IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වාස් තවත් මාස තුනකට රිමාන්ඩ්

බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු පස් දෙනකු තවත් මාස තුනකට රිමාන්ඩ් කිරීමට විශේෂ මහාධිකරණය අද තීන්දු කළේය.

විශේෂ මහාධිකරණ සභාපති රෝහිනී වල්ගම විනිසුරුවරිය, ලලිත් ජයසූරිය හා ලියෝන් සෙනවිරත්න විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ප්‍රකාශ කළේ වසරක් රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවකුගේ ඇප යළි දීර්ඝ කිරීම සඳහා නීතිපති පෞද්ගලිකවම පෙනී සිටිය යුතුයැයි විත්තියේ නීතීඥවරුන් ඉදිරිපත් කළ තර්ක පිළිගත කළ නොහැකි බවයි.

වාස් ඇතුළු පස් දෙනාගේ රිමාන්ඩ් කාල සීමාව ලබන සතියේ අවසන් වීමට නියමිතය. මහාධිකරණ තීරණය අනුව ඔවුහු මාස තුනක් යළිත් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

එහෙත් වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳුගේ රිමාන්ඩ් කාලය තවමත් බලපැවැත්වෙන හෙයින් අධිකරණය ඔහුගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කළේ නැත.

නඩු විභාගය ලබන 16 වැනි දා ඇරැඹීමට නියමිතය.

 



අදහස් (0)

වාස් තවත් මාස තුනකට රිමාන්ඩ්

සරත් බණ්ඩාර Friday, 06 June 2014 02:07 PM

අනේ ,වාසනාවන් .තව ටිකක් විවේක ගන්න. (ස)

:       0       0

චමිල Friday, 06 June 2014 02:51 AM

කිරි කළේට ගොම බින්දුවක් වැටුනා වගේ දෙයක් ඔහුටත් සිදු උනේ. මුදල් වලට තිබෙන කෑදර කමට තමයි තමන්ගේ පුතාවත් ඇදගන මෙවැනි අපරාදයක් කලේ. කොපමණ උසස් වීම් ලද කෙනකු උවත් දැන් ඔහු නීතියෙන් අපරාද කාරයෙකි. මිනී මරන්න බලය යොදවන කාටත් මෙය හොද පාඩමකි. ඔහුන්ව නීතියට කොටු කරගත් නිලදාරින්ට අපේ ස්තුතිය (නදී)

:       0       0

කසුන් Saturday, 07 June 2014 10:47 AM

කරන කලට පව් මිහිරිය පැණි සේ, විදින කලට දුක් මිහිරිය දැඩි සේ. වාස් ගුණවර්ධන කියන්නේ බලය අනිසි ලෙස භාවිත කරලා මිනි මරපු කෙනෙක්. ඔහොම යන්. තව ටිකක් නිදහසේ කරපු වැරදි මතක් කරගන්න ලැබුණ අමතර බෝනස් කාලය වටිනවා. (ස)

:       0       0

අහිංසා Thursday, 05 June 2014 06:39 PM

වාස් කියන්නේ කලක් පොලිසියේ සිටි නීතිගරුක නිලධාරියෙක්.පසුව යම් යම් හේතු මත ඔහු වෙනස් වෙන්න ඇති.ඕක තමයි අපේ රටේ ස්වභාවය. (නි)

:       0       0

පිටිගල Thursday, 05 June 2014 06:49 PM

ශ්‍රී ලංකා පොලිසිය බැබලවූ දක්ෂ පොලිස් නිලධාරියෙක්. ඔහුට වු දෙය නම් අපරාධයක්. (නදී)

:       0       0

පද්මිණි Friday, 06 June 2014 11:06 AM

මේ නිලධාරියා කොටකෙතන ස්ත්‍රී මිනි මැරුම් ඉවර කරපු දක්ෂ නිලධාරියෙක්. මගේ නම් අදහස නිතිය හරියට කෙරෙනවද යන්නයි. (දිල්)

:       0       0

නිල්මිණි Thursday, 05 June 2014 07:34 PM

පිටිගල,ගොඩක්ම වැරදි කරන අය තමයි සමාජයේ බැබළීමෙන් වැරදි වහගන්න හදන්නේ (නි)

:       0       0

චානක. Friday, 06 June 2014 11:40 AM

අහිංසා.... කන්නේ පිදුරුද?(දී)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 05 June 2014 08:11 PM

පිටිගල , නිල්මිණි, දිළිසෙන සියල්ල රන් නොවේ (නි)

:       0       0

ගිහාන් Thursday, 05 June 2014 08:15 PM

මම නම් හිතන්නේ උසස්වීමේ නල දත ආවිට බලය උරගා බලන්නට හිතෙනවා. එතකොට අතට පයට නොලැබෙන දෙයක් නැහැ. නීතිගරුක පුද්ගලයන් නීතිය හසුරුවන්නන් බවට පත්වෙන්නේත් ඉන් පසුවයි. මෙතුමා කළ අමිල සේවාවන් අපි නොයෙක්වර අසා තිබෙනවා. එතුමා කලෙක වීරයෙක් වුණා වගේම සතුරන්ද හදා ගනු ලැබුවා.බලය නිසා ළං වන උඩඟුව විසින් නිහතමානීකම පන්නා දමනවා. අතීතයත් අමතක කරවනවා. කෙසේ වෙතත් මේ අන්දරය ශෝකාන්තයක් නොවේවායි පතමු. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 05 June 2014 08:56 PM

අෂ්ට ලෝක දර්මය අනුව කල පව් පලදෙන බව කොයි අප්පුහාමිත් දැන ගන්න ඕනා. තොප්පිය හරි නම් දාගන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 492 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 195 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 560 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 424 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2442 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 2352 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37070 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24420 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 604 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site