‘අපි කැම්බල් පිටියට ගේන සෙනග වගේ සෙනගක් පුළුවන්නම් කිරුළපනට ගෙනැල්ලා පෙන්වන්න කියලා මම ඒකාබද්ධ විපක්ෂයේ කට්ටියට අභියෝග කරනවා‘ යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘මෙතෙක් කල් තිරය පිටුපස හැංගිලා හිටපු සුපර් මෑන්ලා දැන් එළියට බැහැලා. ඒගොල්ලන් ගමේ මිනිසුන්ට සල්ලි දීලා කිරුළපනට ගේන්න හදනවා. ඒත් අපි කියන්න කැමතියි අර සිංදුවක තියෙනවා වගේ ‘වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ‘ කියලා. ඒක නිසා ජනතාව දන්නවා ඒ සුපර් මෑන්ලාගේ හැටි‘ යැයි ද ඇමැතිවරයා කීය.
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ‘
ඇසළ Friday, 29 April 2016 01:18 PM
දෙන්නකෝ ඒ අයටත් ගෝල් ෆේස් වගේ පිට්ටනියක් සෙනග එයිද නැද්ද බලන්න. (ර)
බණ්ඩාර Saturday, 30 April 2016 10:16 AM
ගමනක අවසානය මැයි 1 කිරුළපන පිටියෙන් ආරම්භවන වගයි (නි)
සුරංග Friday, 29 April 2016 01:33 PM
පිස්සු අය අපිටත් පිස්සු හැදෙනවා (බ)
සුසන්ත Friday, 29 April 2016 01:42 PM
දන් රැවටුණු සිංහල ජනතාව යහපාලකයින්ට කියන්නෙත් ඕකම තමයි! (බ)
රොහාන් Friday, 29 April 2016 01:58 PM
ඡන්දේ තියන්න එතකොට බලා ගත හැකි වෙස් මුණු බැදන් එන්නේ කවරෙක්ද කියල (බ)
අන්වර් Saturday, 30 April 2016 11:00 AM
මේවට කියන්න වචන නැහැ අපිට (නි)
භද්‍රානි Friday, 29 April 2016 02:07 PM
ඔලු බක්කෝ වැඩිපුර ඉන්න රටේ ඔය කියන කොයි කවුරුත් බැඳගෙන ඉන්නේ වෙස් මුහුණු කියල අපි නම් දැනගෙන, ගොඩක් කල් මහත්තයෝ....(බ)
බෙනට් Friday, 29 April 2016 02:34 PM
සුපර් මෑන්ලගේ හැටි විතරක් නෙමෙයි ඔයා ඇරපු බැලුමේ හැටිත් ජනතාව දන්නවා .. ඔයාගේ බයිලා ගැනත් ජනතාව දැන් හොඳට දන්නවා .. ඩිජිටල් ඇමති .. ජනතාවට වයිෆයි නොමිලේ දෙන්න ඇවිත් බැලුමක්වත් උඩ අැරගන්න බැරුව දැන් ටෙලිෆෝන් බිලත් වැඩි කරන්න යන්නේ කියල ජනතාව දන්නවා .. එන සැරේ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ නැතුව මොකක් හරි රස්සාවක් හොයා ගන්න ක්‍රමයක් දැම්ම ඉඳලම හොයාගත්තොත් හොඳයි මම හිතන්නේ ..(බ)
සත්‍යපාල Saturday, 30 April 2016 01:33 PM
රටට යමක් කළහැකි තරුණ ඇමතිවරු කියලා අපි සමහරු ගැන හිතාගෙන හිටියට කට ඇරපු ගමන් තරම රටම දැනගන්නවා. ඉතා කෙටි කලක් තුළ ඔවුන් තමන්ගේ වටිනාකම බින්දුවට වට්ටාගෙන. (නි)
කරුණාපාල Friday, 29 April 2016 03:27 PM
ඇත්තම කියනවා නම්, ඔය අපුරු වෙස් මුහුණු වලට අපි ගොඩක් කැමතියි. බැරි වෙලාවත්, ඔය වෙස් මුහුණු ගැලෙව්වොත් එහෙම අපේ යාළුවො කවදාවත් ඡන්දෙ නම් දෙන එකක් නැහැ. ඒක ෂුවර්. (ර)
චින්තක Saturday, 30 April 2016 02:47 PM
ඔයවගේ ලාමක කතා මිනිස්සු අහන්නේ නැහැ. ඔයාට ලැබෙන අවසන් අවස්ථාව මෙය පමණි (නි)
විකුම් රංගන Saturday, 30 April 2016 06:51 PM
වැට් එක වැඩිකිරීමෙන් පස්සේ ඔය කාගේ කාගේත් වෙස් මුහුණු විතරක් නෙමෙයි, ඇඳගෙන ඉන්න ඇඳුම් පවා ගැළවෙන දවස වැඩි ඈතක නැහැ. රටේ ජනතාවට වැරදුනා විතරක් නෙමෙයි, නැතිම වුණා. තිත්ත ඇත්ත ඒකයි. (නි)
