IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


වූහාන් ගිය ගුවන් සේවකයෝ දිරි දීමනා ප්‍රතික්ෂේප කරති

(නිමල කොඩිතුවක්කු)
 
කොරෝනා වයිරසය හේතුවෙන් සිරවී සිටි  ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මුදා ගැනීමට චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ප‍්‍රධාන ගුවන් නියමු චමින්ද ද සොයිසා මහතා ඇතුලූ ගුවන් කාර්ය මණ්ඩලය එම ගමන වෙනුවෙන් ගුවන් සමාගමෙන් ලබාදී ඇති විශේෂ දිරිදීමනාව ප‍්‍රතික්ෂේප කර තිබේ.
 
වුහාන් ගුවන් මෙහෙයුමේ භූමි මෙහෙයුම් සඳහා නිරතව සිටි ගුවන් සමාගමේ සේවක මහත්ම මහත්මීන් සඳහා මුඛ ආවරණ, අත් ආවරණ ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා එම මුදල් යොදවන ලෙසට ඔවුන් ගුවන් සමාගමේ පරිපාලනයෙන් ඉල්ලීමක් කර ඇත.
 
වුහාන් බලා පියාසර කළ  ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ UL 1423 ගුවන් යානයේ ප‍්‍රධාන ගුවන් නියමුවන් ලෙස චමින්ද ද සොයිසා  සහ සංජය අනුෂ්ක ජීවන්දර යන මහත්වරු සහ සහායක ගුවන් නියමුවන් ලෙස ශෙහාන් සෙනෙවිරත්න, රවීන් රණතුංග යන මහත්වරු කටයුතු කළහ.
 
සෙසු කාර්ය මණ්ඩලය ලෙස ෆර්හාන් හනීෆා, සමින්ද පෙරේරා, ජෙනලි ජාන්ස්සා, කොසාන් අනුරුද්ධ,  දනිදු දුනුසිංහ, දිනුක් මාරප්පෙරුම, වසීම් මොහොමඩ්, අමාලි පතිරත්නගේ, එල්, ඞී. එම්. පත්බේරිය, දර්ශන දිසානායක, බී. පී. ආර්. ඩී. පතිරාජ, මලීෂ ප‍්‍රසාද් යන කාර්ය මණ්ඩලය කටයුතු කළේය.
 
මාරාන්තික කොරොනා වයිරසය හේතුවෙන් සිරවී සිටි  ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මුදා ගැනීමට චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සියලුම කාර්ය මණ්ඩලය ස්වේච්ඡ‍ෙවෙන්ම එම අවදානමට මුහුණ දීමද විශේෂත්වයකි.



අදහස් (56)

වූහාන් ගිය ගුවන් සේවකයෝ දිරි දීමනා ප්‍රතික්ෂේප කරති

Pradeep Tuesday, 04 February 2020 11:53 AM

විශිෂ්ඨයි මහත්වරුනි.. මේ තමයි සැබෑ මානුෂිය ගුණය.. වෛද්‍යවරුනි, ඔන්න ගන්නවා නම් ආදර්ශ.. (සියලුම වෛද්‍යවරුන් නොවේ)

:       550       1108

BamunuarachchiTuesday, 04 February 2020 02:49 PM

වීර ක්‍රියාව අවසානයේ බොරු ෂෝ එකක් කර තිබේ...

:       1424       2018

jayasekaraWednesday, 05 February 2020 03:48 AM

කොච්චර හොද ක්‍රියාවක් උනත් දරාගන්න බැරි අය තාම ඉන්නවා .....

:       104       98

janahitha Thursday, 06 February 2020 09:59 AM

"වීර ක්‍රියාව අවසානයේ බොරු ෂෝ එකක් කර තිබේ"... මේ කතාවේ තේරුම කුමක්ද ? බමුණෝ අගය කළයුතු දෙය අගය කරන්න කාරුණිකවන්න. ඔබට වැරදීමක් වෙලා වගේ පෙනෙනවා.

