IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වාහන පර්මිට් ලෙඩේට දොස්තරලා බෙහෙත් ඉල්ලති

මීට පෙර පත් වූ සෑම රජයක්ම වාගේ මේ ආණ්ඩුව ද රාජ්‍ය සේවකයන්ගේ වරප්‍රසාද හා සහනාධාර කප්පාදු කිරීම අරඹා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන්ද සොයිසා මහතා කියයි.

අයවැයෙන් තීරු බදු සහන වාහන බලපත් නැවැත්වීම එයි පළමු පියවර බව ද ඔහු පවසයි.

වාහන බලපත් නැවැත්වීම ගැන මුදල් ඇමැති රවී කරුණානායක මහතා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් සොයිසා මහතා කියයි.



අදහස් (0)

වාහන පර්මිට් ලෙඩේට දොස්තරලා බෙහෙත් ඉල්ලති

කසුන් Tuesday, 24 November 2015 05:34 PM

ලංකාවේ ඉන්නේ පුදුමාකාර කුහකයෝ ටිකක්. මට නැත්නම් අනිත් මිනිහ‍ාටත් ලැබෙන්න ඕනෑ නැහැ (නි)

:       0       0

ස්මිත් Monday, 23 November 2015 02:06 PM

තල වැපිරුවොත් තල, උඳු වැපිරුවොත් උඳු. (ර)

:       0       0

නිශාදි Tuesday, 24 November 2015 03:48 AM

දොස්තර කෙනෙක් වෙන්න පෙර ඕවා නොදැනද වැඩ කරන්නේ? එතකොට නම් තිබෙන්නේ ලෙඩුන්ට සළකන්න අපමණ ආසාවක්. දැන් කියනවා හදිස්සියක් වුණාම රෝහලට යන්න වාහන ඕනෑ කියලා. ඒවා දැනගෙන නෙමෙයිද ඔය රැකියාවට එන්නේ (නි)

:       0       0

මොහ‍ොට්ටාල Tuesday, 24 November 2015 07:18 PM

දොස්තරලාට දී තිබෙන වරප්‍රසාද හොඳටම ඇති (නි)

:       0       0

මංජුල Tuesday, 24 November 2015 07:20 PM

කවුරු කොහොම කිව්වත් ලංකාවෙ තමයි කුහකම මිනිස්සු ඉන්නේ. මේ අදහස් ටික බැලුවහම ඒක හොඳට පේනවා. ඔය ලොකු ලොකු කතා කියන හැමෝම නිදහස් අධ්‍යාපනය ලබපු අය කියලා දැන් අමතකවෙලා. ඒ කාලෙ කොයිතරම් උත්සාහ කරන්න ඇද්ද දොස්තර කෙනෙක් වෙන්න? පුලුවන් අය එහෙම වුණා කියලා මේ විදිහට වෛර කරන එක කොයිතරම් සාධාරණද? (නි)

:       0       0

රන්ජිත් Monday, 23 November 2015 02:27 PM

දොස්තරලා වැඩිය කරන්නේ පෞද්ගලික සේවය. (ර)

:       0       0

අශෝක Tuesday, 24 November 2015 08:34 PM

දොස්තරලා වැඩිය කරන්නේ පෞද්ගලික සේවය. දොස්තරලා නොමිලේ බෙහෙත් දෙන්නේ නැහැ.වැටුපක් ලබනවා. එහෙනම් මොකටද අනිත් ශ්‍රමිකයට නැති සහන මේ අයට? මේ අයවැයෙන් වුණ හොඳම දේ තමයි ඔය. දැන් ලෙඩ්ඩු ටික ප්‍රාණ ඇපයට තියාගෙන තමන්ගේ ඉල්ලීම් ඉල්ලයි. (නි)

:       0       0

අම්බලන්ගොඩ Monday, 23 November 2015 02:32 PM

අවුරුදු 10 කට වරක් එකක් දෙන්න​. ඒ වගේම දැඩි නීති පනවන්න​, අන්සතු කරන්න බැරිවෙන විදිහට​. ඒහෙම නීති පනවලා​, නැවත අවලංගු කරනවා නම්, නොදීම ඉන්න​. (ර)

:       0       0

චන්න Monday, 23 November 2015 02:29 PM

නාමල් හරි. දොස්තරලා ගොඩක් අය සල්ලි හොයන අය. වාහන බලපත්‍ර දොස්ටරලට දෙන්නේ එපා. (ර)

:       0       0

කරුණාපාල Monday, 23 November 2015 02:34 PM

මාර වැඩක්නේ මේක, කිසිම බද්ධක් නොගෙවා පඩියත් අරගෙන වාහන පර්මිට් ඉල්ලන එක වැරදි වැඩක් , හරිනම් පිට රට දුක් විඳලා විදේශ විනිමය ගෙන එන අපිට දෙන්න ඕනි. (ර)

:       0       0

උපාලි Monday, 23 November 2015 02:45 PM

ඔය අයවැයේ සැර අනිවාර්යයෙන්ම බාල කරනවා. ත්‍රීවිලර් ,බයික් දුම් ගාස්තුව කපා හැරියා. ප්‍රයෝගිකව කරන්න අමාරු දේවල් කියලා ටික ටික ඒවා අඩු කරනවා. කලින් ලීසිං ගණනත් වෙනස් කලා. ඉලෙක්ට්‍රික් කාර් වල බදු මුදල තව ටික දවසකින් අඩුවෙනවා. මම මගේ කන කපාගන්නවා එහෙම නොවුනානම් ඔන්න. (ර)

