IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


වාස් ගුණවර්ධන ජාතික රෝහලේ

කොල්ලුපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රඳවාගෙන සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අසනීප වී කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව රහස් පොලිස් සහකාර අධිකාරී ශානි අබේසේකර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතාට දැනුම් දුන්නේය.

නියෝජ්‍ය පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා පැවසුවේ ඔහු දියවැඩියාව, අධිකර රුධිර පීඩනය හා හදවත් අසනීපයකින් පෙළෙන බවයි.

ඔහු විසින් කැරුණු පරීක්ෂණ අනුව අත්අඩංගුවට ගත් අපරාධකරුවන් රැසක් බන්ධනාගාරයේ සිටින බවත්, ඔහු රිමාන්ඩ් කරන්නේ නම් බන්ධනාගාර රෝහලේ රිමාන්ඩ් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරු ඊට විරෝධය නොදැක්වූහ.

මහේස්ත්‍රාත් රෝහලට ගොස් නියෝජ්‍ය පොලිස්පතිගේ තත්ත්වය නිරීක්ෂණය කර ලබන 25 වැනිදා දක්වා රිම්න්ඩ් කළේය.

 

 



අදහස් (0)

වාස් ගුණවර්ධන ජාතික රෝහලේ

චානක Friday, 14 June 2013 11:10 AM

මතක තබා ගන්න මෙවෙනි දේ කරන අනෙක් පුද්ගලයොත්....පැණි වරකා ගහටත් හෙන ගහනවා කියන දෙය.....(අ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 13 June 2013 03:32 PM

කට වාචාල කමට මේකට ලියන්න එපා. මෙම නිලධාරියා පොලිස් සේවයේ දූෂිතයෙක් නොවේ! අපි බලමු කතාව ඉවර වෙනකල්.බොහෝ දෙනෙක් ලියන්නන් වාලේ ලියනවා. (ත)

:       0       0

ප්‍රදීප් Thursday, 13 June 2013 03:32 PM

සංජීව හරි. (ත)

:       0       0

රුවන් Thursday, 13 June 2013 10:38 PM

අවංකව කෙලින් හිටපු නිලධාරියෙක්.(නදී)

:       0       0

ජ.හේරත් Thursday, 13 June 2013 03:35 PM

සැකයේ වාසිය විත්තියට කියනවානේ. මෙයත් විත්තිකාරයෙක්. (ත)

:       0       0

සිල්වා Thursday, 13 June 2013 03:36 PM

මෙතුමා ගාල්ලේ සේවය කරන කොට ඇමති තුමාගේ ගෝලයන්ට විරුධව නිතිය ක්‍රියාත්මක කරා, රත්නපුරේදී ආණ්ඩුපක්ෂයේ ඇමැති කෙනෙක් සමගත් හැප්පුනා. මෙතුමාට අධික රුධිරපිඩනය සහ දියවැඩියාව තිබෙන බවට පුවතක් කුරුණෑගල සේවය කරන කාලේ පුවත්පත්වල පළ වුණා. (ත)

:       0       0

උපාලි Thursday, 13 June 2013 03:43 PM

රෝග විනිශ්චය කරන්න හොඳම ක්‍රමය නම් ඔහුව රිමාන්ඩ් කරන එකයි. එක්ස්රේ කළා වගේ අගේට ලෙඩ ටික අහු වෙනවා. හැබැයි අපි වගේ අය නෙමෙයි, ලොකු අය. (නදී)

:       0       0

සිල්වා Thursday, 13 June 2013 03:44 PM

ඔය ලොකු අයගේ වැඩ ඔහොම්මම තමයි. බලය තිබෙනකොට මොළය නැහැ. මොලය තිබෙනකොට බලය නැහැ. (ත)

:       0       0

අමිල Thursday, 13 June 2013 03:46 PM

සසිත්- ඔය ලෙඩ සේරම හැදුනම එකපාරට මැරෙන්නේ නෑ. බෙහෙත් වලින් ලෙඩේ පාලනය කරගන්න පුළුවන්. හරියට බෙහෙත් පාවිච්චි කරනවානම් අතුරු අබාද අවම වෙන්න ලෙඩේ පාලනය කරගන්න පුළුවන්. මොනවා කලත් කර්ම ශක්තියත් බලපානවා. (ත)

