IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


විස දමා සතුන් මැරීමේ ජාවාරමක්

( එම්. කේ. නන්දසේන)

මේ දිනවල පවතින දැඩි නියං තත්වයන් සමග බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කරගනිමින් ජල කඩිති වලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම ඇතුළු ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතා සහ යාල උද්‍යානය භාර නිළධාරි මනෝජ් විද්‍යාරත්න මහතා පැවසීය. 

වන සතුන් බහුලව ගැවසෙන යාල ජාතික උද්‍යානය ඇතුළු රක්ෂිත සීමාවන්හි වැව්, ජලකඩිති සිදීගොස් ඇති නිසා ජලය සොයා යන වනසතුන් ඉලක්ක කර ගනිමින් සිඳී ගිය ජල කඩිති වලට සහ කුඩා වලවල් හාරා ඉටි බෑග් තුලට ජලය පුරවා ඒවාට කෘෂි රසායනික ද්‍රව්‍ය මිශ්‍රකොට වනසතුන් මරා දඩමස් ජාවාරම ඉතා සරුවට සිදුකරන බවත් වනජීවි නිළධාරීහු පවසති.   

දඩයක්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවා රාත්‍රී දෙකෙහිම වනජීවී නිලධාරීන් විශේෂ මුර සේවාවන්හි යොදවා ඇති බව ද වනජීවී නිලධාරීහු කියති.

 

 



අදහස් (3)

විස දමා සතුන් මැරීමේ ජාවාරමක්

Indika Wednesday, 16 August 2023 03:36 PM

ලංකාවේ තරම් කෘහක මිනිස්සු කොහෙවත් නැහැ.

:       0       14

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 16 August 2023 04:53 PM

වාලම්පුරි (බෙලිකටු) අල්ලන්න නම් එස්.ටී.එෆ් රංචු වශයෙන් රටපුරා යොදවලා තියෙනවා. ඒත් පණ ඇති වන සතුන් මරා මස්කොට විකුණන මස් වැද්දන් අල්ලන්න ඒ තරම් උනන්දුවක් තියෙනා බවක් පේන්නට නැහැ. ඒ මේ රටේ හැටි....!

:       0       12

nimal Wednesday, 16 August 2023 05:29 PM

ජල කඩිති වලට වස විස දමා හෝ වෙනත් ආකාරයකට වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම පමණක් නොව වෙනත් ප්‍රදේශවලද ක්‍රියාත්මක වේ . "මෙම අමනුෂ්‍ය ක්‍රියාව ප්‍රචාරණය වුවහොත් සංචාරක කර්මනත්යට දැඩිලෙස බලපෑමක් එල්ල කරනු ඇත." වෙනත් මස් මාංශ හෝටල් සහ සංචාරකයින් විසින් ප්‍රතික්ෂේප කරනු ඇත... අලෙවි කර ගැනීමට නොහැකිවනු ඇත. වනසතුන් දඩයම් කිරීම පිළිබඳ නීති ක්‍රියාත්මක විය යුතුවේ...

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා ඔසු සල් අරින්න යයි
2024 ඔක්තෝබර් මස 14 2090 0

ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 897 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා
2024 ඔක්තෝබර් මස 14 1266 0

පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.


පොහොර සහනාධාරය අද සිට
2024 ඔක්තෝබර් මස 14 216 0

රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ශිෂ්‍යත්වය ගැන කොමසාරිස්ගේ තීරණය
2024 ඔක්තෝබර් මස 14 890 0

ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.


ත්‍රිරෝද රියදුරු මරා පුංචි ලෝකාන්තයට දාලා
2024 ඔක්තෝබර් මස 14 991 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු මඩොල්සිම පුංචිලෝකාන්තය අසල ට රැගෙන ගොස් පහරදී සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ ප්‍රපාතයට ඇද විසිකර දෑමූ බව ක


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 377 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 440 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1392 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site