:       20       4

කබ්රාල්Tuesday, 04 February 2020 02:49 PM

අම්මෝ හොඳ වෙලාවට ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන හිටියේ නැත්තේ... නැත්නම් කපිල එයාගේ බිරිඳගේ බැංකු ගිණුමට තවත් ඩොලර් මිලියනයක විතර දිරි දීමනාවක් ගෙවනවා...

:       0       626

ලසන්තTuesday, 04 February 2020 02:53 PM

එක ගුවන් යානයකින් ඩොලර් මිලියන ගණනින් ගහපු ලොක්කන්, මස්සිනාලා ගැන හාවක් හූවක් නැති කොට, ඒ ඔබ කළ ක්‍රියාව අගය කරමින් ලැබෙන දිරිදීමනාවක් හෝ ත්‍යාග ලබාගැනීමේ කිසිදු දොසක් නැත...

:       12       195

BamunuarachchiTuesday, 04 February 2020 07:16 PM

එහෙම ඉන්න බව දන්නවානම් විස්තර ඇතිව අදාළ තැන් වලට දන්වා දිරි දීමනාවක් ලබා ගන්නකො.

:       11       2

ලසන්තWednesday, 05 February 2020 06:14 AM

එයාර් බස් ගණුදෙනු ගැන විදේශ රටවල පුවත් එහෙමත් කියවලා බලන්න.

:       2       0

BernardTuesday, 04 February 2020 05:16 PM

ශ්‍රී ලන්කන් එය ලයින් එකේ මේ මහත්තුරු අපි අගය කොට සැලකිය යුතුය. මේ අය හැමෝටම සියලු දෙවි දේවතාවන්ගේ පිහිට පතනවා ! වෛද්‍යවරු පහුගිය කාලේ අහිංසක ජනතාව සලකපු හැටි රටේ ජනතාවට තාම මතකයි. කොච්චර මහජනතාව අපහසුතාවයට පත් කළාද ?

:       154       16

ලසන්තWednesday, 05 February 2020 06:58 AM

ලෙඩ රෝග වසංගත වැළඳීමෙන් ගොඩයන තුන් කට්ටුව නම් බෙහෙත් කොම්පැනි අයිතිකරුවන්, ඔවුන් සමග කටයුතු කරන දේශපාලකයන් සහ දොස්තරලා ය.

:       48       0

PereraTuesday, 04 February 2020 08:46 PM

ඇත්තටම ආඩම්බරයි, ජාතිබේධයකින් තොරව සියලු දෙනා "ශ්‍රී ලාංකිකයන්" විදිහට ක්‍රියා කරලා තියෙනවා. මේ අන්දමින් රට වෙනුවෙන් හැම දෙයකදී "ශ්‍රී ලාංකික" විදිහට ක්‍රියා කලොත් රටක් විදිහට ශ්‍රී ලංකාවට ඉදිරියට යන්න නිසැකව පුළුවන්.

:       0       14

BamunuarachchiWednesday, 05 February 2020 09:19 PM

වැඩේ හරියට කලානම් නිහතමානි සතුටක් ලබනවා මිස අනවශ්‍ය ප්‍රචාරයක් ලබා ගැනීම අනවශ්‍ය දෙයකි. ප්‍රචාරය ලබා ගනනවා පමණක් නොව මුදල් ප්‍රතිෂේප කල බව කීම සුදුසු නොවේ. රට වෙනුවෙන් හදිසි අවස්ථාවලදී හෝ අත්‍යවශ්‍ය අවස්ථවලදී කරන ක්‍රියා මුදලින් මිල කල නොහැක.

:       0       2

BAMUNUARACHCHIThursday, 06 February 2020 03:38 AM

"කොච්චර හොද ක්‍රියාවක් උනත් දරාගන්න බැරි අය තාම ඉන්නවා ....." සහතික ඇත්ත එහෙම අය ඉන්නවා. ඉන් කෙනෙක් තමයි ඔය අදහස ලියලා තිබෙන්නේ.

:       0       2

asela Tuesday, 04 February 2020 11:58 AM

මේ තමයි ඇත්ත මිනිස්සු...

