IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


වැසි පතා දෙමෝලෙන් වී කොටති : වංගෙඩිය ගුරුවාගේ පපුව උඩ

රට පුරා පවතින නියං තත්ත්වය නිමාකොට වැසි ලබාගැනීමට දඹුල්ල පහළවැව ගැමියෝ සොකරි නාඩගම පැවැත්වූහ.

මෙහි විශේෂත්වය වන්නේ පෙරදා හත් අවුරුද්දක් වර්ෂාව නැති නුවරකට පතිනි බලයෙන් වැසි ලබාදීමයි. නාඩගමේ එන අයුරින් ගුරුවාගේ පපුව මත ලී වංගෙඩියක් තබා ඊට වී දමා මෙහි එන පතිනි බලය හිමි සොකරිය හා කාලිය එක්ව දෙමෝලෙන් වී සහල් වනතුරු කොටති.

දඹුල්ල සොකරි ගුරු කේ.ජී.ධර්මදාස මහතා ප්‍රමුඛ කණ්ඩායම මේ සඳහා එක්ව සිටියේය.

DSC01351 DSC01368 DSC01377 DSC01392



අදහස් (0)

වැසි පතා දෙමෝලෙන් වී කොටති : වංගෙඩිය ගුරුවාගේ පපුව උඩ

චමල් Monday, 03 October 2016 12:46 PM

සංස්කෘතික අංග කරගෙන යන ගමන් ක්ලවුඩ් සීඩින් වගේ තාක්ෂණයක් පාවිච්චි කළොත් නරකද. (බ)

:       0       0

චාමර Monday, 03 October 2016 12:55 PM

අපේ සංස්කෘතිය හරිම අහිංසක සිතුවිලි තිබ්බ ජාතියක් අපි. (ර)

:       0       0

දිල්ෂාන් Wednesday, 05 October 2016 11:30 AM

වැසි නැතිවීමට ගස් කපන දේශපාලුවන් වගකිව යුතුයි. (ර)

:       0       0

ජයන්ති Tuesday, 04 October 2016 05:54 AM

උතුම් පැතුමක් පෙරදැරි කරගෙන රටේ සියලු දෙනාට වැසි ලැබේවා කියලා අනාදිමත් කාලයක් තිස්සේ පවත්වාගෙන ආ දේව කන්නලවුව ඉස්ට සිද්ධ කළ ගුරුන්නාන්සේ ප්‍රමුක සිල්පින්ටත් මේ වෙනුවෙන් තම කාලය ශ්‍රමය කැප කල ගම්වාසී සැමටත් , තවත් චිරාත් කාලයක් අපේ මේ පැරණි යාතු කාර්ම රැකගැනීමටත් මතුපරපුරට දායාද කිරීමටත් අවශ්‍ය සක්තිය දහිරිය නිරෝගී සුවය තෙරුවන් ගුණ බලෙන් සැමට ලැබේවා කියලා පතනවා (හේ)

:       0       0

මෙවන් Monday, 03 October 2016 02:49 PM

රොහාන්, පළමුවෙන්ම මගේ ගෞරවය ඔයාට, අද අපේ රටේ සංස්කෘතික අංගෝපාංග දවසින් දවස අභාවයට යනවා, මතු පරපුරට අපටයි කියලා කියන්න කිසිම දේශීය දෙයක් ඉතුරු වෙන්නේ නෑ, වැදි බණ දෙසන සමහර අයට තමන් උපන් දේශයත් අද අමතක වෙලා. බලන්න වෙනත් දියුණුයි කියන ජාතිත් තමන්ගේ දේ ට කොච්චර ගරු කරනවාද කියලා.(බ)

:       0       0

නිමන්ත පතිරණ Monday, 03 October 2016 03:03 PM

මේවා අනාදිමත් කාලයක සිට පැවතෙන අපේ සංස්කෘතිකාංග. මේවාගේ විද්‍යාත්මක පසුබිම සෙවීමට වඩා මෙම සංස්කෘතිකාංග අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම අප සියල්ලන් සතු යුතුකමක් මෙන්ම වගකීමක්. (බ)

:       0       0

රුචී Monday, 03 October 2016 03:17 PM

මේ කිසිම කරදරයක් නැහැ වාන් ඇරලා මුහුදට යවන වතුර ටික දේශපාලුවෝ ටික එකතුවෙලා හරියට කළමනාකරණය කළා නම්. (බ)