:       0       0

ඉන්දික Thursday, 13 June 2013 03:49 PM

සුබවාදීව හිතන්න (නි)

:       0       0

චන්ද්‍රා-ඇමරිකාව Thursday, 13 June 2013 11:28 PM

ලොකු ලොකු අය එළියේ ඉදන් අපරාධ කරනකන් ඉහෙන් බහින කිසි ලෙඩක් නැත. නීතියට කොටු උනගමන් රටේ නැති ලෙඩ. නමුත් දුප්පතාට කෝ මෙහෙම සහන? (නදී)

:       0       0

සීල Thursday, 13 June 2013 04:01 PM

රජතුමාත් වරද කරලා තියේ නම් පඩිසන් දෙනවමයි. එක තමයි ස්වාභාව ධර්මේ. අනේ සාදු, සිල්වා මහත්තය ගෙන් අහන්න කැමති මෙයාට කෝටි ගණන් හම්බවුනේ කොහොමද කියලා.(නදී)

:       0       0

විරාජ් කාලිංග Thursday, 13 June 2013 04:03 PM

රිමාන්ඩ් කරන එක නම් හරි මදි. මොනා උනත් තාම පොලිසියේනේ, වැරදි කාරයද, නිවැරදි කාරයද කියලා පස්සේ දැනගන්න ඇහැකි. හරි විදියට පරීක්ෂණ කලොත්, එතකන් අපි බලන් ඉන්නම්, මෙතුමාගේ හොද වැඩ වගේම වැරදි වැඩ එහෙමත් තියෙනවා. නිල ඇදුම දාගෙන කැම්පස් කොල්ලන්ටත් තැලුවා කියලා අපට මතකයි.(නදී)

:       0       0

මුණසිංහ Thursday, 13 June 2013 04:12 PM

චන්ද්‍ර වීරසිංහ කොහොමද තොරතුරු දන්නේ? මාලබේ තොරතුරු තාක්ෂනේ ළමයි එතකොට කියන්නේ බොරුද?(නදී)

:       0       0

ප්‍රසන්න Thursday, 13 June 2013 04:21 PM

අසාධාරනකම් අඩු වැඩි විදියට ලෝකේ කොහෙත් වෙනවා. නිතිය ගැන විස්වාසය තබන්න. එසේ නොවුනොත් ඉතුරු වී ඇති නීතියද රැකගන්න අමාරු වේවි. මොහු ලොක්කෙක් නම් අත්අඩංගුවට ගැනීම තරා තිරම නොබලා හොද ක්‍රියාවක්. හැබැයි නීතියෙන් මොහු තවම වැරදි කරුවෙක් වෙලා නැහැ. සැකකරුවෙක් විතරයි.(නදී)

:       0       0

සරෝජ් Friday, 14 June 2013 12:19 AM

හොඳ වැඩ කරනවා වගේම එයත් නරක කරන වෙලාවලුත් තියෙනවා. සමහරු උඩින් හොඳයි, රහස් ජීවිතය නරකයි. අපි කවුරුත් මුදලට වාසියට නැමෙන අය. කවුරුත් වැරදි කරන අය. (නි)

:       0       0

චාන් Friday, 14 June 2013 12:36 PM

වරද වරද විදියට දකින්න. (ත)

:       0       0

සමන් රණසින්ග්හේ Thursday, 13 June 2013 04:32 PM

අපේ ඔබ තුමා සමගි.ඔබ නියම අවංක නිළධාරියෙක් .අපි ඔබ තුමගැන හොදට දන්නවා.සත්ත්‍ය කවද හරි ජයගන්නවා.ඔබට නිරෝගී සුවය සමග ජයග්‍රහණය පතනවා.(අ)

:       0       0

සමන් Thursday, 13 June 2013 04:36 PM

අන්තිමට වෙන්නේ මට මතක නැහැ (අ)

:       0       0

සුමේධ Thursday, 13 June 2013 04:42 PM

ඇතුලේ ඉන්න අපහසු නිසා යන්න ඇති. (ත)

:       0       0

ජානි Friday, 14 June 2013 12:44 AM

මෙයාගෙත් තරු පටි ළඟදීම ගැලවෙයි වගේ. (අ)