:       0       513

ලසන්තTuesday, 04 February 2020 03:00 PM

ඇයි එතකොට එක ගුවන් යානයකින් ඩොලර් මිලියන ගණනින් ගහපු ලොක්කන්, මස්සිනාලා ඒ ගොල්ලොත් ඇත්ත මිනිස්සු තමයි. මේ ගොල්ලෝ තිස් ගණනකගේ ජීවිත නිදහස් කලා. අරගොල්ලෝ කෝටි දෙකකට වැඩි ජීවිත ණය උගුලක හිරකළා.

:       158       313

aselaWednesday, 05 February 2020 08:50 AM

මල්ලි ඔය පෙර පාසල් ගිහින් තියනවද?

:       20       9

ලසන්ත Wednesday, 05 February 2020 03:20 PM

නැහැ සීයේ... 60-70 දශකයේ පෙරපාසැල් එච්චර ප්‍රචලිතව තිබුණේ නෑ. අපි වයස 6,7 වෙනකම් දෙමාපියන්, වටපිටාව සමග ගැවසුණු ඈයෝ...

:       10       71

Nimal ... Tuesday, 04 February 2020 11:59 AM

අපේ කොල්ලෝ ඕනෙම දේකට සූදානම්... අවශ්‍ය අවංක වැඩ කරන්න ඉඩක් විතරයි...

:       153       486

Dil PereraTuesday, 04 February 2020 01:38 PM

ඇයි හැමතිස්සේම කොල්ලෝ කෙල්ලෝ කියලා කියන්නේ? ඇස් පොට්ටද පින්තූරේ ඉන්න කාන්තා පක්ෂය පේන්නේ නැත්තේ? ඒ වගේම, "ජෙනලි, අමාලි" පළකර ඇති නම්වත් දැක්කේ නැත්ද? කියන්න ඕනේ "රටේ අවංක ජනතාවාදී පාලනයක් තියෙනවා නම් ජනතාව එය පිටුපස පෙළ ගැහෙනා බවයි. 30 වසරක යුද්ධය නිමාවත්, අද රටේ ඇතිවී ඇති පුබුදුවත්, නව සංස්කෘතියත් ඒවාට විසඳුම් බවයි".

:       53       132

PerakumWednesday, 05 February 2020 06:28 AM

ඇයි අපේ "මිනිස්සු" කියනකොට පිරිමි විතරද..?

:       0       8

ලසන්තTuesday, 04 February 2020 03:13 PM

"අද රටේ ඇතිවී ඇති පුබුදුවත්, නව සංස්කෘතියත් ඒවාට විසඳුම් බවයි"ද කියන්නේ? එහෙත් ගුවන් සේවය නිසා කෝටි දෙකකට වැඩි ජීවිත මත පැටවී ඇති ණයෙන් නිදහස් වීමක් පිළිබඳ සේයාවක් හෝ නොපෙනේ. විසඳුම වගකිව යුත්තන්ගෙන් මේවා අයකරගැනීම නොවේද?

:       111       7

siri Tuesday, 04 February 2020 12:21 PM

ඉතාම අගේ කළයුතු වැඩක්. වෙන මොනම රටකවත් මේ දවස්වල චීනයට ගුවන්යානා ගෙන යන එක මාධ්‍ය සංදර්ශනයක් බවට පත්කර ගත් බවක් අප නම් දැක්කේ නැහැ...

:       322       406

ලසන්තTuesday, 04 February 2020 03:27 PM

ඉතිං එහෙම නැතිව, ඔබ පවසන්නේ රටේම ජීවිත බිලියන ගණනක් ණය උගුලක හිරකළ ගනුදෙණු පිළිබඳ මාධ්‍ය සංදර්ශන තියන්න කියලද?

:       75       10

පිටිගල මිලානෝ Tuesday, 04 February 2020 12:36 PM

එක විදේශික කොරෝනා රෝගියෙක් සිටි නිසා අතිරේක දීමනා ඉල්ලු දොස්තරවරුන් ගැන ලැජ්ජයි. විධිමත් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් සැලසුවා නම් හැමටම මේ මාෆියාවෙන් මිදී සිංගප්පූරු යන්න පුළුවන් බෙහෙත් ගන්න...