:       0       0

ලොකුබණ්ඩාර Monday, 03 October 2016 03:26 PM

වැසි ඕනෙනම් හිටවමු ගස් ඉක්මනට. නැතිනම් රටම ඉවරයි. (බ)

:       0       0

ජනිත Monday, 03 October 2016 04:13 PM

අපේ රටට සෙත් ශාන්තියක් වේවා මගේ පැතුමයි. කලට වැසි වසිවා. රට සෞභාග්‍යමත් වේවා. (බ)

:       0       0

කුමාර මහර Monday, 03 October 2016 04:14 PM

මෙවැනි අපේ උරුමයන් ආරක්ෂා කරගෙන ඉදිරියට යන එක හොදයි. ජල මූලාශ්‍ර ආසන්න ස්වාභාවික වනාන්තරය අරක්ශා කරගත්තොත් අපිට වතුර ලැබෙයි හැමදාමත් (බ)

:       0       0

ගමගේ Monday, 03 October 2016 04:48 PM

මෙයින් වැසි වැස්සත් නැතත් ඒ ගැන කලබල වියයුතු නොවේ. අපේ සංස්කෘතික අනන්‍යතාවය ගැන සිතා මෙවැනි සංස්කෘතිකාංග සුරැකිය යුතුය. මේවා දැයට අහිමි වුවොත් එය ගසකට මුදුන් මුල අහිමිවූවාට සමවේ. මුල නොරැකි ගස නොරැකේ (නි)

:       0       0

ලක්සිරි Monday, 03 October 2016 05:46 PM

අක්කර ගණන් කැලෑ කපලා මේ රටට කරන විනාශය ගැන කාට කියන්නද? කවුද ඔය ප්‍රශ්නේට විසඳුම් හොයන්නේ? කවුද ඒක නවත්වන්නේ? ඔය වංගෙඩිය තියන්න ඕනෑ ඔය කෙනා උඩ නොවෙයි රට විනාශ කරපු උන් උඩ. මිනිස්සු නොමඟ අරින්න අවුරුදු ගනන් පරණ එ්වා අවුස්ස අවුස්සා ඉන්නේ නැතුව දැන්වත් මේ රට බේරාගන්න (නි)

:       0       0

ගුණවර්ධන Monday, 03 October 2016 06:09 PM

මේ වැනි නාඩගම් අපිට උරුම දේවල්. මේවා අපි කවදත් බොහොම අාසාවෙන් බලපු කියපු කරපු දේවල්. දැන් දැන් මේවා අපේ රටෙන් ටික ටික නැතිවේගෙන යනවා. කණගාටුයි කියන්න. ඉතින් ඉතුරු වී ඇති අපේ උරුමයන් අපි ආරක්ෂා කරගත යුතුයි (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 03 October 2016 07:40 PM

නුවන්ගේ ක්ලව්ඩ් සීඩින් ක්‍රමයට සැහැල්ලු ගුවන්යානා, ඒවාට නියමුවන් හා අනිත් ද්‍රව්‍ය සොයනකොට අපිට වැහැලා ඉවරයි (නි)

:       0       0

මැගී Monday, 03 October 2016 09:35 PM

දේවෝ වස්සතු කාලේන... සස්ස සම්පත්ති හේතුච... දීතෝ භවතු ලෝකෝච... රාජා භවතු ධම්මිකෝ... රට තුළ තිබෙන වනාන්තර සහ වැව් තාව්ල්ල හරියට ආරක්ෂා කරගත්තොත් ජල සම්පතත් ආරක්ෂා වේවි. (නි)

:       0       0

කෝනාර Tuesday, 04 October 2016 12:57 AM

සංස්කෘතික අංග පාසල් වල, සංස්කෘතික සංදර්ශන වල තිබීම වැදගත් (නි)

:       0       0

කසුන් Tuesday, 04 October 2016 12:59 AM

ඕක නටන්නෙ නියඟය සෑහෙන දික්ගැහිලා බලා ඉඳලා ඉඳලා බැරිම තැනනේ. කොහොමත් සදාකාලික නියඟය හෝ සදාකාලික වැස්ස නැහැ. දිගු නියඟයක් තිබුනොත් ඊළඟට වැසි වසිනවා. (නි)

