IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘වාහන හොරා ගත්තේ නෑ‘ මහින්ද

තමා රජයේ වාහන 21 ක් බලහත්කාරයෙන් රැගෙන ගිය බවට රජයේ ඇමැතිවරයකු කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) තෙවැනි දිනටත් නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී කීවේය.

තමා සතුව ඇත්තේ ජනපති හා අගමැති සාකච්ඡා කර දුන් වාහන හයක් පමණක් බවත් රජයේ වාහන සොරකම් කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් රාජපක්ෂ මහතා පැවසීය.



අදහස් (0)

‘වාහන හොරා ගත්තේ නෑ‘ මහින්ද

අමිත් Thursday, 26 March 2015 03:35 AM

ලංකාවේ බිහි වුණු ලොකොම හොරා මොහුය . මෙයා සියලු ලාංකිකයන්ගේ හදවත් හොරකම් කළා (බ)

:       0       0

අනූෂා Wednesday, 25 March 2015 01:23 PM

ඔබතුමාට එල්ලකරන මෙවැනි චෝදනාවලට ඉදිරි මැතිවරණයෙන් අපි පිළිතුරු දෙන බවට පොරොන්දු වෙනවා. (නි)

:       0       0

විජයබාහු Wednesday, 25 March 2015 01:28 PM

ඔබතුමාට කරන අපහාස තවම නවතා නැත. ඉදිරියට තව තව දේවල් කියයි. (හේ)

:       0       0

ලාල් Wednesday, 25 March 2015 01:28 PM

ඇත්තටම මුකුත්ම ගත්තෙම නැද්ද ? (හේ)

:       0       0

අනුෂ Wednesday, 25 March 2015 01:30 PM

දැන් රටේ මිනිසුන්ට ඇතිවෙලා තියෙන්නේ දුෂ්ටයන්ගේ දුෂ්ට කතා අහලා.ඔබතුමා නැති අඩුව මේ කෙටි කාලෙට අපටත් රටේ ජනතාවට හොදට දැනෙනවා. අපි ඔබතුමා පැමිණෙන තුරු බලාගෙන සිටිනවා.(හේ)

:       0       0

කමල් Wednesday, 25 March 2015 01:31 PM

අනුෂා ඔබ හරි .(හේ)

:       0       0

ටෙහාන් Wednesday, 25 March 2015 01:38 PM

උතුමාණෙනි, පොලු ගහන්නේ ගෙඩි තිබෙන ගසකට පමණි. ඔබතුමා ඵල ඇති රුකකි. ඉවසනු මැන ශ්‍රේෂ්ඨයාණෙනි! (නි)

:       0       0

නුවන් Wednesday, 25 March 2015 01:39 PM

ඔබතුමා අවංක බව අපි දන්නවා (නි)

:       0       0

රන්දිම Wednesday, 25 March 2015 01:39 PM

අපි වෙනුවෙන් නැවත එන්න පියාණෙනි. (නි)

:       0       0

නිලාන් Thursday, 26 March 2015 04:08 AM

සමහර අයට අමතකවෙලා 2008 උතුරු- නෙගෙනහිර හමුදාව විසින් බේරගන්නකොට යුදහමුදාවට අපහාස කරපු ආකාරය . "මැදවච්චියට ගිහින් කිලිනොච්චිය ඇල්ලුවා කියනවා ","තොප්පිගල කියන්නේ මහා වනයක්-එක බේරගන්න දෙයක් නෑ". "ඕන මෝඩයකුට පුළුවන් යුද්ධ කරන්න පුළුවන් " යන ආදී වසයෙන් අපහස කල අය අද දේශප්‍රේමියෝ වෙලා,රට බේරගන්න අභීතව ,කොන්ද කෙලින් තීරණ ගත්ත මහින්ද රාජපක්ෂ මහත්තයා අද දේශ‍ද්‍රෝහියෙක් වෙලා. එතුමා ඒ විදිහට කොන්ද කෙලින් තියාගෙන යුද්ධය නිම නොකලානම්,අද මේ විදිහට අපහස කරන අය මැරිලා ,දිරාපත් වෙලත් ඉවරයි. කාලගුණ නොදන්නා මිනිසුන් හට කරන උපකාර දියමත ඇදපු ඉරි වගේ මැකිලා යනවා.අවංකව රටට සේවයක් කරපු කෙනෙකුට අසෝබන ලෙස අදහස් දක්වන්න එපා. හොර වංචා කරපු උදවිය තමයි ඒවා වසාගන්න පක්ෂ මාරු කරලා මැති ඇමති කම් ලබාගෙන දැන් සැප විදින්නේ. (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 25 March 2015 01:49 PM