:       1013       475

ලසන්තTuesday, 04 February 2020 03:43 PM

රටේ ජනතාවට පිළිකා, ඩෙංගු, කොරෝනා හා වෙනත් මෙකී නොකී සියලු ලෙඩ රෝග වසංගත වැළඳීමෙන් ගොඩයන තුන් කට්ටුව නම් බෙහෙත් කොම්පැනි අයිතිකරුවන්, ඔවුන් සමග කටයුතු කරන දේශපාලකයන් සහ දොස්තරලා ය. නිරෝගී ජීවිත ගතකිරීමට දැනුවත්වීම, උත්සහකිරීම මොවුන් පැරදවීමට ඇති එකම මගයි.

:       60       1

රවින් Tuesday, 04 February 2020 12:49 PM

"වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද මුරදේවතාවුන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන් දිව්‍යාන්ගනාවන් මනුලෝ තලයේ වාසනාවන්.." අපි ඔබලා වැනි අයවලුන් ලැබීමට වාසනාවන්ත වී ඇත.

:       1       249

Demuni de silva Tuesday, 04 February 2020 01:06 PM

ඉතා අගයකොට සලකනවා.

:       0       137

සේන Tuesday, 04 February 2020 01:33 PM

තම උතුම් සේවය හෑල්ලු නොකර ගැනීම ගැන ආඩම්බරයි. රටක නායකත්වය සමඟ ජනතාවගේ උතුම් සිතුවිලි ඉස්මතුවේ.

:       0       205

Champa Tuesday, 04 February 2020 02:12 PM

ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ප‍්‍රධාන ගුවන් නියමු චමින්ද ද සොයිසා මහතා ඇතුලු ගුවන් කාර්ය මණ්ඩලයේ මේ කතාව ඉහළින්ම අගය කරනවා. හැබැයි ඔබ දන්නවද අර GMOA එකේ දොස්තරලා ටික, ඒ ගොල්ලෝ කොරෝනා රෝගීන්ට සාත්තු කරන්න දීමනාවක් ඉල්ලුවා... වෙනස කොතරම්ද..?

:       509       373

ලසන්තTuesday, 04 February 2020 04:05 PM

කොරෝනා නොවෙයි ඊට වැඩි දෙයක් ආවත් තම කැමැත්ත සංසිඳුවීමටයි මාන බලනනේ, නමුදු එයද ප්‍රමාණවත් නොවේ. ධර්මයේ තියෙන්නේ "න කහාපණවස්සෙන, තිත්ති කාමෙසු විජ්ජති;" කියලයි.

:       0       1

BernardTuesday, 04 February 2020 05:39 PM

ශ්‍රී ලන්කන් සේවක මණ්ඩලයට අපේ ප්‍රණාමය පුද කරනවා. වෛද්‍යවරු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලන්නේ, පසුගිය කාලයේ අපිට මතකයි නේ. මොන තරම් වර්ජන ද ,මොනතරම් තර්ජන ද ,........ වෙනස මොනතරම්ද, ( සියලුම වෛද්‍යවරු නොවේ )

:       511       221

FAIROOS Tuesday, 04 February 2020 02:42 PM

ඉතාම අගේ කළයුතු වැඩක්.

:       0       1

Kumar Tuesday, 04 February 2020 02:47 PM

ලංකාවේ ගුණවත් කිහිපදෙනෙක් තවම ඉන්නවනේ... මේ පුවත කියවනවිට හරි සතුටක් ඇති වුණා. ඔබලාට පින් අයිතිවෙනවා.

:       0       143

almeida Tuesday, 04 February 2020 02:56 PM

දැන් මේ මාධ්‍ය සංදර්ශනය නවත්වමුද? හොඳටම ඇතිවෙලා තියෙන්නේ...

