IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


'වාස් හොඳ මිනිහෙක් - මොකද වුණේ?'

‘නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාශීලිව කටයුතු කළ නිලධාරියෙකි. ඔහු වෙනුවෙන් ජනතාව උපහාර උත්සව පැවැත්වුවා. මෙච්චර හොඳට රාජකාරි කළ වාස් ගුණවර්ධන මහතාට මොකද වුණේ කියා ජනතාව අද ප්‍රශ්න කරනවා.‘ යැයි කොළඹ විශ්ව විද්‍යාලයයේ තොරතුරු හා ජනමාධ්‍ය අංශයේ මහාචාර්ය කමල් වලේබොඩ මහතා පැවසීය.

වාස් ගුණවර්ධන මහතා මිනීමැරුමක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ පසුවෙයි.

මාහාචාර්ය වරයා එසේ පැවසුවේ මහජන මිත්‍රහීලි අභිමානවත් වෘත්තීය පොලිස් සේවාවක් යන සංකල්පය යටතේ ‘සියපත්විල‘ වැඩසටහනේ මාතලේ පොලිස් කොට්ඨාසයේ වැඩමුළුවක ප්‍රධාන දේශනය පවත්වමිනි.

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩමුළුව මාතලේ සංචාරක හෝටල් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මහාචාර්යවරයා මෙසේ ද පැවසීය.

‘පොලිසිය හා ජනමාධ්‍ය දෙකක් නොව එකකි. පොලිසිය මෙන්ම ජනමාධ්‍යය ජනතාවට සහ රටට සේවය කරන අංශයක්. මානව ධර්ම වර්ධනයෙහි මෙන්ම ආර්ථික සමාජ හා සංස්කෘතික ක්‍රියාදාමවල කැපවී කටයුතු කරන මාධ්‍යවේදියා සමග පොලිසිය නිතරම අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතුයි.

මාධ්‍යවේදියා සත්‍ය හෙළි කිරීමට, විවේචන කිරීමට, වරද  දුටු තැන ඒ ගැන රටට හෙළි කිරීමට පැකිලෙන්නේ නැහැ.

වාර්තමානයේ පොලිසිය සමාජයේ සාමය ඇති කිරීමට කටයුතු කරනවා වගේම ඩෙංගු උවදුර මර්දනය කිරීම වැනි සේවාවලද නියැලී සිටිනවා. මේ නිසා පොලිසිය හා මාධ්‍ය අතර ඇත්තේ සමීප සම්බන්ධයක්.

පොලිස් රාජකාරිය වර්තමානයේදී විවිධ හේතු නිසා ජනතාවගේ විවේචනයට ලක්වී තිබෙනවා. ඒ තත්ත්වය දුරු කිරීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා පොලිස්පති මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්.‘



අදහස් (0)

'වාස් හොඳ මිනිහෙක් - මොකද වුණේ?'

මොහොමඩ් Saturday, 15 June 2013 11:37 AM

කොටින්ට රට පාවලා දුන්නෙත් ඔය ආරක්ෂක නිලධාරියොමයි. දැන් මිනීමරන්න කොන්ත්‍රාත්තුව ගන්නෙත් පොලිස් ලොක්කා තමයි. රට බල්ලට ගිහින්.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 15 June 2013 11:37 AM

වාස් වැඩේ ජෝන් බාස් නේද? දැන් ඉතින් මාංචු දාන් ඇදෙත් ඉන්න පුලුවන්නේ.(නදී)

:       0       0

බමුණුසිංහ Monday, 17 June 2013 06:00 PM

වෙස් මුහුණු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ අපි නෑ රැවටෙන්නේ... (නි)

:       0       0

රන්ජිත් Saturday, 15 June 2013 04:44 PM

මේ චිත්‍රපටියේ මැද කොටස. ඊළඟ කොටස ඔහු හොදම පුද්ගලයා කරාවි. ඊට පසුව මරාපු අය සියදිවි හානිකරගත්තා වගේ වේවි. අවසානයේ පුරුදු පරිදි වාස්ට ඇප සහ නිදොස් කොට නිදහස දේවි. මේවා අතිවිශිස්ට සිනමා නිර්මාණ. අපේ අවාසනාවට සම්මානයට පාත්‍ර වන්නේ නැහෙනේ. (නදී)

