IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වස විස නැති වී කිලෝවට රුපියල් 60 ක්

මෙවර යල කන්නයේදී කුඹුරු අක්කර එක්ලක්‍ෂ පනස්දහසක් වස විසෙන් තොරව වගා කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති උපදේශක, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

පුලතිසිපුර සේරුනුවර සිට දීඝවාපිය දක්වා කුඹුරු අක්කර ලක්‍ෂයක් සහ අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, කළුතර සිට මඩකලපුව දක්වා කුඹුරු අක්කර 50,000ක් මෙලෙස වගා කරන බව ද කීහ.

පාරම්පරික සහ වැඩිදියුණු කළ වී වර්ගද වගා කරන බව රතන හිමියෝ කියා සිටියහ.

වස විසෙන් තොරව වගා කිරීමට කැමති ගොවීන්ට මෙම වැඩපිළිවෙල යටතේ ලියාපදිංචි විය හැකි බව කී උන්වහන්සේ මේ පිළිබඳ අවශ්‍ය තොරතුරු sema.gov.lk වෙබ් අඩවියෙන් සහ 011 2426100 දුරකථන අංකයෙන් ලබාගත හැකි බව ද පැවසූහ.

උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා පැවසුවේ විසෙන් තොරව වී වගා කිරීමට කැමති ගොවීන්ට බිත්තර වී මෙන්ම අනෙකුත්  පහසුකම දීමටත් එසේ වගා කරන වී රුපියල් 60ක සහතික මිලකට මිලදී ගැනීමටත් රජය සැලසුම් කර ඇති බවයි.

Rathanatero_2016428



අදහස් (0)

වස විස නැති වී කිලෝවට රුපියල් 60 ක්

සශි Thursday, 28 April 2016 01:33 PM

ගැමුණු, තමන්ගේ නොදෙනුවත්කම ගැන කණගාටුයි. මෙවැනි හාල් 1kg දැන් කඩවල් වල විකුනන්නේ රු 200 - 300 ට. පුලූවන් අය වස විෂ නැතිව කෑම කනවා ගණන කීය වුනත් . රතන හාමුදුරුවන්ට ගොඩක් පින් , මේ වගේ දෙයක් අපේ රටේ කරගෙන යනවට.. ලෝකයේ දියුණු රටවල මේ දේවල් පටන් ගත්තේ මීට ගොඩක් කලින්... (ර)

:       0       0

ලසිත් Thursday, 28 April 2016 01:35 PM

අමාරුවෙන් හරි මේ වැඩේ කරගන්න පුලුවන්නම් හොදය . මුලින් විරෝධතා තිබ්බත් පස්සට හරියයි. (ර)

:       0       0

චන්ද්‍රසිරි සෙනෙවිරත්න Thursday, 28 April 2016 02:04 PM

හාමුදුරුවනේ වසර 50කට පෙර ආරම්භ කළ යුතුව තිබුන වැඩක් මේක. මේ ව්‍යාපාරය දෙස අප බලා සිටිනවා. (ර)

:       0       0

මානි Thursday, 28 April 2016 03:53 PM

මෙය සාර්ථක වේවා.(බ)

:       0       0

නඳුන් Thursday, 28 April 2016 04:40 PM

හොද වැඩක්. අපි සහය දෙමු. (ර)

:       0       0

තුෂාන් Thursday, 28 April 2016 10:38 AM

රට ගැන හිතලා හැමෝම මේක සාර්ථක කර ගන්න උදව් කලොත් ගොඩක් හොඳ ප්‍රතිපලයක් ලැබේවි. (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 28 April 2016 10:39 AM

හොඳ වැඩක්, මේ විදියට වගාකරන සහල් වලට ලෝක වෙළඳපොලේ ඉතා හොඳ මිලක් ලැබෙනවා. (ර)

:       0       0

මනෝජ් Thursday, 28 April 2016 10:49 AM

මේ කරන වැඩේට ඔබ වහන්සේට පින්. මේ ආණ්ඩුව කාලය ඉවර වෙන්න කලින් මේකට නීතිත් ගෙන්නල්ල සම්මත කරගන්න. (ර)

:       0       0

සෙනරත් Thursday, 28 April 2016 10:50 AM

වී ටික රුපියල් 42 ට ගන්න බැරුව දගලන ආණ්ඩුව කොහොමද වී කිලෝව රුපියල් 60 ට ගන්නේ ? මේක ගොවියට දෙන තවත් ලනුවක්ද පොහොර දෙන්න බැරි නිසා ? (ර)

:       0       0

සකුණි Thursday, 28 April 2016 11:25 AM

වස විසෙන් තොර වී වගා කිරීමට ගන්නා උත්සාහයට අපගේ ප්‍රණාමය. (ර)

:       0       0

නිලානි Thursday, 28 April 2016 11:48 AM

මේ වැඩේ සාර්ථක වේවා.! (ර)

:       0       0

රුවන් Thursday, 28 April 2016 12:15 PM

වැඩේ සාර්ථක වේවායි හදවතින්ම පතනවා (බ)

:       0       0

ගැමුණු Thursday, 28 April 2016 12:41 PM

පරණ වී වර්ග වගා කලොත් අස්වැන්න අඩුවෙනවා. අක්කරයකට බුසල් 60ක් උපරිම ගනී. ඒ වගේම එතකොට දැන් ගන්න අක්කරයක අස්වැන්නෙන් භාගයයි ගන්න පුළුවන්.. මුළු ලංකාවේම මේක කලොත් හාල් වලට ලොකු ඉල්ලුමක් එනවා. හාල්වල මිල නගිනවා. අනිත් අතට හැමෝම මේ හාල්කන්න කැමති නැහැ. ලොකු අක්කර ගානක වවල විකුනගන්ඩ බැරිවුණාම ඒ වගේම ප්‍රශ්නයක් එනවා. අපේ හාල් පිටරටවල විකුනන්ඩ අමාරුයි .සෝඩා බෝතලේ කැඩුව වගේ වැඩ නොකර මේවත් කල්පනා කරලා වැඩ කලොත් හොඳයි. (ර)

:       0       0

චන්දන උපාලි Thursday, 28 April 2016 12:46 PM

කල යුතුව තිබුණු වැඩක්, ඔබ වහන්සේට ජාතියේ ප්‍රනාමය. (ර)

:       0       0

උපාලි Thursday, 28 April 2016 12:49 PM

හොඳ වැඩකට අපේ සහය. (ර)

:       0       0

කපුගේ Thursday, 28 April 2016 12:51 PM

සෙනරත්ගේ දැනුම, වස විස නැති හාල් කිලෝවක දැන් ගාණ දන්නවද ? ඉල්ලුම ගැන දන්නවද? වී කිලෝව 60 නොවේ 90 වට අරගෙන උනත් දෙගුනෙක ලාබෙට විකුනන්න පුළුවන්. (ර)

:       0       0

සේනක Thursday, 28 April 2016 01:05 PM

අපේ රතන බික්ෂුවගේ පස් වැනි ව්යාපෘතියත් සාර්ථක වී ගොවීන්ගේ අත මිට යහමින් පිරී යස ඉසුරෙන් සරු සාර වේවා! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 14 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 34 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 80 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 92 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2395 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site