IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


වාහනවල හැංඟි හොරා යන්න බැරිවෙයි

අඳුරු වීදුරු සහ තිර රෙදි සහිතව ධාවනය කරන වාහන පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමේ මෙහෙයුමක් අද (25) සිට ක්‍රියාත්මක කරන ලෙස රථ වාහන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා සියලු ප්‍රාදේශීය කොට්ඨාස හැර නිලධාරීන් වෙත ෆැක්ස් පණිවිඩ මගින් දැනුම් දී ඇතැයි පොලිස් ආරංචි පවසයි.

මේ සම්බන්ධයෙන් අද (25) සිට 28 වැනිදා තෙක් පොලිස් ස්ථාන මට්ටමින් රථවාහන පරීක්ෂාවක් සිදුකර රියදුරන් දැනුවත් කරන බවත් ඒ මොහොතේම ඒවා ඉවත් කිරීමට හෝ එසේ කිරීමට නොහැකිවන අයට නඩු පවරන බව ද පොලිසිය කියයි.



අදහස් (0)

වාහනවල හැංඟි හොරා යන්න බැරිවෙයි

හේවා Tuesday, 25 October 2016 09:23 PM

මේක නම් ගොඩක් හොඳයි (නි)

:       0       0

රාධා Tuesday, 25 October 2016 10:23 PM

පොලිසියේ සද්දේ දාලා පටන්ගන්න වැඩ නිශ්ශබදවම නවතින එකට හේතුව මොකක්ද? (නි)

:       0       0

උපුල් Tuesday, 25 October 2016 09:20 AM

ඕකට ඔච්චර නටන්න දෙයක් නැ. ප්‍රවෘත්ති වලට හරියට පණිවිඩය දුන්නා නම් එක රැයකින් ඕක කරන්න පුළුවන්. ගස් අස්සේ හැංගිලා ඉදල දඟලන්නේ නැතුව. (අ)

:       0       0

ලන්කපුත Tuesday, 25 October 2016 09:22 AM

තවත්, ෆුල් ෆේස් හෙල්මට් කතාවක්. මගේ වාහනයේ වීදුරු කළුද සුදුද කියන එක කාටවත් තීරණය කරන්ඩ බෑ (අ)

:       0       0

අසංග Tuesday, 25 October 2016 09:50 AM

එතකොට පාර්ලිමේන්තුවේ අයගේ වාහනත් එහෙමම වෙන්න එපැයි. බලමු නීතිය කාටත් පොදුවේද කියල? (බ)

:       0       0

ගුණරත්න Wednesday, 26 October 2016 01:01 AM

ඉදිරියේදී කලිසම් වල පිස්තෝල ගහගෙන යනවා කියලා කලිසම් ගළවලා යන්නත් කියාවිද දන්නේ නැහැ. මාළු කපන මිනිසුන්ට පිහි ගෙනියන්නත් දෙන්න බැහැ කියාවි මේ යන විදියට. අනේ කාලේ වනේ වාසේ කිවුවලු (නි)

:       0       0

සමන් Thursday, 27 October 2016 03:00 AM

මට වාහනයක් නෑ. කාර් එකක් ගන්න සල්ලිත් නෑ. මම නම් කියන්නෙ මේක හොඳ වැඩක්. වීදුරු කළු කරන එක නෙවි. වීදුරු වහගෙන යන එකත් තහනම් කරන්න ඕනෑ (ම)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 25 October 2016 10:05 AM

අදහස හොඳ නමුත් එය ක්‍රියාත්මක කිරීම ටිකක් අමාරු වෙන්න පුළුවන්. කම්හල් වලින් පිටවන නවීන පන්නයේ මෝටර් රථවල පිටුපස අසුනේ වීදුරු ඉදිරිපස වීදුරු වලට වඩා අඳුරු කරලාම තමා මෙරටට එන්නේ. නමුත් මෙහි සමහර මදාවි, වංචා, තක්කඩි වැඩ සඳහා "ගෝ ෆාස්ට් " වාහන යොදා ගන්නා අය නම් වුවමනාවෙන්ම අඳුරු වීදුරු, තිර ආදිය සවි කරවා ගන්නා හේතුව පොලිසිය දන්නා නිසා තමා මෙවැනි නීති ඕනෑ කියන්නේ (බ)

:       0       0

ඒකනායක Tuesday, 25 October 2016 10:06 AM

පාර්ලිමේන්තුවේ අයට පමණක් නෙවෙයි! අනෙකුත් ක්ෂේත්‍රවල අයටත් මෙය පොදු විය යුතුයි! (බ)

