IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


වාහන ලියාපදිංචි සහතික- අංක තහඩු කුරියර් කරන්න යයි

 (ඩයනා උදයංගනී)

වාහන ලියාපදිංචි කිරීමේ දී ලබාදෙන ලියාපදිංචි සහතිකය, අංක තහඩු  හා ස්ටිකර ආදිය ලබාගැනීමේදී සිදුවන අපහසුතා හා ප්‍රමාදයන් වැළැක්වීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සීඝ්‍රගාමී කුරියර් සේවාව හරහා ඒවා බෙදාහැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

දැනට පවතින ක්‍රමවේදය යටතේ ඒවා ලබාගැනීමට සැලකිය යුතු කාලයක් හා වියදමක් දරා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු අතර නව රියදුරු බලපත්‍ර සේවාදායකයන් වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කළත් එහිදීද යම් ප්‍රමාදයන් සිදුවන බව පෙනී ගොස් ඇති බවත් එම අපහසුතා වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවත් සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (1) පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුව හා එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

එමෙන්ම නව වාහන අංක තහඩු කුරියර් මගින් ලබාදීමේදී පැරණි අංක තහඩුව නැවත ලබාගැනීමේ ක්‍රමවේදයක් සකසන ලෙස මෙහිදී අමාත්‍යවරයාට දැනුම් දුන් බව ද ගම්මන්පිල මහතා කීවේය. 
 
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (7)

වාහන ලියාපදිංචි සහතික- අංක තහඩු කුරියර් කරන්න යයි

Buddhika P Tuesday, 01 December 2020 11:05 AM

මම කලිනුත් මේ යෝජනාව ගෙනාවා. වඩා සුදුසු නැද්ද, වාහනේට ජීවිත කාලෙටම අඳුනා ගැනීම නොම්මරයක් දෙනවට වඩා... වාහනේ අයිතිකරුට ජීවිත කාලෙටම එක නොම්මරයක් දෙනවා මුල්ම වාහනේ ඉඳලා. ඒ වාහනේ විකුණන කොට නම්බර් ප්ලේට් එක ගලවා ගන්නවා. එයාගේ ඊළඟ වාහනේට හයි කරගන්න. අද ලංකාවේ පාරේ වාහන මේනියාවේ මුල... මේ දිනපතා අලුත් වන වාහන නොම්මරේ. මේ මේනියාව පාරෙන් අයින් කරන්න ලේසිම ක්‍රමය මේක. පාරත් නිවෙනවා. කාර් ආනයනය ඉබේම අඩු වෙනවා. කාර් ඉල්ලුම මෙහෙයවන්නේ නම්බර් මේනියාවෙන් නිසා. හුඟාක් වාහන නීති විරෝධී ක්‍රියා පාලනය කරන්නත් ලේසියි... සියලු දෙනාම තමන්ගේ නම්බර් එකට වග කියන නිසා. අකමැති වෙන්නේ කාර් සේල් කාරයෝ හා ඒ අදාළ කොමිස් ගන්න අය විතරයි...

:       3       16

ranaWednesday, 02 December 2020 03:50 AM

ඔබගේ කල්පනාව හරි, අපෙ වාහනයකට ජීවිතයට එක අංකයක් නම් එහි වෙනස් වන්නෙ කුඩාවට ඇති පලාත් සංකේතය පමන නම් නැවත නව තහඩුවක් අවශ්‍ය ඇයි ? එය ස්ටිකර් එකකින් වෙනස් කල හැකි නෙද ? අපි දැන් ආදායම් බලපත්‍රය ප්‍රදේශයේ ලේකම් කාර්යාලයෙන් ලබාගන්නා සේ ම ලියාපදිංචි කිරීමටත් හැකියව ලබාදීමට පුලුවන් නොවේද ? පිටරට ක්‍රමය නොදැන ලියන්න එපා. පුද්ගල ලියාපදිංචිය මීට වඩා ක්‍රමවේදයක් අනුව විය යුතුය එයද ග්‍රාම නිලධාරි මට්ටමෙන් පහසුවෙන් කලහැකිය, නමුත් අපේ සියලු බලදාරීන් කටින් බතල, අනේ අපේ කුඩා මව් රටේ අවාසනාව.