:       0       0

සේන Tuesday, 24 November 2015 10:50 AM

සිසිර, රජයේ සේවයේ ඉංජිනේරුවන්ට වාහන පර්මිට් ලැබෙනවා. එක නොදන්නා ඔය ඉංජිනේරුවෙක් කියලා හිතන්න අපි මෝඩ නැහැ. කරුණාකර අනෙක් ඉංජිනේරුවන්ට අපහස කරන්න එපා. (ර)

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 24 November 2015 10:54 AM

මෙයට මාගේ විරුද්ධත්වයක් නැත. (ර)

:       0       0

නලින් Tuesday, 24 November 2015 04:22 AM

සේනක දොස්තර කෙනක් කියා හිතන්න බැහැ (බ)

:       0       0

සිරිපිනා Monday, 23 November 2015 03:28 PM

දොස්තරලට වාහනයක් දෙන්නෙ ලෝකෙට පෙන්න පදින්න නෙමෙයි. අමාරු ලෙඩෙක් ඉන්නවා කියලා කෝල් කළාම විනාඩි 10 ක් ඇතුළත රාජකාරියට වාර්තා කරන්න. දැන් කියන්න වෙන්නෙ ඊළග බස් එක ආවම හෙමීට එන්නම් කියන්න තමයි. (ර)

:       0       0

බණ්ඩාර Tuesday, 24 November 2015 04:21 AM

නාමල්, නෙව්යෝර්ක් , ලංකාවේ දොස්තරලට පර්මිට් දෙන්නේ ඇයි පැය විසිහතරම ඔන් කෝල් ඉන්න ඕන නිසා අනික ඇමෙරිකාවේ කාර් වලට ලංකාවේ වගේ බදු ගහන්නේ නැනේ ,ඒවගේම පොදු ප්‍රවාහනේ බොහොම හොඳයිනේ , තව එකක් , ඇමරිකාවේ දොස්තරකෙනෙකුගේ පඩිය ගැනත් ඔයා දන්නවා ඇතිනේ (බ)

:       0       0

ලක්සිරි ජයන්ත Tuesday, 24 November 2015 04:25 AM

වෛද්‍යවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් දෙන්නම අවශ්‍ය නම් අවුරුදු 10 කට එකක් දුන්නාම ඇති තමන්ගේ වාහනෙන් තියා හදිස්සියකට, රාත්‍රියේ තමන්ගේ නිල නිවාසේ කාමරෙන් එලියට වත් එන්නැති වෛද්‍යවරු තමා බහුතරයක් ඉන්නේ. පුද්ගලික සේවාව ගැන තමා වැඩි කැමැත්ත. මාලබේ පෞද්ගලික වෙද විදුහලේ සිසුන්ට සායනික පුහුණුව රජයේ රෝහල්වල දෙනවට මේ අය විරුද්ධ දුප්පත් මිනිසුන් ගැන තියන අප්‍රමාණ අනුකම්පාව නිසානේ.. (බ)

:       0       0

සමන්ති Wednesday, 25 November 2015 01:06 AM

ශ්‍රී ලංකාවාසින් සියලු දෙනාටම සමාන අයිතිවාසිකම් නේද? 77 ට පෙර බදු රහිත වාහන දුන්නාද? ඇයි කැපවීම් කරන්න බැරි? (නි)

:       0       0

අමල් Monday, 23 November 2015 03:38 PM

සියල්ලන්ට එක ලෙස සැලකිය යුතුයි. සියලු රැකියා කරන්නන් වේතනයක් ලබයි. (ර)

:       0       0

තිළිණ Tuesday, 24 November 2015 04:29 AM

අපේ රටේ මිනිසුන්ගේ තියෙන්නේ පුදුම අදහස්. හැම රජයේ සේවකයකුටම සමාන සැලකිලි නම් මැරීගෙන පාඩම් කරලා විභාග කරන්න ඕන නැහැනේ (බ)

:       0       0

සිරී Monday, 23 November 2015 03:35 PM

ඉගන ගත්තු මනුස්සයෙකුට ලැබෙන වරප්‍රසාදයක් කප්පාදු කරන එක මහා කුහක වැඩක්. එකට හොඳයි කියලා උඩ කොමෙන්ට් දාලා ඉන්න අය ගැන හරිම කනගාටුයි. අපේ රටේ මිනිස්සුන්ට ලෙඩක් හැදිලා හොඳ කරාම දොස්තර තරම් දෙවියෙක් නැහැ. ඒ මිනිස්සුන්ට පර්මිට් එක හම්බ වෙන එකට ඔච්චර විරුද්ධ වෙන්න එපා. දොස්තරගේ සේවය අනිත් හැම සේවයකටම වඩා ගොඩක් වෙනස් කියන එක අමතක කරන්න එපා. මොකද මොන දෙය කරන්නත් මිනිස්සු ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්න ඕන. (ර)

:       0       0

ගාමිණී Tuesday, 24 November 2015 04:30 AM

දොස්තරලට වාහනයක් ඕනි නමුත් රටට ඔරොත්තු දෙන වාහනයක් නම් කමක් නැ. උපරිම ලක්ෂ 25ක විතර ඒගොල්ලන්ට ලොකු වාහන ඕනිනම් ඉතුරුටික බදු ගෙවල ගන්න කියන්න ඕනි (බ)

:       0       0

ගයාන් Tuesday, 24 November 2015 04:31 AM

ඉගෙන ගත්ත කියල මෙහෙම වරප්‍රසාද දෙන්න ගියාම හැමෝම ඉගෙන ගන්න පොරකනවා.එම නිසා අපි උපකල්පනය කරමු ඔන්න හැමෝම දොස්තරලා වුණා.ඔන්න ගොවියෝ නැත.හැමෝම බඩගින්නේ ,මොකද ඉගෙන ගත්තම මඩ ගාගන්නේ නැහැ නොවැ.අනෙක ඉක්මනටම රෝහලට යන්න ඕනේ නම් කාර් නොව ලබාදිය යුත්තේ යතුරු පැදි බලපත්‍රයි. වැහි අාවරණද සහිතව. කාරය හරවා ගන්නා විට යතුරු පැදියෙන් ගමන වේගයෙන් යාමට හැක. (බ)

