IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


වස නෑ විස නෑ : දඹුලු ගොවියා අක්කර තිහක් වගා කරයි

ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ පදිංචි එස්.ඒ. රත්නපාල (51) ගොවි මහතා වසර ගණනාවක සිට රසායනික පොහොර භාවිතයෙන් තොරව එළවලු හා දේශීය ලොකු ලූනු වගාකරන ගොවියෙකි .

දෙදරු පියකු වූ ඔහු මෙවරද අක්කර 30ක් ලූනු වගාවට සැරසෙන අතර මේ සියල්ල වගා කරනු ලබන්නේ ගොම  හා කාබනික පොහොර භාවිතා කරමිනි. මෙම ගොවි මහතා දිනපතා පනස් දෙනෙකුට පමණ රැකියා ලබා දෙයි. 1984 වසරේ අක්කර කාලකින් ආරම්භ කළ වගාව මිට වසර පහක සිට සම්පුර්ණයෙන් වස විසෙන් තොරව නිෂ්පාදන කිරීම විශිෂත්වයකි .

ගොම පොහොර නැගෙනහිර පලාතෙන් ගෙන්වන බවත් කාබනික පොහොර කිලෝව රු 11 බැගින් මිලදී ගන්නා බවත් ඔහු කීවේය. එක අක්කරයකින් ලොකු ලුණු කිලෝ 120000 ක් අස්වැන්නක් ලබාගැනීමට හැකිවන පරිදි පස හුරු කරගැනීමට හැකිවූ බවද රතනපාල මහතා පැවසිය.

වස විස නැති දේශීය සහල් හා එළවළු වගාව දැන් රටේ ටිකෙන් ටික වර්ධනය වෙමින් පවතී. මේ සඳහා අතුරුලියේ රතන හිමි සහ මෛත්‍රීපාල සිරිසේන ජනපති මුල්තැන ගෙන කටයුතු කිරීම ඊට ප්‍රධාන හේතුව වී ඇත.

rathnapala-01 rathnapala-02 rathnapala-03 rathnapala-04 rathnapala-05 rathnapala-06 rathnapala-07



අදහස් (0)

වස නෑ විස නෑ : දඹුලු ගොවියා අක්කර තිහක් වගා කරයි

ගයාන් අභයරත්න Tuesday, 14 June 2016 06:27 AM

කොළඹ කුණු කන්ද ප්‍රතිචක්‍රීකරණය කරලා කොම්පෝස්ට් පොහොර හදන්නේ නැත්තේ ඇයි? කැනඩාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන සුදේශ්ගෙන් උපදෙස් අරගෙන ලංකාවේ එහෙම දෙයක් කරන්න බලන්නේ නැත්තේ ඇයි? තව ටික කලකින් ඉන්දියාවෙන් කොම්පෝස්ට් පොහොර ගෙනෙන්න අදහසක් තියෙනවද දන්නේ නැහැ නේද? අගමැතිතුමා නිතර ඉන්දියාවට දුවන්නේ ඒකද දන්නෙත් නැහැනේ (නි)

:       0       0

චන්න Tuesday, 14 June 2016 06:28 AM

මගේ ගෞරවනීය නමස්කාරය මෙතුමාට! රට බේරාගැනීමට පැමිණි දෙවි කෙනෙක්. සියලු දෙනාටම අවබෝධ වේවා! (නි)

:       0       0

රොහාන් Tuesday, 14 June 2016 06:35 AM

මෙවන් ගොවි රජවරු රටට සම්පතක් (නි)

:       0       0

කමල් Tuesday, 14 June 2016 06:37 AM

මෙන්න මිනිස්සු. මේ ලෝකෙටයි යන ලෝකෙටයි දෙකටම වැඩ කරගන්නවා. අපි මොහුට ගෞරව කළයුතුයි. (නි)

:       0       0

රණවක Tuesday, 14 June 2016 04:06 PM

ඔබගේ ක්‍රියාවට මල් මිටක්. (හේ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Tuesday, 14 June 2016 07:13 AM

සුමුදු දැන් ඔය කියන විදිහට මහින්ද මහත්තයා කීදෙනක් පිටරට යැවුව්වද උපාධි ගන්න. අනේ අපිටත් දැනගන්න කියන්නකෝ... (ර)