:       0       0

චානක Saturday, 15 June 2013 01:14 AM

රාජකාරී නිල ඇඳුම හා තත්වය තමන්ගේ අනිසි සුඛ විහරණය සඳහා යොදා ගැනීමට කාටවත්ම බැහැ. (නි)

:       0       0

බූම් Thursday, 20 June 2013 04:31 PM

වාස්ට දැන් පරණ ඒවා මතකද දන්නෙ නැහැ (නි)

:       0       0

කුමුදු Saturday, 15 June 2013 01:38 AM

ඒ වුණාට නෝනා නම් කියන්නෙ වෙන කතාවක් නේද? (නි)

:       0       0

ඉන්දික Wednesday, 19 June 2013 04:44 PM

මෙහෙම අයට සහතික දෙන්න එපා මහත්තයෝ (නි)

:       0       0

නිමල් Friday, 14 June 2013 05:40 PM

වස් හොද මිනිහෙක් ඒක තමා බන්දනාගාරයට දැම්මේ.(අ)

:       0       0

පෙරේරා Friday, 14 June 2013 05:42 PM

අපිටත් ඒක නම් ප්‍රශ්නයක්. මේ මනුස්සයා කළ යුතු දේ කළා. එව්වා අපිට අමතක නෑ. නොකළ යුතු දේ කළා නම් දඩුවම් විදින්න ඕන. (ත)

:       0       0

ඇන්ටන් Friday, 14 June 2013 05:44 PM

ඇත්තට වාස් ට මොකද උනේ අනේ (ත)

:       0       0

ඉම්රාන් Saturday, 15 June 2013 12:20 PM

රට පාලනය කරන උදවියත් හැඟින්ම්බරව කතා කර සිංහලයාව මෝඩයා කරන එක මිසක් නිදහස ලැබුනු දා ඉඳලා මොනවද කලේ? හෙටත් සිංහලයා රැවෙටෙනවා කතාවලට අනාගතයේත් රැවෙටෙනවා. (අ)

:       0       0

විපුල Friday, 14 June 2013 05:47 PM

වාස්ගේ ක්‍රියාකලාපය හරියට සොයා බලන්න. (ත)

:       0       0

තිසල් Saturday, 15 June 2013 05:12 AM

පුදුම මිනිස්සු ඉන්න රටක් මේක. ලිහලා බලපු මල්ල සමහර අය ඔබලත් බලනවා.ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දැකලත් දැකපු දේ නොවේ ඇතුලේ තියෙන්නේ කියලා හිත වෙනස් කරගන්නවා.මෙහෙම හිතන මිනිස්සු ඉන්නතුරු රටක් හදන්න ආමාරුයි. (නි)

:       0       0

මාටින් Sunday, 16 June 2013 04:57 AM

රන්ජිත් එක්ක මමත් එකගයි. (නි)

:       0       0

සරා Saturday, 15 June 2013 05:19 AM

එයාගේ මානසික තත්වය ගැන වාර්තාවක් ගන්න කියලා මම යෝජනා කරනවා (නි)

:       0       0

මිහාම් Friday, 14 June 2013 06:12 PM

දාන්න කට්ටිය තව ඕනේ තරම් එළියේ ඉන්නවා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 14 June 2013 06:11 PM

මිත්‍රහීලි අභිමානවත් වෘත්තීය පොලිස් සේවාවක්... මොනවද අප්පේ මේ සම්මන්ත්‍රන? පලමුවෙන්ම සම්මන්ත්‍රන තියන්න ඕනෑ ජනතාවට සෑනසීමෙන් ඉන්න දෙන පොලිසියක් හදමු කියන තේමාව යටතේ. මිනිස්සු ලංකාවෙ පොලිසිය හින්දා හොඳටම හෙම්බත් වෙලා ඉන්නෙ (නි)

:       0       0

මහින්ද Monday, 17 June 2013 01:05 PM

පොලිස් පති තුමා වගකිව යුතුයි තමන්ගේ වැයික්කියේ වැඩවලට.(නදී)