:       0       0

ජයනාත් Monday, 23 November 2015 03:43 PM

ඔය තීරුබදු සහන දෙන්න ඕනෑ ලංකාවේ හැටියට ඉහල වැටුප් හා වරප්‍රසාද ලබන දොස්තර හා ඉහල නිලධාරීන් ට නොවේ. මැද පෙරදිග දහදුක් විදලා ජාතික ආදායමට විදේශ විනිමය ගෙන එන විදෙස් ශ්‍රමිකයනටයි. වාහන තීරුබදු වරප්‍රසාදය අහෝසි කලාට. රටක සියලු පුරවැසියනට සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි. ස්තුතිය..! (ර)

:       0       0

හර්ෂණ Monday, 23 November 2015 03:58 PM

මොකද එයාලට විතරක්? ඇයි ඉංජිනේරුවන්ට දෙන්නේ නැද්ද? (නි)

:       0       0

චින්තක Tuesday, 24 November 2015 04:37 AM

රැකියා විරහිත තරුණ තරුණියන්ට වාහන පර්මිට් එකක් ඉල්ලන ඉල්ලීමේ සාධාරණ පදනමක් තියෙනවා. ඒවගේම වෛද්‍යවරුන්ට පුද්ගලික සේවා පවත්වාගෙන යාම නීතියෙන් තහනම් කර දෙන මෙන් ඉල්ලා සිටිනවා. (ම)

:       0       0

අනිල් Monday, 23 November 2015 03:59 PM

දොස්තරලා කරන හැමදේම අනුමත කරන්නේ නැහැ. හැබැයි අපි ගොඩක් අය පොඩි කාලේ ඉඳලා මහන්සිවෙලා කැපවෙලා පාඩම් කරන්නේ ජීවිතේ සැපවත්ව ගත කරන්න. හැබැයි අද ලංකාවේ ඉගෙනගත් රාජ්‍ය සේවකයෙකුට ලැබෙන පඩිය කීයද? රාජ්‍ය සේවකයෙකුට ලැබන දේ කප්පාදු කළවිට සතුටුවෙන්නේ හිතේ තියෙන කුහකකමට. (නි)

:       0       0

සුමුදු Tuesday, 24 November 2015 04:44 AM

පුද්ගලික සායන පවත්වන වෛද්‍යවරුන්ගෙන් විශාල බද්දක් අය කිරීමෙන් රජයට ආදායමක් උපයා ගත හැකිය. (ම)

:       0       0

ශාමිලා Monday, 23 November 2015 04:07 PM

මෙතන ගොඩක් අය අදහස් දාලා තියෙන්නේ කිසිම දෙයක් නොදැන කුහකකමට. දොස්තරලා අමාරු ලෙඩෙක් රෑට ගෙනාවහම කාර් එකේ නැතුව බස් එකේ යන්නද? අනෙක් අය රස්සා කරන්නේ දවල්ට. දොස්තර කෙනෙක් රෑ දවල් දෙකේම රාජකාරියට සුදානමින් ඉන්නේ (නි)

:       0       0

සිරි Monday, 23 November 2015 04:14 PM

මමනම් හිතන්නේ කිසිම කෙනෙකුට වාහන පර්මිට් දියයුතු නැහැ. නිදහස් අධ්‍යාපනයෙන්, මිනිසුන්ගේ සල්ලි වලින් ඉගනගෙන කැම්පස් එකෙන් පිටවෙලා රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න මිනිසුන් ඉන්න රටක් මේක. එහෙම ඇවිල්ලා වාහන පර්මිට් ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. ලෝකයේ කිසිම රටක මෙහෙම දෙයක් නැහැ. මමත් විධායක ශ්‍රේණියේ රජයේ සේවකයෙක්. මට ලැබුණු වාහන පර්මිට් එක මම ගත්තේ නැහැ. (නි)

:       0       0

ශාන්ත - කටාර් Monday, 23 November 2015 04:12 PM

මම හිතාගෙන හිටියේ ලංකාවට ගිහින් වාහනයක් අරගෙන පොඩි බිස්නස් එකක්වත් පටන් ගන්න. දැන් ඉතින් මැරෙනතුරුම මෙහෙ තමා. ජයවේවා! (නි)

:       0       0

දුමින්ද Tuesday, 24 November 2015 05:06 AM

මම හිතන්නේ අවුරුදු 10 කට සැරයක් හෝ ජිවිත කාලෙටම එක පාරක් වාහන පර්මිට් දුන්නනම් හොදයි. (බ)

:       0       0

ඩිලාන් Tuesday, 24 November 2015 05:12 AM

කනිෂ්කගේ අදහසට මාත් එකගයි, මේ වරප්‍රසාදය දොස්තරලට දුන්නට වරදක්නෑ , මගේ අදහසනම් පර්මිට් එක දීල ඒගැන අධීක්ෂනයක් කරන්ට ඕනේ , කොන්දේසි පිට එක පාරක් දුන්නට කමක්නෑ, අධික මිල ගණන් යටතේ චැනල් සෙන්ටර් පවත්වාගෙන යන , මහා ජනතාවගේ මුදල් හුරන් කන දොස්තරලගෙන් රජය බදු අයකරගන්නේ නැත්තේ ඇයි ? (බ)

