IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘වීසා නීති කඩ කළේ නෑ‘

උතුරේ මානව හිමිකම් හා වර්තමාන දේශපාලන තත්ත්වය ගැන ඕස්ට්‍රේලියා හා නවසීලන්ත පාර්ලිමේන්තු වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණියේ පර්යේෂණයක් සඳහා විශේෂ ව්‍යාපෘති වීසා ලබා ගැනීමෙන් බවත්, ශ්‍රී ලංකාවේ වීසා නීති කිසිත් කඩ කර නැති බවත් හරිත පක්ෂයේ ඕස්ට්‍රේලියා සෙනට් මන්ත්‍රී ලී රෙනොන් හා නව සීලන්ත හරිත පක්ෂයේ මන්ත්‍රී ජෑන් ලෝගි කියති.

ඔවුහු නව වැනිදා දෙමළ ජාතික සන්ධානය සමග වව්නියාවේ ද, පසුව කොළඹ දෙමළ ජාතික සන්ධාන කාර්යාලයයේ ද සාකච්ඡාවක් පැවැත්වූහ.

උතුරේ මානව හිමිකම්, එහි වත්මන් දේශපාලන තත්වය, යුද්ධයෙන් අවතැන්වූවන් යළි පදිංචි කිරීම වැනි කරුණු ගැන සාකච්ඡා කළහ.

වවුනියා සාකච්ඡාව පුවත්පත්වලට තහනම් කැර තිබිණි.

තමන් ශ්‍රී ලංකාවට ආවේ තොරතුරු සෙවීමේ කාර්යයකට බව හරිත පක්ෂය කියයි.

මේ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ සරවනබවන්,  උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පී සත්‍යලිංගම්, උතුරු පළාත් ධීවර හා ප්‍රවාහන අමාත්‍ය පී ඩෙනිෂ්වරන්, උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන නියෝජිත ජී ලංගනාදන් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

 



අදහස් (0)

‘වීසා නීති කඩ කළේ නෑ‘

දොන්ත Sunday, 10 November 2013 03:33 PM

ලංකාවට කිසිම සුදේදෙකුට එන්ඩ නොද්දුනොත් හොඳ මදිද? ඒ අයට මොකටද අපේ වැඩ. (නදී)

:       0       0

රෝහණ Monday, 11 November 2013 09:35 AM

එයාලගේ රටවලට පිටින් අය ඇවිල්ලා ඔවැනි දේවල් කරන්න පුලුවන්ද? අද මෙවැනි රටවල් කරන්න යන්නේ ඈත ඉතිහාසයේ තිබුන අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයක් නැවත ස්ථාපනය කිරිමැටි. එයට අපේ ද්‍රවිඩ සහොදරවරුනුත් උදව් දෙනවා ඔවුන්ගේ තිබෙන යටි බලාපොරාත්තු ඉටු කර ගැනීමට. ඉන්දියාවට හෝ වෙන රටකට මෙවැනි අන්දමට ගියානම් ඔවුන්ට ඔහොම ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 11 November 2013 10:04 AM

හම්බ වෙලා තියෙන කට්ටිය දැක්කම එකතු වෙලා ඉන්න කට්ටිය දැක්කම වාර්තාව මොකක්ද? පරමාර්ථ මොකක්ද? කියල හිතාගන්න පුළුවන් මොන්ටිසෝරි යන ළමයෙකුට උනත්,..මුන් ලංකාවේ ඉන්නේ මැටි හරක් කියල වගේ හිතා ගෙන ඉන්නේ..අපේ නිදහස් මාධ්‍ය නඩේවත් කට්ටියට මුණ ගස්වලා අදුන්වලා දීලා යවන්න.. (ස)

