IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වැසි මැද ජන ගඟ උතුරයි

ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේ මැයි රැලියේ වේදිකාවට ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (1) පස්වරු 4.30ට පමණ ගොඩවිය.

මහා වැසි නිසා ගාලු රැලියේ කථා මදකට නතර කැරිණි. පේන තෙක් මානයේ මහ සෙනග හතර වටේම සිටින බව වේදිකාවට පෙනේ.

ගාලු රැලියේදී හිටපු ඇමැති පියසේන ගමගේ මහතා පිළිගැනීමේ කථාව කරද්දී ඔහුගේ දිව පැටළුණේය. වේදිකාවේ සිටි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවට ඔහු පිළිගත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිය. මද වේලාවකට පසු ඔහු වරද නිවැරදි කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගත්තේය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගාලු රැලියට සහභාගී නොවේ.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියේ රැලියට සෙනග දෙපැත්තකින් පෙළපාළියෙන් ගමන් කරයි.

කිරුළපන ඒකාබද්ධ විපක්ෂයේ රැලියට ලලිත් ඇතුළත්මුදලි පිටිය පිරෙන තරමට සෙනග පැමිණ සිටින බව සංවිධායකයෝ කියති. පොල්හේන්ගොඩ පැත්තේ සිට පෙළපාළියෙන් පස්වරු 4.40 වනවිටත් සෙනග පැමිණෙමින් සිටියහ.

හැව්ලොක් ටවුමේ බීආර්සී පිටියේ පැවැත්වෙන ජවිපෙ රැලියට ආ පිරිස්වලින් එම පිටිය පිරීගිය බව කියති. පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා මින් මදවේලාවකට පෙර වේදිකාවට පැමිණියේය.

ජාත්‍යන්තර කම්කරු නායකයකු වන ජෙරෝජ් මොරිකොස් ද ත්‍රී රෝද රියකින් ජවිපෙ පෙළපාළියට එක්විය.

slfp_201651 slfp_2016512 slfp_2016513 slfp_2016514

ඡායාරූප - ඉෂාන් සංජීව

701119a9d0514516b78126ee450b8df2f1ae1f00b1bed55698ff7be13654a3e0_full bfc0266d24e0a1e65a9151c9aa592277d38243a2631f4136973abea64db811f7_full.0 e04acbe9448ca43c935c2b456d12b238f50ce28a8bfaff8acda47b915f6cb55e_fullf6d1d09ecd57a0ad74b7f75479f2315ad4ac5788240d21241e734df29581b7cc_full 

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

mayaday_201651 mayaday_2016512 mayaday_2016513 mayaday_2016514 mayaday_2016515 mayaday_2016516

ඡායාරූප - ශාන්ත සෙනෙවිරත්න

  Untitled-3201651 Untitled-4201651

jvp_201651 jvp_2016512



අදහස් (0)

වැසි මැද ජන ගඟ උතුරයි

සුදේශ් Monday, 02 May 2016 02:31 AM

ගාල්ලේ රැලියේ ඉන්නෙත් යූ.එන්.පී කට්ටියම තමයි. දෙපැත්තට බෙදිලා කැම්බල් සහ ගාල්ලට ගිය බව අපි දන්නවා. (නි)

:       0       0

රත්නායක Monday, 02 May 2016 02:32 AM

සෙනඟ බලෙන් ගෙනල්ලා කාටවත් ආණ්ඩු හදන්න බැහැ (නි)

:       0       0

වරුණ Monday, 02 May 2016 02:46 AM

යෙනුරගේ මොළයේ යම් ආබාධයක් ඇති බව පේනවා (නි)

:       0       0

ලෙස්ලි Monday, 02 May 2016 02:49 AM

මේ ජනතා ප්‍රබෝධය දකිනකොටත් සතුටුයි (නි)

:       0       0

සුදේශ් Monday, 02 May 2016 02:52 AM

වරුණ, ඔයා තමයි මොළය පරික්ෂා කරගන්න ඕනෑ (නි)

:       0       0

දර්ශන Monday, 02 May 2016 02:55 AM

බලෙන් ගෙනාවේ නැති ජනතාව නම් ඉන්නේ කිරුළපන (නි)

:       0       0

දිලන්ක Monday, 02 May 2016 02:56 AM

අපිත් ගියා. අපි කවදත් රටේ දියුණුව ගැනයි හිතන්නේ (නි)

:       0       0

දර්ශන Monday, 02 May 2016 02:56 AM

වැඩිම ජනතාව කිරුළපන බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

ජයන්ත Monday, 02 May 2016 03:01 AM

කොහොමත් මොළයක් ඇති මිනිස්සු ඇත්ත තේරුම්ගන්නවා (නි)

:       0       0

දුමින්ද Monday, 02 May 2016 03:04 AM

ජනබලය කාටද බලන්න පුංචි ඡන්දෙට යමුද? (නි)