:       1106       2011

ChamilaWednesday, 05 February 2020 08:35 AM

අල්මේදා, ඔයා අර 3% හරි 55% නේද ? හොඳ වැඩක් කරපුවම ඒකට නිසි ඇගියිමක් ලැබෙන්න ඕනේ. අනිත් අයට ආදර්ශයක් වෙන්න ඕනේ.

:       27       1

කපුරුහාමි Tuesday, 04 February 2020 03:57 PM

ඒකටත් එක්ක අහිංසක ලෙඩ්ඩු ගසා කන අය.?

:       50       1

nalin Tuesday, 04 February 2020 04:13 PM

ඔබ දුන්නු ආදර්ශය ඉතාමත් හොදයි. දොස්තරලා වගේ දිරිදීමනා ඉල්ලුවේත් නෑ අඩුම තරමේ දීපු එකත් එපා කියනවා ... ඒකට අපේ දොස්තරලා කරන්නෙම කල දුටු කල වල ඉහගන්න හදන එක.

:       208       36

wije Tuesday, 04 February 2020 04:55 PM

විශිෂ්ට සහෝදරවරුනි, ඔබලාට තුනුරුවන්ගේ සරණයි.

:       0       1

Bamunuarachchi Tuesday, 04 February 2020 07:11 PM

ඔබලා කලේ විශිෂ්ට සේවයක් ඒ සඳහා කුමන හෝ දීමනාව ගත්තා නම් කල සේවයේ වටිනා කමක් නැත.

:       1       2

මෝ Tuesday, 04 February 2020 08:47 PM

රටේ නායකයා ආදර්ශය සැපයූ විට ජනතාව පැකිලීමකින් තොරව ඒ අනුගමනය කරනවා. රට හරි මාවත කරා ගමන් කරන අයුරු දැනේ. ඔබ සියලු දෙනාට මහත් පිං.

:       15       1

Chathuri Tuesday, 04 February 2020 08:51 PM

ඕවා ගත්ත වගේ නෙමේ දිරවනකොට නැත්ද මම අහන්නේ. ඊට වැඩිය ක්‍රම තියෙද්දී නැත්ද ? වරදක් සිදුවුනත් සමාවක් දෙනවා වීර ක්‍රියාව නිසා ඒ වගේම තමයි බැරි වෙලාවත් ලෙඩේ බෝවුනනම් බිරිදගෙන් ආණ්ඩුවට හොඳ ටිකක් අහගන්න තිබුන හොඳ වෙලාවට මහින්දටයි විමල්ටයි ඇමතිකම් තියෙනවා නැතිනම් අද මේ ලෙඩේ සීග්‍රයෙන් පැතිරෙනවා කට වචන වලින්.

:       17       19

ranjith Tuesday, 04 February 2020 10:05 PM

සමහර වෘතිකයන් මේ රෝගය එන්න කලින්ම දීමනා ඉල්ලුවා රටක මෙවන් විශිෂ්ඨ මිනිස්සු ඉන්න බව දැන ගැනීම සතුටක්

:       22       2

Mahee Tuesday, 04 February 2020 11:50 PM

ඔබ කල මේ විශිෂ්ට සේවය ගැන ලංකාදීපය වාර්තා කල නිසා අපි දැනගත්තෙමු. ඔබ මේ ගැන දන්නෙවත් නැතුව ඇති. නමුත් මෙහි අදහස් දමා ඇති සමහරකුන්ට මෙය මාධ්‍ය සංදර්ශනයක් ලෙස පෙනී ගොස් ඇත. ඒ ගැන නොසිතන්න. අපි ඔබට ගරු කරමු. ඔබට ප්‍රශංසා කරමු. අගය කරමු.

:       137       201

නිමල් Wednesday, 05 February 2020 12:54 AM

මට තේරෙන්නේ නැහැ මේකේ තියෙන විශේෂත්වය. මේක ඒගොල්ලන්ගේ රැකියාව. ගුවන්යානෙන් ගිහින් ආපු එක වීරක්‍රියාවක් වෙන්නේ කොහොමද.?