ඔබ තුමා වාහන අරන් නොගියට මෙපමණ වාහන තොගයක් ඔබතුමාගේ අමාත්‍යංශය යටතේ තිබිලා කොහොමද එහෙනම් අතුරුදන් වුනේ.(හේ)

:       0       0

කනිෂ්ක Wednesday, 25 March 2015 01:53 PM

ඇත්තමද.(හේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 26 March 2015 04:31 AM

වාහන පමණක් නොවේ පොදු නීති කඩකරමින් මැතිවරණ කොමසාරිස් ඉල්ලා සිටිද්දීත් රාජ්‍ය සම්පත් ජනපතිවරණයට යොදාගත් මොහුව අත් අඩංගුවට ගන්නම ඕනේ. (ස)

:       0       0

නුවන් Thursday, 26 March 2015 04:33 AM

මහින්දව ගෙදරම තමයි යවන්න ඕනේ. සහෝදර සමාගමත් එක්ක හොරකම් කරපු ජනතාවගේ සල්ලි ආපසු දෙනකල් මහගෙදර තමයි ලගින්න වෙන්නේ. (ස)

:       0       0

ලංකා Wednesday, 25 March 2015 02:00 PM

ඒවා කියන්න බෑ.(හේ)

:       0       0

නදිනි Wednesday, 25 March 2015 02:03 PM

එදා එතුමා මේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් අවංකව ව්‍යවස්ථාවට අනුව කටයුතු කළා නම්, අද මෙහෙම තැනින් තැනට ගොස් දුක කියන්න ඕනෑ නැහැ. තව අවුරුදු දෙකක් ජනාධිපති ලෙස රටට සේවයක් කරන්න සිතනවා වෙනුවට ජීවිත කාලයම බලයේ ඉන්න හිතාගෙන, කටයුතු කළ එක තමයි මේ හැමදේකටම හේතුව. පැවති ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන දිවි ඇතිතෙක් බලයේ සිටීමට උත්සාහ කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී පාලකයින් නොව ඒකාධිපති පාලකයින් පමණයි. ඔවුන්ව ජනතාව ප්‍රතික්ෂේප කරන එකත් ස්වාභාවිකයි. මේක හැමෝටම පොදුයි. (නි)

:       0       0

දුමින්ද Thursday, 26 March 2015 04:47 AM

ලෝක ධර්මයට පිටු පෑමට කිසිවකුට හැකියාවක් නොමැත (දිල්)

:       0       0

අමාලි Wednesday, 25 March 2015 03:18 PM

ඉසුරන්දි එතුමා අරගන ගිය වාහන මැදමුලන ගෙදර අල්මාරියක දාල තියෙනවලු. (ත)

:       0       0

තිලක් Thursday, 26 March 2015 05:06 AM

වෙලේසුදාත් ඔය වගේ කතාවක් කීවා. (ස)

:       0       0

සමන්ති Wednesday, 25 March 2015 03:32 PM

ඔබ වාහන ගොඩක් එකවර පාවිච්චි කර නැහැ. නමුත් වාහන කළමනාකරණය හෝ වාහන කළමනාකරණය කිරීමට උපදෙස් දී නැහැ . (ත)