:       0       0

ඩේවිඩ් Monday, 23 November 2015 04:28 PM

එයාලට මොකටද එහෙම දෙන්නේ? අපිට මේ කිසිම දෙයක් නැහැනේ (නි)

:       0       0

දර්ශන Tuesday, 24 November 2015 05:31 AM

ලංකාවේ දොස්තරලා කරන්නේ එයාලගේ රස්සාව මිසක් පිනට වැඩ කිරීමක් නොවේ. වැඩ කරනවට පඩි ගෙවනවා. ලෝකේ හැම රටේම දොස්තරලා වැඩ කරනවා හැබයි මෙහෙම වරප්‍රසාද ඉල්ලන්නේ නැහැ. මෙයාල ලංකාවේ කරන සේවයම පිටරට ඇවිල්ල කරනකොට ඔය විකාර වැඩ මොකුත් නැහැ. (බ)

:       0       0

දර්ශන Tuesday, 24 November 2015 05:28 AM

මේකනම් හොඳ වැඩක්.නමුත් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය මට තියෙනවා.මේ ගැන ඉස්සෙල්ලාම මුට්ටිය දාලා බැලුවේ වෛද්‍යවරුන්. මේ වාහන පර්මිට් එක කියන්නේ තනිකරම බිස්නස් එකක්. (බ)

:       0       0

දිලුම් Tuesday, 24 November 2015 05:31 AM

ලංකාවේ නිදහස් අධ්‍යාපනේ අනුව ඕනම කෙනෙකුට දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් හෝ රජයේ විධායක නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒත් ඉගෙන ගන්න කාලේ එක් එක් පුද්ගලයාගේ කැපවීම මහන්සිය හා හැකියාව මත තමන්ට ලබා ගන්න පුළුවන්දේ වෙනස් වෙනවා. මේ වගේ තීරණවලින් වෙන්නේ මේ මිනිස්සු තවතවත් අපේ රට අත්හැරල ඇමරිකාවේ ග්‍රීන්කාඩ් වලට යන එක. මටනම් මේක හිමි නෑ ඒත් මිනිහෙකුගෙ හැකියාවට දක්ෂකමට ලැබෙන දෙයක් නැති කරන එකත් ඒ ගැන සතුටුවෙන එකත් හරිම නීච වැඩක්. (බ)

:       0       0

දිලුම් Tuesday, 24 November 2015 05:31 AM

අනේ මන්ද මේ අදහස්. ඇයි අපි මේ තරම් අනිත් අයට ඊරිසියා කරන්නේ. තමන්ට ලබා ගන්න බැරි කමට මේ මිනිස්සු මොනව කරන්නද. පුදුම පහත් අදහස් ටිකක් පල කරල තියෙන්නේ. (බ)

:       0       0

කණිෂ්ක Monday, 23 November 2015 04:53 PM

රජයේ සේවකයෝ වාහන පර්මිට් ගන්නේ 100% බදු සහන යටතේ නෙමෙයි. බදු වලින් 60% ක් තමන් ගෙවන්න ඕනෑ. සහනය තියෙන්නේ 40% ක් පමණයි. ඒ වුණාට මන්ත්‍රී, ඇමති, පළාත් සභා මන්ත්‍රීලාට 100% බදු සහන ලැබෙනවනේ. අන්න ඒවා තමයි නවත්තන්න ඕනෑ. රජයේ සේවකයාගේ පර්මිට් එක නෙමෙයි (නි)

:       0       0

මාරසිංහ Monday, 23 November 2015 04:57 PM

එයාලට ඔහොම වෙන්න ඕනෑ. එයාලට ඕනෑ හැමදේම එයාලට විතරක් අරගන්න. (නි)

:       0       0

අශෝක Monday, 23 November 2015 04:53 PM

දොස්තරලා කරන හැම වැඩේම හොඳයි කියනවා නෙමෙයි. ඒත් ඇත්තටම හැමෝම පොඩි කාලේ මහන්සිවෙලා පාඩම් කරන්නේ ලොකුවෙලා සැපවත් ජිවිතයක් ගතකරන්න. අද ඉගෙනගත් රාජ්‍ය සේවකයෙකුට ලැබෙන පඩිය කීයද? මේක හොඳ වැඩේ කියලා කියන අය එහෙම කියන්නේ හිතේ තියෙන කුහකකමට. හොඳම දේ තමන්ට අහිමි වූ ඒ සිහිනය තමන්ගේ දරුවන්ටවත් ලබාගන්න උදව් කරන එකයි. (නි)

:       0       0

මානවි Monday, 23 November 2015 04:59 PM

දොස්තරලා මහජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන චැනල් සේවාවල බෙහෙත් දීලා හම්බකරගෙන තව වාහන වලට පර්මිට් එකත් ඉල්ලනවා. හරිම අසාධාරණයි. (නි)

:       0       0

ප්‍රභාත් Monday, 23 November 2015 05:10 PM

ඔය මහ ලොකු කතා කියන අය ලෙඩක් හැදුනහම බෙහෙත් ගන්න යන්නේ හොඳ කාර් එකකින් එන දොස්තර කෙනෙක් ළඟට විතරයි. (නි)

:       0       0

සඳුන් Monday, 23 November 2015 05:39 PM

අවුරුදු පහෙන් පහට දෙන්නේ නැතුව එකපාරක් දුන්නට කමක් නැහැ. නැත්නම් ඕවා විකුණනවා. ඒක හින්දා එක්කෙනෙකුට එක පාරක් දුන්නට කමක් නැහැ. (නි)