:       0       0

කිත්සිරි Monday, 02 May 2016 03:22 AM

අපේ රටේ මැයි දිනය කියන්නේ, දේශපාලකයන් ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් තම බලය පෙන්වන්නට හදන පුහු දිනයක් ලෙසයි අපි දකින්නේ. (නි)

:       0       0

තිළිණ Monday, 02 May 2016 03:56 AM

කිරුළපනට ආවනම් ජන ගඟ මොකක්ද කියල බලාගන්න තිබ්බ..දහස් ගණන් මිනිස්සු ආපසු හැරිලා ගියා මාර්ගයකවත් ඉඩ නැති නිසා..(ම)

:       0       0

අජිත් Monday, 02 May 2016 04:14 AM

ඊයේ සාදුකින් පෙලන එවූ නැගිට්ටෝල අද නැතිවෙන්නම වැට් බදු ගහලා.(ම)

:       0       0

ගයාන් Monday, 02 May 2016 04:29 AM

ගාල්ලේ ගංවතුර ගලලා වගේ නම්, කිරුලපන සුනාමි ආවා වගේ....(ම)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 02 May 2016 04:52 AM

පොකට් කීයක් නැති උනාද කියල හෙට වෙද්දී ආරංචි වෙයි.(ම)

:       0       0

උදිත සංජීව Sunday, 01 May 2016 11:55 AM

අයියෝ සල්ලි .....!! (නි)

:       0       0

සේනක Monday, 02 May 2016 04:57 AM

කරුණාපාල සහෘදය, බුද්ධිමත් සහ අරුත්බර හොඳම අදහස ප්‍රකාශ කළ ඔබට මගේ ආචාරය!!!. (ම)

:       0       0

නන්ද Sunday, 01 May 2016 12:34 PM

මේ ඡායාරූප වල හාමුදුරුනමකුත් ඉන්නවා. ඒත් කම්කරුවෙක්ද? (නි)

:       0       0

මුදලිගේ Sunday, 01 May 2016 12:39 PM

අපි නම් ගියේ කිරුළපන එකට. එහෙනේ සෙනඟ හිටියේ. පුදුම සෙනඟක් (නි)

:       0       0

මුණසිංහ Sunday, 01 May 2016 12:39 PM

පස්සෙන් යන අයට දැන්වත් ඇත්ත තේරුනාද දන්නේ නැහැ. බොරු කයිවාරුව විතරයි. ගාල්ලට බස් 3000 ගේනවා කිවුවට එක බස් එකක ඉඳලා තියෙන්නේ 20 විතර. කියන තරම් සෙනඟක් ගාල්ලේ නැහැ. (නි)

:       0       0

ඉන්දික ගම්පහ Sunday, 01 May 2016 12:41 PM

කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ. ඕක තමයි යථාර්ථය. ඇත්ත (නි)

:       0       0

රන්ජිත් Sunday, 01 May 2016 01:13 PM

2015 ජනවාරි 8 වෙනිදාට පස්සේ කාටත් පැටළිලා. රටත් පැටළිලා (නි)

:       0       0

අන්වර් Sunday, 01 May 2016 01:20 PM

අනේ හැබෑට මෙහෙමත් කම්කරු ජනතාවක්? (නි)

:       0       0

අසංග Monday, 02 May 2016 05:23 AM

ඇත්තටම මේ ගොල්ලෝ කම්කරුවන් නියෝජනය කරනවද? (ර)

:       0       0

ඉෂාන් Sunday, 01 May 2016 01:28 PM

බලන්නකෝ මිනිසුන්ගේ තියෙන උනන්දුවක තරම! (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 01 May 2016 01:30 PM

තව ටික දවසකින් හොට පැටලෙන හැටිත් බලමුකෝ... (නි)

:       0       0

යෙනුර Sunday, 01 May 2016 01:38 PM

කිරුළපන සෙනඟ එකට තදවෙමින් වාඩිවෙලා සිටි හැටිත්, ගාල්ලේ දුරින් දුරින් තියපු සෙනඟ මවමින් පෙන්වන ලෙස හදපු පුටු පේලි වල මිනිස්සු ඉන්න හැටිත් බැලුවහම පේනවා මවාපෑමක තරම. (නි)

:       0       0

සරත් Monday, 02 May 2016 05:36 AM

1 වෙනිදා කම්කරු දිනේ 2 වෙනිදා වැට් 11% සිට 15% දක්වා වැඩිකලා කොහොමද ටිකිරි මොලේ. (ර)

:       0       0

නිමල් Sunday, 01 May 2016 03:14 PM

ජවිපෙ විනය මුළු රටටම තිබුනා නම් කොට්චර වටිනවද? (නි)

:       0       0

කපිල Sunday, 01 May 2016 03:36 PM

මොනවා කරන්නද? අපිට එන්න බැරිවුණානේ. "ගතින් ඉන්නට වුණත් වෙන්වී... සිතින් අප තව හිඳිමු ළංවී...“ (නි)

:       0       0

නිමල් Sunday, 01 May 2016 03:54 PM

දැන් කම්කරුවන්ට සනීපෙට නින්ද යයි නේද? (නි)