:       0       0

ගිම්හානි Saturday, 15 June 2013 12:42 PM

වාස් කියන්නේ ඇත්තටම හොද කෙනෙක්.අපේ රටේ හොද අයට රැදී සිටින්න ආයුෂ නැහැනේ. කව්රුත් දන්නා දෙයක් නේ ඒක. කොහොම වුනත් සියල්ල දෙවියන්ට බාරයි.ඔබතුමා ඉක්මනට නිදහස් වේවා! (නි)

:       0       0

ගිම්හානි Saturday, 15 June 2013 12:41 PM

මංජු, ඔබට ස්තූතියි (නි)

:       0       0

කලු Friday, 14 June 2013 06:17 PM

වාස් නියම චරිතයක්. (නි)

:       0       0

චමිල Friday, 14 June 2013 06:17 PM

මේක කියපු අයටත් මොනවාහරි කරලා දීලා වගේ. වාස් හොද ඇති නිදාගත්තාම. (නදී)

:       0       0

මාගලී Friday, 14 June 2013 06:30 PM

මනුස්සයෙක් හොද මිනිහෙක් කරන්නත් , නරක කෙනෙක් කරන්නත් පුළුවන් සුලු වෙලාවයි යන්නේ (නි)

:       0       0

චන්ද්‍ර Saturday, 15 June 2013 05:46 AM

චෝදනා එල්ල වූවන් කෙරෙහි විවිධ මත පල කිරීම සදාචාරාත්මක නොවේ. (නි)

:       0       0

සමන් Saturday, 15 June 2013 12:50 PM

කොටියක් ගත්තලු නේද (අ)

:       0       0

සත්‍යා Friday, 14 June 2013 06:28 PM

මේක ඇත්ත එළිවිය යතු අබිරහස් කතන්දරයක්. (නි)

:       0       0

නිමල් Friday, 14 June 2013 06:29 PM

මම හිතන්නේ මෙයා ඔය කියන්නේ චමින්ද වාස් ගැන වෙන්න ඇති. නෙත්නම් ගොඩක් මහාචාර්ය වරුන්ගේ වගේ මෙයාගෙත් මොලේ කොලොපන් වෙලා වෙන්න ඇති.(නදී)

:       0       0

රුවන් Friday, 14 June 2013 06:29 PM

නපුරු කලට සත හට අත් වන විපත....... එදුරු නොවෙයි කළ පවු පල දෙවා මිස.......(සුභාෂිතය) (නි)

:       0       0

චතුර Friday, 14 June 2013 06:32 PM

වාස් මහත්තය හොද බව ඇත්ත.මේ ටිකත් අහන්නකො.ඕනෑම උසස් අයට ගොඩක් යාලුවො ඉන්නවා.ඒ අය අතරෙ මුදල් තියෙන ලොකු නරක අදහස් තියෙන අයත් ඉන්නවා.ඉතින් එහෙම යාලුවෙක් වාස් මහත්තයටත් ඉදලා තියෙනවා වෙන්න බැරිද? මහත්තයා තේරුම් නොගත් එක දෙයක් තියෙනවා. හිතට එකග නැති වැඩ සහ නරක අය අතරට ගියොත් වෙන දේ.හරියට රාජකාරි කළාට වැඩක් නැහැ.හරි මිනිසුන් එක්ක ඉන්න ඕනෑ. සී අයි ඩී ය නියම විදියට වැඩ කරනවා. මෙතන මොනව හරි වෙලා තියෙනවා කියලා අපිටත් දැනෙනවා. ඇත්ත දන්නෙ ඉතින් වාස් මහත්තයම තමයි. (නි)

:       0       0

මල්සරා Saturday, 15 June 2013 05:53 AM

අනේ කුමාරි, ඔය ඉන්න රට කියනවද ? (නි)

:       0       0

ධනා Friday, 14 June 2013 06:32 PM

එතුමා තමන්ගේ හිතට එකගව වැඩ කළා වෙන්න බැරිද? හැබැයි එළියේ ඉන්න අය ඇතුලට දාන ,ඇතුලට දාන්න ඕනැ අය එළියේ ඉන්න කාලයක් මේක. (නි)