:       0       0

මනෝජ් Tuesday, 25 October 2016 10:14 AM

මේ තවදුරටත් පොලිසිය අප්‍රසන්න තත්ත්වයකට පාර කැපෙන වැඩක්. කස්ටම් එකටයි මෝටර් රථ එකටයි කරන්න බැරි වැඩ වලට පොලිසිය මොකට කර ගහනවද? (බ)

:       0       0

යහම්පත් Tuesday, 25 October 2016 10:16 AM

පාර්ලිමේන්තුවේ අය ගියාට කමක් නැහැ. ඒගොල්ලන්ගේ මුවාවෙන් යන ජාවාරම් කාරයෝ, ලේකම්ලා ...කටු කන මහත් හොරුන්ගේ යෑම තමා නවත්වන්න ඕනේ. (බ)

:       0       0

තිලාන් චමින්ද Tuesday, 25 October 2016 10:22 AM

කාට කළත් එකම නීතියද ? (බ)

:       0       0

අයිසෙක් Tuesday, 25 October 2016 10:24 AM

සමහර ඩිෆෙන්ඩර්වල ඉදිරිපස වීදුරුවත් කළු කරලා . ඒවත් අල්ලනවද ? ආ , දැන් තමයි මතක් වුනේ , අර සද්ද වැඩි නලා අල්ලන වැඩේට මොකද වුනේ ? (බ)

:       0       0

ලක්ෂිත Wednesday, 26 October 2016 12:15 PM

ආරක්ෂාව ගැන නොදැනුවත් කම පේනවා ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්න කියන එකෙන්. පව්. (බ)

:       0       0

ජයන්ත Tuesday, 25 October 2016 10:34 AM

එතකොට ෆුල්ෆේස් හෙල්මට් වලට මොකද කරන්නේ..? කරන තරමක් මගඩි වැඩ කරන්නේ ෆුල්ෆේස් හෙල්මට් වලට මුවා වෙලා. ඒවා තහනම් කරන්නේ නැහැ. (බ)

:       0       0

නන්දන Tuesday, 25 October 2016 10:55 AM

හෙල්මට් දැම්මත් නැතත් හොරවැඩ කරන කෙනා කරනවාමයි මේකත් ඒවගේ තමයි (බ)

:       0       0

මාෂි හේරත් Tuesday, 25 October 2016 11:11 AM

පාර්ලිමේන්තුවේ ඉන්න අය තමා ඉතින් හැංඟී හොරා යන්නේ. (බ)

:       0       0

කණිෂ්කා චතුරංග Wednesday, 26 October 2016 02:04 PM

වී.වී.අයි.පී වහන වලට නිතිය පොදුනමි හොදයි නේ (අ)

:       0       0

නිමල් ලාලිත Tuesday, 25 October 2016 11:59 AM

හොද වැඩක්. මෙය සැමටම එකසේ ක්‍රියාත්මක කළයුතු අතර, ෆුල් ෆේස් හෙල්මට් මෙන්ම මුහුණ වසාගෙන් පාරේ යාමත් තහනම් කළ යුතුය. (බ)

:       0       0

ෂෙහාන් Wednesday, 26 October 2016 04:54 AM

ඇත්තටම අව්වෙන් බේරෙන්නයි මධ්‍යම පාන්තික මිනිස්සු කළු වීදුරු දාන්නේ. එ්ත් බහුතරයක් ලොකු ලොකු මිනිස්සු නම් එයාලගේ පහත් වැඩ හොරෙන් කරන්නයි කළු විදුරු වාහන පාවිච්චිය. විශේෂයෙන්ම දේශපාලුවෝ (නි)

:       0       0

වෙස්ට්‍රා Wednesday, 26 October 2016 03:36 PM

එතකොට බුර්කා ඇදන් වාහන ඩ්‍රයිව් කරන්න කමක් නෑ? (අ)

:       0       0

සුරංග පෙරේරා Tuesday, 25 October 2016 02:24 PM

මෙතන ෆේස් හෙල්මට් දාන්න එපා කියන්නේ එහි ආරක්ෂාව ගැන නොදන්නා සහ පාපැදි පමණක් භාවිත කරන අය වෙන්න ඇති. (අ)

:       0       0

නීල් Wednesday, 26 October 2016 06:12 AM

හැමෝටම නීතිය පොදුවුණොත් හොඳයි (නි)

:       0       0

ටිකිරි Wednesday, 26 October 2016 05:48 PM

ඇමති මණ්ඩලයටත් අදාළද? (නි)

:       0       0

දනුෂ්ක Wednesday, 26 October 2016 05:48 PM

පොලිසියේ නොහැකියාව වහගන්න කරන අසාධාරණ වැඩක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 91 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 118 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 139 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 543 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 851 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 257 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site