(අංජුල මහික වීරරත්න)
පානදුර ප්‍රදේශයේ පදිංචි දිළිණ දක්ශිල නමැති විසි තුන් හැවිරිදි තරුණයකු පොල්තෙල් වලින් නිෂ්පාදනය කරන බයෝ ඩීසල් වල සාම්පල ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාවට යොමු කර විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මෙම බයෝ ඩීසල් වර්තමාන ඉන්ධන අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් ලෙස භාවිතා කළ හැකිදැයි තහවුරු කර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.
මෙම තරුණයා පොල් තෙල් වලින් බයෝ ඩීසල් නිශ්පාදනය ගැන හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අගමැතිවරයාගේ අවධානයට යොමු කර ඇත. ඒ් අනුව දුරකතනයෙන් එම තරුණයා සමග සාකච්ඡා කළ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාද දැනුවත් කර අදාළ පරීක්ෂණ සඳහා සහය ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.
මෙහිදී අදහස් දක්වමින් දිළිණ දක්ශිල තරුණයා පවසා ඇත්තේ තමන් සිදු කළ පෞද්ගලික මට්ටමේ පරීක්ෂණ අනුව සිය නිෂ්පාදනය ලෝක සම්මත වලට අනුකූල බවත් සාමාන්‍ය ඩීසල් ලීටරයකින් යා හැකි දුර මෙන් සියයට දහයක දුරක් මෙම බයෝ ඩීසල් වලින් යා හැකි බවත් තහවුරු වූ බවයි.
බයෝ ඩීසල් යොදා ගැනීමේදී වාහනයෙන් පිටවන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සාපේක්ෂව අඩු යැයි තමා සොයා ගත් බව දිළිණ දක්ශිල තරුණයා අගමැතිවරයාට දැනුම් දී තිබේ.
ඒ නිසා බයෝ ඩීසල් භාවිතය ආර්ථික අතින් මෙන්ම පරිසර හිතකාමී අතින්ද වාසි දායක බවත් මෙම දිළිණ තරුණයා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.
දිළිණගේ සොයා ගැනීම ගැන සුබ පැතුම් එක් කළ අගමැතිවරයා පරීක්ෂණාගාර වාර්තාව ලැබුණු පසු තමා අවශ්‍ය පියවර ගන්නා බව දැනුම් දී තිබේ. මෙම විද්‍යාගාර පරීක්ෂණය ඉතාමත් සංකීර්ණ වන අතර ඒ් සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බවත් වාර්තා වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වාහන දුවවන තෙලක් හැදූ තරුණයාට අගමැති කතා කරයි
chandima Monday, 20 June 2022 10:07 PM
පරීක්ෂණේ සංකීර්ණයි කියනවනේ...? ඒ නිසා මේ කපේදි ඔය රිපෝට් එක ලැබෙන එකක් නැහැ...
සමිත සේනක අලුත්ගමගේ. Monday, 20 June 2022 10:16 PM
යූටියුබ් එකේ තියෙන වීඩියෝ එක මාත් බැලුවා. ඩිපෙන්ඩර් එකේ ඩීසල් ඔක්කොම ඉවත් කොට එවෙලේම නිපදවූ බයෝ ඩීසල් දමා චැනල් එකේ නිවේදකයාත් සමගම අධිවේගයේ පානදුර සිට වැලිපැන්න තෙක් ගොස් ආපසු පානදුර ට පැමිණියේ නිවේදකයාද මවිතයට පත්කරමින්.මේ සම්බන්ධව රජයේ අවධානය යොමුවීම ඉතා අගයකොට සලකනවා.මේ තරුණයාට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදුකොට දෙන්නේ නම්,රටේ ඩීසල් ගැටලුව ඒකාන්තයෙන්ම විසඳෙනු ඇත.
pakeer Monday, 20 June 2022 10:25 PM
එතකොට පොල්තෙල් කොහොමද නිපදවන්නේ... මහා පරිමාණයෙන්...? කකුලෙන් අදිනවා නෙමෙයි...
"සුද්දගේ රටේ සිට" Monday, 20 June 2022 10:26 PM
දිළිණ දක්ශිල තරුණයට අගමැතිතුමා කථා කිරීමත් තරුණ ජවයේ නව නිපැයුම්වලට පන්නරය දීමකි..! ඒ ගැන යුරෝපා රටවල සිටින අපගෙන් ඔබතුමාට පිරිනමන ආචාරය මේ සමඟම..! ඒ සමඟම ඒ නව නිපැයුමට වාසනාවන්ත කාලයක් උදාවේවා..!