:       0       0

තිසල් Friday, 14 June 2013 01:01 AM

කෙනෙක් හොද ඇති කියල හිතාගෙන ඉඳලා එම පුද්ගලයා නරක මිනිහෙක් බව එලි වුනාම පිලිනොගෙන මුල් සිහිනයේම හිදිමින් "අපි ඔබ සමගයි,ඉදිරියට ඇවිත් අපිව ගලවාගන්න" කියන බොහෝ පිරිසක් පසුගිය කාලය තුල අපි දුටුවෙමු. මේවා දකිනකොට මට ගීතයක් මතක් වුණා. මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න.......// (නි)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Thursday, 13 June 2013 04:57 PM

මතක නැති ලෙඩේද?(නදී)

:       0       0

උපුල් Thursday, 13 June 2013 04:59 PM

මෙතැන මොකක් හරි රහසක් තියෙනවා. වැරදි කරුවන්ට උපරිම දඬුවම් දියයුතුයි. මැරුවේ මුස්ලිම් ද සිංහල ද ප්‍රස්නයක් නෑ. අහිංසක ජීවතයක්.

:       0       0

විජේසිංහ Thursday, 13 June 2013 05:07 PM

මීට පෙර ලොකු ලොක්කෝ නොයෙකුත් අපරාද කරන කොට, එයින් විපතට පත් උන උදවිය ඔහේ අතහැරලා ගියා. ඒත් මේ මුස්ලිම් කට්ටිය බය නැතිව මූණ දෙනවා. එයාලගේ නිර්භීත කම අගයන්න ඕන. එතකොට තමය් ලොක්කෝ ටිකක් හීලැවෙන්නේ (අ)

:       0       0

නිමල් Thursday, 13 June 2013 05:26 PM

මොහු දක්ෂ නිලධාරියෙක් .බය නැතුව කතා කරන කෙලින් වැඩ කරන කෙනෙක් .අපරාධ රැසක මුල් උදුරා දැමුවේ ඉතාම සුක්ෂම ලෙස .කොටකෙතන හා ගාල්ල ඒ අතරින් කිහිපයක්. මෙහෙම කෙනෙක් මිනීමැරුමක් කරලා සාක්ෂි ඉතුරු කරාවිද ? උගුලකට අසුවුනා වෙන්න බැරිද ? (ත)

:       0       0

මොහොමෙඩ් ෂියාම් Thursday, 13 June 2013 05:28 PM

ලැජ්ජයි.(නදී)

:       0       0

හමීඩ් Thursday, 13 June 2013 05:36 PM

සේනාව කෝ? (ත)

:       0       0

ද සිල්වා Friday, 14 June 2013 02:25 AM

ඝාතනයට ලක්වුණා ව්‍යාපාරිකයාගේ චරිතය ගැනත් ටිකක් හොයා බැලිය යුතුයි (නි)

:       0       0

ඇන්ටන් ( ඉතාලි ) Friday, 14 June 2013 03:08 AM

සංජිව ඇතුළුව බොහෝදෙනෙක් පක්සව ප්‍රතිචාර දක්වල තියනවා , අපි කුරුත් යථාර්තය දන්නා , නමුත් ගින්නක් නැතුව දුමක් නගින්නැ නේද ,, පොලිසිය මුදලටත් බලයටත් යටයි, ලක්සේ ගන්නැති කෙනා 10,00000 ගන්නවා ,, පොලිසි යේ තත්වයත් ඔකතම නේද ,වස් කොතන ඉදල ඔතනට අවදා මා දැන්නැ, අපි තම තේරුම් ගන්න ඕන,,(අ)

:       0       0

මංජු Thursday, 13 June 2013 05:40 PM

ඩී අයි ජි වාස් ගුණවර්ධන අති දක්ෂ නිලධාරියෙක් පොලිස් සේවයේ දැනට ඉන්න. එනිසා නිතිය ගැන දන්නා මොහු ඕවට පැටලෙන්නේ නැති බව ඉදිරියේදී ඔහු ඔප්පු කරනවා නොඅනුමානය !!!!! (ත)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 15 June 2013 01:34 PM

ප්‍රසන්න ,නමේ හැටියට ඔබේ ප්‍රතිචාරයත් ඉතා ප්‍රසන්නයි. මෝඩයෝ ඔහොම තමයි. මොනවද ලියන්නේ මොනවද කියන්නේ මොනවද කරන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඔය වගේ අය තමා දැන් අපේ රටේ කවදත් නැති සිංහල මුස්ලිම් අසමගියක් ඇති කරන්න උත්සාහ කරන්නේ. මා දන්නා තරමින් වාස් ගුණවර්ධන එඩිතර නිර්භීත නිහතමානි චරිතයක්. අපි හදිසිවෙලා මොකක්වත් නොලියා ඉවසලා බලමු මොකක්ද ප්‍රතිපලය කියලා. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 14 June 2013 05:27 AM

