IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘වීසි කළේ නැත්තේ ඇයි කාණුවට‘

‘මේ රටට මා බිහි වෙද්දී බෙල්ලෙන් අල්ලලා කාණුවකට විසි කරන්න මගේ මාපියන්ට නොහිතුනේ ඇයි?‘ දැයි තරුණ කලාකරුවකු වන ජගත් මනුවර්ණ මහතා පිටකොට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී හැඬූ කඳුලින් පැවසීය.

පෙරදින කුරුණෑගල කුඹුක්ගැටේ දී පැවැති කලාකරුවන්ගේ වැඩසටහනකට ප්‍රහාරයක් එල්ල වූ අතර ජගත් මනුවර්ණ ද පහර කෑමට ලක් විය.

ජගත්ගේ කතාව ආරම්භ කළ අවස්ථාව මාධ්‍ය සාකච්ඡාවේ සිටි සියලු දෙනාට  සංවේදී අවස්ථාවක් විය. මේ අවස්ථාවට කලාකරුවෝ රැසක් පැමිණ සිටියහ.

‘මට ලැම්බෝගිනි එකක් අරන් දියල්ලා මුන් එක්ක රේස් පදින්න. වෙන කිසි දෙයක් එපා.‘ යැයි කියූ ඔහු කතාව අවසන් කළේය.

ජෙහාන් -

‘ජගත් කියපු දේ තමයි ඇත්ත. මේ පාලකයාට බලය දෙන්න කියා කියන ක්‍රීඩකයන්ට, කලාකරුවන්ට මට කියන්න තියෙන්නේ ඒ පාලකයන්ගේ බේබිගේ සහචරයන් ටික අපේ නිදහස් මතධාරී තරුණ කලාකරුවන්ට ගැහුවා. ‘

සෞම්‍ය ලියනගේ -

‘අද ඛේදනීය දවසක්. නිර්මාණ ශීලී ක්‍රියාවන්ට තියන ඉඩ කඩ සීමිත වෙමින් තිබෙනවා. අපි හමදාම ඛේදවාචකය දකිමින් ඉන්නවා. අපිට හැකි පමණින් අපගේ මැදිහත්වීම පුරවැසියන් විදියට දායක වෙන්න දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා.

ඊයේ නිශ්පාදනය කළ සිනමා පටයක් තිබෙනවා. ඊනියා කලාකරුවන්ට කියනවා මෙය සංවිදිත ලෙස ලෙස සිනමා ශාලාවලට මුදා හරින්න කියා. මේ සිනමා පටය නිර්මාණය කලේ ඔය කියන ඊනියා කලාකරුවන්. ‘

පරාක්‍රම නිරිඇල්ල -

අපි සාර්ථක දවසකට එළඹිලා ඉන්නවා. සමහරු කියන ජනමූල නායකයාගේ මුහුණේ මල් පිපිලා. ඒකයි මේවගේ දේවල් සිදු වෙන්නේ.

අපි මේ කාර්ය ආරම්භ කළේ 1800ක් පමණ කලාකරුවන්ට ලියුමක් තැපැල් කරලා. එහි අපි පැහැදිලිව පුළුල් වැඩපිළිවෙළක් සඳහන් කර තිබෙනවා.

ඒ ලියුමේ තිබෙන ලිපිනයට අපිට ලියුම් දෙකක් ආවා. ඒ දෙකම අමු තිත්ත කුණුහරපෙන් බැනලා තිබෙන්නේ. එය කළේ කවුද කියා මා හොයා ගත්තා.

මේ ආණ්ඩුවෙන් හම්බකරුපු සල්ලුවලින් සමහර කලාකරුවන් මේ ආණ්ඩුවේ දේශපාලනය කරනවා.අපි කලාකරුවන් ලෙස අනාගත පරපුරට මොනයම් හෝ දෙයක් ඉතිරි කර යා යුතුයි. බිහිසුණු අනාගතයද, කෘරත්වය ද, ඊට උඩගෙඩිදීමක් ද ඉතිරිකර යා යුත්තේ? වන්දිභට්ට කලාවක් අපි ඉතිරි කර යනවද?‘

ජයලත් මනෝරත්න , උපුල් ශාන්ත සන්නස්ගල ඇතුළු ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ පිරිසක් ද මෙහිදී අදහස් දැක්වූහ.