සෙනවි Monday, 20 June 2022 10:45 PM
මේ තාක්ෂණය ඉතා පරණ දෙයකි..නව සොයාගැනිමක් නොවන අතර කාබන් මෝචන ප්‍රමාණය ඔහුගේ අත්දැකීමක් නොවේ.මෙය සාර්ථකනම් සුබදායී දෙයකි.. මේ නිපැයුම සාර්ථක නමි මෙය ලෙවෙ පුරා ප්‍රචලිත නැත්තේ ඇයි.?
කූල් ලැන්ඩ් Monday, 20 June 2022 11:03 PM
ඔහුගේ සොයාගැනීම ඉතා වැදගත්. නමූත් පොල් තෙලුත් නැතිවෙන පොටක් වගේ. ඔහු සඳහන් කළා කෝස්ටික් සෝඩා මිශ්‍රණයක් ගැන. එය ලෝහ විනාශ කළ හැකි රසායනයක්. ටික දිනකින් ඇන්ජිමක් තියන්න නොවූවහොත් හොඳයි..
සෞදි-සිංහ Monday, 20 June 2022 11:23 PM
කාලෙකට කලින් වතුරෙන් වාහන දුවන්න හදපු තරුණයෙක් හිටියනේ. එදා අවස්ථාව දුන්න නම් අද ගොඩනේ.
Perera Tuesday, 21 June 2022 05:34 AM
අහක දමන බම්බු තෙල් පෙරල ඩීසල් වෙනුවට යොදා ගත හකි බව මෙයාල දෙන්ඩ දෙන්නෙ. මහාපරිමානෙන් පවිච්චි කරන්න තරම් අහක දාන බැදුම් පොල් තෙල් තියෙනවද ඒ පොල් තෙල් මහ පරිමානෙන් පෙරන්න යන නිශ්පාදන පිරිවැය අනුව කොතරම් ප්‍රායෝගිකද කියල බැලුවද.
sisira Tuesday, 21 June 2022 06:35 AM
ඔය තෙල් සංස්ථාවේ කොමිස් කාක්කෝ රැල බොරු පරීක්ෂණ වාර්තාවක් දීල ඒ පුතාගේ නිර්මාණය යට ගැහුවේ නැත්නම් තමයි පුදුමේ.
ජුනයිඩ් නානා Tuesday, 21 June 2022 07:01 AM
අනුරාධපුරේ ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ තුමාගෙ එඬරු ඇට ඩීසල් වැඩේ ගැනත් ඔය සැරේම බලන්න. පොල්තෙල් වැඩේ නං රනිල්ටම ගැලපෙනපෙ. කල්මැරීමට.
de silva berlin Tuesday, 21 June 2022 07:02 AM
බයෝ ඩිසල් කියන එක ලෝකෙට අමුතු දෙයක් නොවෙ , පිටරට ඉන්දදනහල් වල මෙව තිබෙනව නමුත් සාමාන්‍ය ඩිසල් ලිටරෙකින් යන්න පුලුවන් දුර මෙන් 10 % වඩිපුර යන්න එවගෙන් පුලුවන් කමක් නැහැ , බොහොවිට සාමාන් ඩිසල් වලට වඩිය ටිකක් අඩුවෙන් තා මෙම නිශ්පාදනය කරන ඩිසල් වලින් යන්න පුලුවන් , කොහොම නමුත් මෙව පරිසරයට හිතකමි බව අමුතුවෙන් කියන්න ඔනේ නැහැ , මෙ තරුනයගේ උත්සහය අගය කල යුතුයි.
චින්තක Tuesday, 21 June 2022 07:25 AM
ඕන කමක් තිබේනම් ඕනම දෙයක් දුෂ්කර නැහැ සංකීර්ණ නැහැ ලංකාවෙ තියෙන්නෙ වැඩ පරක්කු තමයි රටට ඇතිවෙන්න ඉන්ධන සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීමට හැකියාව තිබේනම් හොදයි
Muditha Tuesday, 21 June 2022 07:29 AM
මෙම විද්‍යාගාර පරීක්ෂණය ඉතාමත් සංකීර්ණ වන අතර ඒ් සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බවත් වාර්තා වේ.....වසර 10000000.????????????????????
lakvidu Tuesday, 21 June 2022 08:19 AM
පරිස්සමින් කොල්ලෝ...,
lakvidu Tuesday, 21 June 2022 08:24 AM
පරිස්සමෙන් කොල්ලෝ...!
ramsi Tuesday, 21 June 2022 08:24 AM
කෝකටත්, අම්මයි, තාත්තයි එක්කම යන්න මගේ පුතේ...!
wikcy Tuesday, 21 June 2022 08:41 AM
මේකෙ මොකක් හරි අවුලක් තියෙනවා නම්, ඒක අනිවාර්යයෙන්ම නිවැරදි කිරීමට තාක්ෂණික සහායක් ලබාදී.., මෙ තරුණයාට අතහිත දීම සිදුකිරිම බලශක්ති ඇමැතිගේ වැඩක්. එම අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන් හට, කොමිස් නොලැබෙන නිසා, මේවගේ දෙවල්වලට තැනක් නොලැබෙන්න තියන අවස්ථාව ඉතා ඉහළයි. අනිවාර්යෙන්ම සිදුවිය යුත්තේ, පුද්ගලික මැදිහත් වීමකින් හෝ මෙයට සහාය දීමයි.
