IMG-LOGO

2024 ඔක්තෝබර් මස 19 වන සෙනසුරාදා


වාහන ආදායම් බලපත් ගැනීමේදී බස්නාහිරට තිබූ දෝෂයක් ඉවත් කරයි

(අංජුල මහික වීරරත්න)

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමග සම්බන්ධ කරන්නැයි ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය  විජිත හේරත් මහතා උපදෙස් ලබා දී තිබේ.

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම නිසා ජනතාව මුහුණ දෙන ගැටළුවට විසැඳුම් ලෙස මෙම පියවර ගෙන ඇත.

බස්නාහිර පළාතේ පදිංචි කරුවකුගේ වාහනයක් වෙනත් පළාතක ලියාපදිංචි වී ඇති අවස්ථාවක එම පළාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගැනීම කාලය, ශ්‍රමය, ධනය වැය වන ඉතා දුෂ්කර කටයුත්තක් බවට ජනතාවගෙන් ලැබුණු පැමිණිලි සලකා බලා ඉහත පියවර ගත් බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එම නිසා බස්නාහිර පළාත ද හැකි ඉක්මනින් අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කරන්නැයි අමාත්‍ය විජිත හේරත් මහතා  බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට උපදෙස් දී ඇත.



අදහස් (7)

වාහන ආදායම් බලපත් ගැනීමේදී බස්නාහිරට තිබූ දෝෂයක් ඉවත් කරයි

Nilantha Friday, 18 October 2024 07:15 PM

වෙනත් පළාතක ලියාපදිංචි වාහනයක් අරගෙන අලුත් අයිතිකරු පවරා නොගෙන මුල් අයිතිකරුගේ නමින්ම තියෙන වෙලාවට තමයි ඔය ගැටළුව ඇති වෙන්නේ.. එම ගැටළුව වාහනය පවරා ගත්තාම අහෝසි වෙනවා... මේ ඇමැතිවරයා ක්ෂණික විසඳුමක් දෙනවා මිස එයින් රජයට සිදුවන පාඩුව ගැන නොසිතා ගත් තීරණයක් මේක. වාහන තමන්ගේ නමට පවරා නොගෙන රජයට පාඩු කරමින් සිටීම අනුමත කිරීමක් මේ ඇමතියා කරලා තියෙනවා... තවත් විදියකින් කියනවා නම් මිනිස්සු කරන වරදක් අනුමත කිරීම තමයි ඇමැතිවරයා කරලා තියෙන්නේ...

:       36       28

Athula Friday, 18 October 2024 08:19 PM

මේවාට තමයි කියන්නේ කොතරම් ගුණ කළත් දුදනෝ නොවෙති.. සුදනන් කියලා ඇයි දෙයියනේ උඹලා වගේ කුහකයෝ උපදින්නේ ලංකාවේම...

:       16       33

Wijekon Friday, 18 October 2024 09:05 PM

කුහකයෝ කියන්නේ තමන්ගේ යුතුකම මගහැර තමන්ගේ මල්ල පුරවාගෙන කටයුතු කිරීම තමයි. වාහනයක් පවරාගැනීම සඳහා රජයට මුදලක් ගෙවන්න ඕනෑ... ඒක මගහැරීම තමයි කුහකකම කියන්නේ යම්විදියකින් වාහනයක් පවරා නොගෙන පාවිච්චියට ගැනීම වරදක් වෙනවා. ඒකට අනුබල දීමත් වරදක් වෙනවා. සාමාන්‍යයෙන් රජයේ සේවකයින්ට වුණත් රජයට පාඩුවක් වෙන්න කටයුතු කරන්න අවසරයක් නැහැ. එහෙම නම් පාලකයින්ටත් එහෙම්ම තමයි...

:       5       26

JanakaSaturday, 19 October 2024 09:51 AM

මමත් බස්නාහිර පලාතේ වාහනයක් මගේ නමට හරවලා අලුත් ලයිසන් එක ගන්න පැයක් විතර බලා ඉන්න වුණා බස්නාහිර පළාතෙන් විස්තර එවනකන්. මේක හොඳ වැඩක්...