IMG_0518 IMG_0572

 

 

 

 



අදහස් (0)

‘වීසි කළේ නැත්තේ ඇයි කාණුවට‘

සමන්ති Tuesday, 30 December 2014 02:45 PM

කලකට පෙර කෙසෙල් ජනරජයේ ජනාධිපතිකමට ව්‍යාපෘති වාර්තා සැදු සිහින කුමාරක් තමයි බොලිවුඩ් නළුවෝ ගෙන්නුවේ (නදී)

:       0       0

සංජීව Tuesday, 30 December 2014 02:45 PM

හිතවත් ජගත් මනුර , ගිනි අවි සහ ගිනිකෙළි ටෙලි කතාවේ ඔබේ චරිතය සබැ ලෝකයීදී ඔබට එරෙහිව රග දක්වා ඇත . එය මහත් අවාසනාවකි.(නදී)

:       0       0

රොසාන් Tuesday, 30 December 2014 02:46 PM

තව ටික දවසයි! එක්වෙමු, පෙලගැසෙමු, රට රකිමු. බේරාගමු මේ උන්මාදයෙන්!(නදී)

:       0       0

ඉන්දික මත්තක Tuesday, 30 December 2014 03:21 PM

ඔබේ ගමන නිර්බිතව යන්න අපි පසු පසින් එනවා. (ර)

:       0       0

සාගර Tuesday, 30 December 2014 04:03 PM

සල්මන් ඛාන්ට රතු පාවඩ. ලංකාවේ කලාකරුවන්ට පොලු පාර. (ර)

:       0       0

ධම්මික Tuesday, 30 December 2014 04:45 PM

දර්ශනගෙ, කතාව හරියටම හරි. (ර)

:       0       0

අබේපාල Thursday, 01 January 2015 05:21 PM

අනේ! අපේ රටේ සමහරුන්ගේ මානසිකත්වය ගැන මට ඇත්තටම කණගාටුයි. (නි)

:       0       0

සුනිල් Tuesday, 30 December 2014 05:18 PM

මේ වගේ බොළඳ ලාමක අයද අපට උගන්වන්න වැඩමුළු තියන්නේ? අපි කාපු වෙඩි උන්ඩ බැටන් පොලු කඳුළු ගෑස් අප ඉදිරියේ මැරිලා වැටෙන මිනිසුන් දැක්ක නම් මේ අය බයේ මැරෙයි. දැන් ඉන්න මේ කලා කරුවෝ මහා ලාමක අය.

:       0       0

පතිරණ Tuesday, 30 December 2014 05:28 PM

මේවා නොතේරෙන අය කලාකරුවන් වෙන්න බැහැ.(නදී)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Thursday, 01 January 2015 11:17 PM

දැන් සත්‍ය තත්වය අපි දන්නවා. (නි)

:       0       0

නිමන්ත Wednesday, 31 December 2014 11:39 AM

යමෙක් සිතනවා නම් බලෙන් යමක් කරවා ගන්න ඒ ඔවුන්ගේ නුගත් සිතුවිල්ලකි. මොවුන් පෙලගැසුනේ ඔවුන් දරන නිදහස් සිතිවිලි සමාජ ගත කරන්නට මිස කැරැල්ලක් ගැසීමට නොවන බව බුද්දිය ඇති ඕනෑම කෙනෙක් පිලිගන්නවා ඇත. ඒ නිදහස අපිට නැති බව දැන් අපට පැහැදිලිය අපි හැමදාම කියන මොර දෙන නිදහස අපිට හිමිද? (නදී)

:       0       0

අබේපාල Wednesday, 31 December 2014 12:23 AM

කලාකරුවෙකුගේ හැඟීම් මෙසේ වියයුතුද? (නි)

:       0       0

සමන්ති Wednesday, 31 December 2014 12:30 AM

හිඟන්නාට තුවාලය නැතුව හිඟාකන්න බැහැ කියලා කියමනක් තියෙනවානේ! (නි)

:       0       0

වරුණ Wednesday, 31 December 2014 01:23 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