:       0       0

අනුරාධා Tuesday, 14 June 2016 07:33 AM

කෙතරම් අනර්ඝද වස විස නැති ආහාර අපි පොඩිකාලේ මට මතකයි බාප්පලාගෙ කුබුරැ වල යනවා පලා වර්ග කඩන්න එලවලු මැදින් පාලා හැදෙනවා, මුගුණුවැන්න, ගොටුකොල, කූර, වැනි විවිද දේවල් ඒත් දැං ඒවා දැක ගන්නත් නෑ පස හොදටම නිසරැ වෙලා රසායනික බෙහෙත් ගහන්නෙ මොටර් ටැංකි වලින් හරියට වැස්ස වගේ ඉතිං මිනිස්සු ලෙඩ නොවී තියේද? (ර)

:       0       0

ඉඳුනිල් Wednesday, 15 June 2016 08:19 AM

මෙන්න රටට ආදරේ මිනිස්සු (නි)

:       0       0

වරුණ Wednesday, 15 June 2016 08:20 AM

අපෙන් ඔබට මල් මිටක්! (නි)

:       0       0

අබරන් Tuesday, 14 June 2016 07:36 AM

අනිකුත් උදවිය මෙතුමාව ආදර්ශයට ගත්තානම් හොඳටම ඇති. (ර)

:       0       0

ඉසුරන්දි Tuesday, 14 June 2016 07:46 AM

එක පැත්තකින් කිරි ගොවියාටත් සෙත සැලසෙනවා මේ වැඩෙන්. ගොම ටික පොහොර කරලා මේ වස විස නැති වගාවන් සදහා ඇපකැප වෙන මෙවැනි ගොවිමහතුන්ට ප්‍රයෝජනවත් වේවි. (ර)

:       0       0

දිසානායක Tuesday, 14 June 2016 05:29 PM

මොනවා කරන්නද? හරක් ටික මස් කඩේට ගියා, ගොම ටික නැතුව ගියා, කුරුණෑගලත් වකුගඩු ලෙඩ, ඇළක තිත්තයෙක් දකින්න නැහැ, කෘෂි සංවර්ධනය, වහ කනවා, ලෙඩ වෙනවා, ජනතාව ෆාමසි වල පෝළිමේ. රටකට වුණ විනාශයක්. මේ ගොවිමහත්තයා දිහා ජනපතිතුමා බලත්වා! (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 15 June 2016 06:08 PM

රටක ජනතාව නිරෝගී තත්වයට පත්වෙනවා කියන එක අහනකොටත් සතුටුයි. අතුරලියේ රතන හිමිගේ මේ කටයුත්තට සියලු දෙනා සම්මාදම් වෙන්න (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 14 June 2016 07:54 AM

මෙතුමා රටට සම්පතක් වගේම රසායනික පොහොර බෙදා හරින්නන්ට වහකදුරු වගේ ඇති එනිසා හැමවිටම අවධානයෙන් සිටීම වඩා වැදගත් වේවි රටට වැඩදායි මෙවන් මිනිසුන් සුරකිමු. (ර)

:       0       0

සෙනරත් Tuesday, 14 June 2016 07:41 PM

වසර 5 කට පෙර සිට දේශීය පොහොර යෙදීමට පටන්ගෙන තිබෙන්නේ එවකට දේශීය වගාව වෙනුවෙන් පෙනීසිටි කවුරු හෝ උත්තමයෙකුගෙන් ලැබුණු සහයෝගය නිසාය. එතුමාට සහ මෙම ගොවි මහතාට අපි ස්තුතිවන්ත වියයුතුය. (නි)

:       0       0

සමන් Tuesday, 14 June 2016 08:30 AM

රසායනික පොහොර සහ බෙහෙත් නිසා බුගත ජලය විෂ වෙමින් තියනවා. අපේ ආහාර විෂ බෙහෙත් මිශ්‍රවෙමින් නොයෙක් ලෙඩ රෝග ඇතිවෙනවා. බහුජාතික සමාගම් උසිගන්වලා සමහර ගොවියන් පාරට ගේනවා. පොහොර සහනාධාරය දිය යුත්තේ කාබනික පොහොර භාවිතා කරන ගොවියන්ට විතරයි. වස විෂ භාවිතයට අනුබල නොදිය යුතුයි. (ර)

