IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වීසා නිකුත් කිරීමත් කොම්පැණියක​​ට

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා මෙතෙක් කලක් වීසා නිකුත් කළ ක්‍රමවේදයෙන් ඉවත්ව වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික ආයතනයකට ලබාදීමේ සැලසුමක් ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙතෙක් කලක් විදේශිකයන්ට වීසා නිකුත් කළ ක්‍රමවේදය නිසා එහි සම්පූර්ණ ආදායම මෙතෙක් කලක් ඍජුව ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලැබුණු බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග මෙම කාර්යය බාහිර පාර්ශව අතට පත් කිරීමෙන් විශාල ආදායමක් අහිමිවීමේ අවදානමක් ඇතැයිද පෙන්වා දෙයි.

මහා පරිචයක් නොමැති, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් විසින් දේශපාලන අවශ්‍යතා මත ගත් තීන්දුවක් මත වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික ආයතනයකට ලබාදීමේ සැලසුමක් ඇතැයි සඳහන් කරන එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග රටේ අවශ්‍යතාව සහ දේශපාලන අවශ්‍යතා යනු දෙකක් බවද අවධාරණය කරයි.

 



අදහස් (18)

වීසා නිකුත් කිරීමත් කොම්පැණියක​​ට

ranjith Wednesday, 27 March 2024 11:06 AM

මේ විදිහට ඔක්කොම පුද්ගලික අංශයට දෙනවා නම් ආණ්ඩුවක් මොකටද ඡන්දෙට කළින් ඔක්කොම ඉවර කරයි වගේ...!

:       1       17

samanWednesday, 27 March 2024 05:41 PM

ආණ්ඩු ඕනේ රට පාලනය කරන්න මිසක් බිස්නස් කරන්න නෙවෙයි...

:       5       6

SAMWednesday, 27 March 2024 05:56 PM

වීසා නිකුත් කිරීමත් කොම්පැණියක​​ට ලබාදීමට ගෙන තිබෙන්නා වූ තීරණයට හේතුව කුමක්ද?

:       0       5

sam Wednesday, 27 March 2024 11:11 AM

පාර්ලිමේන්තුවේ හරක් රැළ එළවලා ඒකත් කාටහරි, කීයකට හරි විකුණලා දැම්මොත් නරකද?

:       1       12

පිටරටවැසියා Wednesday, 27 March 2024 11:37 AM

ඔක්‌කොම විකුණන් කන එකේ බැරිද දියවන්නාවත් විකුණලම දාන්න 225ත් එක්කම ???

:       1       23

shanthaWednesday, 27 March 2024 07:00 PM

ඔය කට්ටියව කවුද ගන්නේ? ලොකු බෝම්බයක් අරන් ඇවිල්ලා උඩින් අතහැරියා නම් ඉවරයි..!!!

:       0       0

ravin Wednesday, 27 March 2024 12:44 PM

රටේ අවශ්‍යතාව සහ දේශපාලන අවශ්‍යතා යනු දෙකක් බවද අවධාරණය කරයි. නිදහසින් පසු මේ දෙක එකුවුණා නම්? අද මේ රට සුරපුරයක්... අඩුම ගානේ අනාගතයදීවත්...?

:       0       9

ranjith Wednesday, 27 March 2024 01:42 PM

රටේ අවාසනාවක තරම. රටට ආදරේ කරන ජාතික නායකයෙක් කවදා බිහිවෙනවාද?

:       0       6

Prabha Wednesday, 27 March 2024 03:58 PM

ආගමන විගමන එකේ අය හරියට වැඩකරනවා වගේ කතාව...

:       0       8

පිටරටවැසියෙක් Wednesday, 27 March 2024 04:34 PM

ආගමන විගමනේ අයත් මෙලෝම රහක් නැති වැඩ තමයි කරන්නේ. විදේශිකයින්ට ලංකාව එපාවෙන වැඩ තමා මේ ගොල්ලන් කරන තරමක් කරන්නේ. 2023 ජනවාරි ලංකාවට එද්දී දින 180 ක් දක්වා සංචාරක වීසා ලබාගන්න අවස්ථාව තිබුණා. එමඟින් අමතර කාලයක් ලංකාවේ ඉන්න බලාපොරොත්තු වුණු සංචාරකයින්ට කොළඹ රස්තියාදු නොවී වැඩි කාලයක් රට තුළ රැඳී සිටින්න හැකියාවක් ලැබුණා. නමුත් 2024 දී වෙබ් අඩවියේ තියෙන දේට හාත්පසින්ම වෙනස් විදියට දින 30 ක් පමණක් වීසා ලබාදී ගාස්තුව ඩොලර් 35යි. එම දින 30 අවසානයේ තවත් දින 30 කට වීසා ගාස්තුව කොළඹ රස්තියාදුවත් සමඟ රු.31000 ක් හෝ ඩොලර් 100 ක් පලවෙනි වීසා ගාස්තුව මෙන් 3න් ගුණයක් කරලා. මේ ඔලමොට්ටල තීරණයේ පලවිපාක දැනෙන්නේ දැන් නොවෙයි. මේ අස්ථාවට මුහුන දී සිය රට බලාගිය සංචාරකයින් දෙන අදහස් උදහස් අනුව ඉදිරි වර්ෂවලටයි. මෙම අවස්ථාවට මුහුණ දුන් සංචාරකයින් වැඩිදෙනෙක් සඳහන් කලේ නැවත ලංකාවට එන්නේ දින 30 කට පමණක්ම බවයි. ඔවුන් ලංකාවට පැමිණිමට සිටින අයටත් මෙම පණිවිඩය ලබාදෙනු නිසැකයි. මේ මොට්ටයින්ට තේරෙන්නේ නැද්ද සංවාරකයෙක් ලංකාවට එන්නේ කාර්යාලවල පෝලිම් ගානේ රස්තියාදු වෙන්න නෙවෙයි ලංකාවේ සංචාරය කරන්න කියලා.