:       0       0

පෙරුමාල් Saturday, 15 June 2013 06:48 AM

වලේබොඩ කඩේ යයි (අ)

:       0       0

මුණසිංහ Friday, 14 June 2013 06:41 PM

වාස් උන්නැහේ සී.අයි.ඩී එකට කරපු තර්ජනයෙන් කාටත් තේරෙනවා ඇතිනේ එයාගේ වැඩ කොහොමද කියලා. රත්නපුර ඇතුළු සමහර සිද්දි ගැන නියම තොරතුරු සොයා ගත්තා කියල කිව්වම මෙහෙම අයට ඒවා සොයා ගැනීම අපහසු නැහැ නේද?(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 14 June 2013 06:51 PM

අපි කලබල වෙන්නේ මොකටද? එතුමා වරදකරුවෙකු වෙලා නැහැනේ (නි)

:       0       0

රුවන් Saturday, 15 June 2013 07:28 AM

පොලිසිය හොරකම් කරනවා. දේශපාලුවො නීති විරෝධී වෙලදාම් කරනවා. හමුදා නිලදාරීන් බිස්නස් කරනවා. රාජ්‍ය සේවය නිදි. විනිසුරන් අල්ලස් ගන්නවා. ගුරුවරු ලමයින්ට අපචාර කරනවා. හාමුදුරුවරු පාරට බහිනවා. කසිප්පු මුදලාලිලා චන්දෙ ඉල්ලනවා. ඉතින් මේක අපේ ධර්මද්වීපයලු..ආශ්චර්යය නොවේ නම් මේ වෙන මොකක්ද? (නි)

:       0       0

රුක්මන් සේනාරත්න Friday, 14 June 2013 07:09 PM

අනේ මෙයා මහාචාර්ය කෙනෙක් වගේ නෙමෙයි පෙන්නේ පොඩි බබෙක් වගෙයි. (නදී)

:       0       0

රංජිත් Friday, 14 June 2013 07:10 PM

ඔය දැන ගන්න තියෙන්නේ හෙලිවුන ප්‍රමාණය විතරයිනේ. තව තව හොයන්න. එවිට ඇත්ත දැනගන්න හැකිවේවි (නි)

:       0       0

නිල්මිනි Friday, 14 June 2013 07:09 PM

වාස්ට දැන් හොදයි. මාසෙ පඩිය ලක්ෂ දහයයි.(නදී)

:       0       0

රොෂාන් Friday, 14 June 2013 07:11 PM

වාස් අපිට හිටිය දක්ෂ කෙනෙක්. ඔහුගේ නම ලොව පුරා තවම පැතිරෙනවා (නි)

:       0       0

ගාමිණී Saturday, 15 June 2013 06:19 PM

පාතාලය නැති කරන්න පොලිසිය මිනි මරන්න ඕන නැහැ. ඒවාට අනුබල දෙන අය මේ රටේ ඉන්න කොට පොලිසිය මිනි මරණ එක ගැන පුදුම වෙන්න ඕනත් නැහැ. මේ රටේ පාතාලය නැති කරන්න ඕන නම් කල යුත්තේ එකම එක දෙයයි. පාතාලයන් සමග සියලු දේශපාලකයන් පවත්වන සියලු සම්බන්දකම් වහාම නතරකලොත් පොලිසියට රටේ පවතින නීතිය පමණක් ක්‍රියාත්මක කර මේවා නවතා දැමිය හැක. එහෙම නැතුව පාතාලයන් නිසා ඔවුන් මරා දැම්මට කමක් නැහැ කියන මතයේ ඉන්න මිනිස්සු ඉන්න රටක පොලිසිය මෙවැනි තත්වයකට පත් වීම ගැන පුදුම වියයුතු නොවේ. රටේ නීතියක් නැත කියල කියන මිනිස්සුම මේවට ආවැඩී මේ විපාක වලට කර ගැසීමට පොලිසියටද සිදුවීම රටේම අභාග්‍යයකි.(නදී)

:       0       0

ගුණරත්න Friday, 14 June 2013 07:10 PM

කවුරුත් හොද මිනිස්සු තමයි සමාජය තමයි මිනිස්සු වෙනස් කරන්නේ (දී)

