IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වාස් වෙනුවෙන් ලිඛිත දේශනයට ඉඩ

බම්බලපියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් ලිඛිත කරුණු දැක්වීමක් සඳහා දිනයක් දින ලෙස ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය කළ ඉල්ලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතා අවසර දුන්නේය.

ඒ අනුව අගෝස්තු පළවැනිදා ඊට ඉඩකඩ සැලසෙන බව මහේස්ත්‍රාත්වරයා කීය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින දෙවැනි, තෙවැනි හා හතරවැනි සැකකරුවන් වන හිටපු උප පොලිස් පරීක්ෂක ලක්මිණ ඉන්දික බඹුණුසිංහ, හිටපු පොලිස් කොස්තාපල්වරුන් වන ගාමිණී සරත්චන්ද්‍ර, ප්‍රියන්ත සංජීව සහ කැළුම් රංග දිසානායක වෙනුවෙන් නීතීඥ අනුර රණසිංහ මහතා කරුණු දක්වද්දී ඔහු තමන්ගේ නීතීඥයා නොවන බව සැකකරුවෝ කීහ.

මහේස්ත්‍රාත් සැකකරුවන්ගෙන් ඒ ගැන විමසූ විට ඔවුන් කියා සිටියේ තමන් අද නීතීඥවරයකු පෙනී නොසිටින බවයි.

අනුර රණසිංහ මහතා කරුණු දක්වමින් පැවසුවේ ඔවුන්ගේ නෑයන්ගේ ඉල්ලීම අනුව තමන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවයි.

දැන් ඔවුන් වෙන දෙයක් කියනුයේ ඔවුන් රජයේ සාක්කිකරුවන් කිරීමට රහස් පොලිසිය ඔවුනට පොරොන්දුවක් දී ඇති නිසා විය හැකි යැයි ද නීතීඥවරයා පැවසීය.

සැකකරුවන් අගෝස්තු පළමුවැනිදා තෙක් රිමාන්ඩ් කැරිණි.

 



අදහස් (0)

වාස් වෙනුවෙන් ලිඛිත දේශනයට ඉඩ

වරුණ Friday, 19 July 2013 12:13 PM

දැන් හැමෝටම වලිගෙ පෑගිලා (අ)

:       0       0

ගිම්හානි Friday, 19 July 2013 12:23 PM

වාස් මහතාණනි ,ඔබ කව්ද කියා දන්නෝ දන්නවා.කවදාහරි සත්‍ය ජය ගන්නවා.ඔබට දෙවි පිහිටයි! (දී)

:       0       0

රූපවතී Friday, 19 July 2013 04:50 PM

මම මේ සේරම පාටක අදහස් කියවනවා. ඒත් මොකුත් මගේ අදහස් ලියන්නෙ නැහැ.වෙනදේ බලාගෙන ඉන්නවා. මොකද මුළු ලංකාවෙන්ම මම විශ්වාසය තබාගෙන හිටපු පුද්ගලයෙක් මොහු, ඔහුගේ සේවය ගැන... අපිට අදහන්න අමාරුයි මේ සිදුවීම (දී)

:       0       0

ඉෂාර Friday, 19 July 2013 12:43 PM

ගිම්හානි, දන්නෝ දනිති, ඔයාලා වගේ නොදන්නෝත් සිටිති. (අ)

:       0       0

ආනන්ද ජයමාන්න මිලානෝ නුවර සිට Friday, 19 July 2013 12:52 PM

වාස් මහතාණනි, ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ දැනට ලංකාවේ සිටින ඉතා දක්ෂම නීතීඥවරයා වන්නේ හේමන්ත වර්ණකුලසූරිය මහතායි. ඔබ බිය නොවන්න. ඉතාලියේ හිටපු තානාපති තුමා ඔබව නිදහස් කර ගන්නවා. මිලානෝ ශ්‍රී.ල.නි.ප. ඔබට ජය පතමි.(නදී)

:       0       0

නලින් සම්පත් Friday, 19 July 2013 12:55 PM

"ගිම්" කෙසේ වෙතත් .. "හානි" යක්නම් තමා.(අ)

:       0       0

ධම්ම Friday, 19 July 2013 01:03 PM

කව්ද 1,3 හා 4 වැනි සැකකරුවන්ගේ නෑයා? වාස් මැතිණියද?(නදී)