:       0       0

වික්‍රම Wednesday, 25 March 2015 03:36 PM

කිසිම කෙනෙක් කියන්නේ නැහැනේ මම හොරා ගත්තා කියා. (ත)

:       0       0

රුචී Wednesday, 25 March 2015 03:40 PM

මූණ දැක්කත් හිතට සතුටුයි. වෙලාවට අපි දෙන්නම් සපෝර්ට් එක. කිසිම අවුලක් නැහැ. අපිට මතකයි ඔබ රට වෙනුවෙන් ගත් එඩිතර තීරණ. (ත)

:       0       0

සෙනෙවි Wednesday, 25 March 2015 03:54 PM

මෙතුමා ගන්තේ නැතිව ඇති. ඒත් ගෝලයන්ට ඕනෑ හැටියට කරන්න ඉඩ දුන්න ඒවට තෙල් ගැහුවෙ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඒකයි අපි කියන්නේ (ත)

:       0       0

කේ පෙරේරා Wednesday, 25 March 2015 03:58 PM

වාහන විතරක් නොවේෙ. වෙනත් කිසිම හොරකමක් දුෂණයක් වංචාවක් නොකරපු නායකයෙක්ටනේ මේ බොරුවට චෝදනා කරනේ. (ත)

:       0       0

වැකෝ Thursday, 26 March 2015 05:32 AM

කොච්චර රඟපෑවත් , ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට දුන් වද හිංසා පොලීත් සමග අපහු එ්වි හැම පවුලකටම . නැත්නම් බුද්ධාගම බොරු . (ස)

:       0       0

සසික Wednesday, 25 March 2015 04:23 PM

ඔබ තුමාට තුනුරුවන්ගේ සරණත් සතර වරම් දෙවි වරුන්ගේත් සම්බුද්ධ සාසනය රකින්නාවූ දෙවි වරුන්ගේ ආරක්ෂාවත් නොමදව ලැබෙනවා. උපේක්ෂාවෙන් සිටින්න (ස)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 25 March 2015 04:42 PM

ඇටෝනි බලයක් දීල යෝශිට රාජපක්ෂව සාමාන්‍ය ගුවන් යානයකින් ඩුබායි රටට එව්වේ මොකටද? (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 25 March 2015 04:44 PM

කරන්න හසු වන්න ෙනාෙව්. (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට​ Wednesday, 25 March 2015 05:06 PM

අනූෂා, අමාලි, ඔබ දෙපළගේ අදහසට මමත් එකඟයි. (නි)

:       0       0

සුජිත් Thursday, 26 March 2015 06:29 AM

දැන් කට්ටිය කරනවා වගේ මහින්දගේ කාලේ තරහ කාරයෝ පස්සේ එලෙව්වනම් මෙලහකට ඔක්කොම හිර ගෙවල්වල කරුමෙට පේන්නේ වැඩක් කරන එකාගේ වැරදි විතරයි මේ අවුරුද්ද ගියහම බලන්නකෝ ඔය කෑගහන කොමෙන්ට් වීරයෝ එකෙක් නෑ (බ)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 25 March 2015 05:28 PM

මෙගා හොරු මහදවල් රටම විකුණගෙන කාලා,පිටරටවල බැංකු ඩොලර් බිලියන් ට්‍රිලියන් ගණනින් පිරෙව්වෙත් මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හිස්වැසුම් පැළඳගෙන ඇවිල්ලද? (නි)

:       0       0

වීකී Wednesday, 25 March 2015 05:31 PM

හොරකම් කළේ නැහැ. එහෙත් තමන්ට හිමි, අයිති දේ හඳුරන්නේ නැහැ. සීමාවන් දන්නේ නැහැ. පරාජයවත් සමබරව උසුලන්න බැහැ (නි)