හමීඩ් වෙත, හැමදේටම මෝඩ විදියට සේනාව හවුල් කරගන්න එපා.හොදට බලන්න මේකට කොන්ත්‍රාත් එක දීලා තියෙන්නෙ මොන ජාතිකයෙක්ද කියලා. ඒ නිසා උඩ බලාගෙන කෙල ගහන්න එපා. කවුරු වැරැද්ද කළත් මුස්ලිම්,සිංහල,දෙමල ප්‍රශ්නයක් නැහැ දඩුවම සහ නිතිය හරියට ක්‍රියාත්මක කළ යුතුයි. අපි හැමෝම එකතු වෙන්න ඕනෑ නිතිය ක්‍රියාත්මක කරන්න බල කරන්න. අපි බෙදුනොත් ඒකෙන් වාසිය ලැබෙන්නෙත්, හොරුන්ට, මංකොල්ලකරයන්ට.මොහමඩ් ශියාම් , අපි ලැජ්ජා වෙන්න ඕනෑ, ඔබ හරි. නමුත් අපි එකතුවෙන්න ඕනෑ නිතිය රකින්න. එතකොට ඔබත් මමත් රැකේවී. (නි)

:       0       0

දාස් Thursday, 13 June 2013 06:18 PM

ඇයි මේ තරම් ලෙඩ තියාගෙන ඔය වගේ රාජකාරි කරන්නේ. කරුණාකර තව ලෙඩ්ඩු ඉන්නවානම් තරුණ අයට තැන දීලා විශ්‍රාම යන්න.(නදී)

:       0       0

ඇසළ Thursday, 13 June 2013 01:30 PM

එතුමාව සිංගප්පුරුවට හරි නවලෝකෙට හරි අරින්න. (නි)

:       0       0

නිල්මිණී Thursday, 13 June 2013 01:34 PM

ලොකු ලොකු ඔක්කොටම ලෙඩ වෙන්නේ උසාවි ගිහාම තමයි. අනේ මන්දා. (ත)

:       0       0

රන්ජිත් Thursday, 13 June 2013 01:36 PM

මෙච්චර සල්ලි ගොඩක් නියෝජ්‍ය පොලිස්පතිකෙනෙකුට කොහොම ලැබුනාද වැරදි වැඩක් නොකර. ජනපතිතුමනි කරුණාකර ඔබතුමා මැදිහත් වී රට රැකදුන්නාසේ රටේ නීතියද රැකදෙන්න. (අ)

:       0       0

ලක්ෂ්මන් Thursday, 13 June 2013 01:41 PM

බලන්න නීතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන හැටි. (ත)

:       0       0

පෙරේරා Thursday, 13 June 2013 06:55 PM

ලොකු ලොක්කෝ හුඟක් අය අත්අඩංගුවට ගත්තම ඉස්පිරිතාලේ නවත්තන්න තරම් අසනීප වෙන්නේ මොකද දන්නේ නැහැ නේද? (ත)

:       0       0

රොහාන් Thursday, 13 June 2013 01:40 PM

ඔකොම ලෙඩ එන්නේ එක පාරටම නේ..(අ)

:       0       0

නීල් Thursday, 13 June 2013 01:42 PM

කොළඹ ජාතික රෝහලට නෙමෙයි වෙන රෝහලකටයි ගෙනියන්න තිබුනේ.(අ)

:       0       0

නෙතුමි Thursday, 13 June 2013 07:05 PM

මේ අයට අසනීප වෙනකොට දැනෙන වේදනාව තවත් මනුස්සයෙක් ඝාතනයේදී නොදැනෙනවා නොවෙයිනේ,,වරදක් කරන්න මත්තෙන් එහි ප්‍රතිවිපාක ගැන හිතුවානම් ඔය අසනීපත් නැනේ,, මිනී මරුවන් අල්ලන්න ඉන්න යම එහි වරදකරුවන් උනාම මොන නීතියක්ද,, මෙතුමා මෙහි වරදකරුද නැද්ද යන්න නම් දන්නේ නැහැ එත් එය කලානම් මේවා වලංගුයි,, (අ)

