IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


වහීද නැද්ද ?

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල ද මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල ද විටින් විට වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තද සුළං හමා යාමට ඉඩ ඇත.

ගිනිකොණ සහ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු වේ. ඊසාන හෝ උතුරු දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝ මීටර 20 ක් 30 ක් පමණ වනු ඇත. මන්නාරම් බොක්ක, බස්නාහිර, ගිනිකොණ සහ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේදී සුළඟේ වේගය පැයට කිලෝ මීටර 40 ක් 50 ක් දක්වා ඉහළ යන අවස්ථා ද බලාපොරොත්තු වේ.

මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙ.ව. 7.30



අදහස් (0)

වහීද නැද්ද ?

සමන් Thursday, 03 January 2013 03:07 PM

සුනාමි එන්න කලින් අපේ අයට කියා ගන්න බැරිවුණානේ..තම මොන කතාද (ස)

:       0       0

සංජි Thursday, 03 January 2013 08:42 AM

අද දින උදේට හරි, හවසට හරි, රෑට හරි වහින්නත් පුලුවන්. නොවහින්නත් පුලුවන්. අහස වළාකුළින් බර වෙන්නත් පුලුවන්. නැති වෙන්නත් පුලුවන්. අව්ව වුණත් පායන්නත් පුලුවන්. නොපායන්නත් පුලුවන්. (නි)

:       0       0

සංජීව Thursday, 03 January 2013 09:59 AM

මම පොළොන්නරුවේ .මෙහෙටනම් පාන්දර ඉදන් වහිනවා (ස)

:       0       0

ශිරාන් Thursday, 03 January 2013 10:08 AM

මම හිතන්නේ මේක විහිලුවට ගන්න හොඳ නෑ (ස)

:       0       0

බාලසුරිය Thursday, 03 January 2013 11:07 AM

රස්නේ ඉන්නවාට වඩා වහින එකනම් හොදයි (දී)

:       0       0

සරත් Thursday, 03 January 2013 11:15 AM

සංජීව කාලගුණ විද්‍යාඥයෙක් වගෙයි පේන්නේ (ස)

:       0       0

ඩෙන්සිල් Thursday, 03 January 2013 11:35 AM

කුරුණෑගල කියන්නේ වයඹ ප්‍රධාන නගරය.. එහෙ මොකද කැලෑ නැත්තේ..?(නු)

:       0       0

ප්‍රසංග Thursday, 03 January 2013 11:43 AM

නුවරට අද උදෙ 7.0 ඉන්දන් වහිනවා....කාලගුණ විද්‍යාඥයෙක්ට උදෙ අහස බලල වත් හරියට කියන්න බැරිද?

:       0       0

නිත්‍යා Thursday, 03 January 2013 12:27 PM

කාලගුණය ඉතින් ටිකක් එහා මෙහා වෙලා වෙනස් වෙන්න පුළුවන් ,ඒක ඒ හැටි ගණන්ගන්න එපා.දළවශයෙන් අදහසක් ගෙන කටයුතු කරන්න මෙය ප්‍රමාණවත්.හැ‍මදේම අඩුපාඩුම සොයන්න එපා. (ස)

:       0       0

ඩබ්.ඒ. ප්‍රභාත් Thursday, 03 January 2013 12:35 PM

මේ අනාවැකි විතරයි.. මොකද කාලයගුණය කියන එක මොහොතින් මොහොත වෙනස් වෙනවා.. අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පාවිච්චි කරන උපකරණ නවීන ඒවා නෙමෙයි.. ඒවායේ නිවරද්‍යතාවය අඩුයි.. අපිට තියෙන දෙයින් අපි සෑහීමට පත් වෙන්න වෙනවා..!(නු)

:       0       0

මුතුකුඩ Thursday, 03 January 2013 01:08 PM

දවල්ද?(නු)

:       0       0

ජනක Thursday, 03 January 2013 01:33 PM

වෙනත් රට වල වහින තැන, වෙලාව හා වහින ප්‍රමනයත් බොහෝ දුරට හරියට කියන්න පුළුවන් වෙලා තියනවා. නමුත් ලංකාවේ අඩුම ගන්නේ ආසන්න වසයෙන් වත් කියාගන්න බැහැ. කිව්වොත් වෙන්නේ එකේ අනිත් පැත්ත. (ස)

:       0       0

ශෂී Thursday, 03 January 2013 02:46 PM

අනේ කොළඹටත් වහිනවනේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 467 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 402 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2400 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 970 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 828 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 359 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39165 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25593 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site