:       0       10

පිටරටවැසියා Wednesday, 27 March 2024 04:39 PM

ඔය කියන විදියේ මනා පරිචයක් තියෙනවා නම් සංචාරකයින්ව රස්තියාදු කරන එක නවත්තලා දින 30, 60, 90, 120, 150 සහ 180 යන විදියට බෙදලා ඒ කාල සීමා වලට අදාළව ගාස්තු නියම කර ඔන්ලයින් වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හදන්න. පළවෙනි දින 30ට ඩොලර් 35 කුත් ඉළඟ දින 30 ට ගහෙන් ගෙඩි එන්නා වගේ ඩොලර් 100 කුත් අය කරන ඔලමොට්ටල තීරණ ගන්නේ නැතුව...

:       0       9

shanthiniWednesday, 27 March 2024 07:29 PM

එහෙම ක්‍රමයක් තිබුණා. කවුරුත් රස්තියාදු වුනේ නැහැ. මේ ඔක්කෝම කණපිට හරවනවා...

:       0       3

chandima Wednesday, 27 March 2024 05:53 PM

යන්න කළින් අවුරුදු ගාණකට ගිවිසුම් ගහලා කොමිස් එක කළින්ම මාරුවෙන්න යන්නේ? පිට රටකට නම් එන්න එපා...

:       0       1

Ranjan Wednesday, 27 March 2024 06:57 PM

ජාතික ජනබලවේගය රජයක් පත්වුණු වහාම ඔය කට්ටියට අකුලාගෙන යන්න වෙනවා. "වීසා නිකුත් කරන්නේ ආණ්ඩුවෙන් පමණයි - ව්‍යාජ කොම්පැනිවලට නොරැවටෙන්න " කියලා සියලුම තානාපති කාර්යාලවලට දන්වන එක පමණයි තියෙන්නේ...

:       2       3

Perera Wednesday, 27 March 2024 07:27 PM

ඉමිග්රේෂන් සර්විස් සෙන්ටර් කියලා මලදානෙකුත් දැන් තියෙනවා. ඔයකාගේ හරි ඇමැතියෙකුගේ බොක්කක් වෙන්න ඇති. කාලයකට ඉහතදී දවස් 30, දවස් 60 වගේ විසා වෙනස් වෙනස් අයකිරීම් අනුව දුන්නා. ඒ ක්‍රමය කාටත් පහසුයි, රස්තියාදුවක් නැහැ. මොවුන් ඔක්කොටම පිස්සු !!!

:       0       6

sarath Wednesday, 27 March 2024 08:29 PM

ආගමන, විගමන දෙපාර්තමේන්තුව වීසා ලෙහෙසියට සහ පහසුවට දෙන්නේ රොටි කන ඉන්දියන් කාරයින්ට, රුසියන්කාරයින්ට තායිලන්තයේ, වියට්නාමයේ වැනි එදාවේල හොයාගෙන කන්න බැරි බහුතරයක් ඉන්නා රටවල මිනිස්සුන්ට ලංකාවට ඇවිත් හොඳට සල්ලි වියදම් කරන යුරෝපේ රටවල මිනිස්සුන්ට අර විදිහට වීසා දෙන්න මෙගොල්ලන්ට කිසිම වුවමනාවක් නෑ, මේ ගොල්ලන් බලන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරේ විනාශ කරන්න. කොහොම හරි පගාව ගහන්න බලන හොර හැත්තක් මෙහෙ ඉන්නේ..!

:       0       3

Nihal Thursday, 28 March 2024 01:59 AM

ප්‍රශ්න නිසා ලංකාවට සංචාරකයන් දෙවනි වතාවට එන්නෙම නෑ ,ඔවුන් යන්නේ තායිලන්තයට

:       0       0

Perera Thursday, 28 March 2024 03:41 AM

කම්පැනිය කාටද අයිති ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 185 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 600 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 262 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 697 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2015 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2293 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38484 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site