විපුල Wednesday, 31 December 2014 02:40 AM

දුටුගැමුණු රජතුමා අද අපි සිහිකරන්නේ එළාර යුද්ධයත් එක්ක නෙමෙයි, රුවන්වැලිසෑය මිරිසවැටිය එක්ක (නි)

:       0       0

ශානී Tuesday, 30 December 2014 10:10 AM

ඔය වෙන කිසිම දේකට සැලෙන්න එපා. බාධක හමුවේ ඉදිරියටම යන්න.(දිල්)

:       0       0

නාරද Tuesday, 30 December 2014 10:14 AM

කතා වැරදි යයි කියන්න බැහැ. බලමු කොතැනද අවසානය කියලා (දිල්)

:       0       0

සාරංග Tuesday, 30 December 2014 10:19 AM

අපේ රජතුමා අපිට හොදයි (දිල්)

:       0       0

සදනී Tuesday, 30 December 2014 10:21 AM

රටක ජීව නාළිය වන් අවංක කලාකරුවෙනි අප ජීවත් වන්නේ විදේශයක වුණත් ඔබලාගේ මෙවර අගේ කරන්න වචන නැත ශ්‍රී ලංකාවේ ජීවත් උනානම් නිසැකවම ඔබ සමග මාද මේ සටනට එකතුවන්නෙමි (දිල්)

:       0       0

රවීන්ද්‍ර සෙනරත් බංඩාර Wednesday, 31 December 2014 03:34 AM

නිවරදි මග ගත් කලාකරුවනි මේ සටන දිනුවත් පැරදුනත් සටන අත නොහරිනු. සාදාරන සමකයක් සදහා අපි ඔබ සමග අත් වැල් බැඳ ගන්න සුදානම්. අපි දැන් සටන බාගයක් දිනලා ඉවරයි. දැන් රජ්ජුරුවොත් කතා කරනවා විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කල යුතුය කියා එහෙමනම් අපේ මතය දිනුම් නේද. එකතු උනොත් මේ රට හදන්න පුළුවන්. මේ ජරා ජීර්ණ දේශපාලනය නැති කරන්න එකතු උණු ඔබ සියලු දෙනාටම අපේ ප්‍රනාමය. ජය වේවා (නදී)

:       0       0

ධනු Tuesday, 30 December 2014 10:21 AM

සියලු දේ එක පැත්තකට පමණක් සීමා වෙලා...මේකද ප්‍රජාතන්ත්‍රවාදය...??(දිල්)

:       0       0

සුගත් Wednesday, 31 December 2014 04:00 AM

දර්ශන හරියටම හරි. යුද්දේ ඉවර කර කියල හැමදාම ඉන්නද හදන්නේ . අපි ඡන්දෙ දුන්න යුද්දේ දින්න එකට. යුද්දේ දින්න නිසාද දැන් කලාකරුවන්ව මරන්න හදන්නේ. (බ)

:       0       0

සනුගේ Wednesday, 31 December 2014 04:01 AM

ජයසේකර, යුද්දේ ඉවර කර කියාගෙන ඇවිත්, ගෙදර ඉන්න අම්මට හරි , නංගිට, අක්කට හරි, අතවරයක් කරලා යනකන්, ජයසේකරලා බලන් ඉන්නවද? එහෙම අවුලක් නැතිනම් මල්ලි හරි මල්ලි ....... ශුභ අනාගතයක් ......!! (බ)

:       0       0

ඇඩ්ලින්ද මෙල් Wednesday, 31 December 2014 04:51 AM

නියම ශ්‍රේෂ්ඨ කලාකරුවන්. උපුල් ශාන්ත සන්නස්ගල(දිල්)

:       0       0

සුගත් Tuesday, 30 December 2014 10:40 AM

මනෝරත්න මහත්තයාත් ඔතැනද? (දිල්)

:       0       0

හර්ෂි Tuesday, 30 December 2014 10:44 AM

රට මුදවා ගැනීම ඔබ සැමට බාරය ඉදිරියටම යන්න (දිල්)