:       0       0

නිමල් පුනාන්දු Thursday, 13 June 2013 01:47 PM

මෙයත් ලෙඩෙක්ද? (අ)

:       0       0

ලෙස්ලි Thursday, 13 June 2013 01:46 PM

ලොකු අයෙක් වරදක් කර අසුවූ වහාම රෝහලට පොඩි අයෙක් වරදක් කර අසුවුනාම් බන්දනගරයට (අ)

:       0       0

කුමාර් Thursday, 13 June 2013 01:50 PM

එතුමාට මුකුත් මතක නැතුව ඇතිද දන්නෙ නැහැ දැන්? (නි)

:       0       0

කමල් Thursday, 13 June 2013 01:51 PM

සිංහයා වගේ හිටියට ලෝක ලෙඩෙක් නේ (අ)

:       0       0

sasith Thursday, 13 June 2013 01:51 PM

නියෝජ්‍ය පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා පැවසුවේ ඔහු දියවැඩියාව, අධිකර රුධිර පීඩනය හා හදවත් අසනීපයකින් පෙළෙන බවයි." නොදන්න නිසා අහන්නෙ.. මෙච්චර ලෙඩ තියෙන කෙනෙක්ට නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් වෙලා ඉන්න පුලුවන්ද ? (අ)

:       0       0

අසංක Thursday, 13 June 2013 01:52 PM

හොඳයි

:       0       0

අමිළ කටුනායක Thursday, 13 June 2013 07:22 PM

ලොක්කා පක්ෂය මාරු කරලාවත්ද?(නදී)

:       0       0

සන්ජය් Thursday, 13 June 2013 02:03 PM

ලෙඩ අත්අඩංගුවට ගත්තම තමා ඔක්කොටම ලෙඩ

:       0       0

සුමිත් Thursday, 13 June 2013 02:05 PM

එයාලට වෙනම එකක් (අ)

:       0       0

වන්නිගමගේ, රත්නපුර Thursday, 13 June 2013 02:03 PM

කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ඇඳින එපව් දුරුලන උපදේ සේ නුදුණ මැනවි තුන් දොර අවකා සේ (අ)

:       0       0

විමල් Thursday, 13 June 2013 02:08 PM

ඉල්ලා අස්කරගත්තු තවත් අපරාධ නඩුවක් වේවි මේකත් කවදාහරි (අ)

:       0       0

රාකිත Friday, 14 June 2013 08:39 AM

මේකට තමයි කියන්නේ බල්ලොත් එක්ක නිදා ගත්තම නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක කියල. (අ)

:       0       0

ලාල් Thursday, 13 June 2013 02:13 PM

ජරාව කෑවා නම් ලෙඩ හැදෙනවා. මේහෙම දෙයක් කළ නම් මේ ලෝකේ අයට පේන්නම පලදෙන්න ඕනේ. මිනිස්සු රජයේ සල්ලි වලින් වැටුප් අරගෙන මිනි මරණවා. (නදී)

:       0       0

අසංක Thursday, 13 June 2013 02:12 PM

අනේ! මටත් උණ ..(අ)

:       0       0

මුන්සීර් Thursday, 13 June 2013 02:16 PM

අත්අඩංගුවට ගත්ත ගමන් අසනීප වෙනවා ඔක්කොමලට .(අ)

:       0       0

බණ්ඩාර Thursday, 13 June 2013 02:16 PM

රටේ සියලු බන්ධනාගාර ජාතික රෝහල් බවට පත්කරන්න තියෙන්නේ (අ)

:       0       0

ෂෙල්ටන් Thursday, 13 June 2013 02:16 PM

මොනවා කරන්නද. (අ)

:       0       0

ප්‍රනාන්දු Thursday, 13 June 2013 02:16 PM

පුදුම වැඩක් ඇතුලට ගත්ත ගමන් අසනීප වෙනවා සේරම (අ)