:       0       0

පෙරේරා Monday, 23 November 2015 05:37 PM

නොමිලේ ඉගෙනගන්නවා. ඊටපස්සේ රජය අනිවාර්යෙන් රැකියාත් ලබාදෙනවා. තව එක එක අනිත් මිනිසුන්ට නැති වරප්‍රසාදත් ලෙඩුන්ට හානිවෙන විදිහට වැඩ වර්ජන කරලා ලබාගන්නවා. මේ දොස්තරලා රාජකාරි වෙලාවලදීත් පුද්ගලික සායන වල වැඩ කරනවා. ලක්ෂ ගණනක් මාසෙට හොයනවා. මොනවටද සහන ක්‍රමයට වාහන?? (නි)

:       0       0

සනත් Tuesday, 24 November 2015 06:34 AM

වෛද්‍යවරුනි ඕස්ට්‍රේලියාව එංගලන්තය සිංගප්පූරුව ඇමරිකාව ඔබ එනතුරු බල සිටී. පර්මිට් එකෙක් නොව කෙලින්ම බෙන්ස් එකෙක් සමගම ගෙයක්ද විශාල පඩියක් ද ලබා ගත හැක. මෙවැනි කථා අසමින් සොච්චම් පඩියකට තවත් ලංකාවේ ජීවත් වීම සුදුසුද.ඔබම තීරණය කරන්න (බ)

:       0       0

රුවන් Monday, 23 November 2015 05:41 PM

මේක දෙන්න එපා කියලයි මමත් කියන්නේ (නි)

:       0       0

සුනේෂ් Monday, 23 November 2015 06:10 PM

ජයනාත්, විදෙස් ගතවෙලා දහදුක් විඳින අයට පර්මිට් දෙනවා නම් හොඳයි. කාටහරි හොඳක්නෙ වෙන්නේ. ඒත් වෘත්තිකයන් ලංකාවේ රැ‍ඳෙන්නෙත් ඔයවගේ වරප්‍රසාද නිසා විතරයි කියන එක අමතක කරන්න එපා. ඔය මිනිස්සු රට ගියොත් එන විදේශ විනිමය ඊට වැඩියි. එයාලා ලංකාවෙ තියාගන්න එකයි වැදගත් (නි)

:       0       0

රවීන්ද්‍ර Monday, 23 November 2015 06:14 PM

මේක රජයේ සේවකයින්ගේ වරප්‍රසාදයක්. දොස්තරලාගේ පමණක් පුද්ගලික ගැටලුවක් නොවේ. (නි)

:       0       0

දිලීප Monday, 23 November 2015 06:46 PM

ලෙඩාට අමාරුයි කියලා මහ රෑ පණිවුඩයක් එව්වහම, නතරව ඉන්න හරිහමන් තැනක් නොදෙනකොට, අඩුමගානේ විනාඩි 10 න්වත් යන්න වාහනයක් නැතිවෙනකොට, ගෙදරට ගිලන් රථයක් එවනතුරු අපි ඉන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. එදාට මැරෙන්නේ දොස්තරලට මොකටද වාහන කියපු අය විතරක් නෙමෙයි. ඔය වාහන ඕනෑ විනෝද චාරිකා යන්න නෙමෙයිනේ. එක දවසක් නිවාඩු දාලා ගෙදර හිටියොත් වාට්ටුවේ කී දෙනෙක් අමාරුවේද? (නි)

:       0       0

සනත් Monday, 23 November 2015 07:24 PM

දොස්තරලා පැය 24 ම රෝහල් සේවයට සුදානමින් සිටියයුතු නිසාත්, බොහෝ දෙනෙකුට නිලනිවාස නැති නිසාත්, වාහන තීරුබදු සහනය නොදෙන්නේ නම් ආණ්ඩුවෙන් නිල රථයක් දියයුතු වේ. (නි)

:       0       0

ප්‍රියංගිකා Monday, 23 November 2015 08:00 PM

හොඳ යෝජනාවක්. අපි නම් කැමතියි මේක නැවැත්වූ එකට (නි)

:       0       0

වරුණ Tuesday, 24 November 2015 06:50 AM

අපි හැමෝම දැකල තියෙන්නේ ඔය කොළඹයි තව නගර වල ඉන්න දොස්තරලා විතරයි,දැකල තියෙනවද ගෑනු දරුවෝ ගෙවල්වල දාල ඇවිල්ල ඉන්න හිටින්න තැන නැතුව වැඩ කරන දොස්තරලා ඉන්න ඉස්පිරිතාල (බ)

:       0       0

විමුක්ති Monday, 23 November 2015 08:10 PM

සියලු දීමනා සමඟ විශාල වැටුපක් ගන්න මේ අය‍ට මොකටද පර්මිට්? මේ අය‍ට බැරි නම් අනෙක් මිනිසුන් ගන්නේ කොහොමද? හැමදේම නිකන් දෙන්න පුලුවන්ද? (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Monday, 23 November 2015 08:36 PM

ලෙඩ සුවකරමින් දොස්තර මහත්ම මහත්මියන් කරනු ලබන සේවය කවුරුත් අගය කළයුතුමුත් ඔවුන්ට ප්‍රමාණවත් වැටුපක් සහ වෙනත් දීමනා සහ පහසුකම් රජය හැකි පමණින් සළසා ඇත. සමහර වෛද්‍යවරුන් සේවා අවසානයේද පෞද්ගලික රෝහල්වල සහ මධ්‍යස්ථාන වල ලෙඩුන් බලා තමන් ලබන වැටුපට සමාන මුදලක් උපයනු ලබන බැවින් පොදුවේ පනවා ඇති මෙම වාහන බද්ද ගැන විරුද්ධත්වයක් පළකිරීම සාධාරන නැත (නි)