:       0       0

පෙරේරා Saturday, 15 June 2013 07:40 AM

වාස්ට මොකද වුනේ? ලොක්කන්ව තරහ කර ගත්ත එකයි වුනේ. (අ)

:       0       0

අසේල Friday, 14 June 2013 07:17 PM

කවුරු මොනවා කියුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි (දී)

:       0       0

කුමාරි Friday, 14 June 2013 07:29 PM

මේ මහත්තයා ‍ගොඩක් හොද කෙනෙක් බව අපි දන්නවා. එහෙම අයත් මේ වගේ තත්ත්වයකට පත්වෙනවා කියලා දැන ගත්තහම අපිට ඇත්තටම ලංකාවට එන්නත් බය හිතුණා (නි)

:       0       0

ඩී.උපුල් Friday, 14 June 2013 07:29 PM

මේවා දකිනකොට මට හිතෙනවා කැළෑ වදින්න. කාවද අපි විශ්වාස කරන්නේ? (නි)

:       0       0

මංජු Saturday, 15 June 2013 08:16 AM

වාස් නිර්දෝෂී බව ළඟදීම සැමටම දැක ගන්නට ලැබේවි (නි)

:       0       0

නෙතුමි Friday, 14 June 2013 07:33 PM

කොච්චර කාලයක් හොඳ පුද්ගලයෙක් හැටියට ගෞරව ලැබුවත්,එක නරක සිතුවිල්ලක් ඇති මනුස්සයෙක් විනාශ කරන්න. වැරදි කරන්න ලේසියි. යහමග එන්න අමාරුයි. (නි)

:       0       0

සෑම් Friday, 14 June 2013 07:34 PM

මම මුලින් හිතුවේ අපේ අර මඳවේග පන්දු යවන වාස් කියලා (නි)

:       0       0

ජයනෙත්ති Friday, 14 June 2013 07:37 PM

මම දන්නෙ නෑ අනේ මට තේරෙන් නෑ අනේ, මොනවද හැංගිලා තියේ ... (නි)

:       0       0

නිශාර්ඩ් Saturday, 15 June 2013 08:50 AM

කළ කල ටද් පල පල දේ... (නි)

:       0       0

මහේෂ් Friday, 14 June 2013 07:49 PM

මොනවා වුනත් ඇත්ත එලියට අවොත් මීට වඩා ලොකු දේවල් හොයාගන්න පුළුවන් වේවි. (නි)

:       0       0

අසේල Friday, 14 June 2013 07:50 PM

රජකම් කෙරුවත් කළකම් පල දේ කියනවනේ.අපි නම් මේ කිසිත් නොදනී.සර්ව ජන චන්ද බලයට පින් සිද්ද වෙන්න ගුණ දහම් මිනිස්කම් කියන දේවල් රහස් පොලිසියටවත් හොයාගන්න බැරි තරමට මඩ ගොහොරු දේශපාලනයෙන් හංගලා තියෙනවා කියන එක නම් අපි දන්නවා. (නි)

:       0       0

තිස්ස Monday, 17 June 2013 06:57 AM

දෑන් බලගෙන ගියාම පාතාලයයි පොලීසියයි අතර පොඩි වෙනසයි තියෙන්නෙ. මේ දෙගොල්ලම ජනතාවට හිරිහෑර කරනවා, තර්ජනය කරනවා, බියගන්වනවා, මංකොල්ල කනවා, මරනවා. පොලීසිය මේවා කරන්නෙ එයලගෙ හයියෙන් නෙමේ නිල බලයෙන්, නිල ආයුධ වලින් සහ නිල වාහන වලින් , එතකොට එයලා වැරදි කීපයක් කරනවා. නමුත් පාතාලය මේවට යොදා ගන්නෙ තමන්ඟෙ වාහන තමන්ගෙ ආයුධ තමන්ගෙ බලය. කව්ද නරක අඩු? (නි)

:       0       0

හිල්මි Wednesday, 19 June 2013 10:03 AM

මටත් තියෙනවා අදහස්. ඒත් මං තාම පොඩි වැඩියි ඕවට අදහස් දාන්න. (නි)