:       0       0

මාටින් Wednesday, 31 December 2014 05:27 AM

ඩලස් ඇමතිතුමා පැහැදිලිව කිව්වනේ මේක මේ නිල් බලකා ටි ෂර්ට් ඇදගෙන වෙන කණ්ඩායමක් කල පහර දීමක් කියල. ඔය සමුර්ධි නිලධාරියෙක් තමන්ම ගහේ බැදගත්තේ, ඒ නිසා ඕව සාමාන්‍ය දේවල්, දැන් නිව්යෝර්ක් ගහපු ටි ෂර්ට් අදින්නේ ඇමෙරිකාවේ පුරවැසියෝමද නෑනේ....?(නදී)

:       0       0

අශේන් Tuesday, 30 December 2014 11:23 AM

යථාර්ථය තේරෙන හැම කෙනෙක්ම මතය මේක තමයි (දිල්)

:       0       0

උපාලි Wednesday, 31 December 2014 05:27 AM

සුගත් මනෝරත්න මහත්තයාත් ඔතැනද? ඔව් ඔයාලට ගොඩක් අපහසු නේ හරිම දේ හරියට දකින්න. මනෝරත්න මහත්තයා කවදත් හිටියේ ඔය ගොඩේ තමයි. නැතුව කුඩු ගොඩේ නෙවේ ඒ හින්ද තමයි පිටකොටුවේ කඩ කෑලි නැත්තේ (නදී)

:       0       0

රජිත් Tuesday, 30 December 2014 11:34 AM

ලංකාවේ කලා කාරයෝ කුනු බක්කියේ සල්මන් ඛාන් කරලියේ. (ර)

:       0       0

උපාලි Wednesday, 31 December 2014 05:32 AM

ජයසේකර කරුණ කරලා ඔය පරණ තැටිය විසි කරන්න ඒවා කරපු උන්ටත් එදා විරුද්ද උනේ මේ මිනිස්සු (නදී)

:       0       0

ටිරෝන් Tuesday, 30 December 2014 11:43 AM

කවදා හෝ සත්ත්‍ය ජයගනී. (ර)

:       0       0

නිර්මලා Tuesday, 30 December 2014 12:03 PM

ලංකාවේ නියම ශ්‍රේෂ්ට කලාකරුවන් සියල්ල අද එකට එකතුවී සිටීම සතුටක්. (ර)

:       0       0

ජයසේකර Tuesday, 30 December 2014 12:13 PM

කලාකාරයන්ට කරපු දෙය හරි කියන්නේ නැහැ. නමුත් සමස්ථ රටවැසියන්ම ඉතා දුෂ්කර වසර තිහක (යුදමය) අප්‍රසන්න කාලයක් සහ එය තුලම නිදහසේ කතා කරන්නවත් බැරි රටේ විශාල තරුණ පිරිසක් ඝාතනය කරපු අදුරු යුගයක් පහුකරපු බවත් අමතක කරන්න එපා. (ර)

:       0       0

භානු Tuesday, 30 December 2014 12:37 PM

සල්මන් ආපහු ගිහිල්ලා කියල ආරංචියි. (දිල්)

:       0       0

දර්ශන Tuesday, 30 December 2014 12:45 PM

ජයසේකර ඔය වසර තිහේ යුද්දේ කතාවට තමය ගිය පාර ඡන්දෙ දුන්නේ. දැන් අයෙමත් මොනවද මේ කියන්නේ?(දිල්)

:       0       0

සමීර Wednesday, 31 December 2014 06:17 AM

අපි ජනපති සමග. (ර)

:       0       0

කරුණාතිලක Wednesday, 31 December 2014 06:26 AM

පොඩ්ඩක් ඉන්න මහත්තයෝ, ඒ ටිකත් නම වෙනිදට වෙයි. ඔයාල අද කතා කරන්නෙ නාට්‍යයක්, සිනමා පටයක් පෙන්වන්න බැරිව තිබු රටක. (නදී)

:       0       0

කරීම් Tuesday, 30 December 2014 12:59 PM

සුගත්, ඔව් මනොත් එතන තමයි -ඇයි ජ්‍යෙෂ්ඨ කලාකරුවොන්ට මානව හිමිකම් අහිමිද? (නදී)

:       0       0

අමල් Wednesday, 31 December 2014 06:29 AM

ජයලත් මනෝරතනත් ඔතැනද? අපොයි මම හිතාගෙන හිටපු හැටි. අනිත් එවුන් නම් ඉංගිරිසි ගහේ හැදිච්ච, සිංහලයි කියන සුමට, සුකොමාල චූටි පැට්ව් නොවැ.