:       0       0

සිල්වා Tuesday, 04 October 2016 01:56 AM

වැසි ඕනෑ නම් සොකරිය හා කාලිය එක්ව දෙමෝලෙන් කොටන්න තියෙන්නේ ගස් කපපු අයට (නි)

:       0       0

කසුන් Tuesday, 04 October 2016 02:09 AM

සිල්වා, ඔබ කියන දේ නම් සත්‍යම සත්‍යයි. (නි)

:       0       0

ජගත් චමින්ද Monday, 03 October 2016 10:35 AM

දැන් ඉතින් වැස්සද?(හේ)

:       0       0

සෑම් Monday, 03 October 2016 10:47 AM

දැන් දෙවියන්ගේ පිහිට තමයි තියෙන්නේ.(හේ)

:       0       0

නුවන් Monday, 03 October 2016 10:54 AM

ක්ලවුඩ් සීඩින් කියන තාක්ෂණය මඟින් වැසි වලාකුළු ඇතිකර වැස්ස ලබාගතහැකි ක්‍රමයක් දැන් ලොව භාවිතාවන බව නොදැනද මෙහෙම කරන්නේ (හේ)

:       0       0

එරා Tuesday, 04 October 2016 12:21 PM

මොලයෙන් තමයි මේ ලෝකය වැනසුනේ, මගේ ගැරහුමට නැත ඒ අය යොමු උනේ... (ර)

:       0       0

චන්දන Tuesday, 04 October 2016 12:32 PM

සාගත වසංගත හා එන නියඟ වලින් සහනය පතා වන දෙවියන් ළඟට කෙළින් එන මේ පිරිස සැරසීමට නුවණ මලින් පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්. (ර)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 06 October 2016 01:40 AM

පෘථිවි තලයේ වෙසෙන දියුණුම සත්වයා මිනිසා කියා කීවාට මම නම් විශ්වාස නොකරමි (නි)

:       0       0

උපාලි Tuesday, 04 October 2016 03:35 AM

සිල්වා, කසුන්, සොකරිය හා කාලිය එක්ව දෙමෝලෙන් කොටන වාරයක් පාසා වදින්නේ ගස් කපපු අයගේ ඔලුවට (නි)

:       0       0

රොහාන් Monday, 03 October 2016 12:04 PM

මේවා රටක සංස්කෘතික අංග මෙහි තමන්ගේ අදහස් පලකරන සැවොම ඒවාට නිගරු නොකරන් ලෙසට සහ අපේ මතු පරපුරට මේවයේ අගය වටිනාකම් වටහා දෙමු එතකොට මේවා සුරක්ෂිත් වෙවී වැසි ලැබුන නොලැබුන මේ තමයි අපේ සංස්කෘතිය.(හේ)

:       0       0

චතුරි Monday, 03 October 2016 12:15 PM

මේ අවුරුද්දේ මුල් කාලයේත් වැසි නැහැ කියලා කට්ටියක් කලගෙඩි නැටුමක් නැටුවා මේ විදියට අන්තිමට මොකද වුනේ ඒ වැස්ස එක ගමක්ම නාය ගිහින් මළගෙයක් වුණා. (හේ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 04 October 2016 04:05 AM

අපේ සංස්කෘතික අංග ආරක්ෂා කරමින් ඒවා මතු පරපුරට උරුම කිරීමට මෙම කණ්ඩායම දරන උත්සහය මහත් සේ අගය කරමි. එමෙන්ම වැසි ලැබුණත් නැතත් ඔවුන් සමාජයට සෙතක් බලාපොරොත්තුවි සම්ප්‍රදායික චාරිත්‍රයක් ඉටුකලා. (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 04 October 2016 04:36 AM

අපේ සිංහලයට ජාතිය, ආගම, සංස්කෘතිය අමතක වෙලා.අපේ රටේ හිටපු සහ දැනට ඉන්න ප්‍රදාන පුරවැසියාගේ සිට හැම කෙනෙකුටම ස්වභාවධර්මයෙන් ලැබුණ දේ රැක ගන්න වුවමනාවක් නැහැ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 0 0

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 295 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 307 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 382 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 303 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 422 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site