:       0       0

ඉන්දික ගාලේවත්ත Wednesday, 25 March 2015 05:40 PM

ජනතාව ඔ‍බේ නායකත්වයෙන් යුතු දූෂිත පාලනය නතරකර තිබෙනවා.ඔය මොකුත් නැහැනේ ‍ගෙදර‍ට ‍වෙලා හිටියා නම්..කවුරුවත් බනින්නෙත් නැහැ. (නි)

:       0       0

ක්‍රිස් Wednesday, 25 March 2015 05:41 PM

මිනිසුන් කුමක් කිවුවත් අපි ඔබතුමා සමඟයි (නි)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 25 March 2015 05:48 PM

සසික, තවමත් ඉන්නේ ගල් යුගයේද?ඇස් ඇරලා ලෝකය දිහා බලන්න. (නි)

:       0       0

කුමාර Wednesday, 25 March 2015 05:54 PM

ඔබට ජය වේවා! (නි)

:       0       0

දයාල් Wednesday, 25 March 2015 06:30 PM

වැරදි කළවුන්ට දඬුවම් ලැබේවා! ඒ මගේ පැතුමයි (නි)

:       0       0

සුසිර Wednesday, 25 March 2015 07:24 PM

අද මේ වාහන ගැන කතාකරන හිටපු ජනාධිපතිතුමා, සරත් ෆොන්සේකා මහත්මයාගේ විශ්‍රාම වැටුපත් අහිමිකළ එක ගැන මොනවද දන්නේ නැහැ හිතන්නේ? මහින්ද මහත්තය, ෆොන්සේකා මහත්තයාට කළ ඒ අසාධාරණය මෛත්‍රිපාල ජනාධිපතිතුමා නම් හතුරෙකුටවත් කරන්නේ නැහැ. (නි)

:       0       0

විකුම් Wednesday, 25 March 2015 07:53 PM

වාහන හොයාගන්න උදව් නොකරන්නේ මොකද? (නි)

:       0       0

පද්මිණි Wednesday, 25 March 2015 08:10 PM

ලංකාවේ සමහර මිනිස්සු පත්තර බලන්නේ නැතුවා වගේනෙ අදහස් දමන්නේ (නි)

:       0       0

ජනිත් Wednesday, 25 March 2015 10:14 PM

ලාල්, පෙනෙන්නේ නැද්ද ගිය ගිය තැන එතුමා මිනිසුන්ගේ හදවත අරගෙන තිබෙන බව. තාමත් එතුමා වො ජන ගඟක් රැස්වෙන්නේ ඒකනේ.එදා එතුමාගෙන් ප්‍රයෝජන අරගෙන දැන් කොහොමද මන්දා කතා කරන්නේ. මනුෂ්‍යත්වයට ගරු කරනවානම් අගය කියන්න බැහැ. (නි)

:       0       0

ජයන්ත Wednesday, 25 March 2015 10:17 PM

අමාලි, අර අය නම් ආයේ යන එකක් නැහැ ඕවා හොයන්න. (නි)

:       0       0

අනුෂ්කා Wednesday, 25 March 2015 10:18 PM

මෛත්‍රී ජනාධිපතිතුමාට මේ රට වෙනුවෙන් එතුමාගේ කාර්යයන් කිරීමට ආශිර්වාද කරන්න. පැත්තක සිට කකුලෙන් අදින වැඩ කරන්න එපා. ඒක ඔබතුමාගේ තත්වයට හොඳ නැහැ. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 25 March 2015 10:34 PM

මහින්ද මහතාණෙනි, මේ අයට වෙන වැඩ නැතුව ඇති. ඒකනේ හැම වෙලාවෙම අනුන්ගේ ඕපාදුප හොය හොයා ඉන්නේ. (නි)

:       0       0

වීරවංශ Wednesday, 25 March 2015 11:05 PM

අනිත් අය ඔබගෙන් පළිගන්නවා කිය කියා ගියාට තමුන් කළදේවලුත් පිළිගත්තා නම් නේද හොඳ? (නි)