:       0       0

යු. එස්. ඒ Sunday, 10 November 2013 04:44 PM

කිසිම නීතිමය දෙයක් කඩ කලේ නැතිනම් ලංකාවට විරුද්ධව රාජ්‍ය මට්ටමින් පියවර ගන්න . එසේ නැතුව ප්‍රකාශ දුන්නට වැඩක් නැහැ. මොකද ඇවිත් තියෙන්නේ සංචාරක විසා කියලනේ කියන්නේ . අනික් කරුණ ලංකාවේ ප්‍රස්න තියෙන්නේ දෙමල අයට විතරද . සිංහල අපි වෙනුවෙන් ඔය රටවල් සොයන්නෙම නැද්ද ? හතර බිරි කතාවක් මේක (නදී)

:       0       0

ජයතිලක Monday, 11 November 2013 11:07 AM

කැන්ගරු රටේ කොටින්ට වැඩිය සිංහයෝ වැඩියි. ඒ නිසා කැනඩාව හැසිරෙන විදියට ඕස්ට්‍රේලියාවට හැසිරෙන්න අමාරුයි. හරිත පක්ෂයත් යන එනමන් නැති පක්ෂයක්. එකයි බෝට්ටුකාරයෝ ගැන කතා කරලා, බෝට්ටුකාරයින්ගේ නෑදෑයින්ගේ ඡන්ද ටික ගන්න හදන්නේ. (ස)

:       0       0

ජගත් Sunday, 10 November 2013 05:20 PM

මොවුන් ඔක්කොම එන්නේ දමිළ අය සමග සහ එන්.ජී.ඕ. නඩය සමග කතා කරන්නම විතරද? ඔවුන් නිසා අසරණ අහිංසක අපිට වූ පාඩුව අලාබහානි හොයන්න කවුරුත් නැද්ද? (නි)

:       0       0

ශ්‍රීලාල් Sunday, 10 November 2013 05:45 PM

වීසා දෙන්න ඕනෑ කොන්දේසි මතයි. ලංකාවෙනුත් ඒ රටවල්වල දේවල් හොයන්න යවන්න ඕනෑ. බලන්න ඔවුන් වීසා දෙයිද කියලා. මේ පුංචි රටේ ඔච්චර පර්යේෂණ කරන්න දෙයක් නැහැනේ. අනිත් එක ඔවුන්ට ඕනෑ තැනක යන්න, ඕනෑ කෙනෙක් හම්බ වෙන්න නිදහසත් ඕනෑ. මේක හරිම අසාධාරණයක්නේ. (නි)

:       0       0

පෙත්තා Sunday, 10 November 2013 05:46 PM

නීතිය අකුරටම පෙන්වා දී,උණු සිනි කිරි තේ කෝප්පයකින් සංග්‍රහ කර බුලත් විටක් කා, අර පුටුවක මකුණන් ඉන්න එකක වාඩි කරවා තියන්න. (නි)

:       0       0

ලුම්බිණි Monday, 11 November 2013 04:37 AM

අපේ රටේ මානව අයිතිවාසිකම් ප්‍රශ්නයක් නැත්නම් ඇයි අපි බය වෙන්නේ? (නි)

:       0       0

ගුණරත්න Sunday, 10 November 2013 06:15 PM

පාර්ලිමේන්තුවට විස්තර වාර්තා දෙන්න ආවා නම් මොකටද සංචාරක විසා වලින් ලංකාවට එන්නේ.එහෙම ආවා නම් එන්න තිබුනේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයකටනේ.එහෙම ඇවිල්ලා රජය සමග එකතුවෙලා මේ දේ කළා නම් ඉවරනේ. (නි)

:       0       0

පෙනිල් Monday, 11 November 2013 06:09 AM

කැංගරු රටේ කල්ලතෝනි කොටි ඡන්ද ගන්ඩ තමයි මෙයාල ,කැනඩාවේ වගේ .හිගනවා (අ)

:       0       0

අයෝමා Monday, 11 November 2013 06:53 AM

හරිම පහත්. ඒ අදාල විස්තර හොයන්න ආවා නම් පාර්ශ්ව දෙගොල්ලෝ එක්කම (රජය හා අනෙකුත්) සාකච්චා කළ යුතුයි. එක පාර්ශවයක් එක්ක විතරක් කතාකළහම ඒක රහස් ගනුදෙනුවක්නේ. මේ ගොල්ලෝ හිතන්නේ අපේ රටේ වෙන දේවල් මේ ගොල්ලන්ගේ බුදලයක් කියලා. (නි)

