IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වීසා නැති සංචාරකයෝ - 4

සුදු, කළු, අළු සහ දුඹුරු පැහැ මිශ්‍රිත සිරුරක් ඇතිව වලිගය වන වනා යන ඉතා සුලබ සංචාරක පක්ෂියෙක් හෙවත් නිහැරියකු කුරුල්ලෙකි ‘‘වන හැලපෙන්දා“. ඉංග්‍රීසි බසින් ෆොරස්ට් වැග්ටේල් නමින් හඳුන්වන වන හැලපෙන්දා සත්ත්ව විද්‍යාත්මකව Dendronanthus indicus හඳුන්වයි. වනගත පක්ෂියකු ලෙස හැඳින්වුව ද ඇතැම් අවස්ථාවල දී ගෙවතු ආශ්‍රිතව ද දක්නට ලැබෙයි. වන හැලපෙන්දා ඉතා කඩිසර කුරුල්ලෙකි. ගේ කුරුල්ලකු තරම් සිරුරකට හිමිකම් කියන වන හැලපෙන්දාගේ උඩුකය තද කළුවන් දුඹුරුය. පැහැදිලි සිහින් ඇහි බැමකි. සිරුරේ යටිපැත්ත තරමක් කිලිටි පැහැති දුඹුරුවන්ය.

සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල දී ශ්‍රී ලංකාවට පැමිණෙන වන හැලපෙන්දාගේ නිජබිම වි ඇත්තේ කොරියාවේ ප්‍රදේශ කිහිපයක්, චීනයේ ප්‍රදේශ කිහිපයක් හා සයිබීරියාවයි. එම රටවලට ශීත සෘතුව උදාවීමත් සමග මොවුන් සැතපුම් දහස් ගණන් දුර ගෙවා ඉන්දියාවේ දකුණු දිග ප්‍රදේශයට, ශ්‍රී ලංකාව හා අන්දමන් දූපත් වෙත ගමන් කරයි.

මාස කිහිපයක් ගත කරන මේ කුරුල්ලෝ යළි මාර්තු මාසයේ සිය ගම්බිම් වෙත පියඹා යති. එක් නිමේෂයක් හෝ නිසොල්මන්ව සිටිය නොහැකි හැලපෙන්දා සිය වලිගය වනමින් කොළ රොඩු අතර සැඟව සිටිනා කුඩා කෘමීන් ආහාරයට ගනී.

මෙවැනි පක්ෂියකු දුටු වහාම කුරුළු විද්‍යා අධ්‍යයන කවයට ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස එහි පර්යේෂකයෝ ඉල්ලා සිටිති.  

විද්‍යුත් තැපෑල හරහා [email protected] හෝ කුරුළු විද්‍යා අධ්‍යයන කවයේ Facebook හරහා https://www.facebook.com/groups/fogsl/ හෝ සාමාන්ය තැපෑල ඔස්සේ කුරුළු විද්‍යා අධ්‍යයන කවය, සත්ත්ව විද්‍යා අංශය, විශ්වවිද්‍යාලයය, කොළඹ 3. වැඩි විස්තර දුරකථන මගින් 0718440144. / 0777356931 ඔස්සේ ද ලබාගත හැකිය.

20101223111536150 A FOREST WAGTAIL photographed in this migratory season from Habarana (c) Dhilip de Alwis (low res)



අදහස් (0)

වීසා නැති සංචාරකයෝ - 4

මධුරංග Wednesday, 15 October 2014 04:26 AM

මමත් දැකලා තියෙනවා (නි)

:       0       0

නලී Wednesday, 15 October 2014 05:27 AM

සංචාරක සත්ත්වයන ගැන ඔබ පල කරන මෙම ලිපිමාලාව ඉතා වටිනවා. කරුණාකර ශ්‍රී ලංකාවට පැමිණෙන සාගර සත්වයන් ගැනත් අපිට කියා දෙන්න. මත්ස්‍ය වර්ග පමණක් නොව ශ්‍රි ලංකාව දුර්ලභ ගනයේ සුන්දර කස්බැවන් ගැනද ඉතා ප්‍රසිද්ධයි.(හේ)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 14 October 2014 05:38 PM

වීසා නැතුව ආවත් කමක් නැහැ. ඕනෑ කෑමක ,බීමක රසවින්ඳත් කමක් නැහැ.හැබැයි පුතේ, කුරුළු උණ බෝකරලා යන්න නම් එපා ! (නි)

:       0       0

ගාමිණී Tuesday, 14 October 2014 07:56 PM

මෙ කුරුල්ලා හැම වසරකම වගේ මගේ ගෙවත්තට එනවා. මට කවදාවත්ම පින්තූරයක් ගන්න ලැබිලා නැහැ. ඒ මෙයාගෙ තියෙන කඩිසරකම නිසා.හැබැයි එක්කෙනයි එන්නේ. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 15 October 2014 01:00 AM

මෙම කුරුල්ලා මගේ ගෙවත්තටත් එනවා. ගාමිණී,ඔබ හරි. එක්කෙනයි එන්නේ (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 15 October 2014 01:08 AM

ඔව් ගාමිණී, කුරුල්ලා ඉන්න වෙලාවට කැමරාව නැහැ, කැමරාව සූදානම් වෙලාවට කුරුල්ලා නැහැ. ඒ දෙකම සූදානම් වෙලාවට අපි සූදානම් නැහැ (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Wednesday, 15 October 2014 01:54 AM

කිරිල්ලිව එක්කරගෙන එන්නේ නැත්තේ කිරිල්ලියන්ට ලංකාවට ආවම වෙන දේ දැනගෙන වෙන්න ඇති. ඒකයි මගේ හිතේ මෙයා තනිවම එන්නේ. (නි)

:       0       0

පිටිගල Wednesday, 15 October 2014 02:17 AM

ඉන්දු මෙල්බර්න්ගේ අදහස නම් හරිම කාලෝචිතයි. සංචාරක කිරිල්ලියන්ට ලංකාවේදී බොහොම අපලයි. (නි)

:       0       0

විරාජ් Wednesday, 15 October 2014 02:23 AM

මේ ගොල්ලෝ එන්න ඇත්තේ චීනෙන් වෙන්න ඇති. ඒකයි වීසා නැතුව එන්න ඇත්තේ (නි)

:       0       0

විරාජ් Wednesday, 15 October 2014 02:53 AM

රටින් පිට ඉන්න ඉන්දුලටත් තේරෙනවා එහෙනම් මේ රටේ තත්ත්වය. වැඩේ තියෙන්නේ අපේ පාලකයන්ට ඔය ටික තේරෙන්නේ නැති එක. ඒ ගැන ඒගොල්ලෝ කියන්නේ කාන්තාවන්ට හා පොඩි ළමයින්ට හොඳම ආරක්ෂාව තියෙන්නේ අපේ රටේලු.ඉතින් ඉන්දු, ඔයා ඒකට මොකද කියන්නේ? (නි)

:       0       0

දිනසිරි කුරුලු ගංගොඩ Tuesday, 28 October 2014 05:49 PM

අපේ ගෙදරටත් ආවා. මම දවසක් දැක්කා. හැබැයි අවුරුදු දහයකටත් කලින්. මෙයාගේ කකුල් ඉතාම සිහින් නේද? දැක්කහම පුදුම හිතෙනවා. ඊට අමතරව මුගේ තියෙන දැඟලිල්ල නිසා මම පුදුමයට පත්වුණා. ඒ නිසා එක්වරම මතක හිටියා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 87 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2246 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 321 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 413 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1634 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1599 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 848 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site