:       0       0

ජීව Saturday, 15 June 2013 09:14 AM

වාස්ගේ කුණු හෝදන්න ලද්ජ්ජ නැද්ද මන්ද (අ)

:       0       0

ඉන්දික Saturday, 15 June 2013 07:11 PM

මේක වෙන්න බැරි දෙය. කොටකෙතන මිනිමැරුම් අල්ලලා ආවා විතරනේ (නි)

:       0       0

කුමාර Saturday, 15 June 2013 09:14 AM

වාස් සී අයි ඩී එකට තර්ජනය කරලා නෑ. ඒ පොලිස්කාරයෝ කතා කරන සාමාන්‍ය විදිය. පොලිස්කාරයෝ ජනතාවට කතා කරන්නෙත් පොලිස් ලොක්කෝ පොලිස් පොඩ්ඩන්ට කතා කරන්නෙත් ඔය විදියට තමයි. වාස්ටත් කකුල් දෙකෙන් එල්ලලා මිරිස් ගෝනියට බස්සල ගහල ප්‍රශ්න කලොත් තව තොරතුරු හෙළි කරයි. (අ)

:       0       0

කෝලිත Friday, 14 June 2013 08:04 PM

හිර ගෙවල්වල ඉන්නේ යක්කු පෙරේතයෝ කුම්බාන්ඩයෝ නෙවෙයි , ගොඩක් හොද මිනිස්සුත් එතන ඉන්නවා , මෙයත් එහෙම කෙනෙක් කියල හිත හදාගනිමු (අ)

:       0       0

ශාන් Friday, 14 June 2013 08:05 PM

කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 15 June 2013 09:30 AM

ලොක්කෝ ,අපි දන්නවා ඔයා ලොකු ඔලුවේ අමාරුවකින් ඉන්න බව ,ඔක්කොටම කලින් කමල් වලේ බොග හැකි ඉක්මනින් මානසික ඩොකෙක් ලඟට දුවන්න ..හෙබෙයි කැම්පස් පැත්ත පළාතේ යන්න නම් එපෝ ...(අ)

:       0       0

ලලිත් මිලාන් Saturday, 15 June 2013 02:15 PM

ඇත්තටම වාස් කියන්නේ හොඳ දක්ෂ නිලධාරියෙක්. අපි දන්නා විදිහට අවංක කෙනෙක්.පැවරුණු රාජකාරිය අවංකව කළ කෙනෙක්.රටේ නමගිය අපරාධ රාශියකට සම්බන්ධ වුන අපරාධකාරයන් නීතිය ඉදිරියට ගෙනාපු දක්ෂ නිලධාරියෙක්.වාස්ට මේ වකවානුවේ පැවරී තිබුනේ පාතාලයත් , මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන ජාවාරම්කරුවනුත් නීතිය හමුවට කොටුකර ගැනීමේ මෙහෙයුමි සැලසුම් කිරීමට.මෙයට පෙරත් සැලසුම් සහගතව ඔහුව අමාරුවේ දැමීමට කළ උත්සාහයත් ව්‍යර්ත වුනා. මේ සිදුවීමත් එහිම කොටසක් වෙන්න පුළුවන්.මේ එල්ල වෙලා ඇත්තේ චෝදනා පමණි. තවම ඔප්පු කරලා නැහැ. (නි)

:       0       0

ගීත් Friday, 14 June 2013 08:16 PM

බලමුකෝ අනිත් වැරදි කරපු අයටත් මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

නොව්ෆෙල් Saturday, 15 June 2013 02:20 PM

අද පොලිසියවත් විශ්වාස කරන්න බැහැ. ඇයි අත්අඩංගුවට පත්වුණාම අසනීප වෙන්නේ? මේක පුදුම වැඩක්නේ. (නි)

:       0       0

තුෂාර Friday, 14 June 2013 08:31 PM

සෑම් ,මෝඩ කතා කියන්න එපා.අදාල දේ කතා කරන්න.ඔයා සියල්ල දත් වසු පැටියෙක් කියලා අපි දන්නවා. (නි)