:       0       0

බමුණු Monday, 11 November 2013 07:13 AM

එන්.ජී.ඕ. තහනම් නොකරන්නේත් ඇයි කියා දන්නා කෙනෙක් කියන්න. (නි)

:       0       0

පෙරේරා Monday, 11 November 2013 07:43 AM

මේ සිද්දිය සම්බන්දව නවසීලන්තේ ප්‍රවෘත්ති වලදී ලංකාවේ ප්‍රතිරූපය සම්පූර්නෙන් සවුත්තු කරලා දැම්ම.(නදී)

:       0       0

චමත් Sunday, 10 November 2013 07:18 PM

ඔය ඇවිල්ල ඉන්නේ පිල්ලේ නෝනගේ තවත් නංගිලා දෙන්නෙක්. ඔය ගොල්ලෝ තමයි බෝට්ටු කාරයෝ වෙනුවෙන් කිබුල් කදුළු සලන අය. ඔය ගොල්ලෝ තමන්ගේ රටවල් වල පාර්ලිමේන්තුවේ කතා කරන්නේ බෝට්ටු කාරයෝ ගැනයි ,සමලින්ගිකයෝ ගැනයි විතරයි. ඒ ඇරෙන්න මේ ගොල්ලන්ට වෙන වැඩක් නැහැ.මම මේ ගොල්ලන්ගේ ඔය කියන හරිත [ග්‍රීන්ස්] පක්ෂය ගැන හොදට දන්නවා. (අ)

:       0       0

බණ්ඩාර Monday, 11 November 2013 08:15 AM

අවසර දෙන්න කලින් එම්බසි එක ඔය කට්ටිය ගැන හොයා බලලා අවසර නොදෙන්නයි තිබුනේ. අනික පෙරේරා කියන විදිහට අපේ රටට අපහාස කරනවා කියලා අවශ්‍ය පියවර නොගෙනෙ ඉන්න කියලද කියන්නේ . ඔය විදිහට ගියොත් ඕන කෙනෙකුට ඇවිත් ඕන දෙයක් කරලා යන්න පුළුවන්නේ. (නදී)

:       0       0

බණ්ඩාර මල්ලි Monday, 11 November 2013 08:19 AM

ලුම්බිණි මට පොඩි ප්‍රස්නයක් තියෙනවා ඔයාගේ අදහස් ගැන. ඔයාට පුලුවන්ද , කාස්මීරයට හරි, ඉරාකයට හරි ගිහින් එහෙන් අමෙරිකාවෙන් වෙන මානව හිමිකම් කඩ වෙන එක ගැන හොයන්න. ජාතියට ද්‍රෝහිවෙන්න එපා. වදාපු හදාපු දෙමපියන්ටත් ලැජ්ජයි.(නදී)

:       0       0

පුෂ්ප - ජර්මනිය Sunday, 10 November 2013 03:08 PM

රාජ්‍ය නියෝජිතයින් නොමැතිව අපේ රටේ කිසිම සාකච්ඡාවකට අවසර දෙන්න එපා. අපේ රටේ ප්‍රශ්න ඇති වෙලාවල ඔය කිසිම නියෝජිතයෙක් අපිට පක්ෂව හිටියේ නැහැ. ඒ අය අදත් ඉන්නේ ශ්‍රිලංකාවේ ප්‍රශ්න ඇතිකරන්න හේතුවක් හොයා හොයා. එනිසා ඔය එන අයගේ වරිතවල් සහ සෑම වීඩියෝ පටිගතකිරීම් ඇතළු සෑම වාර්තාවක්ම රජය මගින් පරික්ෂාකර රටින් ගෙනා යුතු දේවල් පමණක් ගෙනියන්න අවසර දෙන්න. (නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 10 November 2013 03:12 PM

අහිංසක බෝ පැල ටිකක්නේ හම්බ වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 489 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2264 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1124 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1072 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 3563 1

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 480 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14626 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site