ශ්රී ලාංකික ගෘහසේවිකාවක එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ ඉන්දියා ජාතික නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ නොමැති අවස්ථාවක නිවසේ තිබූ රන් ආභරණ සොරාගෙන පලායමින් සිටියදී පසුගිය පෙබරවාරි 12 වැනි දා ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ තම රාජකාරි සඳහා නිවසෙන් ගොස් සිටියදී තම දරුවන් ගැන සොයා බැලිමට නිවසට දුරකථන ඇමතුම් කීපයක් ලබාදී ඇත.පසුව ඔහුගේ දරුවෙකු දුරකථනයට පිළිතුරු දෙමින් කියා සිට ඇත්තේ නිවසේ මෙහෙකාරිය නිවසේ නොමැති බවය.
වහා ක්‍රියාත්මකවූ ඉන්දියා ජාතිකයා නිවසට පැමිණ සෝදිසිකර බැලූවිට ඔහ්ට දක්නට ලැබුනේ රු.1952500 (ඩිරාම් 55000) වටිනා රන්ආභරණ අතුරුදන් වී ඇති බවයි .ඔහු වහාම පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව දින හතරකට පසුව ලංකාවට පිටත්විම සඳහා සකස්කරනලද ගමන්මලුත් සමග අල්බඩා ප්‍රදේශයේදී ඇය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ශ්රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විසි ලක්ෂයක කුට්ටිය සමග ලක් හෙර කොටුවේ
නිශාන්ත Monday, 03 March 2014 01:45 AM
අපේ කාන්තාවන් දැන් අලුත් දෙයක් පටන් අරගෙන වගේ.(නදී)
නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 03 March 2014 01:48 AM
ඔය වගේ අපේ අය කොච්චර මෝඩ වැඩ කරනවාද මේ රට වල නිතිය දැන දැනත්. දැන් ඉතින් ලැබේයි ඊට දෙගුණයක් දඩුවන්.(නදී)
ආරියසේන Monday, 03 March 2014 06:50 AM
ලංකාව අපකීර්තියට පත් කරන්න හොරකම කරන්න ඇති. (නදී)
පෙරේරා Monday, 03 March 2014 09:53 AM
ඒක්සත් අරාබි එමිරය නිසා හොදා. සෞදියේ එහෙම නම් අතක් නැතිව තමා එන්න වෙන්නේ.(නදී)
සරත් Sunday, 02 March 2014 11:32 AM
අයියෝ බඩු ටික ගත්තම එන්න එපයැ. මොනවා කරනවද දවස් 4 ක්. (නදී)
සමන් Sunday, 02 March 2014 11:57 AM
ලක්දෙරණට හොඳ නමක් තියපු ගෘහ සේවිකාව.(නදී)
අෂාන් Sunday, 02 March 2014 12:22 PM
මෝඩ ගැණු පිටරටකට ඇවිත් රැකියාව උනත් වංචා කිරීමෙන් ලැබෙන පල විපාක නොදන්නවාද ? දැන් ඉතින් හිරේ ලැගපන්කෝ.(නදී)
සුනිල් යහම්පත් Sunday, 02 March 2014 02:07 PM
ලජ්ජා සහගත වැඩක්. නඩුවෙන් වැරදි කරු උනාම රජයට දොස් නගාවී (දිල්)
ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 02 March 2014 04:09 PM
කලින් සිටම කල සැලසුමක්.රන් ආභරණ දැක්කාම කෙළ හල හල ඉන්න ඇති.දැන් ඉතින් කෙලවත් ගිලෙන්නේ නැතිව ඇති?(දිල්)
ධම්ම Sunday, 02 March 2014 05:57 PM
රට විරුවෝත් වැඩේ පටන්ගෙන වගේ. (නදී)