ජනහිත Saturday, 30 April 2016 07:28 PM
අනේ ඇත්තටම මැයි දිනය කියන්නෙ මොකක්ද කියලා නොදන්නා අය ඉන්න රටකද අපිත් ඉන්නේ? (නි)
ජගත් Saturday, 30 April 2016 11:00 PM
අපි බලමුකෝ කවුද වෙස් මුහුණු බැඳගෙන එන්නේ කියලා (නි)
චන්න Friday, 29 April 2016 09:58 PM
මිනිස්සු කම්කරු දිනයට රැලි වලට එන්න ඕනේ ස්වේව්චාවෙන්. (ර)
නිමාලි Friday, 29 April 2016 10:32 PM
මේ දෙගොල්ලොම තාම ඉන්නේ වැදි සමයේ. සෙනග ගෙන්නලා බලය පෙන්නන් හදන්නේ මොන වැඩක්ද? රටේ මිනිස්සුන්ගේ කාලය, සම්පත් නාස්ති වෙනවා විතරයි. මොකද එදාට විද්වත් සාකච්ඡා පවත්වනවා කියලද? (ර)
ශානක Saturday, 30 April 2016 01:11 AM
අනේ මෙයාලගේ කට විතරයි. වැඩ නැහැ. මෙයලා මොනවා දීලද සෙනඟ අදින්නේ කියලා අපිට කියාදෙන්න එන්න එපා මහත්තයෝ. (නි)
නිමල් ලලිත Saturday, 30 April 2016 01:37 AM
වෙස් මුහුණු බැඳන් එන දේශපාලන බඩගෝස්තරවාදීන්ට මේ රටේ ජනතාවක් හැමදාම රැවටෙනවා. (නි)
ආර්. වික්‍රම Saturday, 30 April 2016 01:46 AM
කවුද දන්නේ නැහැ වෙස් මුහුණු බැඳන් ඇවිදින් අපිව රැවට්ටුවේ ගිය ජනවාරි 8 වෙනිදා! (නි)
මුණසිංහ Saturday, 30 April 2016 02:17 AM
අනුන්ගේ මුහුණු බලන්න කලින් තමන්ට වුණ දේ බලන්න. කෝ වයි ෆයි? නොමිලේ ලැප්ටොප්? ටෙලිෆෝන් බිල වැඩි වෙනවා. තිබුණු පහසුකම් ටිකත් උදුරාගෙන. කයිවාරුවේ නම් අඩුවක් නැහැ. (නි)
සුසන්ත Saturday, 30 April 2016 04:48 AM
බැලුමක්වත් යවාගන්න බැරි අයනේ මේ රජයේ ඉන්නේ. දුරකථන ගාස්තුත් වැඩි කරන්නනේ යන්නේ. ලැජ්ජයි (නි)
ප්‍රසන්න Saturday, 30 April 2016 05:29 AM
සමහරුන්ගේ ඇඟේ තරමට මොළේ තිබුණා නම්....? අපි නම් කිරුළපනට... (නි)
රජින්ද Saturday, 30 April 2016 06:09 AM
ලෝකයේ අප්‍රිකානු රටවලට පසු නුගත්ම ඡන්දදායකයෝ ඉන්නේ ලංකාවේ නිසා උදෙත් රැවටෙනවා. දවල්ටත් රැවටෙනවා. ආයෙත් රෑටත් රැවටෙනවා.... (නි)
ටෙෂාන් Saturday, 30 April 2016 07:53 AM
බලනකොට මහජනතාව වන අපි තමයි රැවටිලා තියෙන්නේ (නි)
සිරි Saturday, 30 April 2016 07:56 AM
තව කොහෙද රැවටෙන්නේ? දැනටම රැවටිලා ඉවරයි. (නි)
අසාද් Saturday, 30 April 2016 09:09 AM
රැස්වීම වලට සෙනඟ ගෙනල්ලා ඡන්ද දිනන්න බැහැ. ඔය රැස්වීම වලට එන ඔක්කොම ඒ පක්ෂයට ඡන්දෙ දෙන්නේ නැහැ. එහෙමනම් මහින්ද රැස්වීම වලට සෙනඟ ගෙනා විදිහට දිනන්න තිබුනනේ. මේ අයත් ජනතාවට සහන දුන්නේ නැත්තම් සෙනඟ ගෙනාවට වැඩක් වෙන්නේ නැහැ. පරදින එක නවත්තන්න බැහැ. මිනිස්සු රැවටෙන කාලේ ඉවරයි. (නි)
ෂෙහාන් Friday, 29 April 2016 12:57 PM
එකද කට්ටියකට තහනම් නියෝගයක් කලින්ම අරගත්තේ? (ර)
චතුරි Friday, 29 April 2016 01:04 PM
මොනවද මේ කියන කතා පොඩි ළමයි වගේ. මතකනේ මහින්දට හිටපු සෙනග ඒ වුනාට පැරදුන මිනිසුන්ව විශ්වාස. කරන්න එපා තමන් කරනදේ හරියට කරන්න. (ර)
බමුණු Friday, 29 April 2016 01:15 PM
අපිනම් 2015 ජනවාරි මාසේ... (ර)