:       0       0

සංජීව Thursday, 13 June 2013 02:17 PM

කව්ද හරි කව්ද වැරදි කියන්න අපි දන්නේ නැහැ.. නමුත් දාල තියෙන ප්‍රතිචාර නිසා කියන්නේ,, හැම දෙයකම දෙපැත්තක් තෙයෙනවා ,, බුද්දියෙන් හිතන්න .. මේ මනුස්සය ගොඩක් වැඩකරපු කෙනෙක් .. සමහර විට ලොක්කෙකුට දඬුවම් දුන්න ද දන්නේ නෑ තරාතිරම නොබලා,, , මේ ඒවායේ ප්‍රතිපල වෙන්නත් පුළුවන්, (අ)

:       0       0

සනත් Thursday, 13 June 2013 02:17 PM

එතුමාව සිංගප්පුරුවට යවන්න (අ)

:       0       0

විධාන Thursday, 13 June 2013 02:19 PM

සකලවැසි මුස්ලිම් ජනතාවම පෙරට ඇවිත් මේ මිනී මැරුම් නවත්වනවා නම් අපි ඔවුන්ට ගරු කරමු.(නදී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 13 June 2013 02:19 PM

බලන් යද්දි ලොකු තෑන්වල ඉන්න ඔක්කොම ලෙඩ්ඩුනෙ (අ)

:       0       0

හේරත් Thursday, 13 June 2013 08:08 PM

බොරු වලක වැටිලා. මේ වෙලාවට ආතතිය සීමාවක් නෑ. කාටත් හොඳ පාඩම්.(නදී)

:       0       0

සනත් Thursday, 13 June 2013 02:23 PM

මෙයාට මේච්චර කල් කිසිම ලෙඩක් නැතුව හිටියා. එක පාරටම අසනීප ගොඩක් හැදිලා. (නදී)

:       0       0

රන්දි Thursday, 13 June 2013 08:13 PM

මංජු ,සිල්වා ,නිමල් ,සමන් රණසිංහ , මමත් ඔයාල වගේම තමා මේ පුද්ගලයාව දකින්නේ. ඔයාලට ගොඩක් ස්තුතියි මනුෂත්වයෙන් බුද්ධියෙන් යමක් දිහා දකින්න පුරුදුවෙලා තිබීම ගැන. ගම්පහ කාගේ හෝ උදහසට ලක්වෙලා කියල තමයි මටත් කියන්න තියෙන්නේ. මෙයා ඊලග පොලිස් පති වෙලා අවොත් දන්නවා ලංකාවේම දේශපාලන කෙරුවාවල් වැඩ වරදින වග. ඊට පෙර හොදා මේ විදියට ඇගපුරාම ගදගහන අසූචි ගොඩක් තැවරුවාම. අපි බලමු මෙයාගේ මොන වරදක්ද ජනතාවට පෙන්නන්නේ කියලා. එහෙම නැතිනම් හස්තයක්නම් මෙයාට හිරෙන් එලියට එන්න දෙන් නැහැ , එක තමයි කෝකටත් තෛලය කියලා හාර්ට් අටැක් එක මුල් වෙලා තියෙන්නේ? සියල්ලම නිදහස් මැරුණම. ඇයි හාර්ට් ඇටෑක් නේ.(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 13 June 2013 02:26 PM

ඇස් වහට ලෙඩ වෙන්න ඇති..(අ)

:       0       0

පෙරේරා Thursday, 13 June 2013 02:28 PM

ඔහු වෛද්‍ය හේතුන් මත රාජකාරියට යෝග්‍ය නැති නිසා පොලිස් සේවීයෙන් අස්කළ යුතුයි.(නදී)

:       0       0

චතුර Thursday, 13 June 2013 02:29 PM

මම කියන දේ සාදාරණද බලන්න. එය ඔයාලට බාරයි. මහ ලොකුවට මනුස්සකම සාදාරණය, මානව හිමිකම් ගැන අපි කතාකරනවා. ඒත් දුප්පත් මිනිහෙකු වරදක් කලාම ඒ මිනිහව කෙලින්න්ම හිර ගෙදරට දානවා. ඒත් මුදල් තියෙන බලය තියෙන මිනිසෙකු වරදක් කල සැනින් අසනීප වෙනවා. එහෙම වෙන්නෙ කොහොමද. පෙරකදෝරුවොත් ලැජ්ජා නැතිව මුදල් වලට රටේම බොරු කියනවා. අපරාද කරපු ලොකු අය වෙනුවෙන්. ඒවට ඉහල අය සවන් දෙනවා. පවු අහිංසක මිනිහෙකුට වරදක් කරාම මේ මොනවත් වරප්‍රසාද නැහැ. හිරගෙදර නිදාගන්න, නාන්න,ගෙදර අය අවාම හරියට කතාකරන්න වෙලාවක් නැහැ. අසරණයා හැමදාම අසරණ වෙනවා. තියෙන කෙනා බලවත් කෙනා වරද කරනකොට හොද සනීපෙන් ඉන්නවා. අහු වුණ ගමන්ම ලෙඩ වෙනවා. මිය ගිය අයගෙ පවුලේ අය කදුලු බොන කොට අපරාදකරුවො රජ සැප විදිනවා. මේවා ගැන නැති මිනිහටත් එක ලෙස සලකන්න ඕනා.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 13 June 2013 02:30 PM