:       0       0

ශාන Monday, 23 November 2015 08:40 PM

90% වගේ දොස්තරලා ඔය පර්මිට් එකෙන් අයුතු විදිහට පාවිච්චි කරන බව අපි අසා තිබෙනවා. තව 80% විතර දොස්තරලා රාජකාරියෙන් හම්බකරනවට වඩා පුද්ගලික සේවා කරලා හම්බකරනවා. කෙටියෙන් කිව්වොත් දොස්තරලාට පර්මිට් එකක් නැතුව හොඳ වාහනයක් ගන්න හැකියාවක් තිබෙනවා (නි)

:       0       0

ඩෙන්සිල් Monday, 23 November 2015 10:23 PM

මම මෙම අයවැයේ දුටු හොඳම දෙය වාහන බලපත් අහෝසි කළ එක.1977 බලයට ආ රජය කළ වැරැද්ද දැන්වත් නිවැරදි වියයුතුය. දොස්තරවරු ඉගෙනගත්තේ මේ රට මහජන මුදල් වලින්. දොස්තරවරයෙකු බිහිකරන්න මහජන මුදල ලක්ෂ 60 කට අධිකව වියදම් කරන බව අමතක කරන්න එපා. (නි)

:       0       0

මාලක Tuesday, 24 November 2015 02:05 PM

වෛද්‍යවරු වගේම ලංකාවේ අපි සියඵම දෙනා ඉගෙනගන්නේ මහජන මුදලින්. එමනිසා එසේ පැවසීම වැරදි යැයි මට හැ‍ඟේ. තවද සැම කෙනෙකුටම එසේ අධ්‍යාපනය ලැබිය නොහැක. විදේශ රටක දොස්තරලාට විශාල වැටුපක් ගෙවනවා. විදෙස් රටක ඔබ ලෙඩවුණොත් ප්‍රතිකාර සදහා අතිවිශාල මුදලක් ගෙවීමට වෙනවා. (නි)

:       0       0

කෝසල Monday, 23 November 2015 10:44 PM

රැකියාවිරහිත තරුණ තරුණියන්ට ජීවත්වෙන මාර්ගයක් නැහැ. ඔවුන්ට මේ පර්මිට් එක ලබාදෙන්න. රැකියා තිබෙන අයට කොහොමහරි වාහනයක් ගන්න පුළුවන්. රැකියා විරහිත තරුණ තරුණියන්ට මේ පර්මිට් එක මාර්ගයෙන් හරි ව්‍යාපාරයක් පටන්ගන්න පුළුවන්. (නි)

:       0       0

නිතේෂ් Monday, 23 November 2015 10:43 PM

මම නම් කියන්නේ මේක නැතිකළ එකමයි හොඳ (නි)

:       0       0

සේනක Monday, 23 November 2015 10:45 PM

සිරිපිනා, දන්නා දෙයක් කියන්න. රෝහල් වල ගිලන් රථ තිබෙන්නේ ඒකට තමා. එහෙම ඇමතුමක් දුන්නහම එන එක දොස්තර කෙනෙක්ගේ නමක් කියන්න. මමත් දොස්තර කෙනෙක්. හැබැයි සමාජයේ වරප්‍රසාද හැමෝටම සමාන වියයුතුයි. මේක නැතිකළ එක හොඳයි. (නි)

:       0       0

ජයනාත් Monday, 23 November 2015 10:50 PM

මම නම් කියන්නේ රැකියාවිරහිත අයට මේ පර්මිට් එක දුන්නහම හොඳටම ඇති. වෙන කාටවත් දෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

දුමින්ද Monday, 23 November 2015 10:48 PM

මම ඉල්ලීමක් කරනවා මේ වාහන පර්මිට් එක වඩාත් ඵලදායී දෙයකට යොදාගන්න කියලා ඇමතිතුමා සමඟ සාකච්ඡා කරන ලෙස (නි)

:       0       0

සෝමසිරි Monday, 23 November 2015 10:52 PM

ගොඩක් අය මේ පර්මිට් එකට කරන දේ අපි දන්නවා (නි)

:       0       0

කුසුම් Monday, 23 November 2015 10:58 PM

උපාලි, තව ටික දවසකින් නැවතත් වාහන බදු වැඩි කරනවා කියලා කටකතාවක් යනවා නේද? (නි)

:       0       0

වින්සන්ට් Monday, 23 November 2015 10:56 PM

යහපාල මහතා ඉතා වටිනා අගය කළයුතු අදහසක් පළකර තිබිම ඇත්තෙන්ම සතුටට කරුණකි. (නි)

:       0       0

අතුල Monday, 23 November 2015 11:14 PM

සිරි, දොස්තර කියන්නේ විශේෂ තැනක් හිමිවිය යුතු වෘත්තියක් ලෙස මම හිතන්නේ නැහැ. කෙසේ නමුත් පරිගණකකරණය තුළ දොස්තරවරුන්ට වඩා නිවැරදිව පරිගණක භාවිතයෙන් බෙහෙත් නියම කළ හැකි බව දැනටමත් පිළිගෙන ඇති කරුණක්. මේ දේ අත්හදා බැලීමට ඇමෙරිකාව උත්සාහ කළ අවස්ථාවේදී ඇමෙරිකානු වෛද්‍යවරු ඊට විරුද්ධ වුණා. නමුත් හොදම ක්‍රමය නම් මේ තාක්ෂණික ක්‍රම රෝග සුව කිරීමට යොදාගැනීමයි. (නි)

:       0       0

සිසිර Tuesday, 24 November 2015 07:33 AM

මම ඉන්ජිනීයර් කෙනෙක්, රෑට ලයිට් ගියහම , ඉස්පිරිතාලේට ලිඝ්ට් නැහැ. හදිසි යෙන්නේ යන්න ඕනේ .. මමත් ඉගෙන ගත්තේ අමාරුවෙන් , එ්ත් දොස්තර කෙනෙක් වෙන්න අස නැති නිසා ඉංජිනේරුවෙක් වුණා. මට පර්මිට් එකක් ඕන (බ)