:       0       0

ගජබා Wednesday, 31 December 2014 06:30 AM

මේ ගොල්ලෝ අම්මලට තාත්තලට පවා බනිනවනෙ හැදුවට. එකේ නම් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා...

:       0       0

සංජීව Tuesday, 30 December 2014 01:04 PM

ඔයාලා පැත්තකට වෙලා ඉන්න. දේශපාලනයට එන්න එපා (නදී)

:       0       0

පද්මිණී Tuesday, 30 December 2014 01:04 PM

ඔබලාගේ අවංක ප්‍රයත්නයට අපෙන් සුභ පැතුම්. ඔතන ඉන්නේ බුද්ධිමත් පිරිසක්. (නදි)

:       0       0

ශිරන්ති Wednesday, 31 December 2014 06:34 AM

අඬන්න ඉන්න කොටම ඇහැට ඇනලා.(නදී)

:       0       0

ගුණේ Wednesday, 31 December 2014 06:36 AM

ජගත් මනුවරණ ඔබ සැලෙන්න එපා. මොකද කලාව කියන්නෙත් එක්තරා මාධයක්. ලෝකයේ ආරම්බයේ සිට ශිෂ්ටාචාරය අදවෙන විට මේ තරම් වෙනසකට භාජනය වුනේ ඒ කලාව භාවිතයේ සිදුවුන ආකාරයේ හැටියටයි. ඉතින් මේ කලාව භාවිතයේදී වැරදුන තැන් ඇති. දැන් එය නිවැරදි කිරීමට ඔබලාට කාලය ඇවිත්. (නදී)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 30 December 2014 01:15 PM

මෛත්‍රී දිනවීමෙන් පසුව තමා නියම අරගලය තියෙන්නේ. අපේ රටට සැබෑ නිදහස ලබා ගත යුතුව තිබෙනවා. ඒ අරගලයට ඔබ සැමගේ දායකත්වය නියත වශයෙන්ම අවශ්‍යයි. දුෂිත පාලකයන්ට ඇති එකම අවිය මර්ධනයයි. ඊට එරෙහිව කොන්දේසි විරහිතව සටන් කළ යුතුය. දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින් ඔබ සමගයි. ඔබට ජය නියතයි. ජයවේවා. (නදී)

:       0       0

එඩ්රියන්ද මේල් Wednesday, 31 December 2014 07:07 AM

නොදනිම ඔබතුමාලා කාණුවට විසිවෙලා.(හේ)

:       0       0

මධුරි Wednesday, 31 December 2014 07:52 AM

මේ ගැනත් හිතන්න. දෙමල ජනයා එකට එක්වී සිටිනවා. මුස්ලිම් ජනයා එකට එක්වී සිටිනවා. කවුද බෙදී ඉන්නේ.සිංහල ජනතාව. අනිත් හැමෝම බොර දියේ මලු බා ගනීවි. රට කෑලි වලට බෙදී යාවි. අවසානය ඛේදනීයයි .(හේ)

:       0       0

ජයසේකර Tuesday, 30 December 2014 01:43 PM

දර්ශන, හැම දෙයක්ම බලන්න ඕන සාපේක්ෂව. හරි යුද්දේ පැත්තකින් තියමු. ඔබතුමාට මතක නැද්ද 88-89 කාලේ, අපේ රටේ නිදහසේ මතවාද ඔයවගේ ඉදිරිපත් කරන්නවත් අවස්තාවක් තිබ්බද කියලා. කට ඇරියොත් පහුවදා මිනිය බෝක්කුවක් පාලමක් උඩ. තරුණ දූ පුත්තු ඉන්න රටේ කී දාහක් අම්මල තාත්තලා කොච්චර දුක් කන්දරාවක් වින්දද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1007 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4105 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1285 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 747 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1072 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 715 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site