පක්ෂපාති අපරාධකරුවන් නිදහස් කිරීමේ මුල්ම පියවර මෙයයි. සමහරවිට හදිසි හදවත් සැත්කමකට සිංගප්පුරු ගොස් මොකොවත් මතක නැතුව ලංකාවට පැමිණ මීට වැඩ ලොකු ධූරයක් බාර ගනියි. (ත)

:       0       0

කුමාරි Thursday, 13 June 2013 02:35 PM

අනේ මන්දා. මගේ රටට දළදා හිමිසරණයි.(නදී)

:       0       0

තිසල් Thursday, 13 June 2013 02:41 PM

මේකත් ලංකාවේ ඉක්මනින්ම විසදිය යුතු ප්‍රශ්නයක්. ලොකු අය වැරදි කරපු ගමන් රෝහල් ගතවෙනවා. එහෙම වෙන ලෝකයේ එකම රට. වැරදි කරන ලොකු අයට සැප විදින්නට තියන ක්‍රමයක්. ඒත් කවුරුත් මේක නවත්වන්නට යන්නේ නෑ. මොකද ඔක්කොම අය දන්නවා තමනුත් මේ විදිහට කවදාහරි ගැලවෙනවා කියලා. පුදුම නීතියක්. ලොක්කන්ට අපරාධ කර ගැලවෙන්නට තිබෙන මේ සිදුරු වහන තුරු අපරාධ නවතින්නේ නෑ. ඒත් අපි හරිම අපක්ෂපාත අදිකරණයක් කියන ඔය කිසිවෙක් මේවා වෙනස්කරන්නේ නෑ.(නදී)

:       0       0

ශීලා Thursday, 13 June 2013 09:00 PM

රංදි, සිල්වා,නිමල් ...ඔයාල බලන්නේ මොන කන්නාඩියෙන්ද. කෝටි ගණන් බිරිදගේ, පුතාගේ නමට සල්ලි ආවේ කොහොමද? ඒක ටිකක් සැක නැද්ද. මෙයා අම්බලන්ගොඩ කෙනෙක්. මම දන්නවා ඔවුන් සාමාන්‍ය මධ්‍යම පන්තියේ මිනිස්සු. දැන් කෝටිපතියෝ. මෙයා සම්බන්ද ගොඩක් දේවල් තියෙනවා. පස්සේ එළිවෙවී. මේවා අසුච් ගහන්න ලියපු කතා නොවේ හරිද.?(නදී)

:       0       0

සරත් Thursday, 13 June 2013 09:12 PM

මේ කතාවේ අන්තිම ජවනිකාව රහස් පොලිසි යේ ලොක්කා මරු කරන එක. ඔන්න බලන්න කෝ වෙන දේ..(අ)

:       0       0

ලාල් Thursday, 13 June 2013 02:56 PM

මෙයා ඇමැති කෙනෙක්ගේ නෑයෙක් ද? (ත)

:       0       0

කැන්ඩියන් කොල්ල Thursday, 13 June 2013 09:15 PM

වාස් ගුණවර්ධන මහතාටත් කඩේ යන්න කට්ටිය ඉන්නවා .අද කාලේ මොනවා උනත් ආණ්ඩුවේ වැරද්ද . මේක පෙරලලා වෙන ආණ්ඩුවක් අවම එකටත් ඔයදේම තමා. කොහොමත් අපි සිංහලයන් ඈත අතීතයේ සිටම එක එකට කඩේ යන එකනේ කරේ . කාලය වෙනස් උනාට කඩේ යේම වෙනසක් නැහැ (අ)