:       0       0

දිසානායක Sunday, 01 May 2016 04:37 PM

කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේ ඒකතමයි (නි)

:       0       0

කරුණාපාල Sunday, 01 May 2016 05:24 PM

හොඳ වෙලාවට එදා මැයි පළවෙනිදා දිනකදී ඇමරිකන්කාරයෝ පැය අටේ සේවා මුරය වෙනුවෙන් තම ජීවිත පුජාකරලා කම්කරු අයිතිවාසිකම දිනා ගත්තේ. ඒ උතුම් මිනිස්සුන්ට පින් සිදුවෙන්නට, හෙට දවසේ පැය අටේ සේවාව ඉවරවෙලා ගෙදර ඇවිදින් මට මගේ පවුලත් සමඟ සතුටින් ඉන්න පුළුවන්. කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවි හිමියෙන් සටන්කළ ඒ උතුම් මිනිසුන්ට මගේ ආචාරය!!! (නි)

:       0       0

චන්න ප්‍රසන්න Sunday, 01 May 2016 05:51 PM

මෙවර මැයි රැළි වලින් වැඩි ජනතාවක් සහභාගි වුණේ එ.ජා.ප. මැයි රැළියටයි. ආඩම්බරයි අපිට. (නි)

:       0       0

ජනක Monday, 02 May 2016 06:20 AM

කිරුළපනට සෙනඟ නෑනේ.(හේ)

:       0       0

කුමාර මෙන්ඩිස් Monday, 02 May 2016 06:24 AM

රටේ ජනතාවට සෙනඟ පෙන්වනවා දේශ පාලකයන්ට එහෙම එත් දිනන්නේ සෙනඟ අඩු අයනේ එකනේ වැඩේ.සෙනඟ ඉන්න අය දිනන්නේ නැනේ ඇයි අනේ (හේ)

:       0       0

ගාමිණි Sunday, 01 May 2016 06:33 PM

දහසක් බාධක කෙණෙහිලිකම් මැද ගැන ගඟ ගැලුවේ නම් කිරුළපනට (නි)

:       0       0

රොෂාන් Monday, 02 May 2016 06:30 AM

මේ රැස්වීම් වල ඉන්න කීදෙනේක්ගේ කම්කරු ඉල්ලීම් ඉටුවුනද දන්නේ නෑ. (හේ)

:       0       0

ඉනෝකා Sunday, 01 May 2016 09:28 PM

ඉන්දියන් සාගරයේ පුංචි මුතුඇටය නම් වූ අප සිරි ලංකාවේ "සැබෑ කම්කරුවා" නම් වූ ඒ දිරිමත් මිනිසා ගැන නම් මට ඇත්තේ බලවත් කණගාටුවකි. ජගත් කම්කරු දිනයේ ඔහුට නිවාඩුවක් නොමැත. ඔහු වැඩක‍ළේ නැත්නම් අඹුදරුවෝ බඩගින්නේය. වෙනත් අය උඩ පැනගෙන පෙළපාලි ගියත්, ඔහු තමාගේ වැඩපල සුපුරුදු පරිදි නිමකර, උපයාගත් සොච්චමත් රැගෙන හවසට නිවසට යනවා ඇත්තේ ඔහුට හිමි දිනය ගැන කිසිදු තැකීමක් නැතුව වියහැකියි (නි)

:       0       0

සම්පත් Monday, 02 May 2016 03:26 PM

හරි ජනමතය පේන්නේ ජේවීපී එකේ විතරයි (බ)

:       0       0

ජයරත්න අබේධීර Monday, 02 May 2016 03:42 PM

ජනක ඹයාගේ ඇස්වල සුද ඇවිල්ලද? (බ)

:       0       0

යොහාන් Monday, 02 May 2016 01:01 AM

කොහොම වුණත් ජවිපෙ රැලිය හරි ලස්සනයි. නිර්මාණශීලීයි. (නි)

:       0       0

ජානක Monday, 02 May 2016 01:22 AM

ඉනෝකාගේ කතාව හරියටම හරි (නි)

:       0       0

විජේ Monday, 02 May 2016 01:50 AM

“අපේ දිනය අපිට දියවු“ කියලා වැඩකරන ජනතාව කෑගහන දවසත් වැඩි ඈතක නැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 02 May 2016 02:16 AM

රැස්වීම්, පෙළපාලි මේ හැම එකකටම සහභාගිවුණේ අපේ රටේ කම්කරුවෝ සහ දුප්පත් ජනතාව. මේ රැස්වීම්වල කතාකළ කිසිම කෙනෙක් රටේ කම්කරුවන්ට හෝ ජනතාවට දෙන සහනයක් ගැන නම් කිව්වේ නැහැ. ඔය ටික අහන්න මොන එහෙකට මිනිස්සු පොරකකා යනවද කියලා මට නම් හිතාගන්න බැහැ. මේක කම්කරු දිනය වුණාට ඇත්තටම එදාට සිද්ධවෙන්නේ ඒකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 63 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 117 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 132 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 137 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 60 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1861 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 864 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site