:       0       0

අමර Friday, 14 June 2013 08:34 PM

මට මොකුත් මතක නැහැ

:       0       0

රනිල් Sunday, 16 June 2013 05:50 PM

මීට පෙර වාස් සහ ඔහුගේ බිරිඳ අවුරුදු 14 ක පොඩි ළමයෙක් උස්සලා ගහලා වුන සිද්ධිය යටපත් වුණා වගේම මේකත් යටපත් වෙලා යයි. අන්තිමට කියයි ශ්‍යාම් සියදිවි නසාගත්තා කියලා.(නදී)

:       0       0

රත්නායක Friday, 14 June 2013 08:44 PM

වාස් මහත්තයා හොද මිනිහෙක් හොදට හොයල බලන්න මම හිතන්නෑ වැරදිකරන කෙනක් කියලා(අ)

:       0       0

ලාල් ප්‍රියන්ත Friday, 14 June 2013 08:47 PM

මහදුරු කියනවා වාස් හොඳ මිනිහෙක් කියල, වාස් කියනවා මම මිනිමරුවෙක් ආවම බලාගමු කියල (අ)

:       0       0

ගාමිණි Friday, 14 June 2013 08:54 PM

ඇයි වාස්ගෙන් මාධ්‍යට ප්‍රකාශයක් ගන්නේ නැත්තේ? (අ)

:       0       0

ෂෙරිෆ් Friday, 14 June 2013 08:55 PM

'වාස් හොඳ මිනිහෙක් - මොකද වුණේ?' මහැදුරු කමල් වලේබොඩ. හාරලා බලන්න කොස් ගෙඩියක් නෙවියිනේ මහතයෝ, මටනම් ඔබ ගැනත් සැකයි(අ),

:       0       0

විමලසේන හ.ද. Friday, 14 June 2013 09:05 PM

දැන් අර ඊයේ මැනික් ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි එකහමාරක සල්ලි සහ මැනික් ගල් හොරකම් කරලා. කරලා තියෙන්නෙත් පොලිසියෙන් කියලලු. ඉතින්? අනේ මන්දා??? (නි)

:       0       0

සමන් Saturday, 15 June 2013 02:41 PM

මට නම් විශ්වාසයි මෙයත් වාස් එක්ක මේවට සම්බන්ධ වෙලා ඇති.(නදී)

:       0       0

අමිල Friday, 14 June 2013 09:22 PM

ඔය ආණ්ඩුවේ ඉන්න සියලු දෙනාම 'හොඳ' මිනිස්සු.(අ)

:       0       0

ෂ්‍යාමි Monday, 17 June 2013 11:37 AM

කොචිචර කිරි දෙවුවත් පලක් වේද ගොම බිංදුවක් දැමුවිට? රටේ අපචාර දුෂණ මැඩලීමට තමයි නීතියක් කියලා දෙයක් ස්ථාපිත කර ති‍බෙන්නේ. නමුත් නීතීයේ හිඩැස් තිබෙන අවස්ථා වලදි ඊට වෙනත් නිර්නායකයන් යොදා ගත් අවස්ථා ඕනෑ තරම් දැක ඇත. ඒවා සාර්ථක වු අවස්ථාද ඇත. නීතියෙන් කළ නොහැකි දේ මෙවැනි කටයුතු මගින් හෝ නවතා රටේ සාමාන්‍ය වැසියාට නිදහසේ සිටිමිට අවකාශ ලබාදුන් අවස්ථා ඇත. දැන් දැන් කරුණු සටහන් වන පරිදි මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලදාරියා එවැනි දේවල් උපයෝගි කර ගෙන අපචාර නවතා ඇත. එය අනුමත කළ නොහැකි වුවත් පොදු සමාජියට ‍යහපතක් විය. කරුණු කෙසේ වුවත් තම පුද්ගලික සුඛවිහරනය සදහා යම් අපරාධයක් කරන්නේ නම් කිසිසේත්ම අනුමත කළ නොහැකි කරුණකි. පුද්ගලික සුඛවිහරණය නිල ඇදුම සමග පටලවා ගැනිම ‍ඛේදජනකය (නි)

:       0       0

අශෝක Friday, 14 June 2013 09:28 PM

වාස් හොදයි දුමින්ද සිල්වා හොන්දායි. (නදී)