:       0       0

සර් යුනිට් ඉතාලි Thursday, 13 June 2013 09:18 PM

අනේ මන්දන්නේ නැහැ .මොකද මේ හෙම එකටම ආණ්ඩුවට බනින්නේ . තාම මේකේ සුල මුල එළිවෙලා නැහැ . පන්මලු අරන් ෂොපින් කරන අය ප්‍රතිචාර දාන්නේ (අ)

:       0       0

රත්නසිරි Thursday, 13 June 2013 02:59 PM

ලාල් දන්නේ නැද්ද?(නදී)

:       0       0

නාමල් Thursday, 13 June 2013 02:59 PM

මෙයා අපේ රට කාලා තියෙන්නේ.(නදී)

:       0       0

පියල් Thursday, 13 June 2013 03:01 PM

මගේ අම්මේ ලෙඩ ගොඩක්නේ. තියෙන්න ඕන ඔක්කොම තියෙනවා වගේ. මේ බෝවෙන ලෙඩ වලින් අපි පරිස්සම් වෙන්න ඕනා.(නදී)

:       0       0

සරත් Thursday, 13 June 2013 03:05 PM

අර දුමින්ද යැව්ව රෝහලටම ඒ යවපු කෙනාම ඉක්මන් කරලා මෙයාත් යැවිවා නම් හරි. නැත්නම් පවුලේ කට්ටියත් කොන්වල ඉන්න නිසා සාක්කි රටෙන් මුදාහරින පිට රට රෝහල් ප්‍රතිපත්තිය පොලිස් මහත්තයටත් අස්වැසිල්ලක් වේවි. (නදී)

:       0       0

කමල් Thursday, 13 June 2013 09:43 PM

මේ මනුස්සයා විසදපු අපරාධ ගැනවතු පොලිස් දෙපාර්තමේන්තුව හිතලා නෑ. (ත)

:       0       0

සොමිදු දිවාකර Thursday, 13 June 2013 09:45 PM

වාස් මහත්තයා කහවත්තට යනකම් සී.අයි.ඩී එකටවත්, වෙන කාටවත් බැරි වුනා ඒ අපරාධ නවත්වන්ඩ. ඒ කේ කෙළෙහි ගුණවත් තියන්නේ නැහැ. අපේ වාස් මහත්තයව ඉක්මනින් නිදහස් කරන්ඩ.(නදී)

:       0       0

අමල් කරුණාරත්න Thursday, 13 June 2013 09:48 PM

කහවත්තේ ඝාතන දිගටම සිදුවෙද්දී එහෙ කට්ටිය නැගී සිටියා නේද? ඒ වගේම එහේ අපරාධ නවත්තපු නායකයව බේරලා දෙන්න කියලත් නැගී සිටින්න.(නදී)

:       0       0

සමනලී Thursday, 13 June 2013 09:49 PM

කොළඹ කටුගෙයි හොරකමේ කන් ගැට්ටා වගෙයි නේද?(නදී)

:       0       0

අමල් කරුණාරත්න Thursday, 13 June 2013 09:51 PM

මේක වාස් ගුණවර්ධනට අටවපු උගුලක්.(නදී)

:       0       0

අතපත්තු Thursday, 13 June 2013 03:13 PM

වැරැද්දක් කළා නම් නීතියෙන් ගැලවෙන්න ලැබුනත් ,ස්වභාව ධර්මයෙන් ලැබෙනවා දඩුවම් (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 13 June 2013 03:22 PM

අනේ මන්ද රටකට යන කලක්. බලන් ගියාම ඔක්කොම උසාවියට ගියාම ලෙඩවෙන අයනේ ඉන්නේ. (ත)

:       0       0

ඉන්දික Thursday, 13 June 2013 03:26 PM

චතුර ඔබ සමග 100% ක් ම එකගයි.(නදී)

:       0       0

සනත් ඉන්දික Thursday, 13 June 2013 03:24 PM

මට ආසයි හිනා වෙන්න.(නදී)

:       0       0

චන්දි Thursday, 13 June 2013 03:26 PM

ඇත්ත නේන්නම්. අපේ ‍ලොක්කෝ ඔක්කොටම තියෙන ලෙඩ ටික අත්අඩංගුවට ගත්ත නිසා හොයා ගන්න පුළුවන් වුණා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1475 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 941 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1420 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1001 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 570 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1026 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site