:       0       0

නලින් Tuesday, 24 November 2015 02:44 PM

ඔය දෙන්න එපා, දෙන්න එපා කියන අයගේ අම්මා හෝ තාත්තා අමාරුවෙලා ඉන්න වෙලාවක දොස්තර එන්න පොඩ්ඩක් ප්‍රමාද වුණොත්, කමක් නැහැ ඊළඟ බස් එකෙන් එන්නකෝ අපි බලා ඉන්නම් කියලා ඉඳීවිද දන්නේ නැහැ. (නි)

:       0       0

රංග Tuesday, 24 November 2015 07:45 AM

බටහිර රටවල් වල තියන න්‍යාය සහ භාවිතාවන් හැම දේම හරි. මේ රටේ හැම දේම වැරදී. මේක තමයි දැන් න්‍යාය. බටහිර රටවල් වල වෘත්තිකයන්ට ගෙවන පඩිය අපේ රජයට ගෙවන්න බැරි හින්ද තමයි මේ අමතර දේවල් ලබා දීල තියෙන්නේ. අනෙක අපේ වෛද්‍ය සේවය ලෝකයේ ඉහළම තැනක තියන බවත් අමතක කරලයි මේ කතා කරන්නේ. අප මව් රට ත්‍රස්තවාදීන්ට මුහුණ දුන් සමයේ හදිසි අවස්ථාවන් වලදී ඔවුන් ලබා දුන් සේවය සදානුස්මරණීයයි. වෛද්‍ය වරයෙක් ඕනෑම වෙලාවක තම සේවය ලබා දීමට දී ඇති ප්‍රතිඥාවට අප ගෞරව කළ යුතුයි. (බ)

:       0       0

ධර්ම Tuesday, 24 November 2015 02:49 PM

රටේ දරුවන්ගේ අනාගතය ගැනත් ඔය විදියට සාධාරණ විදියට හිතුවොත් හොඳයි නේද? (නි)

:       0       0

ලලිත් Monday, 23 November 2015 11:48 PM

මම නම් කියන්නේ අයවැය සාධාරණයි (නි)

:       0       0

සමන්ති Tuesday, 24 November 2015 12:47 AM

ධාරිතාව 2000 සීසිී වලට වැඩි වාහන වලට බද්ද වැඩිකරන්න කියලා මම යෝජනා කරනවා. (නි)

:       0       0

ජනක Thursday, 26 November 2015 06:17 AM

අයවැයට අත උස්සන කාටවත් බෙහෙත් දෙන්නේ නැහැ කියලා වර්ජනය කරන්න. දුප්පත් අපිට බෙහෙත් දෙන එක නවත්වන්නේ නැතුව. (නි)

:       0       0

ශක්ති Tuesday, 24 November 2015 01:07 AM

එයාලට ඉතින් ප්‍රයිවට් චැනලින්, ලෙඩ්ඩු මළත් වැඩ වර්ජන. සාමාන්‍ය ජනතාවට හැමදාම දුක. (නි)

:       0       0

අසාද් Tuesday, 24 November 2015 08:07 AM

දොස්තරලා නොමිලේ බෙහෙත් දෙන් නැහැ.වැටුපක් ලබනවා.එහෙනම් මොකටද අනිත් ශ්‍රමිකයට නැති සහන මේ අයට.මේ අයවැයෙන් වුන හොදම දේ තමයි ඔය. දැන් ලෙඩ්ඩු ටික ප්‍රාණඇපයට තියාගෙන තමන්ගේ ඉල්ලීම් ඉල්ලයි. ත්‍රස්තවාදීනගෙයි මේ වගේ පුද්ගලයන්ගෙයි වෙනසක් නැහැ. (බ)

:       0       0

උපසේන Tuesday, 24 November 2015 01:24 AM

මේ ප්‍රශ්නය දෙස අපි සාධාරණව බැලියයුතුයි (නි)

:       0       0

අමිල රන්දික Tuesday, 24 November 2015 08:12 AM

ලෙඩ්ඩු මරල හරි දොස්තරලා ඔය පර්මිට් එක ගන්නවා. (බ)

:       0       0

විමුක්ති Tuesday, 24 November 2015 08:09 AM

බදු මුදල් වලින් ඉගෙන ගෙන තරුණ කාලයේ පිටරටට සේවය කර නාකි වී හිස් අතින්ම මෙහෙට එන්න.ශ්‍රී ලංකාවේ අදායම පිටරටවල අදායම විතරක් සසදන්නේ ඇයි.වියදමත් සසදන්න.ඒවායේ වියදම් ඉතා ඉහලයි.මෙහෙ අහිංසක මිනිසුන් ඔබලාට දුක්විදල හම්බකර දෙනවානේ. (බ)

:       0       0

නවරත්න Tuesday, 24 November 2015 08:16 AM

බලපත්‍ර නොවෙයි වැඩිකළ වැටුපෙන් කොටසක් මූලික වැටුපට එකතු කළා නම් ඒ අය වාහනයක් මිලදී ගනී (බ)

:       0       0

ඉන්දික Tuesday, 24 November 2015 03:23 PM

අපේ රටේ මිනිස්සු පිනට කන්නමනේ බලාඉන්නේ. ඇමරිකාව දවසින් ඔය තත්වයට ආවේ න‍ැහැනේ. ඒ රටේ මිනිස්සු අතීතයේ කැපකිරීම් කරන්න ඇති මෙම තත්වෙට එන්න. ඒවා ගැන කතා නොකර එහෙ මෙහෙමයි අපිටත් ඕනෑ කියන එක අසාධාරණයි. රටේ හැම සේවකයාගේම සේවාව වැදගත් ලෙස සළකන්නේ නැත්තේ ඇයි? (නි)