:       3       5

රනේ Friday, 18 October 2024 10:24 PM

ඉතා හොඳ තීරණයක්... (මම වැඩිපුර ඉන්නෙ කොළඹින් පිට.)

:       2       6

de silva Saturday, 19 October 2024 01:25 PM

කරුණාකර ඔබගේ අමාත්‍යංශයට අයත් එකම ගොඩනැගිලි පරිශ්‍රයේ තිබෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවත් ආගමන විගමන දෙපර්තමෙතුවෙත් දත්ත පද්ධති එකට සම්බන්ධ කරන්න, පාස්පෝර්ට් එකක අලුත් කරන්න ගියත්, අලුතෙන් ගන්න ගියත් වෙන වැඩක් කරගන්න ගියත් රටේම නැති ලියකියවිලි (උප්පැන්න සහතික, ග්‍රාමසේවා සහතික වැනි) උස්සාගෙන යන්න ඕනේ, දියුණු රටවල මේවාගේ වැඩ කරගන්න හැඳුනුම්පත හෝ පරණ ගමන් බලපත්‍රය පමණක් තිබීම හොඳටම ප්‍රමාණවත්...

:       0       2

de silva Saturday, 19 October 2024 01:30 PM

කුහක වෙන්න එපා, ඇමැතිගේ තීරණේ හරි, වාහනේ කොහේ තිබුණාම මොකද ආදායම රජයට ලැබෙනවා නම්..., බොහෝ සමාගම් ලියාපදිංචි කරලා තිබෙන්නේ කොළඹ නමුත් එම ආයතන වලට අයත් වාහන බොහෝවිට තිබෙන්නේ පිට පළාත්වල, හැම මගුලටම කොළඹ එන්න වෙන එක මහා කරදරයක්, මිනිස්සුන්ට සහනයක් දෙන්න හදනකොට කාලකන්නි ඒකට කැමති නැහැ.

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හිටපු ජනපතිවරුන්ගෙන් පෙරමුණක්
2024 ඔක්තෝබර් මස 19 2757 0

තම වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමට හිටපු ජනපතිවරුන්ගේ මූලිකත්වයෙන් පෙරමුණක් පිහිටුවා ගැනීමට අවධානය යොමුවී ඇත.


දරුවන් බාගෙට භාගයකට පාසල එපාවෙලා
2024 ඔක්තෝබර් මස 19 592 0

පළමු පන්තියට ඇතුළත් වන සිසුන්ගෙන් එක් ලක්ෂ විසි හත්දහස් පන්සීයකට ආසන්න ප්‍රමාණයක් අපොස උසස් පෙළ විභාගයට පෙර පාසල් හැර යන බව ලංකාවේ පාසල් සිසුන් පිළිබ


කටුනායක ඇඟළුම්හලේ සේවක සේවිකාවන් ලෙඩ වෙලා
2024 ඔක්තෝබර් මස 19 255 0

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ 11 අදියරේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් අද සිය උදෑසන ආහාර ගැනීමෙන් පසුව රෝගී තත්වයකට ලක් වීම නිසා මී


ජංගම දුරකතනය පුපුරා ගිනි ගනී
2024 ඔක්තෝබර් මස 19 1181 0

ජංගම දුරකථනයක බැටරිය ගලවා පරික්ෂා කරද්දී එය හදිසියේම පුපුරා යන අයුරු වෙලදසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.


කොළඹ - මඩකළපු මාර්ගය යථා තත්වයට
2024 ඔක්තෝබර් මස 19 195 0

වන අලි රංචුවක් ගැටීමෙන් ඉන්ධන දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ඇනහිට තිබූ කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (19) දහවල් වනවිට යථා තත්ත්වයට පත්


කෝටි 25ක අයිස් කටුනායකදී මාට්ටු
2024 ඔක්තෝබර් මස 19 568 1

රුපියල් කෝටි විසි පහක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , තේ කොළ අඩංගු පැකට් තුළ සගවා ගෙන රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 26 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 676 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 509 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site