:       40       139

hemanthaWednesday, 05 February 2020 03:52 AM

මේකේ තියෙන විශේෂත්වය තමයි මේ මිනිස්සු ස්වේච්ඡාවෙන් අවධානමක් ගත්ත එක. සමහරක් පාසල් ප්‍රධානින් මේ අයගේ දරුවෝ පාසල් වලට ගත්තේ නැහැ, හොටෙල් වලින් මේ අය ගන්න එක ප්‍රතික්ෂේප කරා. ඒ හැම දෙයක්ම මේ ගමන නිසා.

:       1       22

kapWednesday, 05 February 2020 06:32 AM

මෝඩයන්ට, බමුණන්ට, වහලුන්ට වීර ක්‍රියා තේරෙන්නේ නැත. තුවාලයක් තියෙන හිගන්නෙක් දැක්කම මග අරින අය මේ දේ වීර ක්‍රියාවක් නෙමෙයිලු.

:       0       1

hemanthaWednesday, 05 February 2020 08:26 AM

මේක සමහර දේශපාලකයන් වීරයන් කරන්නනම් සමාජ මාධ්‍යයේ සෑහෙන්න උත්සාහ කරලා තිබුනා.

:       0       1

ලලිත් Wednesday, 05 February 2020 01:10 AM

මේ වෙද මාෆියාව රටෙන් තුරන් කරන්න කියලා ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලමි.

:       41       7

sarath perth Wednesday, 05 February 2020 01:40 AM

ලෙඩෙකුට තම රාජකාරී සේවය සැලසීමට අමතර දීමනවක් ඉල්ලු දොස්තර මහතුන් ගැන ඇත්තේ පිලිකුලකි.

:       207       26

Missaka Wednesday, 05 February 2020 01:49 AM

මෙවන් දුපුතුන් ලද මගේ මවුබිම වාසනාවන්!!!!

:       0       29

Asanga Wednesday, 05 February 2020 02:32 AM

මගේ ප්‍රණාමය ඔබ සැමට. සල්ලි මත්තෙම නැහෙන අයට හොඳ කනේ පහරක්.

:       0       23

eresh S kumara Wednesday, 05 February 2020 03:02 AM

ඉතාමත් වටිනා ආදර්ශයක් දීල තියනවා අපි හැමෝටම

:       0       26

rama Wednesday, 05 February 2020 03:52 AM

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන් දිව්‍යාන්ගනාවන් මනුලෝ තලයේ වාසනාවන් ලක්මව දිනේව ඔබ වැනි දරුවන් ලැබීමට

:       0       20

rihan Wednesday, 05 February 2020 04:28 AM

සේවය අගය කරමු. ලාංකිකයන් වන අපේ හද පතුලින් ප්‍රණාමය !

:       0       22

බද්රානි Wednesday, 05 February 2020 11:05 AM

ඒ මහත්වරුන්ගේ තිබෙන මහත්මාකමට දිරි දීමනා ප්‍රතික්ෂේප කළාට දොස්තර මාෆියා සංගම් කල්ලිය දිරි දීමනා ලබා දිය යුතුයි කියලා රජයෙන් ඉල්ලීමක් කළා නේද? මහත්වරු හා මහත් හොරු අතර වෙනස ඒක තමයි.

:       202       164

Nalaka Thursday, 06 February 2020 09:21 PM

බොරු ෂෝ එපා. අර අයි ඩි එච් එකේ වැඩ කරන මිනිස්සුන්ට මාස්ක් වත් නැහැ. මෙයාලට ජනපති භෝජන සංග්‍රහ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොර සහනාධාරයේ පමාවක් ඇතැයි පිළිගන්නවා
2024 නොවැම්බර් මස 27 4 0

ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.


’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග
2024 නොවැම්බර් මස 27 43 0

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක


අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 604 1

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 781 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


පීඩාවට පත් ජනතාව ළඟටම ගිහින් සහන දෙන්න
2024 නොවැම්බර් මස 27 457 0

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය


ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි අයෙකු බේරාගැනේ
2024 නොවැම්බර් මස 27 635 0

එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site