IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


වාහන තහනම දෙසැම්බරයෙන් ඉවරයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයන සීමා මේ වසර අවසානයේදී සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීහු රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද දැනුම් දුන්හ.

වාහන ආනයන සීමා කිරීම් කොපමණ කාලයක් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව කාරක සභාව විමසූ අවස්ථාවේදී ඔවුහු මෙසේ සඳහන් කළහ.

මේ අතර සංක්‍රමණික දීමනාවට පළමු වරට හිමිකම් කියන විශ්‍රාමිකයන් සඳහා සංක්‍රමණික දීමනාව ඇමරිකානු ඩොලර් 30000සිට 50000 ක උපරිමය දක්වා වැඩි කෙරෙන බව එහිදී සඳහන් විය.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (5) රැස්විය.

අංක 2341/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ඇති රෙගුලාසි පිළිබදව අවධානය යොමු කළ කමිටුව ඊට අනුමතිය ලබා දුන්නේය.

තවද 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ අංක 2338/40 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගයටද අනුමැතිය දුන් බව කාරක සභාව පවසයි.

 



අදහස් (7)

වාහන තහනම දෙසැම්බරයෙන් ඉවරයි

pakeer Tuesday, 05 September 2023 10:20 PM

ලොක්කන්ට වාහන ගේන්න මාස 6 ක් දීලා ආයෙත් වහනවා ඕක.දැන් උන්ගේ වාහන අවුරුදු 5 ක් පැනලා.ඉතින් අලුත් වාහන ගෙන්නන්න ඔය කරන්නේ

:       1       25

chandima Tuesday, 05 September 2023 11:26 PM

ඒ කියන්නේ ඇමතිලා මන්ත්‍රීලා ට සැප වාහන ගේන්න පුළුවන් නමුත් ජනතාවට බැහැ .එහෙම නේද ?

:       0       23

kadawala Wednesday, 06 September 2023 09:10 AM

පුද්ගලික වාහන කියන්නෙ? ඒකෙ තේරුම බයික්, කාර් ද?

:       0       62

තාරක Wednesday, 06 September 2023 10:19 AM

අනෙකුත් වාහන යනු මැති ඇමැතිවරුන්ට, රාජ්‍ය ආයතනන සහ රජයට භාවිත කිරීමට සීමාවක් නැතිව වාහන ගෙන්වීමට හැකි බවයි? ඒගොල්ලන කොහොමත් දිනුම්?

:       1       106

කමල් පෙරේරා Wednesday, 06 September 2023 10:36 AM

හොර දේශපාලුවන්ට අලුත් වාහන ඕනේ වෙලා.තියන ඩොලර් ටිකත් ඉවරයිඑතකොට . වාහන ගත්තට පස්සේ ඩොලර් නෑ කියලා ආපහු සීමා පනවනවා.ඊට පස්සේ වහල්ලු ටිකට ඒ වාහන වලට ගිය වියදමුත් ගෙවන්න වෙනවා.වහල්ලු දුක් විඳිනවා.දේශපාලුවෝ සැප විඳිනවා .ඕක තේරුම් ගන්න කවදාවත් මේ රටේ ඉන්න මෝඩ මිනිස්සුන්ට උවමනාවක් නැහැ

:       1       82

නිමල් Wednesday, 06 September 2023 11:05 AM

ජනගහණය වැඩිවෙනවා වගේ මන්ත්‍රීලාවත්, රජයේ සේවකයෝවත් වැඩිවෙන්නේ නැහැනේ. අනික ඒ දෙගොල්ලන් ගත්තු සහ ගන්න සැප තමයි අපිට කරගන්න වෙලා තියෙන්නේ. නැහීගෙන කාටවත් අතනොපා, බැංකුවලට ණය නොවී, කාටවත් වදයක් නොවී, සාධාරණව සහ මහන්සියෙන් හම්බ කරගෙන ජීවත්වෙන මිනිහෙකුට වාහනයක් ගන්න බැරිනම්, නුඹලාත් තියෙන එව්වා හදාගෙන පාවිච්චි කරපියව්.. කාලකණ්නි හැතිකරේ..

:       0       22

පිටිගල මිලානෝ Wednesday, 06 September 2023 11:26 AM

ව්‍යාපාරික, සංචාරක වැනි ක්ෂේත්‍රවලට පමණක් වාහන ගෙන්නන්න ඉඩදෙන්න.

:       3       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 125 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 328 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2407 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1762 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3384 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 1710 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26065 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 305 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site