(නදී)

:       0       0

නාලක Tuesday, 21 May 2013 02:27 PM

අපිට නැති වෙන්නේ මේ ලංකාවේ ජිවය නේද (දී)

:       0       0

ිනිල් Wednesday, 22 May 2013 02:41 AM

නීල්, l පොතු විතරක් තිබුනට මදි තාක්ෂණය ඕනා. යන්ත්‍ර සුත්‍ර වගේම හොද වෙළද පොලක් ඕනා. පොතු මිරිකලා සෙන්ට් හදන්න බෑ.(නදී)

:       0       0

රුචිර Tuesday, 28 May 2013 12:16 PM

මේ පැල නීත්‍යානුකුලව ඔබේ ගෙවත්තේ වවන්න පුළුවන්. පැලයක් රු.1400 යි. තාක්ෂණික උපදෙස් සමග පැල ලබා ගැනීමට අමතන්න - රුචිර - 0729832868 (නි)

:       0       0

කුමාර Tuesday, 21 May 2013 06:15 PM

රටේ ආර්ථිකයට විදේශ විනිමය ලැබෙන දෙයක් මේක. (නි)

:       0       0

පැතුම් Tuesday, 21 May 2013 02:39 PM

මේ ශාකය මම දැකලා නැහැ. පුලුවන් නම් පින්තූරයක් දාන්න. ස්තුතියි. (නි)

:       0       0

රුචිර පෙරේරා Tuesday, 21 May 2013 02:48 PM

තාක්ෂණික උපදෙස් සමග පැල ලබා ගැනීමට අමතන්න - රුචිර - 0729832868.(නදී)

:       0       0

ජීවන් Tuesday, 21 May 2013 10:25 AM

වල්ලාපට්ටා පැල මිලදී ගන්න තැනක් තියෙනවද? (නි)

:       0       0

නීල් Tuesday, 21 May 2013 10:32 AM

ඇයි මේවා මහා පරිමාණයෙන් වගාකර ලෝකයේ වටිනාම සුවඳ විලවුන් ලංකාවේ නිෂ්පාදනය කිරීමට රජයේ අවධානය යොමු නොකරන්නේ ? (ස)

:       0       0

varuna Tuesday, 21 May 2013 10:37 AM

අපේ වත්තෙත් ගස් කීපයක් තියෙනවා ගන්නවානම් කව්රු හරි කියන්නකෝ මෙච්චර වටිනවා කියල මම දන්නේ නේ දන්නවනම් ඉතුරුටිකෙත් වැල්ල පට්ටම හිටෝනවා.(ස)

:       0       0

ශාන් Tuesday, 21 May 2013 10:50 AM

නීල් ඔබ හරි. (ස)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 21 May 2013 10:52 AM

මේ ශාඛය මේ තරම් වටිනවා නම් රට පුරාම ඇති පොල්වතුවල පොල් ගස් තරට වගාවක් ලෙස දැම්මා නම් හරිනේ.(නදී)

:       0       0

සෝක් Tuesday, 21 May 2013 11:07 AM

අපේ අය්යල මොකවත් කරන්නෙත් නැහැ කරන අයට කරන්න දෙන්නෙත් නැහැ. (ස)

:       0       0

රනිල් Tuesday, 21 May 2013 03:20 PM

නීල් ඔයාට පිස්සුද ? එහෙම ක්‍රම කොහෙන්ද කොමිෂන් ? (නදී)

:       0       0

නීල් Tuesday, 21 May 2013 03:28 PM

උහුලන්න බැරි තරම් ණය අරගෙන විදේශීය කොම්පැනි තර කරනවා. අපේ මිනිස්සු බහුතරකට සිද්දවෙලා තියෙන්නේ ඒවා දෙස බලමින් හුල්ලන්න ඉදිරි පරම්පරා කීපයක් දක්වාම ණය වූ ණයකරුවන් ලෙස. ලංකාවේ හැමදා හිටියේ යුද්ධ කරපු මහන්සිවී වැඩ කරපු මිනිස්සු. එවැනි උතුම් මිනිසුන්ට අවස්ථාව දිය යුතුයි ස්වශක්තියෙන් නැගී සිටින්න.(නදී)

:       0       0

මාලක Tuesday, 21 May 2013 03:36 PM

අපෙන් අරගෙන අපිටම දෙයි මොකාක් හරි නමක් දාල

:       0       0

කෝලිත Tuesday, 21 May 2013 08:08 PM

එහෙමනම් ඔය ටික කෝටි 20 කට විකුණා එම මුදල 'අපි වෙනුවෙන් අපි' අරමුදලට බැර කරමුද ? (නි)

:       0       0

jeff Tuesday, 21 May 2013 11:44 AM

නීල් ඔබ හරි. සුදුසු පරිසරය තෝරාගෙන මෙය වගා කරන්නට සැලැස්සුවනම් හොඳයි නේද. රජයේ අවදානය යොමුවේවා! (ස)

:       0       0

කෝලිත Tuesday, 21 May 2013 03:47 PM

මේවා අපේ රටට වෙන විදේශ බලපෑම්

:       0       0

චානක ඇන්ටන් Tuesday, 21 May 2013 11:47 AM

උසාවි දානකොටත් කිලෝ ගණන නොවෙනස්ව පැවතිය යුතුයි (නි)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 21 May 2013 11:51 AM

දැන් ඉතින් මොනවාහරි අල්ලගෙන රජය ඔහේ යනවා. රජය පැත්තෙන් ඉන්න අයට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 0 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 34 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 93 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 230 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 189 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site