පුවත්පත් දැන්වීම් පළ කැර වාහන කුලියට ගෙන අඩු මිලට විකුණු බව කියන පුද්ගලයකු ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.
කඩුවෙල වෙලේ හන්දියේ සි .ජේ එන්ටප්‍රයිසස් ආයතනය වටලා සැකකරු සමඟ වාහන හතක් අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.
නුගේගොඩ ගංගොඩවිල විමලවත්තේ චමීර ජයමිණි අබ්රත්ත රිමාන්ඩ් කැරුණු පුද්ගලයාය.
කිරිබත්ගොඩ ,නිට්ටඹුව ,මාලඹේ,තන්නිරිමලේ ,පන්නල,බියගම හා කොස්ගම ප්‍රදෙස්වලින් වාහන කුලියට ගෙන අඩු මිලට විකුණා ඇතැයිද මීට පෙර ඔහු නුගේගොඩදි එවැනි රථ වාහන සිද්ධින් සම්බන්ධ නඩු පහක් පවරා ඇතැයිද පොලීසිය අධිකරණයට දැන්වීය.
ලොරි පහක් වෑන් රියක් හා කාරයක් සොයා ගත් බවද පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක
අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වාහන කුලියට අරන් කුණු කොල්ලෙට විකුණලා
චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න Friday, 09 August 2013 01:46 PM
වාහන අරගෙන කුණු කොල්ලෙට විකුණන්නේ නැතුව වැඩි ගාණට විකුණුවාම කවුද ඉතින් ඒවා ගන්නේ? පාට් ටයිම් බිස්නස් එකක් විදිහට මේ වගේ වැඩ කවුරුද නොකරන්නේ? මම වුණත් පොඩි පොඩි හොර වැඩ කරනවානේ? ඒවාවල මම වරදක් දකින්නේ නැහැ. (නි)
මිහිරි Friday, 09 August 2013 02:27 PM
මාත් එකඟයි අර්ෂාගෙ තිරණයට (ස)
විමලේ Friday, 09 August 2013 02:13 AM
මේකට නම් සුවර් එකට අර වීර කියල අදහස් දාන මංකොල්ලකාරයා සම්බන්ධවෙලා ඇති, ටිකක් සෝදිසි කරලා බලන්න, ඉතාලියේ මිලානෝවල ඉඳලා අදහස් දාන පිටිගල කියන කෙනාත් මෙයා එක්ක සම්බන්දයි.(නදී)
වීර Friday, 09 August 2013 03:04 PM
මොහොමඩ් විමල්,අර්ෂා ඔහෙලා වගේ අපි අනුන්ගේ රටවල් මංකොල්ල කන්නේ නැහැ, උපාලි, එතකොට පිස්සු පෙති බොන ඔබද මහා බුද්ධිමතා. ඔබගේ නම උපාලි (මන්ද)බුද්ධික ද?(නදී)
වීර Friday, 09 August 2013 03:08 PM
මොහොමඩ් විමල්,ඔබ අර කයිවාරු ගැහුවා වගේ අර්ශාට අංගම්පොර කියලදෙන්න අර ගුරුවරයා ලගට එක්කන් ගියාද?කරන්න පුළුවන් දෙයක් කතා කරන්න මනුස්සයෝ.(නදී)
අමිළ-කටුනායක Friday, 09 August 2013 05:36 AM
සමහර පොලිස් කාරයොත් හවුල් ඇති.(නදී)
උපාලි Friday, 09 August 2013 06:21 AM
විමලේ, මේවගේ වංචාවක් කරන්න මොළය කළඳක් හරි තියෙන්න ඕනෑ නේද? ඒ හින්ද වීර කියන එක්කෙනා මේකට සම්බන්ධ නැහැ කියලා එයා දාන අදහස් අනුව කියන්න පුළුවන්. (නි)
ධම්ම Thursday, 08 August 2013 07:27 PM
මේවා තනියම කරන වැඩ නොවෙයි. අදාල ආයතන ගැනත් හොයා බැලුවොත් හොඳයි. (අ)
අර්ෂා Friday, 09 August 2013 10:06 AM
මෙවැනි හොරුන්ට තරාතිරම නොබලා උපරීම දඩුවම ක්‍රියාත්මක කල යුතුයි. (අ)
සුසාර Friday, 09 August 2013 06:29 PM
වැඩි ගාණට දුන්නම කවුරුවත් නොගන්න නිසා වෙන්න ඇති කුණු කොල්ලෙට දීලා ඇත්තේ (නි)