:       0       0

චතුරිකා Friday, 19 July 2013 01:24 PM

මිනීමැරුමක සැකකරුවන්ට සුබ පතන අයත් ඉතාලියේ ඉන්නවා එහෙනම්? (දී)

:       0       0

අහමඩ් Friday, 19 July 2013 01:28 PM

ගිම්හානි ,සමහරවිට ඔයත් මේ නඩුවට උසාවියෙන් හොයන කෙනෙක් වෙන්න පුලුවන් කියලයි දැන්නම් අපිට හිතෙන්නේ (දී)

:       0       0

නිල්මිණි Friday, 19 July 2013 01:26 PM

ආනන්ද ජයමාන්න,ඔයාට පිස්සුද? ඉස්සරහට බලමු,අපිත් බලාගෙන ඉන්නේ. ඔයා හරි ගිම්හානි (දී)

:       0       0

දුමින්ද Friday, 19 July 2013 01:28 PM

වාස්ගේත් වැරදි තිබෙන්න පුළුවන් (දී)

:       0       0

සංජීව Friday, 19 July 2013 01:31 PM

දැන් බලාගෙන යනකොට ඉතාලියේ ඉන්න අපේ අයගේ සපෝර්ට් එක මෙහෙම අයටද? (දී)

:       0       0

කුමාර් Friday, 19 July 2013 01:36 PM

ගිම්හානි, ඉෂාර වගේ අයත් සිටිති.(නදී)

:       0       0

ශාන්ත Friday, 19 July 2013 01:51 PM

ඔබතුමා නිදහස් වෙලා නැවතත් ඔබතුමාගේ සේවය අපිට ලැබෙයි. ඒක මට ස්ථිරයි (දී)

:       0       0

ගංගා Friday, 19 July 2013 02:03 PM

කවුරු මොන දේ කිවුවත් ඔහු වැරදි කළා නම් දඬුවම් ලැබිය යුතුයි. මිනීමරුවන්ට අනුකම්පා කරන්නෝ මෝඩයෝය (දී)

:       0       0

බන්දු Friday, 19 July 2013 02:06 PM

ඉදිරියේදී හොඳ හොඳ දේවල් අපිට බලාගන්න පුළුවන් වෙයි (දී)

:       0       0

ධම්ම Friday, 19 July 2013 02:20 PM

ඉතාලියේ ඉන්න හැමෝම මැරයන්ට උදවු කරන්නේ නැහැ. (දී)

:       0       0

ඉස්මයිල් හුසේන් Friday, 19 July 2013 02:35 PM

මෙතන තාම තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියනව. මොකද, ඔය සියාම් සහෝදරයත් එක්ක හිටපු අපේ අනිත් යාළුවා දැන් කොහෙද? මොකද, එයා ගෙන් දැන් ප්‍රශ්න කරන්නේ කව්ද? සල්ලි දුන්නේ කාටද කියල එයානේ දන්නේ හරියටම. (අ)

:       0       0

නිමල් Friday, 19 July 2013 02:58 PM

දැන් ඉතාලියේ ඉන්නෙත් මොන වගේ අයද මන්දා? ඇයි ඔයාලට මෙච්චර මේ ගැන දුක? (දී)

:       0       0

තිලක් Friday, 19 July 2013 03:07 PM

වාස්ගේ සිද්ධිය යම් කුමන්ත්‍රණකාරී සැළසුමක්දෝයි විටෙක මට සිතේ (දී)

:       0       0

රූපවතී Friday, 19 July 2013 04:00 PM

ඉස්මයිල් හුසේන්, ඔයාට විතරයි ප්‍රශ්නේ තේරුනේ. අපි තවමත් වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්නවා මිස, ඔයාට වගේ සැගවුණූ පැත්ත පෙනුනේ නැහැනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2313 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1264 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 519 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 838 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1468 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


මංගලගේ ආරක්ෂකගේ නිවසින් ගිනි අවියක් හමු වෙයි
2024 සැප්තැම්බර් මස 26 1580 0

දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ මාතර වෙහරගම්පිට ප්‍රදේශයේ නිවසක සගවා තිබු විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site