IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


වාහන ආනයනයට නව ගැසට්ටුවක්


(යොහාන් භාසුර)
රජයට අත්‍යවශ්‍ය වාහන පමණක් ආනයන කිරීමට නව ගැසට් පත්‍රයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පොදුවේ වාහන ආනයනය කිරීමට නොවන බවත් රජයේ ආයතන කිහිපයක අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් සඳහා වාහන කිහිපයක් ආනයනය කිරීමට පමණක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
විදේශ ආධාරවලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා එම ආධාර යොදාගෙන එම වාහාන ආනයනය කරන බව කී ඒ මහතා එම ව්‍යාපෘති යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයට බස් රථ දෙකක්, සෞඛ්‍ය අමාත්‍යාංශයට ඩබල් කැබ් රථ 21 ක්, සෞඛ්‍ය අමාත්‍යංශයට ජංගම මාතෘ සායන සඳහා භාවිත කරන වාහන 3 ක් සහ කම්කරු අමාත්‍යාංශයට වාහනයක් ලැබෙන බව ද සඳහන් කළේය.
මෙහිදී ශ්‍රීලන්කන් ගුවන් සමාගමට වාහන 3 ක් ආනයන කරන බවත් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ වාහන තුන හැරෙන්නට සෙසු සියලුම වාහන විදේශ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා ඒ විදේශ ආධාරවලින් ප්‍රදානයන් බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩි දුරටත් කීය. 

 

 



අදහස් (5)

වාහන ආනයනයට නව ගැසට්ටුවක්

Lakmal Sunday, 14 January 2024 01:18 PM

අවුරුදු විස්සක් විතර පරණ ලදරමකුත් කෝටි ගානක් වෙනවා. වාහනේ වටිනාකම වගේ හය හත් ගුණයක් බදු ගහලා පරණ වාහන ගේන්න දුන්නත් මීටවඩා ලාබෙට ගන්න පුළුවන්. අනික අපි සල්ලි ගෙවන්නේ රජයට කියලා හරි හිත හදාගන්න පුළුවන්. එක ඇමැතියෙක් ව්‍යාපාරිකයෝ පිටරට සල්ලි හංගනවා කියලා නාහෙන් අඬනවා. සල්ලි ලංකාවට ගෙන්න ගන්න ඒ වගේ වැඩපිළිවෙළවල් අවශ්‍යයි...

:       1       11

Anuruddha KSA Sunday, 14 January 2024 07:16 PM

ආයෙ කතා දෙකක් නැ. දේශපාලන හැතිකරෙට වාහන හෙන ක්‍රමයක් තමයි තමයි ඔය හදන්න යන්නේ.

:       0       0

Vidyarathna Sunday, 14 January 2024 09:28 PM

තමුසෙගේ වැඩේ ගැසට් ගහනවයි වෙනස් කරනවයි වෙන වැඩ නැතිද

:       0       0

pakeer Sunday, 14 January 2024 10:34 PM

බොරු එපා ඕයි .රජයට වාහන ඕනෙත් නැහැ .පරිගණක ඕනෙත් නැහැ .ඔය තියන ඒවායෙන් වැඩ කරනවා .රජයට කියලා තමුසෙලාට ගෙන්න ගන්නේ .අපිට කොලේ වහන්න එපා.තමුසෙලා බොරු වියදම් කවදාවත් අඩු කරන්නේ නැහැ .ඕයි.. බොරු කාර හැත්ත

:       0       0

swene Monday, 15 January 2024 08:55 AM

තියෙන වාහන ටික වත් දුවවන්න අමතර කොටස් වත් සහන පදනමක් මත ආනයනය කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 145 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 201 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 106 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 152 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 471 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති
2024 ඔක්තෝබර් මස 06 510 1

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39154 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site