ගොන්පාට් Tuesday, 21 June 2022 09:11 AM
සාමාන්‍ය ඩීසල් ලීටරයකින් යන්න පුලුවන් දුර වගේ 10% ක දුරක් යන්න රුපියල් 700ක විතර පොල්තෙල්. මොන විකාරයක්ද? මේ රටේ කෑමට ඕනි පොල්තෙල් ටිකත් පිටරටින් ගේනවා මදිවට මේ වගේ ගොන්පාට් කරලා පෝලිං නැතිකරන්න බෑ.. මතකනේ ඉස්සර හිටපු අගමැතියෙකුත් වතුර වලින් වාහන දුවවන්න ගිය හොරෙක් ප්‍රොමෝට් කලා...
Chithaka Tuesday, 21 June 2022 09:24 AM
මේ නිශ්පාදනය සාර්ථකම වේවා
mahee Tuesday, 21 June 2022 09:24 AM
වැඩේ නං හොඳයි අගමැති තුමෝ. හැබැයි ඕවයෙ ඉන්න නිලධාරීන් කියන පගා කාක්කො ඕක කොරන්න දෙයිද.
hesa Tuesday, 21 June 2022 12:05 PM
ඉතා අගය කළ යුතුයි අගමැතිතුමනි..., මේ රට වැටීඇති කරදරකාරී තත්ත්වයෙන් රටට යම් තරමකට සහනදායි බවක් ඇතිවී, ඒ තරුණ දැනුම, ශක්තිය තවතවත් වර්ධනය කරන්නට දිරිය දෙනු ඇතැයිද, රට වැසියාගේ බලාපොරොත්තුවයි...
Sunil Tuesday, 21 June 2022 12:42 PM
මෙවැනි බොළඳ දේවල් වලින් රටේ ඉන්ධන ප්රශ්නය විසඳන්න හැකිද?
Sirisena Tuesday, 21 June 2022 12:59 PM
ඩීසල් වලට පොල්තෙල් කොච්චර ගන්නද මහත්තයෝ... අනික ඩීසල් ලීටරය 1න් යන ගමනට පොල්තෙල් ලීටර 10ක් ඕනෑ වෙනවා...
Senarath Tuesday, 21 June 2022 03:58 PM
මේක ප්‍රායෝගික නොමැති බව බැලූ බැල්මට පේනවා. අපේ රටට සතියකට තෙල් නැවක් විතර ඕනේ. අපේ ආහාර සකසා ගැනීමට ප්‍රමාණවත් පොල්තෙලුත් රටේ නොමැතිව, පොල්තෙල්වලින් වාහන ලක්ෂ ගාණක් දුවන්නේ කොහොමද?
BamunuarachchiTuesday, 21 June 2022 04:45 PM
බයෝ ඩීසල් ලීටර් එකක් හදන්න පොල්තෙල් ලීටර් කීයක් ඕනෙද? පොල්තෙල් ලීටරයක මිල කීයද? ඩීසල් ලීටරයක මිල කීයද? සාමාන්‍ය ඩීසල් ලීටරයකින් යා හැකි දුරමෙන් සියයට 10 ක දුරක් මෙම බයෝ ඩීසල් වලින් යා හැකි බවත් තහවුරු වූ බවයි. ඒ කියන්නේ සාමාන්‍ය ඩීසල් වලින් කිලෝ මීටර් 100 යනවා නම් බයෝ ඩීසල් වලින් යන්න පුළුවන් කිලෝ මීටර් 10යිද, 110යිද? ඩීසල් ලීටර 50 අල්ලන ටැංකියක් පුරවන්න බයෝ ඩීසල් හදන්න පොල්තෙල් ලීටර් කීයක් වුවමනාද? පොල්තෙල් බයෝ ඩීසල් කරන්න යන වියදමත් සමග බයෝ ඩීසල් ලීටරය කීයක් වේවිද?
BamunuarachchiWednesday, 22 June 2022 09:43 AM
බයෝ ඩීසල් හදන්න පොල්තෙල් පත් හත එකට හිඳිනවා නම් ඒ සඳහා ඉන්ධන කොහෙන්ද? වැඩේ ප්‍රායෝගිකයිද?