IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වීසා නැති සංචාරකයෝ - 16

පෙරදිග හොබි කුරුළුගොයා යනු මෙරට ඉතා කලාතුරකින් දැකිය හැකි සංචාරක පක්ෂියෙකි. ඉංග්‍රීසි බසින් ඔරියන්ටල් හොබි Oriental Hobby යනුවෙන් හැඳින්වෙන මොවුන් සත්ත්ව විද්‍යාත්මකව ෆැල්කෝ සෙවරස් Falco severus ලෙස හැඳින්වේ.  

බොහෝ ගොදුරු කුරුල්ලන් අතර දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ ගැහැනු සතා පිරිමි සතාට වඩා ප්‍රමාණයෙන් විශාල වීමයි. පෙරදිග හොබි කුරුළුගොයා ද එවැනිය. සෑම කුරුළුගොයකුගේ මෙන් මොවුන්ගේ ද ඇස් දුඹුරු පැහැතිය. ඇස් වටා ලා පැහැති මුදු ආකාර වෙයි. ඇසට පහළින් පටන් ගෙන හොටය දක්වා ගෙල දෙපසින් දිවෙන පටි දෙකක් දක්නට ඇත.

කුරුළුගොයා ගොදුරු අල්ලා ගන්නේ ගුවනේ දී ය. අහසේ සිට අධික වේගයෙන් පහළට එමින් හෙවත් විබෑවෙමින් පාදයේ පසුපස ඇඟිල්ලේ ඇති නඛරයෙන් ගොදුරට පහර දෙයි. කුරුළුගොයන් අතර තරමක් කුඩා විශේෂයක් වූ පෙරදිග හොබි කුරුළුගොයා වැඩිපුර ගොදුරු කරගන්නේ කෘමි සතුන්ය. අන් කුරුළුගොයන්ගේ ප්‍රධාන ගොදුර වන්නේ වෙනත් කුරුල්ලන්ය.

ලොව සිටින කුරුළුගොයන් විශේෂ 60ක් අතරින් ෆැල්කෝ ඝනයට අයත් කුරුළුගොයන් විශේෂ 38 කි. ඉන් වැඩි ප්‍රමාණයක් කිසිවෙකුට ළඟාවීමට අපහසු උස් පර්වත මුදුන් හා පැති බැමිවල කැදලි තනා බිත්තර දමයි. එසේ වුව ද පෙරදිග හොබි කුරුළුගොයා ඇතුළු විශේෂ කිහිපයක් පමණක් ගස් මත වෙනත් කුරුල්ලන් විසින් සාදා අතහැර දමන ලද කැදලිවල බිත්තර දමයි. විශේෂයෙන් ම මේ සඳහා තෝරාගන්නේ කපුටු කූඩුවයි. වරකට බිත්තර තුනක් පමණ දමයි.

පෙරදිග හොබි කුරුළුගොයා ගේ පිට කය කළුවන් අළු පැහැතිය. හිස කළු පැහැතිය. උගුර පෙදෙස හැරුණු විට යටි කය තද දුඹුරුවැනි රතු පැහැයක් නී. උගුර ලා රතු පැහැති පඬුවන් ස්වරූපයක් ගනී. පර්වත දඹවලත්, කඳු මුදුන් හා වනාන්තරවලත් ගැවසේ.

oriental_hobby_0168_sb oriental_hobby2 - Copy oriental_hobby4 orientalhobby_rs

 



අදහස් (0)

වීසා නැති සංචාරකයෝ - 16

උපාලි Tuesday, 09 December 2014 01:52 AM

මේ වටිනා ඉදිරිපත්කිරීම් වෙනුවෙන් සජීවට බොහොම පින්. පසුගිය ලිපි 15 යළි බලාගැනීම සඳහා "ලින්ක්ස්" පළකරන මෙන් ඉල්ලමි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 179 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 3 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 445 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 199 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 372 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 786 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38591 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site