හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා රහස් පොලීසියේ සහකාර අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ට තර්ජනය කළැයි කියන සිද්ධිය ගැන නීතීපති උපදෙස් පතා ඇතැයි පොලිස් විශේෂ අංශයේ ස්ථානයේ ස්ථානාධීපති සී ඩබ්ලිව් වික්‍රම සිංහ මහතා අද (26) අධිකරණයට දැන්වීය.
ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වද්දී හිටපු නියෝජ්‍ය පොලිස්පති තර්ජනය කළැයි කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ මේ පැමිණිල්ල ඉදිරිපත් කැර ඇත.
වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා කියා සිටියේ සාක්කි නැතුව මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් තම සේවා දායකයා අත්අඩංගුවට ගෙන දැන් නඩු පටලවා සාක්කි සොයන බවයි.
පොලීසිය එවැනි දේ නොකරන බව පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතා පැවසීය.
ලබන සැප්තැම්බර් 4 වැනිදා තෙක් වාස් ගුණවර්ධන රිමාන්ඩ් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි
පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය
ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වාස් ගුණවර්ධන වෙන නඩුවකට යළි රිමාන්ඩ්
මුණසිංහ Tuesday, 27 August 2013 07:40 AM
ගාල්ලේ වාස් මහත්මය ඉන්න කාලේ බද්දේගම පැත්තේ 5 දෙනෙක් අතපය බැදලා මරල දාල තිබ්බා. ඒක ගැන පරීක්ෂණ නැත්ද? ඔවුන් සියලු දෙනා අහිංසකයන් බව ප්‍රදේශවාසීන් දන්නවා.(නදී)
ගිම්හානි Monday, 26 August 2013 12:17 PM
කවදාම හරි සත්‍ය ජය ගන්නවාමයි.එය වළක්වන්න කාටවත් බැහැ.වාස් මහතාණනි ඔබ කව්ද කියා දන්නෝ දනිති ,ඔබට දෙවි පිහිටයි (නි)
යසවතී Monday, 26 August 2013 12:55 PM
ඇතුලේ තියෙන සැප හැටියට ඕක මොකක්ද? නොමිලේ කාලා බිලා ඉන්න එකනේ ආරක්ෂාවකුත් සමඟ. (ස)
තබුක් සිල්වා Monday, 26 August 2013 02:03 PM
මෙතුමා දක්ෂ නිලධාරියෙක්. මට පේන විදියට මෙතුමට දේශපාලන කරලියේ කීප දෙනෙකුට හිසරදයක් වුනා මෙතුමා රාජකාරිය හරියට අකුරට කරපු නිසා.අපේ පොන්සේකා මහත්තයට වගේ ජම්පරය ගස්සන්නයි සැලසුම් කළේ. තක්කඩින් මෙරට දේශපාලනය කරන තුරු අවංක නිලධාරීන්ට අවංකව තම රාජකාරිය කරන්ඩ බැහැත කකුලෙන් ඇදලා වට්ටන්නනයි හදන්නේ.(නදී)
උපාලි Monday, 26 August 2013 02:06 PM
දෙපාර්තමේන්තු ඇතුලේ මොනවා වෙනවද කියල අපි දන්නේ නැහැ. නමුත් කල නරක් වුනාම කට ඇතුළු හැම අවයවයක්ම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන කියන එක තේරුම් ගත යුතුයි. ශානි අබේසේකර වැනි කීර්තිමත් නිලධාරියෙකුට තර්ජනය කළා නම් එසේ කරද්දී එවැනිම තවත් කීර්තිමත් නිලධාරියෙකු වූ සමුද්‍රජීවට තර්ජනය කරපු ලොක්කට සිදුවුණ දේත් කලපනාවට ගත යුතුව තිබුනා. (නදී)
ජගත් ලියනගේ Monday, 26 August 2013 04:41 PM
වාස් ගුනවර්දන මහත්තය නම් බබෙක් වගේ.(නදී) .