:       0       0

දසුන් Tuesday, 14 June 2016 09:43 PM

මෙන්න මිනිස්සු. ඔබට ජය! (නි)

:       0       0

චන්දික Tuesday, 14 June 2016 08:37 AM

හොඳ වැඩක්.ගොවි මහතෙනි ඔබට බුදුසරනයි.(හේ)

:       0       0

අසෝකා Tuesday, 14 June 2016 08:51 AM

ලෝකෙට සාප කරමින් යයි නොදත් එකා. දන්නා උතුම් මිනිසා වැඩ පෙන්නයි මෙලෙසා. අවවාදයට වැඩියෙන් ආදර්ශය පෙන්නා. වැජඹෙනු මැනවි ලක්පුතෙකුගෙ රැස් පෙන්නා. (ර)

:       0       0

අනුර Tuesday, 14 June 2016 08:59 AM

ගොම වලත් රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා නමුත් ජනහිතකාමී මේ උත්සාහය අගය කරනවා නමුත් විෂ පොහොර ගෙන්වපු අයත් බලවත් විශාල ජනතාවක් ඔවුන් සමග සිටින නිසා ප්‍රතිපල අවම වෙනවා (හේ)

:       0       0

අනුර Tuesday, 14 June 2016 09:02 AM

මේ වගේ ගොවි මහත්වරු දැන් අඩුයි.(හේ)

:       0       0

සමන්ත Wednesday, 15 June 2016 01:58 AM

ඇමතිලට වාහන වලට දෙන සල්ලි මේ වගේ ගොවි මහත්තුරුන්ට දෙන්න. රටෙන් මන්දපෝෂණය අතුගාලම දායි. (නි)

:       0       0

ගයන්ත Wednesday, 15 June 2016 02:02 AM

මේ ආණ්ඩුව උදව් කරන ක්‍රියාත්මක කරන ඒ ගැන වැඩියෙන් උනන්දු වෙන ක්ෂේත්‍ර තිබුනත් ඔවුන් වඩාත් උලුප්පා පෙන්වන්නේ පසුගිය රජයේ සහ හිටපු ජනාධිපතිගේ වැරදි පෙන්වාදීමටයි. ඒ මඟින් මෙවැනි ක්‍රියා වල හොඳ වැඩ ගැන ලැබෙන ප්‍රතිචාර අඩුවීයාම තම විසින්ම තමන්ගේ හොඳ ක්‍රියාවන් වසාගැනීමක්. (නි)

:       0       0

නුවන් Tuesday, 14 June 2016 09:12 AM

මෙවන් ගොවින් රැසක්ම ඉන්නවා ඔවුන් නිහඩව තමන්ගෙ වැඩේ කරනවා. දෙශපාලකයන් පස්සෙ යන්නෙ නැහැ.(අ)

:       0       0

සුරනිමල Wednesday, 15 June 2016 02:42 AM

ලොකු ලුණු අස්වැන්න නෙළන කාලයේදී පිටරටින් ලුණු ගෙන්වීම නතර කරන්න. එය මේ ගොවි රජවරුන්ට කරන ඉහළම ප්‍රණාමයයි (නි)

:       0       0

සුදේශ් Tuesday, 14 June 2016 09:38 AM

මෙි වගේ එක සැරයක් කරයි. ඵලදාව නැතිවු ගමන් ඉවරයි (හේ)

:       0       0

නොයෙල් පෙරේරා Tuesday, 14 June 2016 10:00 AM

හැබෑම ගොවි මහතෙක්. මෙතුමාට උපහාරයක් තියලා තව තවත් දිරිමත් කරන්න ඕන. (ර)

:       0       0

කපුගේ Tuesday, 14 June 2016 10:08 AM

සුදේශ්, බොහෝ කලක සිට කොළොඹ විශේෂ නිවාස වලට වස විස නැති එළවලු සති පතා නිවසට ගෙනවිත් දෙන දාමයක් ගැන අහලවත් නැතිද. මිනිසුන්ව අද්‍යර්යමත් කරන කතා ලියන්න එපා. (ර)

:       0       0

සිරී Tuesday, 14 June 2016 10:09 AM

අනිත් අයටත් ලොකු ආදර්ශයක්. වැඩි වැඩියෙන් දියුණු වේවා! (ර)