:       0       0

සමන් Wednesday, 25 March 2015 11:20 PM

අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියලා කතාවක් අහලා නැද්ද ? හරිනම් දෙන්න ඕනෑ එක වාහනයක් තමා. දිට්ට ධම්ම වේදනීය කර්ම කියන්නේ මේවට තමා. (නි)

:       0       0

විකුම් Wednesday, 25 March 2015 11:39 PM

ඡන්දයෙන් පසු, මත්තල ගුවන් තොටුපොළට බඩු ප්‍රවාහනය කරන ගුවන් යානයක් ආවේ මොකටද කියලා අපි දැනගන්න කැමතියි (නි)

:       0       0

සරසි Thursday, 26 March 2015 08:57 AM

නදිනි; අපට හිතෙන්නේ මේ රටේ වැඩි දෙනෙක් ජිවත් වෙන්නේ යථාර්තය නොදැන.ඒකාධිපතියෙක් වුණත් තමන්ගේ රට ගැන හිතල වැඩ කළා නම්, රටට ආදරය කලා නම්, මේ තරම් හොරු වංචාකාරයෝ, දුෂකයෝ තම පාලන කාලය තුල බිහිවෙන්න ඉඩ තියන්නේ නෑ.. (දිල්)

:       0       0

සුමුදු හේවා Thursday, 26 March 2015 12:18 AM

සියලු නින්දා අපහාස සමසිතින් උසුලමින් සිනා මුහුණින් සිටින ඔබතුමා අපට ආදර්ශයකි. ඔබතුමාට කරන නින්දා අපහාස ඒවා කරන උදවිය වෙතම ආපසු යනු ඇත. මේ සියල්ල ඉක්මනින්ම හැමටම අමතකවෙලා යාවි. එහෙත් ඔබතුමාගේ නම ජාතික වීරයෙක් ලෙස අපේ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන එක වළක්වන්න මේ කාටවත් බැහැ. ඔබතුමාට ජයෙන් ජය වේවා! අපිට ඔබ වාසනා වේවා පියාණෙනි, වාසනා වේවා ! (නි)

:       0       0

දයාවතී Thursday, 26 March 2015 12:48 AM

නදිනි, ඔබ ලෝකයේ සිටි ඒකාධිපතියන් ගැන හරියට කියවන්න. සිංගප්පුරුවේ සිටි ලී කුඅන් යු අවුරුදු තිහක් රට පාලනය කළා. ඔහු වෙනුවෙන් අද එහි වැසියන් කඳුළු හලන්නේ ඔහු ඒකාධිපතියෙක් කියා සිතාද? අපිට වැරදුනේ ඔහොම හිතන නිසා. (නි)

:       0       0

බුද්ධික Thursday, 26 March 2015 02:31 AM

මාධ්‍ය වලට රටට මොනවා කිවුවත් තමන්ගේ හෘද සාක්ෂියට බොරු කරන්න බැහැ.යථාර්ථය බුද්ධිමත් මිනිස්සු දන්නවා. (නි)

:       0       0

දිනේෂ් Thursday, 26 March 2015 03:05 AM

ෆොන්සේකා ජනරාල් තුමාට ඉහලටම යන්න ඔබතුමා කරලා තියෙන දේවල් මහමෙරක් තරම් (ම)

:       0       0

විපුල Thursday, 26 March 2015 03:16 AM

කාටවත් සැමදා බලයේ ඉන්න බැරිවුණත් මෙතුමා ගෙදර යවලා තියෙන්නේ පෞද්ගලික තරහක් පිරිමසා ගැනීමටයි කියලයි මම නම් හිතන්නේ. (නි)

:       0       0

ධනංජය Thursday, 26 March 2015 03:16 AM

ඉසුරන්දි, ඔහෙට හැමදාම පෙනෙන්නේ මහින්දගේ වැරදි විතරද? ගුණමකු වෙන්න එපා! (නි)

:       0       0

කේශාන් Thursday, 26 March 2015 03:18 AM

මට මෙතුමා ගැන දුකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 342 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 173 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 408 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1438 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 373 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 168 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site