:       0       0

ඇසළ Monday, 23 November 2015 01:22 PM

ඡන්දෙ දුන්න නම් ප්‍රතිපල ලැබෙන්න ඕනේ ඔහොම තමයි. මේ කට්ටිය අයිති වෙන්නේ පොහොසත් ගොඩටද දුප්පත් ගොඩටද. මුදල් ඇමතිතුමා කියනවා පොහොසත් අයට විතරයි පෞගලික වාහන අවශ්‍ය කියල. දුප්පත් අයට පොදු වාහන වල යන්න කියල. පොහොසත් අයට හැකියාව තියනවලු පෞගලික වාහන ගන්න තීරුබදු සහන නැතුව. (අ)

:       0       0

නාමල් නියෝක් Monday, 23 November 2015 01:23 PM

ලෝකෙ කිසිම රටක වෛද්‍යවරුන්ට නීතියට පිටුන් බදු රහිතව වාහන ගන්න දීල නෑ... මම ඉන්න ඇමරිකාවේ වෛද්‍යවරු ඩොලර් දාස් ගනන් දීලා ඉගෙනගෙනත් වෙනත් වෘතිකයින් ගෙවන ගානම ගෙවලා වාහනයක් මිලදී ගත යුතුයි... ලංකාවේ නිකන් උගන්නලා අඩුවට වාහනත් දෙන්න ඔනෑ.. මොකක්ද මේ විකාරෙ (අ)

:       0       0

ජගත් Tuesday, 24 November 2015 02:09 AM

නාමල්, මෝඩ කතා කියන්න එපා. අපිත් පිටරටවල ඉඳලා තියෙනවා. ඇමෙරිකාවේ වාහනයකට ගෙවනවා වගේ තුන් ගුණයක් අපි ගෙවන්න ඕනෑ. එතනයි ප්‍රශ්නය. (නි)

:       0       0

ඩෙන්සිල් Tuesday, 24 November 2015 02:12 AM

සේනක දොස්තර මහතා වගේ හිතන්න කියලා සියලුම දොස්තර මහත්වරුන්ගෙන් ජාතියේ නාමයෙන් ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

චාමික Tuesday, 24 November 2015 02:24 AM

ඇමරිකාවේ දොස්තර කෙනෙක්ට පඩිය කීයද කියලා විතරක් අහන්නේ නැතුව ජීවන වියදමත් කීයක්ද කියලා අහන්න. ඇමෙරිකාවේ දොස්තර කෙනෙකුගේ මුළු මාසික ආදායම සහ ඇමෙරිකාවේ ජීවන වියදම අතර අනුපාතයත්, අපේ රටේ එම අනුපාතයත් තමයි වැදගත් වෙන්නේ. (නි)

:       0       0

මනෝ Monday, 23 November 2015 01:46 PM

ආයි ලෙඩ්ඩු ටික අමරුවේ වගේ.. මගේ ආච්චි ගමේ වෙදා ළඟට ගෙනියනවා. (ර)

:       0       0

අමල් Monday, 23 November 2015 01:52 PM

නාමල් මහත්තය ඔයා ඉන්න ඔය " ඇමරිකාවේ" දොස්තර කෙනෙක්ට පඩිය කියද කියලා දන්නවද ? (ර)

:       0       0

ගයාන් Tuesday, 24 November 2015 03:14 AM

මම කියන්නේ දොස්තරලට මොකුත්ම දෙන්න එපා. (නි)

:       0       0

සරත් Monday, 23 November 2015 01:54 PM

නාමල් මහත්තය, ඔයා අලුත්ම කාර් එකක් ගන්න සල්ලි වලට මෙහෙ ත්‍රී වීල් එකක් වත් ගන්න බැහැ. මෙහෙ මිනිස්සු ඔබ තුමාලා අලුත්ම අලුත් ලෑන්ඩ් කෘෂර් එකක් ගන්න ගාන දීලා ගන්නේ මරුටි වගේ වාහනයක්. (ර) දොස්තරලා ගන්න සොච්චම් පඩියෙන් ,මැරෙන කල් වත් කාර් එකක් ගන්න වෙන්නේ නැහැ .

:       0       0

කොස්වත්ත Tuesday, 24 November 2015 03:20 AM

මේ ඉල්ලීම අසාධාරණයි (නි)

:       0       0

උපුල් Monday, 23 November 2015 02:02 PM

නාමල් සියයට සියයක් ඇත්ත කතාව .මේක නිකන් විකාරයක් කරගන අන්ත දුප්පත් රටක මේ මිනිස්සු හැමදේම පිනට ලැබෙන කල බලන් ඉන්නවා (අ)

:       0       0

මාරසිංහ Tuesday, 24 November 2015 05:23 PM

අනේ කිසිම බයක් වෙන්න එපා. කොහොමහරි ඕක ගන්නවා. ලෙඩ්ඩු කීදාහක් ප්‍රාණ ඇපයට ගනීද දන්නේ නැහැ වැඩේට. (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 23 November 2015 01:59 PM

අනිවාර්යයෙන් පසු ගිය රජයන් මගින් කළයුතුව තිබුණු දෙයක් මේක..සියල්ලන් සමාන අයිතිවාසිකම් තියෙන පුරවසියන්නම් කාටවත් විශේෂ කුට්ටි අවශ්‍ය නැහැ..යම් හේතුවක් මත දෙනවනම් ජිවිතයට එකවරක් හොදටම ඇති..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 435 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 471 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10424 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3071 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3851 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6139 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19484 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site