:       1       3

Buddhika PWednesday, 02 December 2020 04:59 AM

රටවල් වල එන දේ කොපි කරන්න ගිහින් හුඟක් අමාරුවේ වැටුණු රටක්, ලංකාව. රටක පුද්ගල කේන්ද්‍රීය සෑම ආර්ථික / සමාජ ක්‍රියාවක්ම, එයාගේ අයිඩී නම්බර් එකට යා කළ හැකියි. වාහන ලියා පදිංචියත් ඒ වගේ. මෙය ඒක රාශී කරගත යුත්තේ, රටකට හිමි අනන්‍යාතාව ඇතුලේ පමණයි. අද ඉඳලා ඉදිරියට, සමාජය එන්න එන්න සංකීර්ණ වෙනවා. සැලසුම් සකස් විය යුත්තේ මෙම සංකීර්ණ බව හා එහි ප්‍රමාණාත්මක බව සිහි තබාගෙනයි. ඉදිරි සංකීර්ණ සමාජ හා ආර්ථික සංසිද්ධි පාලනයට හා කළමනාකරණයට එය ඉතාම පිටි වහලක් සෑම ඉදිරි රජයකටම. මොන ආකාර සංකේත ඇතුලත් නොම්මරයක්ද භාවිතා කළ යුත්තේ යන්න සංඛ්‍යාන විෂය ඇසුරෙන් විසඳිය යුතු ප්‍රශ්නයක්. මෙය කළමනාකරණය කල යුත්තේ කෙසේද යන්න වෙනම පරිපාලන කතිකාවතක්...

:       0       2

nimal karunaratne Tuesday, 01 December 2020 01:18 PM

Buddhika, මහතාගේ යෝජනාව හරියට හරි... වෙනත් දියුණු රටවල් වල කරන්නේ මේ ක්‍රමය තමයි. අපි තවම නොදියුණු ජාතියක් වෙලා සිටින්නේ මේ හේතුව නිසයි.

:       0       6

Buddhika PTuesday, 01 December 2020 02:05 PM

හැබැයි කරනවා නම්, මේක එක තනි නීතියක් යටතේ කරන්න ඕනේ. තමන් කැමති නම් වැඩි ගාණක් ගෙවලා පරණ ක්‍රමේටම යන්න පුළුවන්, අනික් අයට අලුත් ක්‍රමේට යන්න පුළුවන් වගේ මෝඩ වැඩ නොකර ඉන්න ඕනේ. මේක බොහොම දුර දිග බලලා කරන්න ඕනේ දෙයක්. මම මේක කිව්වේ, අනිවාර්යයෙන් අපේ මිනිස්සු මේකත් අනික් දේ වගේම අනාගන්නවා. අච්චාරු වෙනවා. මේකෙන් හුඟක් දේ කන්ට්‍රෝල් කරන්න පුළුවන්. උදා.. දකුණේ කෙනෙකුට, දකුණ පෙන්වන අකුරක් නිකුත් කළ යුතුයි. ඔහුගේ හැඳුනුම්පත අනුව... ඔහු ස්ථීර පදිංචිය වෙනස් කොට නැගෙනහිර පළාතට යනවා නම්... අලුත් නම්බර් ප්ලේට් එකක් ගත යුතුයි. නමුත් අද ලංකාවේ තත්වේ ගත්තොත් හැඳුනුම්පත වත් පදිංචිය අනුව වෙනස් වෙන්නේ නෑ. මේ නිසා හුඟක් අනතවාදී ක්‍රියා හිටන් පහසු වෙලා තියෙනවා.

:       1       4

vikum Tuesday, 01 December 2020 04:20 PM

කොචිචර පොඩි වැඩක්ද තියෙන්නේ ඔන් ලයින් ලොග් වෙලා කාඩ් එකකින් අදාල මුදල ගෙවලා ගන්න කීවා නම් මේ කොරොනා කාලේ කොච්චර වටිනවද? අනික මම දැනට දැකලා තියෙනවා වෙන රටවල මේ කොරොනා නිසා කාර්යාල විශ්ව විද්‍යාලවල අතින් අල්ලන්නේ නැතිව ඔටො සෙන්සර් දොරවල් හයි කරලා තියෙනවා. අඩුම අපිට ඒවා නැතත් ඔන්ලයින් වැඩ ටික කරගන්න ක්‍රමයක්, විධිමත් ලෙස තියෙනවා නම් කොච්චර වටිනවද? ලංකාවේ කොච්චර දක්ෂ අය ඕවාට වැඩ කරන්න ඉන්නවාද? මම දවසක් දැනට ඔන්ලයින් වගේ මොකද්දෝ තියෙනවා ඔය වැඩේට... එ්ත් විධිමත් මදි, අනික තාක්ෂණය තුළින් මිනිසෙකුට වේගයෙන් වැඩක් කරගෙන යන්න මෙහෙයුම් දත්ත පද්ධතිය සකසන්න ඕනෑ, අනික තමන්ගේ වාහනේ එක්කො චැසි නොම්මරය... නැතිනම් හඳුනා ගැනීමේ අංකය සටහන් කරන විට අදාල තොරතුරු ඔටො පොපප් වෙන විදියට ලෝකයේ සිස්ටම් තියෙනවානි. තේරෙන්නැ කොහොම මෙවා කියන්නද කියලා...

:       3       2

සමිත දිල්හාර Friday, 02 April 2021 03:58 PM

නැතිවුණු හෝ කැඩුණු අංක තහඩුව වෙනුවට අලුතින් තව එකක් ගන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 420 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 2607 15

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1030 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 494 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3391 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2511 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 316 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1749 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site