:       0       0

පුංචි බණ්ඩා Wednesday, 15 June 2016 10:59 AM

මමත් මේ ගොවිපල බලන්න ගියා. ලෝකයටම කියන්න තරම් විශිෂ්ට ආදර්ශනයක් (ම)

:       0       0

දිමුත් Tuesday, 14 June 2016 10:20 AM

ෂා! දකින්නත් ආසයි. ජය වේවා! (ර)

:       0       0

සිසිර Tuesday, 14 June 2016 10:22 AM

මෙය රටපුර ක්‍රියාවට නැංවිය යුතුයි. (ර)

:       0       0

බන්දුල Tuesday, 14 June 2016 10:46 AM

අහන්නත් සන්තොසයි, විස වලින් අපව නොමරන ඔබට දිගාසිරි. (ර)

:       0       0

විජය Tuesday, 14 June 2016 11:19 AM

අර නාමල් කරුණාරත්න කියන ගොවි වීරයා ගෙන්නලා මේ ගොවි මහත්තය පෙන්නන්න, ජනතා විමුක්ති පෙරමුණ පස්සේ යන්නේ නැතුව මෙ ගොවි මහත්තය ළඟ පුහුණුවෙන්න කියන්න රට පොහොර නැතුව වගා කරන්න, පෙළපාළි ගියාට නාමල් මහත්තය ගොවියෙක්ද දන්නේ නෑ (බ)

:       0       0

විජේන්ද්‍ර Tuesday, 14 June 2016 11:20 AM

අනුර කියන විදියට වතුරටත් විස එකතු වෙලා (බ)

:       0       0

පද්මිණි Tuesday, 14 June 2016 11:28 AM

මෙවැනි දේශීය ව්‍යපරිකයින්ව දිරිමත් කරන්න ජනපතිදුනි, බලන්න, පවුල් කියක් ජිවත් වෙනවද? ලස්සන සරු පස දැක්කම ආසයි. (ම)

:       0       0

බණ්ඩා Tuesday, 14 June 2016 12:15 PM

කාබනික පොහොර යෙදු කෑම දෙගුණයක් මුදල් දී මිලට ගත්තත් ඇගට ගුණයි .....(හේ)

:       0       0

ඉන්දු Tuesday, 14 June 2016 01:27 PM

බුදු සරණයි ඔබට..(බ)

:       0       0

පාලිත Tuesday, 14 June 2016 05:44 AM

රටටම වාසනාවන්! මේ පුද්ගලයා ආරක්ෂා කරන්න. හොරුන්ට බැංකු ණය නොදී, මේ වගේ මිනිස්සුට අඩු පොළී ණය සහන ලබාදෙන්න. (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 14 June 2016 06:00 AM

රසායනික පොහොර ඉල්ලා පාරවල් දිගේ උද්ඝෝෂණ කරන ගොවි මහතුන්ට මෙතුමා හොඳ ආදර්ශයක් (නි)

:       0       0

දයානි Tuesday, 14 June 2016 06:01 AM

එතාමත් සතුටුදායක ආරංචියක්. සියලු දෙනා මේ ගොවිමහතාට උදව් දියයුතුයි. ලංකාදීපයටත්, වාර්තාකළ කාංචන කුමාර මහතාටත් මාගේ ස්තුතිය පිරිනමමි. (නි)

:       0       0

උපාලි Tuesday, 14 June 2016 06:17 AM

මෙන්න ලක්මවගේ සැබෑ දරුවෙක්. අතුරලියේ හිමියන්ගේ දෑසට මේ පුවත යොමුවේවා! උන්වහන්සේ ආරම්භකළ සද්ව්‍යාපාරයට හොඳ දායකත්වයක් මේ ගොවි මහතා ලබාදෙයි. වාර්තා කළ ලංකාදීපයටත් ආරියදාස සොයුරාටත් පින්. (නි)

:       0       0

සුමුදු Tuesday, 14 June 2016 06:21 AM

මහින්ද මහත්තයා හිටියා නම් මෙයා පිටරට යවලා ආචාර්ය උපාධියකුත් දීලයි නවතින්නේ. එහෙම නායකයෙක්නේ අපිට නැතිවුණේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 243 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 477 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 390 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 588 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1771 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 169 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38777 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site