:       0       0

ලලිත් Sunday, 16 June 2013 06:33 PM

පාලකයන්ගේ දේශපාලන අරමුණු ඉටුකරගන්න පොලිසිය පාවිච්චි කලාම ඒ පිහිටෙන් පාලකයෝ බලය තහවුරු කරගෙන සියලු සැප සම්පත් විදිමින් කෝටිපතියන් වී වැජබෙද්දී පොලිසියේ අය මෙයාලා කරන වැරදි සේරමත් දන්න කොට එයාලා හිතුවොත් අපි මෙයාලා රජ කරවලා නිකම්ම පඩියකට දුක් විදින්නේ ඇයි? මේ ජීවන බර දරාගන්න බැරි කාලේ එයාලටත් පඩියෙන් ජීවත් වෙන්න බැරි උනාම කියලා හිතුවද දන්නේ නැහැ. අපිත් හැමදාම මෙයාලා රජ කරවමින් ඉන්නේ නැතුව අපිත් ඒ විදියටම රජවෙමු කියලා.(නදී)

:       0       0

තිස්ස Friday, 14 June 2013 09:33 PM

අනේ මන්දා මම මොනවා කියන්නද කියලා

:       0       0

සුනේත්‍රා Thursday, 20 June 2013 10:17 AM

තිසල් කියපු කතාව ඇත්ත (නි)

:       0       0

නිහාල් Friday, 14 June 2013 09:44 PM

නියෝජ්‍ය පොලිස්පතිත් මෙලෙස වන රටක සිවිල් ජනතාවගේ ආරක්ශාව කෙසේ වේවිද ? (නි)

:       0       0

ලලිත් Saturday, 15 June 2013 03:27 PM

වාස් හොඳ මිනිහෙක් කීවම මම මේ කල්පනා කලේ මෙයා මේ කතා කරන්නේ අපේ චමින්ද වාස් ගැනවත් ද කියලා.(නදී)

:       0       0

අනුර Wednesday, 19 June 2013 09:47 PM

මෙයා කොහොමඳ හොඳ මිනිහෙක් වෙන්නෙ. එතකොට හොඳ මිනිස්සුන් කවුරුන් කියලද කියන්නෙ.(නදී)

:       0       0

දිල් Sunday, 16 June 2013 07:30 PM

ඇයි වාස්ගේ නෝනත් පොඩි කොල්ලෙකුට පයින් ගහලා උසාවි ගියේ. පුතා කොහොමද දන්නේ නැහැ. වැරදි කරපු සියලු දෙනා අල්ලලා උල තියන්න ඕනේ. (නදී)

:       0       0

පද්මිණි Friday, 14 June 2013 10:57 PM

වාස් මහතාට මොකද වුනේ කියලා එයාගෙන් ප්‍රකාශයක් අරන් ජනතාවට හෙළිකරන්න. (නි)

:       0       0

හේරත් Saturday, 15 June 2013 10:52 AM

යුද සමයේ ත්‍රිකුනාමලයේ මිනිස්සුන්ගෙන් ඇහුවොත් වාස් මහත්තයා ගැන තව තව දේවල් දැනගන්න පුලුවන්.(නදී)

:       0       0

කමල් Friday, 14 June 2013 11:04 PM

අපි හිතුවෙත් නැහැ කවදාවත් මෙහෙම දේකට පැටලෙයි කියලා. (නි)

:       0       0

අනුරාධ. Friday, 14 June 2013 11:26 PM

අපේ රටේ ඇස් කන් ඇරගෙන හිටිය සියලු දෙනාම දන්නවා මොකද වුනේ කියලා. දිට්ඨ ධම්ම වේදනීය කර්ම.ශ්‍රී සම්බුදු දහම පසක් කරන්නේ එයයි. (නි)

:       0       0

කාල් Friday, 14 June 2013 11:44 PM

වාස්- මම මිනීමරුවෙක්. වලේබොග - වාස් හොඳ මිනිහෙක්. නිගමනය - මිනීමරුවන් හොද මිනිසුන්ය. පාතාලය හොදයි. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1059 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 735 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1135 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 830 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 501 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 907 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site